Saturday 25 November 2023

තේ කෝප්පයක් තුලින් ‘දෙවියන්’ දැක්කෙමු.

 දැනට දශක හයකට පමණ පෙර අප අපොස සාමාන්‍ය පෙළ (ඒ කාලයේ s.s.c) පන්තියේ ඉගෙන ගනිද්දී සිංහල උගන්වන්නට ඉතා දක්ෂ ගුරු මහතෙකු  සිටියේය. කතෝලික භක්තිකයෙකු වූ ඔහු නමින් වර්ණකුලසුරිය සන්තියාගෝ තිසේරා විය. ඔහු නම ලිව්වේ වසන් තිසේරා කියාය. ගම හලාවත, කාක්කපල්ලිය  විය.    අප බොහෝ දෙනෙකුට, ඔහු නිසාම සිංහල ප්‍රියතම විෂයය විය. මේ නිසාම අප කිහිප දෙනෙකු සිංහල සාහිත්‍යයද විභාග විෂයයක් ලෙස තෝරා ගතිමු.

ඒ කාලයේ සිංහල විභාග ප්‍රශ්න පත්‍රයේ ඉංග්‍රීසි පාඨයක් සිංහලට පරිවර්තනය කිරීමටත් සිංහල පාඨයක් ඉංග්‍රීසියට පරිවර් තනය කිරීමටත් තිබුණි. මෙම ප‍රිවර් තන සඳහා මට විශේෂ දක්ෂ කමක්ද තිබූ බවද සඳහන් කළ හැකිය. පන්තියේ සිටි මගේ හිතවතෙක්, ඒ කාළේ  අපට පරිවර් තනය කරන්නට දුන් පාඨයක් ලිපි ගොණුවක තිබී හමුවී කෞතුක ලියවිල්ලක් ලෙස මෑතදී මට එවා තිබුණි. එය නම්කර තිබුණේ “Welcome cup of Tea... a touching true story…” ලෙසටය.


එම ලිපිය මට ලැබුණු විගසම පාසැල් කාලයේදී කරනලද එම කටයුත්ත නැවත කරන්නට සිතුවිල්ලක් පහල විය. එහෙත් කලින් කරනලද පරිවර් තනය ළඟ නොතිබුණු නිසා එය ලහි ලහියේ නැවත සිංහලට නැගුවෙමි. එය ළඟ තිබුණානම් එදා සහ  අද භාෂාව හැසිරවීමේ වෙනසක් තිබේද යන්න   සංසන්දනයක් මගින්  දැක ගන්නට  තිබුණි.


ඉංග්‍රීසි ලිපිය සිංහලට පරිවර් තනය කළේ එයට  අලුතින් මාතෘකාවක්ද එකතු  කිරීමෙණි.    


ඉංග්‍රීසියෙන් ලැබුණු කතන්දරය මෙසේය 

Welcome cup of Tea... a touching true story...
 
A group of 15 soldiers led by a Major were on their way to the post in the Himalayas where they would be deployed for the next 3 months.
The batch who would be relieved waited anxiously.
It was a cold winter and intermittent snowfall made the treacherous limb more difficult.
If someone could offer a cup of tea. .
the Major thought, knowing it was a futile wish..
They continued for an hour before they came across a dilapidated structure, which looked like a tea shop but locked. It was late in the night.
"No tea boys, bad luck", said the Major. But he suggested all take some rest there as they have been walking for 3 hours.
"Sir, this is a tea shop and we can make tea... We will have to break the lock", suggested one soldier.
The officer was in great dilemma over the unethical suggestion but the thought of a steaming cup of tea for the tired soldiers made him give the permission.
They were in luck, the place had everything needed to make tea and also packets of biscuits.
The soldiers had tea biscuits and were ready for the remaining journey.
The Major thought they had broken open the lock and had tea biscuits without the permission of the owner. They're not a band of thieves but disciplined soldiers.
He took out a Rs1000/- note from his wallet, placed it on the counter, pressed it under sugar container, so that the owner could see.
The officer was now relieved of his guilt.
He ordered the shutter down and to proceed.
Three months passed, they continued to do gallantly in their works and were lucky not to loose anyone from the group in the intense insurgency situation.
It was time for another team to replace them.
Soon they were on their way back and stopped at the same tea shop which was open and owner was present in the shop.
The owner, an old man with meager resources, was very happy to greet 15 customers.
All of them had tea and biscuits.
They talked to the old man about his life and experience, especially selling tea at such a remote place.
The old man had many stories to tell, replete with his faith in God.
"Oh, Baba, if God is there, why should He keep you in such poverty ?", commented one of them.
"Do not say that Sahib ! God actually is there, I got proof.
3 months ago."
"I was going through very tough times because my only son had been severely beaten by terrorist who wanted some information from him which he did not have.
I had closed my shop to take my son to hospital. Some medicines were to be purchased and I had no money.
No one would give me loan for fear of the terrorists. 

