Monday, 24 May 2021

‘කොරෝනා’ ව්‍යසනය නිසා සමාජ ගත වන සාධනීය දේවල්ද බොහෝය.


  1. කොරෝනා වයිරස් වසංගතයේ අද තත්ත්වය 


පුරා වසරකට වැඩි කාලයක් තිස්සේ මුළු ලොවම කම්පා කරණු ලබන, දැනට මිලියන තුනකට වඩා ජනතාව මරු මුවට ඇද දමා ඇති,  COVID19 වයිරස වසංගත මහා ඛෙදවාචකය, මෙතෙක් අවසන්වී නොමැත. මේ වන විට ශ්‍රී ලංකාවේ  අසල්වැසි ඉන්දියාව, අතීතයේදී තුන් බියකින් වෙලී ගිය  ‘විශාලා මහනුවර’ බවට යළි පත්වී තිබෙන බව මාධ්‍ය වලින් හෙළිවේ. රෝගය වැළඳී අකාලයේ මියගිය අය සිය ගණනින් දැවී අළුවී යාමේ ඛේදවාචකය රුපවාහිනී තිර ඔස්සේ දකින්නට ලැබේ. දැනට ලොව පුරා රටවල් දෙසියයක පමණ වසංගතය පැතිරෙමින් පවතී. විද්‍යා හා තාක්ෂණික දැනුම අතින් ඉතා උසස් මට්ටමක සිටින මිනිසා තවමත් මේ ව්‍යසනය යටපත් කිරීමට අපොහොසත් වී සිටීම මහත් අභාග්‍යයකි. මුව  ආවරණ පැළඳීම, නිසි සමාජ දුරස්ථභාවය තබාගැනීම, සබන් දමා අත්  සේදීම, නිතර විෂබීජ නාශක ද්‍රවයකින් අත් ධෝවනය කිරීම, අත්‍යාවශ්‍ය කටයුත්තකට මිස ගෙදරින් පිටත නොයාම වැනි වැදගත් සෞඛ්‍ය නීති රීති සහ වෙනත් ආරක්ෂක මෙහෙයුම් මගින්ද මිනිසා විවිධ ආකාරයට හුදකලා කර තැබීමට පියවර ගෙන තිබියදීත් වසංගතය උග්‍රලෙස පැතිරෙන්නේ මක්නිසාද? 


ලෝකයේ  රටවල් කිහිපයක COVID19 මරණ සංඛ්‍යා පිලිබඳ ප්‍රස්තාර සටහනක් මෙහි දක්වා තිබේ. 2020 මාර්තු සිට 2021 මැයි දක්වා වයිරස අසාදනයේ ‘රැළි’ තුනක් තිබෙන බව ප්‍රස්ථාරයේ දකින්නට ලැබේ. මේ අනුව වසංගතයේ  

පළමු රැල්ල 2020 මාර්තු සිට 2020 අගෝස්තු දක්වා, 

දෙවන රැල්ල 2020 අගෝස්තු සිට 2020 නොවැම්බර්  දක්වා සහ 

තුන්වන රැල්ල 2020 නොවැම්බර් සිට 2021 මැයි 

දක්වාත් පැවති  බව ප්‍රස්තාරයෙන් හඳුනා ගත හැකිය. තුන්වන රැල්ල අනිකුත් දෙකටම වඩා බරපතල ලෙස තවදුරටත් ක්‍රියාත්මක වන බවද  පැහැදිලිව පෙනෙන්නට තිබේ.


  1. වසංගත තත්ත්වය උග්‍ර වීමට හේතු තිබේද?  

  

මේ ආකාරයට වයිරස වසංගතය අති දරුණු තත්ත්වයකට පරිවර්තනය වනුයේ කුමක් නිසාද යන්නද විමසීමට භාජන කළයුතු කරුණකි.  එන්න එන්නම ප්‍රබලතාවයෙන් වැඩි වයිරසයේ නව ප්‍රභේද සහ විකෘති හට ගන්නා බව විද්‍යාඥයින්ගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ මතයයි. ඒ සමගම ජනතාව සෞඛ්‍ය ආරක්ෂක නීති රීති නොසලකා හැර හිතුවක්කාර ලෙස කටයුතු කිරීමද එක් හේතුවක් බව තවත් මතයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පුරා ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි උපදෙස් මාලාවක් කල් වේලා ඇතිවම නිකුත් කරන ලදී. ඉහත සඳහන් කරන ලද මෙම උපදෙස් ඉතාමත් යෝග්‍ය සෞඛ්‍යාරක්ෂක වත් පිළිවෙත් වේ. එහෙත් ලොව සමහර රටවල සුළු පිරිසක්, මෙම උපදෙස් නොසලකා හැරිම නිසා වසංගත තත්ත්වය නැවතත් උත්සන්න වෙමින් පවතින බව වාර්තා වේ. මේ ආකාරයටම සමහර අවස්ථාවලදී රාජ්‍ය අනුග්‍රහය පවා ලැබී නවීන විද්‍යා සහ වෛද්‍ය උපදෙස් වලට පටහැනි ගුප්ත විද්‍යා සහ මිත්‍යා ක්‍රියාකාරකම් අනුගමනය කර වසංගතය පැතිරී යාමට අනුබල දුන් පිරිසක් සිටීමද මහත් අනුවණ කමකි.

 

හේතුව  කුමක් වුවත් COVID19 වයිරස් වසංගතය නිසා ලෝකයේ සෑම රටකටම උග්‍ර ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන සහ වෙනත්  සමාජමය  ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවී තිබේ. මෙම උපද්‍රවයට ගොදුරු වූ සියලුම රටවල් තම ආර්ථිකය යළි  ගොඩනගා ගැනීම, මහජනතාව රෝ බියෙන් මුදා සුවපත් කිරීම, දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම, අවුල් වී ගිය සමාජ සහ පවුල් සම්බන්ධතා නිරවුල් කිරීම වැනි දහසකුත් එකක් දේ සඳහා අවධානය යොමු කරමින් සිටිති. එහෙත්  වයිරසය  සහමුලින්ම ඉවත් වන තුරු අසහනකාරී තත්ත්වය ඉවත් නොවනු ඇත. සකල ලෝක වාසී ජනතාවම මනා  සංයමයකින් යුක්තව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරනතුරු මෙම ව්‍යසනයෙන් මිදීමට නොහැකිවන බව, වර්තමානයේ ලැබෙන තොරතුරු වලින් හෙළිවේ. මෙම තත්ත්වය උදාකර ගැනීම සඳහා යොමුවන විට ආර්ථික, සංවර්ධන, දේශපාලන වැනි සෑම අංශයකම වැඩ කටයුතු බොහෝ දුරට අඩපන වීම නොවැලක්විය හැකි වනු ඇත. මේ සියල්ල පරදුවට තබා සෑම රටක්ම නිර්දේශිත සෞඛ්‍ය වත්පිළිවෙත්   අනුගමනය කරමින් රෝග නිවාරණ ක්‍රමවේද වලට මුල් තැන දෙමින් ක්‍රියා කරන තුරු  මෙම වසංගතයෙන් ගැලවීමක්  නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයද අනතුරු ඇඟවීමක් කර තිබේ.


  1. වසංගතය නිම වීමෙන් පසු අනාගතය කෙබඳු විය හැකිද ? 


ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන්, දැනට ලොව පුරා ඉතාමත් සාර්ථක අන්දමින් කරගෙන යනු ලබන වයිරස මර්දන එන්නත් ක්‍රියාවලිය සහ දැඩි සෞඛ්‍යාරක්ෂක  කටයුතු මැනැවින් සිදුවන විට වසංගතය පාලනය  වනු ඇත. ඊට පසුව වුවද වසර කිහිපයක් යනතුරු දැඩි නීති රීති සහ සුවිශේෂී සෞඛ්‍ය පරිපාලන ක්‍රමවේද භාවිතයෙන් වසංගතය සහමුලින් දුරුවී යනු ඇති බවට බලාපොරොත්තු තබා ගත හැකිය.

ලෝක ජනතාව ඒ ආකාරයට සුවපත්වී සැනසුම් සුසුමක් හෙලන විට, ආපසු  හැරී  බැලීමේදී  දකින්නට ලැබිය හැකිවන සාධනීය එසේම සමාජයට හිතකර, බොහෝ දුරට ප්‍රායෝගික  අතුරු  ඵලද තිබිය හැකිය. 


