Wednesday 3 May 2017

පරිසර අධ්‍යයන කාර්ය සැසියකදී පොල් පිලිබඳ ගැටළුවක් ............( 1 - කොටස )

පරිසර අධ්‍යයන කාර්ය සැසියකදී පොල් පිලිබඳ ගැටළුවක් ඔස්සේ ගොඩ නැගුනු රසවත් තොරතුරු රැසක් .........( 1 - කොටස )

එක්තරා පරිසර අධ්‍යයන සැසියකදී උසස් පෙළ සිසුන් කණ්ඩායමකට  ගැටළු කිහිපයක් සඳහා විද්‍යාත්මක හේතු සැපයීම පිණිස පැවරුම්‌ දෙන ලදී. මෙයින් එක්‌ පැවරුමක් වූයේ

‘ලෙලි ගැසු පොල් ගෙඩියක ඉහල පැත්තේ දකින්නට ලැබෙන ඇස් තුන’ ගැන විද්‍යාත්මක තොරතුරු’ දැක්වීමයි.

තවත් කණ්ඩායම් කිහිපයකට එවැනි පැවරුම් මාතෘකා ලබාදෙන ලදී. මෙම පැවරුම්  පැය දෙකකදී අවසන් කර වාර්තාවක්ද පිළියෙළ කල යුතු විය. ( ඒ කාලයේ අද මෙන් අන්තර්ජාල පහසුකම් නොතිබුණු නිසා සිසුනට කරුණු සෙවීමට තිබුනේ පොත් පත් පමණකි.)

පොල් පිළිබඳව  සිසුන් විසින් ඉදිරිපත් කරණළද වාර්තාව බොහෝ දුරට සම්පුර්ණ එකක් විය.  ලබාගත් තොරතුරු  සැකෙවින් මෙසේය: (විස්තරය සමග අඳින ලද රූප සටහන් කිහිපයක්ද විය)

“පොල් පුෂ්ප මංජරියේ, පුං සහ ජායා (male and female)  පුෂ්ප එකම කිනිත්තේ හෝ වෙන වෙනම කිනිතිවල හට ගනි.  ජායා පුෂ්පය කෝෂ්ඨ හෝ අන්ඩප (carpels) තුනකින් යුක්තය, මෙම කෝෂ්ඨ තුනෙහිම වෙන වෙනම ඇති ජායා ජන්මාණු තුනටම පුං ජන්මාණු (male  gametes) සමග සංසේචනය වීමට හැකියාව් තිබේ. එහෙත් පරාගණයෙන් පසු ස්වභාවයෙන්ම සාර්ථක සංසේචනයක් සිදුවනුයේ එක කෝෂ්ඨයක පමණකි. සංසේචනය සාර්ථකව සිදුවූ කෝෂ්ඨයේ කළලයක්‌ සෑදී වර්ධනය වේ. මේ අතර සාර්ථක  සංසේචනය සිදු  නොවූ ඉතිරි කෝෂ්ඨ දෙක  වර්ධනය නොවී රෝධනය වී යයි මේ නිසා අවසානයේදී පොල් ගෙඩියේ ‘බීජ’ එකක් පමණක් දකින්නට ලැබේ.

කෙසේ වෙතත් පොල්  ජායා පුෂ්පයේ ඩිම්බ් කෝෂයේ ‘බීජ’ තුනක් හටගැනීමට හැකිවන මුලික ඩිම්බාණු ලක්ෂණ තිබේ. පරිණත පොල් ගෙඩිය ඒක බීජක ඵලයක් ලෙස දකින්නට ලැබුනත් එහි ඩිම්බ් කෝෂ අවස්ථාවේදී  තිබුණු ලක්ෂණ කිහිපයක් පරිනත අවස්ථාවේදීද දකින්නට ලැබේ. බීජයේ ‘ඇස්’ තුන මෙයින් එක් ලක්ෂණයකි. එයින් හොඳින් වර්ධනය වී තිබෙන ‘ඇස’, ප්‍රරෝහණයේදී බීජ පැලය පිටතට පැමිණෙන විවරය යි. මෙම ද්වාර දැක්වෙන රුපයක් සහ පොල් බීජයක බීජ පැළය හටගන්නා ආකාරය පෙන්වන රුපයක් පහත දැක්වේ             
                                  Image result for Coconut seedling cross section