There was no hope, Sahib".
"And that day Sahib, I prayed to God for help. And Sahib, God walked into my shop that day."
"When I returned to my shop, I found lock broken,
I felt I was finished,
I lost whatever little I had.
But
then I saw that God had left Rs 1000/= under the sugar pot.
I can't tell you Sahib what that money was worth that day.
God exists Sahib. He does."
The faith in his eyes was unflinching.
Fifteen pairs of eyes met the eyes of the officer and read the order in his eyes clear and unambiguous, "Keep quiet".
The officer got up and paid the bill.
He hugged the old man and said, "Yes Baba, I know God does exist.And yes, the tea was wonderful."
The 15 pairs of eyes did not miss to notice the moisture building up in the eyes of their officer, a rare sight.

The truth is

"YOU" can be God to anyone.


"තේ කෝප්පයක් තුලින් ‘දෙවියන්’  දැක්කෙමු....."

ත්‍රස්තවාදී  යුද බිමක් ව පැවතුනු, හිමාල පර් වතය ආසන්නයේ පිහිටි අති දුෂ්කර යුද කඳවුරක තුන් මසක සේවය සඳහා යාමට මේජර් වරයෙකු ඈතුලු පසළොස් දෙනෙකුගෙන් යුක්ත හමුදා ඛණ්ඩයකට අණ ලැබිණ.


කලින් තුන් මස සේවය අවසන් කළ හමුදා ඛණ්ඩය, නව කණ්ඩායම එනතුරු පුලපුලා බලා සිටියහ.


එය ශීත ඍතුව වූ අතර, හිම පතනය, අධික වර් ෂාව, ඇඟ කිළිපොලා යන දැඩි සීතල  සහ චණ්ඩ මාරුතය නිසා කඳු ශිඛර තරණය කිරීම මහත් අපහසුවක් විය.


කවුරුන් හෝ අපට උණු තේ කෝප්පයක් දෙතොත් කෙතරම් අගේද?’ මේජර් වරයාට සිතිණ. එහෙත් එය නිෂ්ඵල සිතිවිල්ලක් බව වැටහුණු ඔහු එම අදහස අත්හැර දැමීය.

තවත් පැයක් පමණ කඳු බැවුම් ඔස්සේ ගමන් කළ ඔවුනට අඩි පාර ආසන්නයේ තිබුණු ගරා වැටී ගිය කඩයක් වැනි කුඩා මඩුවක් දකින්නට ලැබිණ. එහි කිසිවෙක් නොසිටි අතර අබලන් දොර ඉබ්බෙක් දමා වසා තිබිණ.

ඒ වන විට මැදියම් රැයට ආසන්න බව ඔවුනට දැනුණි.


කොල්ලනි, කඩය වසා තිබේ. තේ කෝප්පයක්‌ බීමට වාසනාව නැහැයි    කී මේජර් වරයා, ඒ වන විට හෝරා තුනක් පමණ පා ගමනේ යෙදී සිටි සෙබලුන්ට එම ස්ථානයේ  ටික වෙලාවක් නතර වී විවේක ගන්නා  ලෙස අණ කළේය.