දැනට දශක අටකට පමණ ඉහතදී ලොව හෙල්ලුම් කෑ, දෙවන ලෝක මහා සංග්‍රාමය නිසා ඉතාමත් ඛේදජනක ලෙස මිනිස් සංහාරයක් වූ බව ඉතිහාස ගතවී ඇත්තේය. මහා බලවතුන්ගේ බල ලෝභීත්වය නිසා හටගත් යුද්ධය නිසා එවකට ලෝක ජනගහනයෙන් 3% ක් පමණ ජීවිතක්ෂයට පත්වීම  හෝ සදාකාලික ආබාධිතයින්ගේ ඉරණමට ගොදුරුවූ   බවට ඉතිහාසය සාක්ෂි දරයි. එහෙත් “සෑම අඳුරු වලාකුළකටම රිදී රේඛාවක් ඇත” යන කියමනෙන් සනාථ  වන පරිදි දෙවන ලෝක සංග්‍රාම සමයේදී සහ යුද බිය සමනය වීමත් සමගම  එළි  දක්වනු ලැබූ නව නිපැයුම් සහ නව සොයාගැනීම් කිහිපයක් නිසා, ලෝ වැසියන්ට මහත් සෙත් ශාන්තියක් උදාවී තිබේ. පරිගණකය, ස්වයංක්‍රීය බැංකු ටෙලර් යන්ත්‍ර, චන්ද්‍රිකා තාක්ෂණය සහ රේඩාර් වැනි නව නිපැයුම්ද  පෙනිසිලින් වැනි ඖෂධ  වර්ගද  මෙසේ ලැබුණු  නව සොයා ගැනීම් වන අතර, ඒවා  මගින් මිනිසාට ලැබී ඇති ප්‍රයෝජන අති මහත්ය.


අතීතයේ වාර්තාවී ඇති මෙම සිදුවීම් දෙස බලන කළ කොරෝනා වසංගතය තුරන්වී  යහපත් කාලයක් උදාවූ විටකදීද මිනිසාට ඉතිරිවන දායාදයන් කිහිපයක් ගැනද  දැනටම  මහජන ප්‍රසාදය වැඩිවෙමින්  පවතී. මේ වන විට ලෝක ජනගහනයෙන් 0.042 % පමණ වන මිනිසුන් සංඛ්‍යාවක් කොරෝනා වසංගතය නිසා මරණයට පත්වී සිටිති. සංඛ්‍යාත්මකව මෙය මිලියන 3.3 ක පමණ මිනිස් සමූහයකි.මෙතරම් මිනිසුන් සංඛ්‍යාවක් රෝගයක් නිසා මරුමුවට පත්වීම දැරිය නොහැකි පාඩුවකි. කොරෝනා වසංගත සමයේදී  මිනිසා අනවශ්‍ය පරිදි හුදකලා වීම, ස්වයං නිරෝධායනය, වැනි පෞද්ගලික හේතු නිසාත්, අන්‍යයන් කෙරෙහි ඇතිවන අනුකම්පාව, මෛත්‍රීයය, කරුණාව වැනි  මහඟු මිනිස් ගුණාංග ටිකින් ටික   ඉස්මතු වීම නිසාත්, මිනිසා තුළ අධ්‍යාත්මික ගුණ වගාවන් වැඩිපුර ප්‍රගුණ වීමට මග පෑදී තිබෙන බවද  හෙළි වෙමින් පවතී.


වයිරසය නිසා මිනිසුන් අමු අමුවේ මරණයට පත්වීම මහත් කණගාටුදායක තත්වයක් වුවද, මෙම අවාසනාවන්ත තත්ත්වයට අනුගත වෙමින් මිනිස් සමාජය යළි සුවපත් වෙමින් තම එදිනෙදා ජීවිතයට අදාළ කරගැනීමට උත්සාහ දරණ සාධනීය ක්‍රියාකාරකම් බොහෝය. මෙයින් කිහිපයක් මේ ආකාරයට විමසුමට ලක් කිරීම අපගේ උත්සාහයයි.  


  1. පරිසරය පිබිදීම  


කොරෝනා වසංගතය පැතිරී ගිය පසුගිය මාස කිහිපය තිස්සේ (2020 පෙබරවාරි පමණ සිට), ගෝලීය කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සැලකියයුතු ප්‍රතිශතයක් අඩුවී ඇති බව වාර්තාවේ. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පෙට්‍රෝලියම් වැනි ෆොසිල් ඉන්ධන දහනය අඩු වීමයි. වයිරසය නිසා ලොව පුරා සංචරණ සීමා පැනවීම, ගොඩ බිම මෝටර් රථ ධාවනය අඩුවීම, ගුවනෙහි අහස්  යානා සීමිත වීම, ඉන්ධන භාවිතයෙන් සිදුකරනු ලබන මහා පරිමාණයේ කර්මාන්තශාලා  තාවකාලිකව වසා දැමීම වැනි හේතු නිසා නිසා මෙම තත්ත්වය උදාවී තිබේ. මේ නිසා මිනිස් ක්‍රියාකාරකම් නිසාම, අබල දුබලව හෙම්බත්වී තිබෙන  පෘථිවියට යළිත් ‘තිරිහන් වීමට’ අවස්ථාවක් ලැබී ඇතැයි  සිතිය හැකිය. මෙසේ සිදුවන බවට සාක්ෂි බොහෝය. 

මේ සඳහා උදාහරණ වශයෙන්,  2021 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළදී   චීනයේ ප්‍රධාන නගර 337 ක, වාතයේ ප්‍රශස්ත ගුණාත්මක භාවය සහිත දින ගණන 85% කින් වැඩිවී තිබේ. එමෙන්ම ඉතාලියේ  ජනාකීර්ණ වෙනීස් (venice) නගරයේ කලක් තිස්සේ දරුණු ජල දූෂණයකට පාත්‍ර වී තිබුණු ඇළමාර්ග වල එකතුවන අපද්‍රව්‍ය අඩුවීම නිසා දූෂණ තත්ත්වය බෙහෙවින් පහළ ගොස් ජලයෙහි ගුණාත්මක භාවය වැඩිවී, යළිත්  මත්ස්‍ය සහ වෙනත් ජලජ ජීවී ගහණ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව වාර්තාවේ.



ලෝකයේ ‘වසාදමා තිබුණු’ සමහර නගරවල මිනිසුන්, සිය  නිවෙස් වලට කොටුවී සිටියදී, නිරතුරුවම  මිනිසාගේ චර්යා ගැන සැක සංකා සහිතව වනයට සීමාවී සිටි වන සතුන්, නාගරික වීදිවල සැරිසරණ  ආකාරයද මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණි. දකුණු අප්‍රිකාවේ සංචාරකයින් විශාල වශයෙන් ගැවසෙන කෘගර් (Kruger) වනෝද්‍යාණයේ, කොරෝනා වසංගතය නිසා ජනශුන්‍ය වී ඇති අවස්ථාවේ, එහි මහා මාර්ගයකට වී විවේක ගන්නා සිංහ රංචුවකගේ ඡායාරූපයක් මෙහි දැක්වේ.  මිනිසාගේ අයුතු බලපෑම් නිසා විවිධ ආකාරයෙන්  පරිහානියට පත්වෙමින් තිබූ ලොව බොහෝ ස්ථාන වල, වනාන්තර ඇතුළු වෙනත් ජෛව පද්ධතිද මෙලෙස ප්‍රකෘතිමත් වීමට අරඇඳීම සොබාදහම ලබා ඇති ජයග්‍රහණයකි.  


