පෘථිවි ජෛව ගෝලයෙහි ජීවත්වන, ලක්ෂ සංඛ්‍යාත සතුන්ගේ ඉතාමත් සංකීර් ණ ගති පැවතුම් සහ විවිධ ජීවන රටා නිසා ඔවුන් සියල්ලන්ම වෙන වෙනම හඳුනා ගැනීම කිසිවෙකුටවත් කළ හැකි දෙයක් නොවේ. මේ ගැන කල්පනා කළ, ස්වීඩන් ජාතික කාල් ලිනෙයස් නම් ජීව විද්‍යාඥයා විසින් ඒ සඳහා ඉතාමත් ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලදී. මෙම ක්‍රමය, ද්විපද නාමකරණය (Binomial nomenclature) ලෙස නම් කරන ලදී.
නාමකරණය සහ ජෛව විවිධත්වය
ද්විපද නාමකරණ ක්‍රමවේදයට අනුව මිනිසා හැඳින්වීම සඳහා භාවිත වන විද්‍යාත්මක නාමය Homo sapiens වේ. මෙම නාමය කොටස් දෙකකින් යුක්ත වේ. ලිනෙයස්ගේ වර් ගීකරණයට අනුව මෙම නාමයේ Homo යන කොටස ගණ නාමය ලෙසටත් sapiens යන්න විශේෂ නාමය ලෙසටත් හැඳින්වේ. මෙහිදී ලතින් භාෂාවෙන් ‘Homo’ යන මුල් කොටසින් ‘මානවයා’ යන අර් ථය ගෙනදෙන අතර ‘sapiens’ යන දෙවන කොටසින් ‘බුද්ධිමත්’ යන අර් ථය ගෙනදේ. මේ අනුව වර් තමාන මිනිසා හඳුන්වනු ලබන Homo sapiens යන විද්‍යාත්මක යෙදුමෙන් ඔහු “බුද්ධිමත් මානවයා” ලෙස විග්‍රහ කර තිබේ. මේ ආකාරයට ද්විපද නාමකරණයේදී සුවිශේෂී ගති ලක්ෂණ භාවිත කිරීම ආශ්‍රීතව ජීවීන් නම් කිරීම ඉතා වැදගත් පිවිසුමකි. වසර තුන්සියයකට පමණ ඉහතදී ඉදිරිපත් කළ මෙම ක්‍රමවේදය, අදටත් ජීවීන් හඳුනාගෙන නම් කිරිම සඳහා බහුලව භාවිත කරනු ලැබේ.
අපගේ සැලකිල්ලට භාජන කිරීමට බලාපොරොත්තු වන සියලුම සතුන් සත්ත්ව රාජධානියට අයත් වන අතර, ඔවුන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. මොවුන් අතුරෙන් ශරීරයේ කශේරුව හෙවත් කොඳු ඇට පෙළක් (vertebral column) සහිත සතුන්, පෘෂ්ඨවංශී (vertebrates) සතුන් ලෙසටත් එසේ නොමැති සතුන් අපෘෂ්ඨවංශී (invertebrates) ලෙසටත් මූලික කාණ්ඩ දෙකකට බෙදා වෙන් කෙරේ.