සර් මේක තේ කඩයක් නේ. අපට තේ සාදා ගන්නට පුළුවනි. ඉබ්බා කඩා ඇතුල් වෙමුද?’ එක් සෙබළෙක්‌ යෝජනා කළා


මෙම, හමුදා විනයට  විරෝධී යෝජනාව පිළිබඳව මේජර් වරයා මහත් වික්ෂිප්ත භාවයට පත්වුවත් තද මහන්සිය දුරු කරන, දුම් දමමින් රස නහර පිනායන, ඉමිහිරි තේ කෝප්පයක ආස්වාදය ක්ෂණයකින් මෙනෙහි කළ ඔහු සෙබලාගේ යෝජනාවට අකමැත්තෙන් එකඟ වී, එයට අවසර දුනි.


දොර විවෘත කරගත් පසු ඔවුන් තරමක් වාසනාවන්ත බව පෙනුනි. තේ සාදා ගැනීමට අවශ්‍ය සියලු දේ සහ බිස්කට් ද එහි තිබිණ.


ඔව්හු බිස්කට් කා තේ බී, ආපසු ගමනෙහි  ඉතිරි කොටසට සුදානම් වුහ.

මඳක් නතරවූ මේජර් වරයා දොර කඩා විවෘත කර ඇතුල් වී, බිස්කට්ද කා තේ බිව් අප සියලු දෙනා.  සොරු  නොවෙති. මනා හික්මීමක් සහිත නීති ගරුක සොල්දාදුවෝයයනුවෙන් මොහොතක් කල්පනා කළේය. වහාම තම පසුම්බිය විවෘත කර රුපියල් දහසක නෝට්ටුවක් පිටතට ගෙන මේසය මත තබා, අයිති කරුට පෙනෙන ලෙස,  හිස් සීනි බඳුන අඩයක් ලෙස ඒ මත තැබීය.


මේ මගින් නායකයා තම හිසෙහි තිබුණු වැරැද්දක් කළේයයි හැගීමේ බරසැහැල්ලු කර ගත්තේය.

ඔහු, තේ කඩයෙහි දොර වසා ආපසු ගමන් අරඹන ලෙස පිරිසට අණ දුන්නේය.


ඔව්හු ඉදිරි තුන් මස කැරලි කරුවන්ගේ දහසක් කරදර මධ්‍යයේ තම සේවය හෘදයංගමව අවසන් කර කිසිවෙකුට අන්තරාවක් නොමැතිව ආපසු ඒමට පටන් ගත්හ.

ඔවුන් වෙනුවට තවත් කණ්ඩායමක් ඒමට නියමිතය.


ටික වෙලාවකින් ඔව්හු සුපුරුදු තේ කඩය අසලට පැමිණ නතර වූහ. එය විවෘත කර තිබිණ. එහි අයිතිකරු වූ අහිංසක පෙනුමකින් යුත් වයෝවෘධ මිනිසා, තේ බීමට පැමිණි, පසළොස් දෙනෙකුගෙන් යුක්ත එම පිරිස සාදරයෙන් පිළිගත්තේය.


ඔවුන් සියලු දෙනාම බිස්කට් කා තේ පානය කළහ.

ඔව්හු  මහලු මිනිසා සමග බොහෝ දේ කතා කළහ. විශේෂයෙන්ම, එම දූෂ්කර ඈත පරිසරයේ, යුද ගිනි සහ ත්‍රස්තවාදී කරදර මැද තේ සැපයීම පිළිබඳවද කතා කිරීමට අමතක නොකළහ.

මහල්ලාටද කතා කිරීමට බොහෝ දේ තිබුණු අතර, ‘දෙවියන්ගැන ඔහුගේ භක්තියද නොවළහා ප්‍රකාශ කළේය.


දෙවියන්සිටී නම් ඔහු විසින්, ඔබ ඔතරම් දුක්ඛිත තත්වයක තබා සිටින්නේ ඇයිදැයි එක් සෙබළෙක්‌ ප්‍රශ්න කළේය.


දැන උගත් මහත්මයාණෙනි, එහෙම කියන්නට එපා. හරියටම මාස තුනකට ඉහතදී දෙවියන් මා සමග සිටින බව ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වූවා.