  1. සාමය පිලිබඳ හැඟීම  

  

වසංගතය නිසා මුළු ලෝකයම කම්පාවී සිටියදී, සමහර රටවල උද්ගත වෙමින් පැවති එදිරිවාදුකම් සහ යුදබිය බොහෝ දුරට සමනය වීමක්ද අසන්නට ලැබේ. එක්සත්  ජාතීන්ගේ මණ්ඩලයේ මහලේකම් වන ඇන්ටෝනියෝ ගුටෙරස් විසින් කොරෝනා වසංගතය ලොව පුරා පැතිරෙද්දී  “ආයුධ සන්නද්ධ අරගල වලට තිත තැබීමේ අවස්ථාව එළඹ තිබේ” යයි නැගූ  හඬට යහපත් ප්‍රතිචාර  ඇතිවීම සහ යුදබිය තරමක් දුරට හෝ අඩුවීම සාධනීය පියවරකි. ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි ප්‍රචාරයකට අනුව, මැද පෙරදිග යේමනයේ සටන් වැදී  සිටින සවුදි රාජ්‍ය හමුදා  වසංගත තත්ත්වය නිසාම සටන් විරාමයකට ගිවිසුම් ගත වී සිටින බව හෙළිවේ. මේ ආකාරයට යුද බිය සහ  දේශ සීමා ගැටුම් සහ අරගල පැවති  ලෝකයේ වෙනත් ස්ථාන වලද ‘වසා දැමීමේ නියෝග’ (Lock down orders) නිසා ප්‍රචණ්ඩත්වය  අඩුවී  සහනයක් උදාවී ඇත. ජාතීන් අතර තිබෙන එදිරිවාදු  කම් අතහැර, මේ අවස්ථාවේ පොදු සතුරා වන කොරෝනා වයිරසය මුලිනුපුටා දැමීමට මුළු ලොවම සැදී පැහැදී එකමුතුවී සිටීම යහපත් ප්‍රතිචාරයකි.


  1. සමාජ සම්බන්ධතා  තහවුරු වීම  

මිනිසා ස්වභාවයෙන්ම සමාජශීලී ජීවියෙකි. සෑම මිනිසෙකුටම  තම සගයින් හෝ ‘කල්ලිය’ සමග සුව දුක් විචාරීම, එක්ව හැසිරීම, විනෝද වීම  සහ අදහස් හුවමාරු කර ගැනීම වැනි අවශ්‍යතා බොහෝ වෙති.  කොරෝනා වසංගතය නිසා බලපැවැත්වෙන ස්වයං නිරෝධායන නිවාස අඩස්සියේ  පසුවීම හෝ  හුදකලාවීම ඔහුට නුරුස්නා අභියෝගයකි. මෙම අසහනකාරී බව මැඩ  පවත්වා ගැනීම පිණිස අද බොහෝ අනුයෝගී ක්‍රමවේද භාවිතයට පැමිණ තිබේ. මෙම වසංගතය නිසා අතිශය පීඩාවට පත්වූ ඉතාලියේ, නගරබද තට්ටු නිවාස වල පදිංචි ජනතාව හුදකලාවී සිටින තම අසල් වැසියන් පිනවීම සඳහා තමන්ගේ නිවෙස්  සඳලුතල මතටවී සංගීත භාණ්ඩ වාදනයත්   සමග ගී කියමින් කාලය ගත කරන  බව පසුගිය දිනක එරටෙහි පුවත් පතක් වාර්තා  කර තිබුණි. එමෙන්ම තවත් සමහර රටවල වීදි නාට්‍ය කණ්ඩායම්,  ‘වසා දැමීම’ නිසා ජනශුන්‍ය වූ මහමාවත් වලට පැමිණ, සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් වීදි නාට්‍ය වල නිරත වී ජනතාව විනෝදමත් කළ බවද දැනගන්නට ලැබේ.

සමාජ මාධ්‍ය ජාලා මගින්ද ජනතාවට මානසික සුවයක් ලබාදීම පිණිස නව පන්නයේ වැඩ සටහන් ඉදිරිපත් කිරීමට අමතක නොකළහ. විශේෂයෙන්ම ‘ෆේස් බුක්’ කණ්ඩායම්  විසින් හුදකලාවී අසහනයට පත්ව සිටින අයට මානසික සුවයක් ලබා දීමට  දරන ලද ප්‍රයත්නයද ඉතාමත් අගනේය.

ලෝකයේ සෑම රටකම පාහේ රාජ්‍ය අනුග්‍රහයෙන් මෙන්ම ආගමික සහ ස්වේච්ඡා සංවිධාන මගින්ද ඈත පිටිසර ගම්මානවල නිවාස වලට කොටුවී සිටින දහස් සංඛ්‍යාත ජනතාවට උදව් උපකාර කිරීමත් වියලි ආහාර සහ අවස්ථානුකුලව  පිසූ ආහාර පවා ලබාදීමට කටයුතු කරනු ලැබීමත් සමාජ සම්බන්ධතා මනාසේ තහවුරු වීම බව සඳහන් කළ හැකිය. මෙසේ විදහා දැක්වෙන මෛත්‍රී, කරුණා, මුදිතා වැනි සාර ධර්ම ඒ ආකාරයටම ඉදිරියටත් පැවතුනහොත් මිනිස් සමාජය කෙතරම් උත්තරීතර භාවයක් ලබාගන්නේද?


  1. අනුයෝගීකරණය වූ  නව වාණිජ ක්‍රමවේද     


කොවිඩ් වසංගතය සමගම පැන නැගුණු දැඩි සෞඛාරක්ෂක නීති රීති නිසා කඩ සාප්පු ඇතුළු සමස්ත වෙළඳපළ  මුළුමනින්ම වාගේ වසාදැමීමට සිදුවිය. මේ නිසා වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටද අපමණ අසීරුතා වලට මුහුණ පාන්නට වීම නොවැලක්විය හැකිය. මෙම අසහනයෙන් මිදීම සඳහා වෙළඳ පළෙහි තිබුණු ‘සුපුරුදු පාරිභෝගික සේවා’ සංකල්පය වෙනුවට ‘අනුයෝගී පාරිභෝගික සේවා’ ආදේශ කර ක්‍රියාත්මක වන්නට විය. මේ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ අවන්හල් ජනතාව සඳහා විවෘත කිරීම වෙනුවට පැකට් කරන ලද පිසූ ආහාර ‘ඉවතට ගෙනයාම’ (take-away) සඳහා පහසුකම් සලසන ලදී. එමෙන්ම  දුරකථන පණිවුඩයක් හෝ විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගින් ඇනවුම් කර, , ඇනවුම් කිරීමේදීම  භාණ්ඩ වල වටිනාකම පෙර ගෙවුම් පතක් (credit card) මගින්  ගෙවා, වියලි ආහාර ද්‍රව්‍ය සහ වෙනත් අවශ්‍ය ද්‍රව්‍ය නිවසටම ගෙන්වා ගැනීමේ ක්‍රම වේද ක්‍රියාත්මක වන්නට විය. මෙම නව වෙළඳ ප්‍රවේශය නිසා වයිරසයෙන් ආරක්ෂා වීම, මහජනතාව ගැවසීම සීමා වීම, මුදල් ගනුදෙනු වෙනුවට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද භාවිතය, වාහන ඉන්ධන වැය අඩුවීම සහ පරිසර දුෂණය අඩුවීම වැනි වාසි රැසක්ම ලැබෙන්නට විය. ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද භාවිතය අඩු ප්‍රදේශවල, වෙළඳ සැල් නියෝජිතයෙකු පාර්භෝගිකයා වෙත ගොස් අවශ්‍යතා පිරිමැසීමටද  උනන්දු වූ බව අසන්නට ලැබේ. බොහෝවිට මෙවැනි අවස්ථානුකුල අවිධිමත් ක්‍රමවේද පවත්වා ගෙන යාමට රාජ්‍ය අනුග්‍රහය පවා ලැබුණු බව හෙළිවේ. මෙතෙක් වෙළඳ පළෙහි වැඩිපුර දකින්නට නොලැබුණු  මුව ආවරණ, අත්  ධෝවනය කිරීමේ විෂබීජ නාශක ද්‍රව්‍ය වැනි දේවල්ද  සුලභ වන්නට විය.