පෘෂ්ඨවංශීන් ලෙස විග්‍රහ කරනු ලබන කොඳු ඇට පෙළක් සහිත සතුන් මත්ස්‍ය, උභයජීවී, උරග, පක්ෂි සහ ක්‍ෂීරපායි යන සත්ත්ව වංශ පහකට වෙන් කරනු ලැබේ. මෙයින්, එක වංශයක් වන මත්ස්‍යයින්ට පාද නොමැත. එක් උරග ගෝත්‍රයක් වන සර් පයින්ටද පාද නොමැත. අනිකුත් සියලුම පෘෂ්ඨවංශීන්ට පාද දෙකක් හෝ හතරක් බැගින් තිබේ. පෘෂ්ඨවංශීන් හැර අනික් සියලුම සත්තු, අපෘෂ්ඨවංශීන් වන අතර, ඔව්හු සාමාන්‍යයෙන් කුඩා ශරීර සහිත සත්තු වෙති. ඔවුන් අතරද, පාද නොමැති සත්තු ගෝත්‍ර කිහිපයකි. ඉතිරි ගෝත්‍ර වලට අයත් සියලුම ගෝත්‍ර වල සතුන්ට පාද තිබේ. සත්ත්ව රාජධානියේ සියලුම සතුන් පොදුවේ ගත්විට එකිනෙකාගේ පාද සංඛ්‍යාව හෝ පාද නොමැති බව සුවිශේෂී ලක්ෂණයකි. අපෘෂ්ඨවංශීන් අතරද ගැඩවිල් පණුවන්, වෙනත් වට පණුවන්, කූඩැල්ලන් සහ තවත් සමුද්‍ර ජීවී සමුහයකට පාද නොමැත. ගාත්‍රා හෝ පා සහිත අපෘෂ්ඨවංශීකයෝ සියල්ලෝම පාහේ, ටික දුරක් හෝ ඇවිදීම සඳහා තම, පාද භාවිත කරති. එසේ වුවද අපෘෂ්ඨවංශී සතුන්ගේ ගාත්‍රා පෘෂ්ඨවංශී සතුන්ගේ ගාත්‍රා වලින් බෙහෙවින් වෙනස් වේ. මොවුන්ගේ පාද කොටස් රාශියකට බෙදී ඇති නිසා මොවුන් සියල්ලම සන්ධි පාදිකයින් (Arthropods) ලෙසද හැඳින්වේ. එමෙන්ම පාද රහිත අපෘෂ්ඨවංශීකයෝ එක්කෝ ජීවිත කාලයම උපස්තරයකට ඇලී සිටීම හෝ යම්කිසි ශරීර රිද්මයකට අනුව තම ශරීරය ඉදිරියට චලනය කරති.
මේ ආකාරයට සත්ත්ව ලෝකයේ ජීවීන් අතර ඇති අති මහත් ජෛව විවිධත්වය නිසාම ඔවුන්ගේ චර් යා, ජීවන ක්‍රම, වාසස්ථාන, භෝජන විලාස ආදී සියල්ලක් ම එකිනෙකාගෙන් වෙනස් වන බව නිරීක්ෂණය කළ හැකිය.
බෞද්ධ ඉගැන්වීම්වල ජෛව විවිධත්වය දකින ආකාරය
සත්ත්ව ලෝකයේ දකින්නට ලැබෙන විවිධත්වය ගැන සිතා බැලීමේදී, බෞද්ධ ඉගැන්වීම් වල සඳහන් කරණීය මෙත්ත සුත්‍රයේද, මෛත්‍රී සිතුවිලි වැඩීමේදී සමස්ත සත්ත්ව සංහතියම ආවරණය වන පරිදි, අපූරු වර් ගීකරණ ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලබන බව සිහියට නැගේ.
කරණීය මෙත්ත සූත්‍රයේ සතුන් ගැන සඳහන් වන සුවිශේෂී ගාථා දෙක මෙසේය.
“යේ කේචි පාණභූතත්ථි තසාවා-ථාවරාවා අනවසේසා දීඝා වා යේ මහන්තාවා - මජ්ජ්හිමා රස්සකාණුක ථූලා
දිට්ඨා වා යේව අද්දිට්ඨා - යේච දූරේ වසන්ති අවිදූරේ භූතා වා සම්භවේසීවා - සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”
මෙම පාලි ගාථාවල අදහස සැකෙවින් මෙසේ දැක්විය හැකිය
“කෙලෙස් සහිත වූද කෙලෙස් රහිතවූද සියලු සත්තු, මහත සත්තු, මධ්‍යම ප්‍රමාණයේ, උස හෝ මිටි සත්තු, ඉතා සියුම් සහ ස්ථුල සත්තුද ඇසට පෙනෙන සහ නොපෙනෙන සත්තුද, දුර වාසය කරන සත්තු සහ ළඟ වාසය කරන සත්තුද, ඉපදෙමින් සිටින සත්තු සහ ඉපදීමට සිටින සත්තුද යන සකල සත්ත්වයෝ ම සුවපත් වෙත්වා!” .