ඒ දිනවල මගේ එකම පුතා, කැරලි කරුවන්ගේ ප්‍රහාරයකට ලක් උනා. ඔහු නොදන්නා තොරතුරක්‌ අසා, එය නොලැබුණු බැවින්, ඔහුට තදබල ලෙස තලා පෙළා පහර දුන්නා. ම්හු රෝහලට ගෙන යාම සඳහා, මට කඩය වසා දැමීමටත් සිදු උනා. ඔහු සඳහා බෙහෙත් මිලදී ගැනීමට මා ළඟ කිසිම මුදලක් තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ට බියෙන් කිසිවෙකු මට මුදල් ණයට දුන්නෙත් නැහැ.

මම එදා හරිම අසරණ උනා, මහත්වරුනි’.

මා දෙවියන් යැද මට උපකාර කරන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියා.

විශ්වාස කරන්න මහත්වරුනි. එදින දෙවියන් මගේ කඩයට වැඩම කර  තිබෙනවා

පසුදින මා  ආපසු කඩයට එනවිට දොරෙහි ඉබ්බා කඩා තිබෙනු දුටුවා.

මගේ සේසතම අවසානයයි මට සිතුනා.

එසේ වූවත්.......

එවලේම මා දුටුවා. සීනි බඳුන යට දෙවියන්විසින් රුපියල් දහසක නෝට්ටුවක් තබා තිබෙන බව!.


එදින ලැබුණු එම මුදල් නෝට්ටුවේ වටිනාකම මට මෙතෙකැයි කියා නිම කරන්නට බැහැ. දෙවියන් ජීවමානව සිටිනවා මහත්වරුනි.


වයෝවෘද්ධයාදෙවියන් කෙරෙහි පවතින භක්තිය ඔහුගේ දෑසින් මනාව පිළිබිඹු විය.

සෙබළුන්ගේ ඇස් යුගල පසළොසක් එක්වරටම මේජර් වරයාගේ දෙනෙත් දෙසට යොමු විය. ඒ දෙනෙත් වලින් ඔවුනට දෙනලද නිහඬ වනු! යන නියෝගය ඔවුන් සියලු  දෙනාම වහාම තේරුම ගත්හ.


නායකයා නැගිට තේ සහ බිස්කට් වල ගාස්තුව ගෙවා දැම්මෙය.


ඔහු ඒ සමගම මහලු මිනිසා වැළඳගෙන “ත්තකයි. දෙවියන්සිටිනවා. ඔබගේ තේ වල පුදුමාකාර රසයක් තිබෙනවායයි කීවේය.


තුෂ්නිම්භූතව, අයා ගත් ඇස් යුගල පසළොසට, තම නායකයාගේ නෙත් අග කඳුළු බිඳු හටගනු දකින්නට ලැබිණ.


මෙය ඔවුන් දුටු ඉතාමත් විරල දසුනකි.


ඔබට’ ඕනෑම තැනකදී  ‘දෙවියෙකු’ විය හැකිය 

  

මේ සමගම මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර් විසින් 'දෙවියන්' සිටින තැන් ගැන ලියන ලද කවි පෙළක කොටසක්ද මතක් විය. එයද මෙහි සටහන් කරමි.

He is there, where the tiller is tilling the hard    

Ground and where the path maker is breaking stones.   

He is with them, in sun and in shower and his 

Garment is covered with dust. 


28 comments:

  1. Replies
    1. නවීන්, ගොඩවැදුනාට ස්තුතියි.

      Delete
  2. වැටෙන අව්ව මහ වැස්සේ දැනෙන ඇතිතුරූ
    යනෙන මගේ වතුපිටිවල පෙනෙන නිරතුරූ
    කරන ක්‍රියා අනුවම එලි දිලෙන නෙකතරූ
    හැඳින ගනිමු අප අතරෙම රැඳෙයි දෙවිවරූ...

    අපූරුයි සටහන.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දෙව්ලොව සිටින දෙවිවරු හරි බල ලෝබයි.
      අල්ලස මිසක වෙන කිසිවක් ගැන නොතකයි
      මනුලොව සිටින අයටත් එය හොඳට හුරුයි
      ඉඳ හිට සිටිය මනු දෙවිවරු හරිම හිඟයි.