සෑම රටකම පාහේ ඉහල තලයේ  ලාභ ලබන බොහෝ වාණිජ ආයතන තම ලාභයෙන් කොටසක් මෙම වසංගතයෙන් පීඩා ලබන ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ලබාදීමට දැනටමත් තීරණය කර තිබීමද පාර්භෝගිකයාට සැනසිලිදායක ආරංචියකි. සමහර වෙළඳ ආයතන විවෘතව තබන සීමිත කාලය තුළදී වුවද ජේෂ්ඨ පුරවැසියන් සහ ආබාධිත පාරිභෝගිකයින්ට පහසුවෙන් තම භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙලාවක් වෙන් කර දීමටද කාරුණික වී තිබේ. සමහර ආයතන ඔවුන් සඳහා විශේෂ වට්ටම් ප්‍රදානය කිරීමටද තීරණය කර තිබේ. ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල පහසුකම් සපයනු ලබන එක්තරා  ආයතනයක්  විසින් එරට ජේෂ්ඨ පුරවැසියන්ට  සහ ආබාධිත අයට, මෙම අභාග්‍යමත් කාලය තුලදී, තම හිතවතුන් සමග පණිවුඩ හුවමාරුව සඳහා අවශ්‍යවන විද්‍යුත් දත්ත, නොමිලේ සැපයීමට පියවර ගෙන තිබීමද යහපත් වැඩ පිළිවෙලකි. ඔවුන් විසින් තම ආයතයන වල පැවැත්ම පාරිභෝගිකයාගේ තෘප්තිය මත පවතින බව අවබෝධකර ගනිමින් මෙවැනි පියවර ගැනීම දෙපාර්ශවයටම වැඩ දායක වේ.

  1. නව ඉගෙනුම් ක්‍රම භාවිතය 


පාසැල් දරුවන් COVID19 වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම  සඳහා පාසල් සහ වෙනත් සියලුම අධ්‍යාපන ආයතන තාවකාලිකව වසා දමන්නට සිදුවීම බරපතල ගැටළුවක් බවට පත්විය. සෑම දරුවෙකුටම පොත්පත් ආශ්‍රීතව දැනුම ලබාදීම, වෙනත් කුසලතා සහ යහපත් ආකල්ප සංවර්ධනය, සමාජීකරණය වැනි ජීවිතයට අවශ්‍ය සියලුම දේ ලැබෙනුයේ පාසලෙනි. පාසල් අධ්‍යාපනය තාවකාලිකව හෝ ඇනහිටීම දරුවාගේ චරිත සංවර්ධනයට බාධාවකි. මෙම මනෝවිද්‍යාත්මක සංකල්පය පෙරදැරි කර ගනිමින් පාසල් වසා දමා තිබියදීත්  දුරස්ථ ඉගැන්වීම් ක්‍රම මගින් අධ්‍යාපන පහසුකම් සැලැස්වීම වැදගත් කාර්ය භාරයකි. මේ සඳහා අතිශයින් ප්‍රයෝජනවත් වුයේ Zoom තාක්ෂණ ක්‍රමවේදයයි. මෙහිදී, පන්ති කාමරයේ හෝ තම නිවසේ සිටින ගුරුවරයා විසින් තමන් විසින් සුදානම් කරගන්නා ලද පාඩමක්, නිවෙස් වල සිටින සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ ලබාදීම මෙහි සුවිශේෂී ලක්ෂණයයි. නිවසේ සිටින ශිෂ්‍යයාට, තම ගුරුවරයා සමග දුරකථන සම්බන්ධතාව සකස් කර ගනිමින් අදාළ  දිගුවට පිවිසීමෙන්   තම පරිගණකයේ  හෝ smart දුරකථනයේ තිරයේ දිස්වන රූපරාමු ඔස්සේ ඉගෙනීමේ  කටයුතු වලට සහභාගී විය හැකිය. මෙම ක්‍රමවේදය මගින් පන්තිකාමරයේ ඉගෙනීම මෙන් සාර්ථක තත්ත්වයකට එළඹිය නොහැකි වූවත්, එයින් තරමක් දුරට හෝ ප්‍රයෝජනයක් ලැබෙන බව පිළිගත හැකිය. විශේෂයෙන්ම පාසැලේ පන්ති කාමරයේදී ලබන ප්‍රායෝගික අත්දැකීම් හෝ විෂයය බාහිර ක්‍රියාකාරකම් මෙම දුරස්ථ අධ්‍යාපන ක්‍රමයෙන් කළ  නොහැකි වූවත්, ගෙවීගිය වසරකට වඩා වැඩි කාලය තුළදී  පාසල් සිසුනට මේ මගින් විපුල ප්‍රරයෝජන අත්වූ බව නොරහසකි.


පහසුකම්  අඩු ප්‍රදේශවල දරුවන්ට සහ මෙම තාක්ෂණය සඳහා අවශ්‍ය මෙවලම් නොමැති සිසුන්ට මේ මගින් අසාධාරණයක් සිදුවන බව දස දෙසින් අසන්නට ලැබේ. එසේ වුවත්, අනාගතයේදී මෙම ක්‍රම වේදය ඔස්සේ  විශාල අධ්‍යාපන පරිවර්තනයක් සිදුවිය හැකි බවට සාධක දැකගන්නට ලැබේ. 

මෙම දුරස්ථ ඉගෙනුම් ක්‍රියාදාමය විශ්ව විද්‍යාල සහ වෙනත්  උසස් අධ්‍යාපන ආයතන වලටද ආදේශ කර ගෙන තිබීම තවත් ලක්ෂණයකි. සමහර විශ්ව විද්‍යාල සිසුන්ගේ දේශන වලින් වැඩි කොටසක් zoom තාක්ෂණය සහ online ක්‍රමවේද මගින්  සිදු කිරීමට තීරණය කර තිබීම නිසා, නුදුරු අනාගතයේදී  විශ්ව විද්‍යාල අධ්‍යාපනයේද මහත් පෙරළියක් සිදුවිය හැකි බවට පෙර නිමිති පහළවෙමින් තිබේ.


  1. දෛනික රාජකාරි කටයුතු නිවසේ සිට ඉටු කිරීම 


නව තාක්ෂණ දියුණුවත්  සමගම ඕනෑම කෙනෙකුගේ කාර්යාල හෝ රාජකාරි කටයුතු වලින් වැඩි කොටසක් පරිගණක ගත කිරීම නිසා, පැරණි මාදිලියේ ලිපි ගොනු ඉවත්වී, ඒ සියල්ලම පාහේ දත්ත වශයෙන් ගබඩාකර තැබීමේ ක්‍රමවේද බොහෝ තිබේ. මෙම දත්ත අවශ්‍ය පරිදි යලි පිරික්සීමට හෝ හුවමාරු කර ගැනීමටද පහසුකම් සහිත උපාංගද බෙහෙවින් ඇත. වෛද්‍ය වෘතියේ සමහර ක්‍රියාකාරකම්, ගමනාගමන කටයුතු වැනි අංශ කිහිපයක ප්‍රායෝගික කටයුතු ස්වල්පයක් පමණක් මෙයට අදාළ කරගත හැකි නොවේ. දැනට කලක   සිටම මෙම ක්‍රමවේදය අත්හදා බැලීමේ ක්‍රියාවලියක් ලෙස සමහර කාර්යාල සේවකයින් ‘ගෙදර සිට වැඩ කිරීම’ (working from home) කරගෙන ගියහ. කොරෝනා වසංගතය හිස එසවීමත් සමග මෙම සංකල්පය යථාර්ථයක් බවට පත්විය. කාර්යාල වසාදමා ගමනාගමනය ඇනහිට තිබියදී, මෙම  ගෙදර සිට වැඩ කිරීමේ වැඩ පිළිවෙල ඉතාම සාර්ථක ක්‍රමෝපායයක් විය. සමහර අවස්ථාවලදී, පාසල් නොගොස් ගෙදර නතරවී, zoom තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු කරන දරුවන්ට සහ තම කාර්යාලයේ කටයුතු  online කරනු ලබන දෙමාපියන්ට එක වහලක් යට සිට බාධක වලින් තොරව සාමුහිකව වැඩ කිරීමේ දුෂ්කරතා මතුවූ අවස්ථාද ඇතිවිය හැකිය. 