                                                         
                             පොල් බීජයේ ‘ඇස්’ තුන                           ප්‍රරෝහණය වන පොල් බීජයක්                                (මෙම රුප සටහන් අන්තර්ජාලයෙනි)

අධ්‍යයනය සඳහා ගෙනවිත් තිබුණු  පොල් මල් කිනිත්ත, ලෙලි සහිත පොල් ගෙඩිය සහ ලෙලි ගැසූ පොල්ගෙඩිය හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පසු, ඒ ගැන මෙතෙක් නොදත් කරුණු වටහාගත් සිසු සිසුවියන් මහත් අමන්දානන්දයට පත්විය. පොල්වල උද්භිද විද්‍යාත්මක නාමය  Cocos nucifera  වේ.

පැවරුම අවසන් කළ පසු පැවති  සාකච්ඡා වාරයේදී සිසුන් විසින් වැදගත් ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරන ලදී. ‘පොල්’ කණ්ඩායමෙන් ඉදිරිපත් කළ ප්‍රශ්න මේවාය

1. පොල් (බීජය) බිඳීමේදී, බෑ දෙකක් පහසුවෙන් වෙන්කර ගැනීම සඳහා මන්නයකින් හෝ වෙනත්                     මෙවලමකින්, තද පහරක් එල්ල කළ යුතු නියමිත ස්ථානයක් තිබේද?  
2. ‘දෙබිඩි පොල්’ විශේෂයක් ගැන සඟරාවක කියවන්නට ලැබුණි. ඒ අනුව් එය විශ්මය ජනක,                             ඉතාමත් විරල  ගුප්ත දෙයක් බවත් සඳහන් විය. එසේනම් එය 'එලොව පොල්ද'?                                             
     මෙයින් පළමුවන ප්‍රශ්නයට පිලිතුරක්‌ සැපයීමට පැමිණ සිටි ජෙෂ්ඨ ගුරු මහත්මයෙක් ඉදිරිපත් විය. ඔහු පවසන ආකාරයට ලෙලි ගැසූ පොල් ගෙඩියේ  ‘සක්‍රීය’ සිදුරට විරුද්ධ පැත්තේ තිබෙන දාරයේ මැදට තදින් පහරක් ගැසූ විට බෑ දෙක එක සමානව බිදී යයි. පැරැන්නන් විසින් ආයුධයක් නොමැතිව වුවද පොල් බිදීමට මෙම ක්‍රමය භාවිත කර තිබෙනු ඔහු දැක ඇත.

අත්දැකීමෙන් පමණක් දන්නා මෙය මෙතෙක් විද්‍යාත්මකව තහවුරු කර තිබේදැයි විස්තර කිරීමට ප්‍රමාණවත් තොරතුරු අප සතු නොවීය.පසු කලකදී  අන්තර්ජාලයෙන් ලබාගත් මෙවලමක්  නොමැතිව පොල් ලෙලි ගැසීම සහ පොල් බිඳීම පැහැදිලි කරණ වීඩියෝ පටය පහත දැක්වෙන ඈඳියෙන් (link) ලබා ගත  හැකිය. මෙහිද එම දාරය ගැන සඳහන් කර තිබේ.


සිසුන්ගේ දෙවන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට මම ඉදිරිපත් වීමි. දෙබිඩි පොල් වල නිජ භුමිය වන සීෂෙල්ස් (Seychelles) දුපත් රාජ්‍යයේ ගුරු පුහුණු ආයතනයක මට වසර කිහිපයක්  සේවය කිරීමට හැකිවිය. එරටෙහි ඉතාමත් ආකර්ශනීය භාන්ඩයක් වන ‘දෙබිඩි පොල්’ ගෙඩියක් මට එහිදී තෑගී වශයෙන් ලැබිණ.

මම,  වහාම කිට්ටුව තිබුණු අප ගෙදරට පණිවුඩයක් යවා  ‘දෙබිඩි පොල්’ ගෙඩිය ගෙන්වා ගෙන ඒ ගැන දීර්ඝ විස්තරයක් කළෙමි.