      Delete
  3. ඉතා අඟනා පරිවර්තනයක්.. හිමාල කන්දේ තස්ත්‍රවාදී කටයුතු සිදුවෙන බව මුල් ලියැවිල්ලේ නැතත් ඔබ එය අන්තර්ගත කිරීමෙන් අදාල පරිච්චේදයට වැඩි තේරුමක් ලබා දුන්නා කියලා මට හිතෙනවා, වචනයෙන් වචනය පරිවර්තනය කරනවට වැඩිය , තේරුමක් දෙන විදියට අන්තර්ගතය ඉදිරිපත් කිරීම තමයි විය යුත්තේ. - මයියා http://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මයියා.
      මට මතක හැටියට මේ කියන කාලයේ ඉන්දු - චීන දේශසීමාවේ යුද කලබල තිබුණු කාලයක් බව ගුරුතුමා අපට පැහැදිලි කරා. කතන්දරයේ වස්තු බීජය ලෙස මෙම සිද්ධියද ඇතුලත් කරන ලෙස අපට උපදෙස් ලැබෙන්නට ඇති.

      Delete
  4. ප්‍රකට තේමාවක් වුවත් අපූරු කතාවක්!

    ReplyDelete
  5. ලස්සන පරිවර්තනයක්

    ReplyDelete
    Replies

    1. ස්තුතියි Pathum ,
      ඔබගේ ධනාත්මක කොමෙන්ටුව අගය කරමි. නැවත හමුවෙමු.

      Delete
  6. කතාව බොහොම ආසාවෙන් කියෙව්වා.ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත්,
      අප පාසැල් ගිය කාලයේ ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසි වුවත්, සිංහල සඳහා විශේෂ තැනක් තිබුණා. මා ඉගෙනීම ලැබුවේ මතුගම කන්නන්ගර මධ්‍ය වදාලයයේ. එකල මතුගම මන්ත්‍රී වරයාව සිටි, අධ්‍යාපන ඇමති ආචාර්ය C. W. W. කන්නන්ගර මැති තුමාගේ මුල්ම මධ්‍ය විද්‍යාල කිහිපයෙන් එකක් වන මතුගම මධ්‍ය විද්‍යාලයට හොඳම ගුරුවරු ලබාදුන්නා. අපට ඒ හොඳ ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීමට වාසනාව ලැබුණා.

      Delete
  7. සුවඳවත් කතාවක්. දෙවියෝ ඉන්නේ අප අතරමයි කියන එකට හොඳ උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්,
      "දෙවියන්" වශයෙන් හඳුනාගත හැකි ඉතා සුළු පිරිසක් හෝ තවමත් අප සමාජයේ සිටින බව හුවා දැක්වීම සඳහායි මා මේ සටහන තැබුවේ. ඒ උනත් අද අපගේ පාසල් දරුවෝ, ඒ "උත්තරීතර මැති සබය" යයි කියා ගන්නා කෝලම් මඩුවේ විකාර දකින විට, ඉමහත් අසරණ භාවයකට පත් වෙනවා ඇති. ඔවුන්ට 'දෙවියන්' කෙසේ වෙතත් තම අනාගතය ගැනවත් තිරසාර බවක් ගැන සිහින මවා ගැනීමටවත් නොහැකි බවයි දකින්නට ඇත්තේ.

      Delete
    2. ඒකනම් කණගාටුවට කරුණක් තමා. නමුත් ඉතින් මහජනයමනේ ඒ තොර ගැනීම් කරන්නෙත්.

      Delete
  8. ඉතාමත් සුන්දර කථාවක්! අධ්‍යාපනයට අනභිබවනීය සේවයක් කල එතුමාව ඡන්ද දායකයින් පැරැද්දුවානේද?