පියා ගෙදර සිට කාර්යාල කටයුතුකරන අතර  දරුවෙකු                                  තාක්ෂණික මෙවලමක් මගින් පාසල් කටයුතු කිරීම 

                                                           

එසේ වුවත් කල් යාමේදී මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා විකල්ප පිවිසුම් ආදේශ කර ගැනීමෙන් පසු දුෂ්කරතා  බොහෝ දුරට සමනය කරගත හැකි වනු ඇත. කෙසේ වෙතත් මෙම නව ප්‍රවේශයද නුදුරු අනාගතයේදීම කාගේත් ප්‍රසාදයට ලක්වන අත්‍යාවශ්‍ය ක්‍රමෝපායයක් වීමට බොහෝ ඉඩකඩ තිබේ.

ඉහත සඳහන් කරන ලද නව ක්‍රමෝපායයන් සියල්ලම පාහේ කුමන බාධක පැමිණියත් තම එදිනෙදා කටයුතු කරගෙන යාමේ වැදගත් කම නිසා එළිදක්වන ලද දේවල් වේ. ‘අවශ්‍යතාවය නව නිපැයුම්  මවයි’ (necessity is the mother of invention) යන ප්‍රස්තාව පිරුළ  මගින් අර්ථ ගැන්වෙන්නේද මෙම අදහසම වේ. තවමත් ඉතාමත් ලාබාල අවදියේ පවතින මෙම නව චින්තන සමුදායයන් අනාගතයට ගැලපෙන පරිදි තවදුරටත් සංශෝධනය වූ පසු ඉක්මනින්ම සමාජ ගතවනු නොඅනුමානය. කල්යාමේදී ඒවා එදිනෙදා ජීවිතයේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය පිවිසුම් බව ප්‍රසාදයට ලක්වේ. 

මෙම ව්‍යසන සමයේදී ලොව පුරා දකින්නට ලැබුණු ජනතා ඇප කැපවීමද මෙහිලා සඳහන් කළ හැකි මිනිසාගේ සාර ධර්ම විදහා දැක්වීමකි. විශේෂයෙන්ම, සෑම රටකම පාහේ, වෛද්‍ය වරු සහ  විවිධ තරාතිරම් වල  සෞඛ්‍ය සේවක සේවිකාවෝ තම ජීවිත පවා පරදුවට තබා, කොරෝනා වසංගත මාරයා සමග පොර බදමින් සිටින ජනතාවට වෛද්‍ය පහසුකම් සැලසීමටත් නිසි ඇප උපස්ථාන කිර්මටත් නොපසුබටව ඉදිරිපත් වීම මහජන ගෞරවාදරයට පත්වී තිබේ. ශ්‍රී ලංකාව වැනි රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලී අයට අමතරව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසියද වයිරස් වසංගතය මැඩපැවැත්වීමේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා විශේෂ මෙහෙවරක් කරමින්  සිටිති. මේ සියලු දෙනාටම වචනයෙන් හෝ කෘතගුණ දැක්වීම සියලුම පුරවැසියන්ගේ පරම යුතුකමකි.


දයාරත්න වීරසේකර  

 

Sunday, 9 May 2021

මීළඟ බලගතු පරිසර දූෂණ කාරකය ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්ද ?

 

ලෝකයේ සෑම අස්සක් මුල්ලකම සිටින සියලු ජීවීන්ටම, මේ වන විට  පරිසර දූෂණය මහත් උපද්රව ගෙන දීමේ ව්යසනයක මට්ටමට පැමිණ තිබේ. ජීවීන්ගේ ජීව ක්රියාවලි සඳහා මූලික වන ශ්වසනය  සඳහා අවශ්, ඔක්සිජන් වලට  අමතරව  අහිතකර වායු මෙන්ම වෙනත් විවිධ අංශු වලින්ද  වායු ගෝලය පිරී  පවතින බව දැන් දැන් හෙළිවෙමින් පවතී. මේවා අතරින්  භයානක  අංශු විශේෂයක් වශයෙන් හැඳින්වෙනුයේ  ක්ෂුද් ප්ලාස්ටික් වේ.

 

ප්ලාස්ටික් සහ ක්ෂුද් ප්ලාස්ටික් 


ඇදෙනසුළු ගතියයන අර්ථය ඇති elasticity නම් ඉංග්රීසි වචනයට බොහෝ දුරට අනුරූප, ‘ඇඹීමේ කටයුතු  සඳහා යෝග්යන අර්ථය ඇති plasticity යන ඉංග්රීසි වචනයෙන්ප්ලාස්ටික්’ (plastic) යන නාමය ලැබී තිබේ. අනාදිමත් කාලයක  සිට පිළිම සහ ප්රතිමා නෙළීම  සඳහාත් හැළි වළo  තැනීමේදීත් භාවිත කර ඇති මැටි ස්වාභාවික  ඇඹුම් ද්රව්යයකි. (moulding material). විසි වන ශත වර්ෂය මුල් කාලයේදී  කාබනික රසායන විද්යාවේ බහු අවයවීක (polymer) සංයෝග හඳුන්වා දීමප්ලාස්ටික් ද්රව් නිෂ්පාදනයේ මූලාරම්භයයි. දිගු කාබන් දාම සහිත, පොලිමර් සංයෝග වෙනත් විවිධ ද්රව් සමග මිශ් කිරීමෙන් විවිධ ගති ලක්ෂණ වලින් යුක්ත  කෘතීම ද්රව් නිපදවා ගත හැකි වියබොහෝ විට, අධික පීඩනය සහ ඉහළ උෂ්ණත්වය යටතේ ඒවායේ ඇති සුවිශේෂී මොලොක් සහ සුමට ලක්ෂණ නිසා  ‘ප්ලාස්ටික්ලෙස නම්කළ මෙම කෘතීම ද්රව්භාණ්ඩ ඇඹීමේ  කාර්යයන් සඳහා ඉතාමත් යෝග් බව ප්රායෝගිකව දකින්නට ලැබුණි. ප්ලාස්ටික් ද්රව් වල සැහැල්ලු බව, කල් පැවැත්ම, නිෂ්පාදන පහසුව, මිල අඩු බව යනාදී කරුණු නිසා ඒවා ඉක්මණින්ම ජනප්රිය විය. මෙම ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනය  සඳහා පෙට්රෝලියම් වැනි ෆොසිල ඉන්ධන වල අඩංගු  රසායන සංයෝග අමුද්රව් ලෙස පහසුවෙන්ම භාවිත කළ  හැකි බවද  සොයා ගන්නා ලදී

 

ලොව මුල්ම කෘතීම ප්ලාස්ටික් වනබේක්ලයිට්’ (Bakelite) නමැති ද්රව්යය 1907 වර්ෂයේදී නිෂ්පාදනය කර තිබේ. මේ වන විට  ‘පොලිඑතිලීන්’, ‘පොලිවීනයිල් ක්ලෝරයිඩ්’ (PVC) වැනි බහු අවයවීක නැතහොත් පොලිමර්ප්ලාස්ටික් කර්මාන්තයේ බහුලව භාවිත වන සංයෝග වේ. දැනට ලොව පුරා නිෂ්පාදනය වන ප්ලාස්ටික් වලින් 30% ක්  පමණ ඇසුරුම් ද්රව් ලෙස භාවිත කෙරේ. වෛද් ක්ෂේත්රයේ විවිධ උපකරණ සහ ශරීර අභ්යන්තර අවයවල   ආදේශිත  කොටස් බද්ධ  කිරීමේදීත් විවිධ ප්ලාස්ටික් භාවිත කරනු ලැබේ. මෙයට අමතරව රථවාහන, ගෘහභාණ්ඩ සහ ක්රීඩා  භාණ්ඩ  නිෂ්පාදනය වැනි වෙනත් නොයෙකුත්  කාර්යය සඳහාද  පොලිමර් අත්යාවශ් අමු ද්රව් වී තිබේ

 

                               https://lh3.googleusercontent.com/uDeIsMUYmsWJg8sW1L9KiKVwcwYaXDG1c3BVZw2yMnGdxbPpxcGhbkKgFDM9BDYcaVkKcPQ0FQY_szmV9uBs5K43F4sKRi4niZrdYmDSaiN-aVRnAYDEfERF5NAGCEVzdXy3pYLQ                                ඇඟිලි තුඩක රඳවා ඇති විවිධ ආකාරයේ ක්ෂුද් ප්ලාස්ටික් සමූහයක් 

 