බෞද්ධ සම්ප්‍රදායට අනුව මෙත් වැඩීමේදී, මේ ආකාරයට ලොව සියළුම සතුන් ගැන සිත් යොමු කිරීම බුදු දහමෙහි ඉගැන්වෙන ඉතාමත් වැදගත්, ජිවිතයට සමීප භාවනාවක් බව ඉතාමත් පැහැදිලිව පෙනේ.
මෛත්‍රී භාවනාව වැඩීමේදී සමස්ත සත්ත්ව රාජධානියේම සතුන් ආවරණය වන පරිදි අනුගමනය කරනු ලබන මෙම පිළිවෙත,බෞද්ධ දර් ශනය ආරම්භ වූ කාලයේ සිට කරගෙන ගොස් තිබේ. එහෙත් මේ ආකාරයේ පිවිසුමක් කිසිසේත් විද්‍යාත්මක නොවන බව, වර් තමාන දැනුම් සම්භාරය ඔස්සේ විමසීමේදී කෙනෙකුට සැක සංකා ඇතිවිය හැකිය. එහෙත් දැනට ශත වර් ෂ විසිපහකට පමණ ඉහතදී, මෙම විග්‍රහයෙදී “ඉපදෙමින් සිටින සත්තු සහ ඉපදීමට සිටින සත්තුද” සඳහන් කර තිබීම විශේෂත්වයකි. “ජීවය” පිළිබඳව හෝ “ජීවත්වීමට බලාපොරොත්තුවන” භාවමූළ (entities) ගැනද මෙනෙහි කර මෙවැනි විවරණයක් කර තිබීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි. ලිනේයස්ගේ සත්ත්ව වර් ගීකරණයේ දී වුවද මේ ගැන සඳහනක් නොමැතිය. කරණීය මෙත්ත සූත්‍රයේ ඉහත ආකාරයට ජීවීන් පිළිබඳ විග්‍රහයෙන් පසු “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා!” (සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!) යනුවෙන් සඳහන් කර තිබීම නිසා, ස්ත්‍රී සතෙකුගේ ඩිම්බ සංසේචනයක් මගින් හටගත් යුක්තාණුවක් ( zygote) සහ ගර් භාෂයක් තුළ වර් ධනය වන කළලයක් (embryo) මෙන්ම සංසේචනය වූ බිත්තරයක් තුළ තිබෙන කළලය වුවද ජීවියෙකු ලෙස සැලකිය හැකිය.
මේ ආකාරයටම විද්‍යා දැනුම නොමැති කෙනෙකුට වුවද, සත්ත්ව වර් ගීකරණයේ සහ නාමකරණයේ ඇති සංකීර් ණ භාවය මග හැර එදිනෙදා ජීවිතයේදී හමුවන සතුන් හඳුනාගැනීම සඳහා ඉවහල් විය හැකි සරල පිවිසුමක්ද මේ සමගම යෝජනා කළ හැකිය. මෙම ක්‍රමයේදී බොහෝ සතුනට තිබෙන පාද සංඛ්‍යාව පමණක් සැලකිල්ලට ගැනීම මෙහිදී විශේෂයෙන්ම සැළකියයුතු පිවිසුමයි. මේ නිසාම මෙම අදහස “අපා, දෙපා, සිවුපා, ශඩ්පා, අෂ්ටපා, දශපා සහ බහුපා” ලෙස නම්කරන ලදී.
අපා, දෙපා, සිවුපා, ශඩ්පා, අෂ්ටපා, දශපා සහ බහුපා
‘අපා’ - අපා යනු පාද නොමැති බවයි. (මෙහි ‘අ’ අකුර, ‘නැත’ යන අර් ථය ගෙනදෙන උපසර් ගයකි) පාද රහිත සත්තු සියල්ලෝම අපා යන කොටසට අයත් වෙති. පෘෂ්ඨවංශික සතුන් අතුරෙන් පාද හෝ ගාත්‍රා නොමැති සර් පයෝ එක් විශේෂ සත්ත්ව ගෝත්‍රයකි. අනිකුත් උරගයින්ට පාද සතර බැගින් තිබේ. ජලජ පෘෂ්ඨවංශීන් වන මත්ස්‍යයින්ටද පාද නොමැත.