(‘දෙබිඩි පොල්’  යනු  'එලොව පොල්ද'?   ඒ  පිලිබඳ ගුප්ත  තොරතුරු   2 කොටසින්)   

                                          


12 comments:

  1. පොල් ගැන නොදැන හිටි තෙරතුරු ටිකක් දැනගන්න පුලුවන් වෙයි වගේ.

    ඔය පොල් බිඳින එක ගැන මෙතනත් තියෙනව.
    http://awidda-paya.blogspot.com/2016/04/household-matters-what-are-they-all.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      ඔබ කිව් පරිදි දිල්රුක්ගේ ඇවිද්ද පය බ්ලොග් එකට ගියා. මීට අවුරුද්දකට කලිනුයි එයා මේ ගැන හිතලා තියෙන්නේ. ඔය පොල් ගෙඩියේ 'ඇස්' ගැන බොහෝ අය නොසිතන නිසයි මම ඒක පැවරුමක් ලෙස දුන්නේ. මීට අවුරුදු විස්සකට තිහකට විතර ඉස්සර. එතෙන්දි තමයි ඔය අදහස වෙන ගුරුවරයෙක් ඉදිරිපත් කළේ. කොයි එකටත් මා දුන් link ඒකත් බලන්න.

      Delete
  2. තිස්සෙම දකින හැම ගෙදරක ඇති සොඳින
    ඇස් තුන පිළිබඳව ලියවී ඇත මෙදින
    හිස් නැති මෙවන් ලිපි සැමදාමත් වටින
    වස් නැත ඉදිරි ලිපියට මම සුභ පතන....


    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හිතවත් දුමි,
      දැක්කම ආස හිතෙනවා ඔබෙ කවි තිලින
      නවතම කරුණු ලියවෙයි තව තව නිතින
      ගෙනසැම අදහසක් ගලපා රස බසින
      තව මම ලියමි තුති ඔබහට සුබ පතන

      Delete
  3. ඇත්තටම එලොව පොල් කියන්නෙ මොනවද?
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔබට තුති,
      ඊළඟ ලිපියෙන් 'එලොව පොල්' බලමු.

      එතෙක් ජයවේවා !

      Delete
  4. අර පොල් බිඳින නිලේ ගැන දැනං උන්නේ නෑ.. බලමු දෙබිඩි පොල් ගැනත් කියෝල

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ මිත්‍ර
      ඔය 'පොලේ නිලේ' ගැන බොහෝ අය දැනගෙන සිටියත් එය හරියට සොයා ගැනීම ගැන විද්‍යාත්මක අදහසක් මම දුන්නේ. මගුල් ගෙවල් වල පොල් බිඳින මාමලාට මෙය අත්හදා බැලිය හැකියි.

      Delete
  5. අධ්‍යාපන රසකතා නෙවෙයි මේක අධ්‍යාපන සඟරාවක් වගේ

    ජය වේවා ..!!!!

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි සුමුදු,

      මට හිතෙන හැටියට මුළු Blog මාධ්‍යයම, දිනපතා පළවෙන වටිනා විශ්ව සඟරාවක් වගෙයි.

      Delete
  6. මං හිතන්නේ ඒ ඇස් තුනක් නොව ඇස් දෙක සහ කට බවයි.

    කටෙන් තමයි පැලේ එළියට එන්නේ. පොල් ගෙඩිය නොබිඳා පොල් වතුර බොන්න නම් ඒ කට හිල් කළා ම පුළුවනි.

    ඉස්සර කාලේ ගම්වල කුඩා ළමුන් නාවන්න ගන්නේ පොල් කටු දෙකෙන් ඒ ඇස් දෙක සහ කට ඇති පැත්තේ කට්ට අරගෙන (පෙරන් ගාලා) කට හිල් කරලායි.

    ReplyDelete
    Replies
    1. රසික ස්තුතියි
      අපි ඉස්සර වැලි සෙල්ලම් බත් උයන කාලේ කිසිම දෙයක් දන්නේ නැතුව සිදුර තිබෙන පොල් කට්ටට කියන්නේ ගෑණු පොල් කටුව කියලා. ඒ වගේම රබර් වතුවල කිරි එකතු කිරීමට ගන්නේ සිදුර නැති කටුව ඒක පිරිමි.

      Delete