ඕනෑම ප්ලාස්ටික් වර්ගයක ඉතාමත් කුඩා කැබලි හෝ අංශු ක්ෂුද් ප්ලාස්ටික් ලෙස දැක්විය හැකිය. යුරෝපීය රසායනික නියෝජිතායතනයේ  (European Chemicals Agency) අර්ථ දැක්වීමකට අනුව මිලිමීටර් 5 ප්රමාණයට අඩු ඕනෑම ප්ලාස්ටික් කොටසක් ක්ෂුද් ප්ලාස්ටික් ගණයට වැටේ. ක්ෂුද් ප්ලාස්ටික් දෙආකාරයකට පරිසරයට එකතුවේ

  1. ප්රාථමික ප්ලාස්ටික් කෙඳි, පබළු හෝ කැටිති  -  විවිධ  කෘතීම රෙදි වර්ග හෝ  වෙනත්  එදිනෙදා ජීවිතයේදී  භාවිත කරනු ලබන විවිධ කෘතීම භාණ්ඩ වලින් කෙලින්ම පරිසරයට එකතු වන මිමී 5 හෝ ඊට අඩු  කොටස් 

  2. ද්විතීය ප්ලාස්ටික් අංශු - ප්ලාස්ටික් බෝතල්, ධීවර දැල්, ප්ලාස්ටික් මලු,   මෛක්රෝ වේව් උදුන් සඳහා සකස් කළ  උපකරණ ආදිය භාවිතයෙන් පසු, පරිසරයට එකතුවීමෙන්  ඒවායේ ස්වාභාවික ක්ෂයවීම සහ හායනය නිසා වෙන්වන  කොටස්  

මේ දෙවර්ගයම පාංශු  සහ ජලජ පරිසර වල එකතු වන අතර ක්ෂුද් ප්ලාස්ටික් අංශු වාතයේද  විසිරී පවතී.  

 

ප්ලාස්ටික් පරිසරයට එකතු වන්නේ කෙසේද ? 

 

ඔබ  ‘අම්ල වැසිගැන දැනුවත් වී ඇතැයි  සිතිය හැකිය. වායු  ගෝලයේ ඇති සල්ෆර් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ට්ර්යිඔක්සහිඩ්   වායු සාන්ද්රණය, අසාමාන් ලෙසින් වැඩිවූ විට, එම වායු  වර්ෂා ජලයේ දියවී එහි pH අගය අඩු විම නිසා ආම්ලික ස්වභාවයක් ගනී. මෙසේ ආම්ලිකවූ ජලය පොළොවට වැටෙනුයේ අම්ල වැස්සක් ලෙසටය. මේ ආකාරයටම ක්ෂුද් ප්ලාස්ටික් අධික ලෙස වායු ගෝලයට එකතුවීම නිසා නුදුරු අනාගතයේදී පෘථිවි තලය මතප්ලාස්ටික් වර්ෂාපතිත වීමද සාමාන් සංසිද්ධියක් බවට පත්වීමට බොහෝ ඉඩකඩ තිබේ.

 

ප්ලාස්ටික් පරිසර දූෂණය අද මුළු ලොවටම  තදින් බලපානු ලබන උග් ගැටලුවක් බවට පත්වෙමින් තිබේ. අපද්රව් කළමනාකරණය සඳහා ඉතා කාර්යක්ෂම ක්රමවේද භාවිත නොවන ආසියානු සහ අප්රිකානු මහාද්වීපවල  සංවර්ධනය වෙමින් පවතින රටවල, ඉවත දැමෙන ප්ලාස්ටික් නිෂ්පාදනය කෙතරම් විශාල වීද යත්, ඉවත දමන එම අපද්රව් පාලනය  කිරීම අබිබවා ගොස් ප්ලාස්ටික් කඳු ගොඩ නැගෙමින් තිබේ

 

පරිසරය සමස්තයක් වශයෙන් ගත් විට, එහි ඉවතලෙස නම් කළහැකි කිසිම ඉඩකඩක් නොමැතිය. මේ නිසා අපද්රව් කළමනාකරණයේදී  කළ යුතු හොඳම ප්රතිකර්මය ඉවත දැමීම නොව ප්රතිචක්රීකරණයයි. භාවිතය අවසන් වන ප්ලාස්ටික් කසලවල, විවිධ රසායන ද්රව් සහ  දෘඪතාවය සඳහා මිශ් කරනු ලබන  වෙනත්  ද්රව්යද අඩංගු වේ. මේ නිසා ප්ලාස්ටික්  භාණ්ඩ  විවිධ සංයුති  ස්වරූප දසදහස් ගණනකින් යුක්ත  වේ. මෙම හේතුව නිසා, සියල්ල ප්රතිචක්රීකරණ ක්රමවේද  මගින්  පමණක් මනා කළමණාකරණයකට යොමු  කිරීම  සඳහා සුදුසු එකම පිළිවෙතක් අනුගමනය කිරීමද කළ නොහැකිය. මෙය අති මහත් කළමනාකරණ ගැටළුවකි

 

පෙට්රෝලියම් වැනි ෆොසිල ඉන්ධන ආශ්රීතව ප්ලාස්ටික් නිෂ්පාදනය ආරම්භ කර, ශත වර්ෂයකට වඩා වැඩි කාලයක් ගතවී නොමැත. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය පැවති  කාලයෙන් පසු ආරම්භ වූ නුතන  මිනිස් ජීවන රටාව අනුව, ප්ලාස්ටික් ද්රව් රහිත ජීවත් වීමක් ගැන සිතීමටවත් නොහැකි තරමට ඒවා මිනිස් ක්රියාකාරකම් සමග තදින් බැඳී පවතින බව නොරහසකි. ලෝක ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් 40% පමණ එක්  වරක් පමණක් භාවිත කර අත්හැර දමන, ආයු  කාලය මිනිත්තු කිහිපයක් පමණක් වන ඇසුරුම් හෝසිලි සිලි බෑග්වීමද   තවත් ගැටළුවකි. එහෙත් මේවා වසර ගණනාවක් දිරාපත් නොවී පරිසරයේ රැඳී සිටී.


https://lh5.googleusercontent.com/PkBAWSQ_0ukUcqTiRgdhzeVqrLkosUyoC2OYDRE5K9R5RA9YQddGtGtg19xWG6T_ub3c-c-ejPBmnKi7i6eY1AYqHCYqWLGU80dAgLQxQBFHSz5szIHLbO79DT9Ky4Kxa2FX2_yZ

  එතිලීන්මොනොමරයෙන්පොලිඑතිලින්පොලිමරය සෑදෙන ආකාරය 

 

අප නිරතුරුවම භාවිත කරනසිලි සිලි බෑග්හෝ shopping bag යන නමින් හඳුන්වන මලු විශේෂයේ රසායන විද්යාත්මක නාමය පොලිඑතිලීන්යඑම නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ සාමාන් උෂ්ණත්වයේදී වායුවක් ලෙස පවතින එතිලීන් (CH2 =  CH2) හයිඩ්රෝකාබනයයි. මෙම සංයෝගය මොනොමරයකි (monomer). මෙවැනි සරල එතිලීන් අණු  ලක්ෂ සංඛ්යාත ගණනක් රසායනිකව එකට බැඳ එකතු කිරීමෙන් පොලිඑතිලීන් නිෂ්පාදනය කෙරේ. ඉහත සටහනෙහි දැක්වෙනුයේ එතිලීන් අණු  විශාල සංඛ්යාවක් එකට බැඳීම මගින් අති විශාල දාමයක් සහිත පොලිඑතිලීන් අණුවක් සෑදෙන ආකාරයයි. මෙය පොලිඑතිලීන් පොලිමරයකි (polymer). මෙහි එතිලීන් (CH2 =  CH2අණු n = 105 ක්       නැතහොත් අණු 100,000 ක්  පමණ එකට බැඳී තිබේ. මෙවැනි ප්ලාස්ටික් වර්ගයක් වුවද ස්වාභාවිකව දිරාපත් වීම සඳහා වසර සිය ගණනක් ගත විය හැකිය.

 

ලොව මෙතෙක් නිෂ්පාදනය කර තිබෙන සියලුම ප්ලාස්ටික් භාණ්ඩ, උපකරණ සහ මෙවලම් ආදියෙන් හරි අඩක් පමණ නිෂ්පාදනය කර තිබෙන්නේ පසුගිය වසර 15 තුළදීය.       