ගොඩබිම ජීවත්වන ගැඩවිල් පණුවන්, ගොළු බෙල්ලන්, හංගොල්ලන් සහ කූඩැල්ලන්ද , බෙල්ලන්, ඉකිරියන්, පසැඟිල්ලන් වැනි සමුද්‍ර ජිවින්ද පාද නොමැති අපෘෂ්ඨවංශී සත්තු (invertebrates) වෙති. ගොළු බෙල්ලා, හන්ගොල්ලා වැනි අපෘෂ්ඨවංශී සතුන් තම චලණය සඳහා උපයෝගි කරගන්නා ‘පාදයක් වැනි’ පේශිය ‘ව්‍යාජ’ පාදයක් (false foot) ලෙසද හැඳින්වේ.
‘දෙපා’- (පාද දෙකක් සහිත) - පෘෂ්ඨවංශීන් අතර, පාද දෙකක් ඇත්තේ මිනිසාට සහ පක්ෂීන්ට පමණකි. ගාත්‍රා වශයෙන් ගතහොත් මිනිසාගේ අත් සහ පක්ෂීන්ගේ අත්තටු පූර් ව ගාත්‍රා වේ. මොවුන් ඇවිදීම සඳහා භාවිත කරනු ලබන අපර ගාත්‍රා පාද වේ. ‘දෙපා’ සහිත අපෘෂ්ඨවංශීන් නොමැත. අත්තටු සහිත පක්ෂීන් පියාසර කිරීම සඳහා හැඩගැසී ඇතත් පැස්බරා වැනි සමහර පක්ෂීන්ට පියාසර කළ නොහැකිය.
‘සිව්පා’- (පාද සතරක් සහිත) - මිනිසා සහ පක්ෂීන් හැර අනිකුත් සියලුම පෘෂ්ඨවංශීන් සිව්පාවුන්ය. අපෘෂ්ඨවංශීන් අතර පාද සතරක් තිබෙන කිසිම සතෙකු නොමැතිය.
මෙම සතුන්ගේ පාද, විවිධ පරිසර වල ඇවිදීම, දිවීම, පැනීම වැනි චලන සඳහා බෙහෙවින් අනුවර් තනය වී තිබේ.
‘ශඩ්පා’- (පාද හයක් සහිත) - මී මැස්සන්, සමනළයින් වැනි කෘමින් (insects) සියල්ලෝම පාද සයක් සහිත සත්තු වෙති.
ලෝකයේ බහුලම සත්තුද මොවුහු වෙති. මෙම කෘමීන් අතර සිටින සමනලයින් මී මැස්සන් වැනි සත්තු ශාකවල පුෂ්ප පරාගණය සඳහා විශාල මෙහෙවරක් කරති. මදුරුවන් මැස්සන් වැනි සමහර කෘමින් රෝග වාහකයින් ලෙසද ක්‍රියා කරති. එසේම සමහර කෘමි විශේෂ භෝග වලට හානිකරන පලිබෝධයෝ වෙති. ඇඳ මකුණා, උකුණා වැනි ෂඩ්පාදිකයෝ මිනිසාගේ ලේ උරාබොන පරපෝෂිතයෝ වෙති. කුහුඹුවන්, දිමියන් වැනි සමහර කෘමීන්ට පියාපත් නොමැතිය.
‘අෂ්ඨපා’ – (පාද අටක් සහිත) - සියලුම මකුළුවන් (spiders) සහ ගෝනුස්සන් මේ ගණයට වැටේ.