Science News සඟරාවේ පළකර තිබූ ලිපියකට අනුව 1950 වර්ෂයේදී ගෝලීය ප්ලාස්ටික්  නිෂ්පාදනය  ටොන් මිලියන 2.3 ක් වූ අතර, 2015 වසරේදී වාර්ෂික නිෂ්පාදනය ටොන් මිලියන 448 ක් වී තිබේ.   ලෝකයේ මෙම නිෂ්පාදන ධාරිතාව 2050 වන විට මෙය මෙන්  දෙගුණයක් වියහැකි  බවට පෙරැයීමක්ද කර තිබේ.

 

සෑම වසරකදීම මෙම  ප්ලාස්ටික් තොගයෙන් ටොන් මිලියන අටක් පමණ මහා සාගරයට එකතු වන බවටද ගණන් බලා තිබේ. මෙසේ කසල ලෙස එකතුවන විවිධ ප්ලාස්ටික් ද්රව් එකිනෙකට වෙනස් දැඩි බවකින් යුක්තවේ. මෙයින් සමහර ද්රව් ස්වාභාවිකව දිරා යාම පිණිස වසර 400 පමණ ගතවන බවද නිගමනය කර ඇත.

 

  ප්ලාස්ටික් ලොව පුරා විසිරීම 

 

පරිසරයේඉවතයනුවෙන් ස්ථානයක් නොමැති වුවත් මිනිසා ජන්මයෙන්ම හුරු පුරුදු වී සිටිනුයේ තමන්  විසින් භාවිත කර ඉතිරිවන  දේකසලලෙස සැලකීමටය. මෙම කසල බොහෝවිට නතර වනුයේ පොළොවේ භුමිය   මත වේ. මෙයින් වැඩි කොටසක් ගංගා, ඇළ, දොළ සහ වෙනත්  ජල මාර්ග ඔස්සේ ගොස් අවසානයේදී සාගරයට එකතුවේ. බොහෝ විට මුහුදු වෙරළෙහි දකින්නට ලැබෙන මෙම අපද්රව් සාගර දියවැල් වලට හසුවී දියඹට සේන්දු වී වෙනත්  ප්රදේශ වලටද සංක්රමණය වේ. ඉහත දක්වන ලද සඟරාවේ පළවූ පර්යේෂණ වාර්තාවක් මේ සම්බන්ධ කදිම උදාහරණයක් ගෙනහැර දක්වයි

 

මේ තොරතුර ලැබෙනුයේ, නවසීලන්තය සහ චිලි රාජ්යය අතර හරිමැද පිහිටා තිබෙන ජනශුන් ඉතා කුඩා හෙන්ඩර්සන්  දූපතෙනිඑම වාර්තාවට අනුව මෑතදී කර ඇති  අධ්යයනයකදී  හෙළිවී ඇති ආකාරයට, එම දුපතෙහි මුහුදු වෙරළේ  රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, දකුණු අප්රිකාව, ජපානය සහ චීනය යන රටවල නිෂ්පාදිත ප්ලාස්ටික් අපද්රව් හමුවී තිබේ. මහා සාගරය මැද හුදකලා වී ඇති ජනශුන් මෙවැනි  දූපතකට වුවද ප්ලාස්ටික් මෙසේ වින කටින්නේ නම් අනිකුත් රටවල් වල ඉරණම කෙබඳු විය හැකිද?  

 

                     https://lh3.googleusercontent.com/hiQxl0YannEkODMPR9uhYPit4AwxZjKTZPoDp5WABjwcaeOxjzXPTVokhAKObYmt-4peFQsd3HicXrN3Tc9gPb79PMkzm1nnnqXDghb3G3GKXFZyFzdFonTuzO2wDVE9p9uSHpqP                                                        ජනශුන් හුදකලාහෙන්ඩර්සන්දුපතේ මුහුදු වෙරළෙහි                                     ගොඩ ගැසී ඇති ප්ලාස්ටික් අපද්රව්  

 

සාගරයට පතිත වන විවිධ ප්ලාස්ටික් අපද්රව් හිරු එළිය, සුළඟ, රළ පහර වැනි හේතු නිසා ක්රමක්රමයෙන් කුඩා කැබලිවලට කැඩී බිඳී යාමට පටන් ගනී. මෙසේ කැඩී ගොස් හටගන්නා මිලිමීටර් පහකට වඩා  අඩු කොටස් ක්ෂුද් ප්ලාස්ටික් ලෙස ගිණිය හැකිය. මෙම අංශු සාගරයේ සෑම ජල මට්ටමකම පාහේ දකින්නට ලැබේ. එපමණක් නොව ගොඩ බිම වුවද, හිමාලය කඳු ශිඛර වලසිට, ලොව ගැඹුරුම සාගර පතුල වන වන මරිනා  අගාධය (Marina Trench) දක්වා  සෑම අස්සක් මුල්ලක් නොහැර මෙම ප්ලාස්ටික් අංශු තිබෙන බව අනාවරණය වී තිබේතවදුරටත්  කුඩා කැබලි වලට කැඩී  වෙන්වන මෙම අංශු ඉතා සියුම් කෙඳි වශයෙන් අපගේ  පානීය  ජලයේ සහ අප  ශ්වසනය  කරන වාතයේත් බහුලව සැරි සරමින් තිබෙන බව අධ්යයයන වලින් හෙළිවී ඇත

 

ප්ලාස්ටික් වලින් ජලජ සහ වන ජීවීන්ට සිදුවන හානි.

 

මිනිසාට මෙන්ම  වෙනත් ලක්ෂ සංඛ්යාත ජීවීන්ටද ප්ලාස්ටික් නිසා මරණයට පවා ගොදුරු වීමට සිදුවී තිබේ

https://lh5.googleusercontent.com/UbG-il-a9AqBnNW_IGhbzBUe4Z0UTeBfx_Mjs0Ro8x9CW_RrMiGhKB--II6PxotFNTaccXCwc2moPv1LZmJOt0pfY4JlXqAMeRqQYoYVv33FSUEzLBR5D458tuGpH3oIvYg3cgd1                                                                                                                   

  

                                        මුහුදේ පාවෙමින් තිබුණ    අත්වැස්මක්    මත්ස් උගුලක් වී  ඇති ආකාරය  

 

සාගරයේ මත්ස්යයින් සහ වෙනත් විවිධ සතුන්ද ජලාශ්රීත පක්ෂීන්ද බොහෝ විට මෙසේ පීඩා විඳිති. දැනට හඳුනාගෙන ඇති පරිදි, ජලජ ජීවී  විශේෂ 700 පමණ මෙම උවදුරට භාජන වී සිටිති. සියලුම මුහුදු පක්ෂී විශේෂ වල පාහේ සාමාජිකයෝ ප්ලාස්ටික් ගිල දමන බව නිරීක්ෂණය කර තිබේ

 

මත්ස්යයින්, ඉස්සන්, කකුළුවන් සහ මුහුදු බෙල්ලන් වැනි ජලජ විශේෂ සියයක පමණ ශරීර ව්යුහය තුළ ක්ෂුද් ප්ලාස්ටික් කෙඳි තිබෙන බව අනාවරණය වී තිබේ. මෙම සමුද් ජීවීන්ගේ මාංශය  මිනිසාගේ ප්රියතම ආහාරයක් නොවේද? මේ නිසා මිනිස් ශරීර පද්ධති වලටද ක්ෂුද් ප්ලාස්ටික් සංක්රමණය වීම කිසිසේත්  වැළක්විය නොහැකිය

https://lh4.googleusercontent.com/vtn5TzrKbZVgqwhXpmNyeRnjDcFtX2fSu_4-Fp_CUS6OeuCydIDGp5nPKHd2CtuXgMDGTVQod6DJrTo9DQLiq8akhZHs1EVfXABZsOt4e7GVpLvye5VOfmhxpx9Hyz6b8c2woz-k

                                     වෙරළ ආශ්රිතව ජිවත්වන පක්ෂියෙකුගේ කූඩුව අසල                                        ගොඩගැසී ඇති ප්ලාස්ටික් අපද්රව් කන්දක්  

 

අතහැර දමන ලද ප්ලාස්ටික් ධීවර ආම්පන්න, ප්ලාස්ටික් බෝතල් සහ ඇසුරුම් ද්රව් සමහර අවස්ථාවලදී ජලජ සතුන්ගේ උගුල් බවට පත්වේ. කුඩා මත්ස්යයින්ට අමතරව මේවායේ පැටලෙන සීල්, තල්මසුන් සහ කැස්බෑවන් වැනි විශාල සත්තු පවා බොහෝ විට නිරාහාරව මිය යති. තවත් සමහර අවස්ථාවලදී, ගිල දැමූ  ප්ලාස්ටික්  ද්රව් ආහාර මාර්ගයේ සිරවීම නිසා ආහාර ගැනීමට නොහැකිව මියයන ජලජ සතුන් ගැනද වාර්තා වී තිබේ.ගොඩබිම වනාන්තර වල ජීවත් වන, අලි ඇතුන්, ශීබ්රා, ජිරාෆ්, කොටින්, ඔටුවන්,ගවයන් සහ වෙනත් ක්ෂීරපායින්ද  ප්ලාස්ටික් ද්රව් ආහාරයට ගෙන තිබෙන බවත් සමහර අවස්ථා වලදී නිසාම ඔවුන් මරණයට පත්වී ඇති බවද ලෝකයේ බොහෝ රටවලින් හෙළිවී තිබේ

 

ක්ෂුද් ප්ලාස්ටික්සාගරයෙන් වායු ගෝලයට  

 

සාගරයට එකතුවන ප්ලාස්ටික් අපද්රව් ඉවත්කිරීම දුෂ්කර කාර්යයකි. වෙරළ ආසන්නයේ  සහ නොගැඹුරු මුහුදේ ගොඩගැසෙන ප්ලාස්ටික් යම්කිසි යාන්ත්රික ක්රමයකින් එකතු කර ගත හැකි වූවත්, දියඹේ  ජල මට්ටම් වල ඉල්පෙමින් පවතින ක්ෂුද් ප්ලාස්ටික් එසේ ඉවත් කළ නොහැකිය. ක්ෂුද් ප්ලාස්ටික් විසිරි යාම සම්බන්ධව The Proceedings of the National Academy of Sciences නම් ප්රකාශණයක පළකර තිබෙන තොරතුරකට අනුව, ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර ප්රදේශයේ වායු ගෝලයේ පමණක් එක්  වරකට ක්ෂුද් ප්ලාස්ටික් ටොන් 1100 ක් පමණ රැඳී තිබෙන බව, විද්යාත්මක ආදර්ශ (models) සහ ගණිත කර්ම උපයෝගී කර ගෙන ගණනය කර තිබේ.

 

මෙතරම් විශාල ක්ෂුද් ප්ලාස්ටික් ප්රමාණයක්  වාතයට එක්වන්නේ කෙසේදමේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම ප්රකාශණයට අනුව, මෙයින්  සැලකියයුතු  ප්රතිශතයක් වාතයට මුසු වනුයේ මහා සාගරයෙන් බව අනුමාන කරයි. ගංගා, ඇළ, දොළ ඔස්සේ මුහුදට පිවිසෙනු ලබන  ප්ලාස්ටික් බෑග්, ප්ලාස්ටික් වතුර බෝතල් ආදී ද්රව්  කල්යාමේදී  මිලි මීටර් පහකට වඩා කුඩා ක්ෂුද් අංශු බවට කැඩී  වෙන්වේ. ගෘහස්ත රෙදි සේදීමේ  යන්ත්  වලින් නික්මෙන අපද්රව් වල තිබෙන, රෙදිපිළි වලින් වෙන්වී යන ක්ෂුද් ප්ලාස්ටික් කෙඳි මෙන්ම වැසිකිලි, කැසිකිලි වලින් ගලායන අපද්රව් වලද අඩංගු විවිධ අද්රාව් කෙඳි වර්ගද ජලඅපවහන පද්ධති ඔස්සේ ගොස් අවසානයේදී මුහුදු ජලයට මිශ් වේ. දශක කිහිපයක් තිස්සේ පැවති  මෙම ක්රියාදාමයේ අහිතකර බව දැන් දැන් හෙළිදරව් වෙමින් තිබේ. මීට අමතරව නගරවල මළඅපවහන පද්ධති වල කිඳා බසින ගොහොරු මඩ (sludge) ඉඩම් ගොඩ කිරීමට  සහ කෘෂිකාර්මික කටයුතු වලදීද භාවිත කෙරේ. මේවායේ ඇති ක්ෂුද් ප්ලාස්ටික් කෙඳි විශාල වශයෙන් පසට එකතු වේවගාකටයුතු වලදී බිම් කෙටීම  හෝ  පස් පෙරලීම සිදු කරන විට පිටවන දුවිලි සමගද ක්ෂුද් ප්ලාස්ටික් අංශු වාතයට එකතුවේ

 

මිනිසා විසින් ස්වකීය අවශ්යතාවයන් සඳහා නිෂ්පාදනය කරනු ලබන ප්ලාස්ටික් වල අවසාන ඵලය වන ක්ෂුද් ප්ලාස්ටික් මේ ආකාරයට නිරතුරුවම සාගරයට එකතුවීම නිසා, සාගරයේ ඒවා දරාගැනීමේ උපරිම හැකියාව, මේ වන විට ඉක්ම යමින් පවතී. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ  කොර්නෙල් විශ්ව විද්යාලයයේනැතලි මාවෝල්ඩ්  විද්යාඥවරිය  ඉතා වැදගත් කරුණක් මෙසේ හෙළිදරව් කර තිබේ.

 

ක්ෂුද් ප්ලාස්ටික්, වෙනත් ප්ලාස්ටික් අපද්රව් මෙන් වෙරළට ගොඩ නොගැසේ. රළ පහර සහ හමායන සුළඟ නිසා, ක්ෂුද් ප්ලාස්ටික් අංශු අන්තර්ගත මුහුදු ජලයජල බිඳිති ලෙස  වාතයට මුසුවේ.මෙම බිදිති වල ඇති ජලය වාෂ්ප වී ගිය පසු, ක්ෂුද් ප්ලාස්ටික් අංශු වාතයේ ඉතිරි වේ. සුළඟත්   වාතයේ සංවහන ධාරාත්  ඔස්සේ විසිරි යන මෙම ක්ෂුද් ප්ලාස්ටික්  අංශු, ගොඩබිම සහ සාගර සිමා මායිම් ඉක්මවා ගොස් වායු ගෝලය පුරා පැතිරී යයි. දින කිහිපයක් වාතයේ රැඳී පවතින මෙම අංශු ක්ෂුද් ප්ලාස්ටික් වර්ෂා ලෙස නිරතුරුවම පෘථිවි තලය මත පතිත වෙමින් තිබේ. වරක් ගොඩබිම සිට මුහුදට සංක්රමණය වූ ප්ලාස්ටික්, එහිදී ක්ෂුද් ප්ලාස්ටික් බවට පරිවර්තනය වී, වාතයට මුසුවී නැවතත් පොළොවටම පතිත වීම අනාගත මහා ව්යසනයක පෙර නිමිත්තක් ලෙස සැලකිය හැකිය. මෙම නිරීක්ෂණ වලට අනුව, පෘථිවි භුමිය, සාගරයෙන් ක්ෂුද් ප්ලාස්ටික් අපනයනය කිරීමේ නියෝජිතායතනයක් ලෙස නම් කිරීමද නිවැරදිය.”                                                                                                                                                    වාතයේ අන්තර්ගත ක්ෂුද් ප්ලාස්ටික් සම්බන්ධයෙන් කරන ලද ඉහත සඳහන් කළ පර්යේෂණ වලින් අනාවරණය කර ඇති ආකාරයට සාගරයෙන් වායු ගෝලයට එකතු වනුයේ, සමස්ත ක්ෂුද් ප්ලාස්ටික් ප්රමාණයෙන් 11-16% පමණක් බව නිගමනය කර තිබේ. එසේ නම් ඉතිරි ප්රමාණය වාතයට මුසු වන්නේ කෙසේදමෙයින් වැඩි කොටසක් හටගන්නේ නාගරීකරණය, ප්රවාහන කටයුතු වැනි වත්මන් සංවර්ධන