මකුළුවෝ සහ ගෝනුස්සෝ මාංශ භාක්ෂකයෝ වෙති. කුඩා සතුන් දඩයම් කර ගැනීම සඳහා දැලක් වියා ගැනීම මකුළුවන්ගේ විශේෂ දක්ෂතාවයකි. දැලෙහි පැටලෙන කුඩා සතෙකු, තම විෂ දළ මගින් අඩපණ කර එම සතාගේ යුෂ උරාබීම මකුළුවන්ගේ භෝජන විලාසයයි. අඳුරු ස්ථාන වල සැඟවී සිටින ගෝනුස්සා නිශාචර මාංශ භක්ෂකයෙකි. ගොනුස්සාගේ විශේෂ ලක්ෂණයක් වනුයේ උගේ විෂ දළය, වලිගයක් මෙන් දික්වී ඇති උදර ප්‍රදේශ අග්‍රයේ පිහිටා තිබීමයි.
‘දශපා’ – (පාද දහයක් සහිත) - මෙම සතුන් වනුයේ ඉස්සන්, කකුළුවන් වැනි ක්‍රස්ටේසියානුන්ය. ක්‍රස්ටේසියා යන වචනයෙන්, මොවුනට බිඳෙනසුලු ඝන කබොලක් වැනි බාහිර ආවරණයක් තිබෙන බව දැක්වේ.
මොවුන් සාමාන්‍යයෙන් ජලජ සතුන් වන අතර සමහර කකුළු විශේෂ ජලාශ්‍රීත ගොඩ බිමද ජීවත් වීමට අනුවර් තනය වී සිටිති.
‘බහුපා’ (පාද විශාල ගණනක් ඇති) බහුපා කොටසට ගැනෙණුයේ ‘සියපා’ – (පාද සියයක් සහිත) - Centipede යන නමින් හඳුන්වන පත්තෑයින් සහ ‘දහස්පා’ – (පාද දහසක් සහිත) - Millipede යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන හැකරැල්ලා, කන්කුංඩා වැනි සතුන්ද අයත්ය.
පත්තෑයාට පාද සියයක් සහ කන්කුංඩාට පාද දහසක ඇතැයි යන විශ්වාසය මත එසේ නම් කරන්නට ඇති විශ්වාස කළ හැකිය. එසේ වුවද මෙම විශ්වාසය අදට වලංගු නොවේ. මෙම සතුන්ගේ සම්පූර් ණ ශරීරයම බාහිරව කොටස් වලට බෙදී තිබේ. සාමාන්‍යයෙන් පත්තෑයෙකුගේ ශරීරයේ කොටස් හෝ ඛණ්ඩ සංඛ්‍යාව 20 සිට 110 දක්වා විය හැකිය. මොවුන්ගේ ශරීරයේ සෑම ඛණ්ඩයකම පාද යුගලයක් බැගින් තිබේ. එමෙන්ම කන්කුංඩා ‘සහස්පා’ ලෙස හැඳින්වීමද වැරදි සහගතය. පාද දහසක් තිබේයයි සිතා එසේ නම් කර ඇත. එහෙත් මොවුන්ගේ ශරීරයේ එක් ඛණ්ඩයක පාද යුගල දෙකක් තිබීම විශේෂ ලක්ෂණයකි. මේ සතුන්ගේ ශරීරයේ ඇත්තේ පාද 50 සිට 400 දක්වා ප්‍රමාණයක් බව නිරීක්ෂණය කර තිබේ.
කුමන ආකාරයක වර් ගීකරණයක් අනුගමණය කළත්, කරණිය මෙත්ත සුත්‍රයේදී පෙන්වා දී ඇති ආකාරයට ලොව ඇතිතාක් සියලුම සතුන් හොඳින් ආවරණය වන බව පෙනේ. මෙහි තවත් වැදගත් කරුණක් වනුයේ, විද්‍යාත්මක වර් ගීකරණයකට හමු නොවන, උපදින සත්තු සහ ඉපදීමට සිටින සත්තු පවා මෙහිදී හඳුන්වා තිබීමයි. මෛත්‍රී කිරීම සඳහා උපදින සත්තු සහ ඉපදීමට සිටින සත්තු පවා සඳහන් කර තිබීම විද්‍යා ඤාණයටත් ඔබ්බට යන ධර් ම සංකල්පයක්ම වේ.