    ReplyDelete
    Replies
    1. ඉතාමත් ස්තුතියි,
      සාමාන්‍ය පෙළ මට්ටමේදී වුවත් අපට ඒ කාලයේ ලැබුණු අධ්‍යාපනය ඉතාමත් ඉහල මට්ටමක තිබුණු බව දැන් හොඳට තේරෙනවා. කවුරු මොනවා කීවත්, ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ වැදගත් හර පද්ධතියක් තිබුණා. 'සිංහල පමණයි' කියා වෙනස කරද්දීත් 'ඉංග්‍රීසියට නිසි තැන දෙනවා' කියා ප්‍රකාශයට පත් කළ ත් පසුව බොහෝ අයට එය 'කඩුව' වූ නිසා භාෂාව අතපසු කළා. මේ නිසා ඉංග්‍රීසි උගත් පන්තියක් වෙනම බිහිවූවා.
      කන්නන්ගර මැතිතුමා විසින් කරන ලද අනභිබවනීය සේවය අමතක කළ ඡන්ද දායකයෝ එතුමා පරාජය කළත්, එතුමාගේ නිදහස් අධ්‍යාපනයෙන් වරම් ලැබූ එම ඡන්ද දායකයින්ගේ දරු මුණුපුරෝ අදත් ඉහළ තැන්වල වැජඹෙනවා.

      Delete
  9. අගනා පරිවර්තනයක් . වටිනා කථාවක්. අපට පෙනෙන විදිහට හෙල්මලී ට ඔබේ හැකියාව හොදින් පිහිටා තිබෙනවා . ඇගේ පරිවර්තන තුලින් අප එය දකිනවා. ඉස්සර Readers Digest Magazines තුලින් මෙවන් ලස්සන කථා කියවා තිබෙනවා. ඔබ සතුව ඒ පැරණි පිටපත් ඇත්නම් ඉඩ ලැබෙන පරිද්දෙන් මෙවන් පරිවර්තන කරන්න .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුරුද්ධ,
      අවුරුදු හත අටක් තිස්සේ මගේ Blog පිටුවේ නිරතුරුවම යමක් ලියමින් සිටියා. ඒ උනත් පසුගිය කාලයේ විශේෂයෙන්ම COVID19 වසංගතයත් සමග Blogs කියවන අය අඩුවී ගොස් පසුව නැත්තටම නැති වූවා. මේ නිසා ලිවීමේ උනන්දුවත් බෙහෙවින් තුනිවී ගියා. මෑතදී ආරම්භ කළ "ශනිදා රාත්‍රී 10 ට " උත්තේජකය නිසා යළිත් Blogs කියවීමේ උනන්දුවක් ඇතිවී තිබෙන බව පෙනෙනවා. මේ නිසා ඉඩකඩ ලැබෙන පරිදි යළිත් ලියනවා.
      මා යමක් ලිවිම සඳහා උනන්දු කරවූයේත් හෙල්මලී දියණියයි. ඇය දැනටමත් පරිවර් තන කටයුතු වල බොහෝ ඉදිරියෙන් සිටිනවා.

      Delete
  10. අමනයින් දිගින් දිගටම රැවටෙන දෙයියා මිත්‍යාව!!!

    ReplyDelete
    Replies
    1. /අමනයින් දිගින් දිගටම රැවටෙන 'දෙයියා' /
      කණගාටුයි පොට වරද්දා ගැනීම ගැන. ඔබ සඳහන් කර තිබෙන 'අමනයින්ගේ දෙයියා' ගැන මා කිසිදෙයක් කියා නැහැ. ඔබ මෙන්ම මාද දේව විශ්වාස වැනි පදනම් රහිත දේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මෙහිදී මා බලාපොරොත්තු වුයේ හමුදා මේජර් වරයෙකු වැනි tough කෙනෙකුට වුවද අසරණයෙකුගේ දුක දැක අනුකම්පාවක් ඇතිවන බව. ඒ නිසා විය හැකියි ඔහුගේ නෙත් වලට කඳුළු ඉනුවේ. මගේ සටහන අවසානයේ මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර් විසින් 'දෙවියන්' සිටින තැන් ගැන ලියන ලද කවි පෙළක කොටසක්ද ඇතුළත් කළේ, 'දෙවියන්' සිටින්නේ ජීවිකාව සඳහා ඩහදිය වගුරුවන දුගී ජනතාවගේ හදවත් වල පමණක් බව තවදුරටත් තහවුරු කිරීම සඳහායි.

      Delete
    2. මගේ ප්‍රතිචාරය තේකඩ හිමියා සහ එවැනි වෙනත් මෝඩ මිනිසුන් ගැනයි. මෝඩ නැතිනම්, මුදල් නෝට්ටුවක් ඉබේ පහළ වේ යැයි සිතන්නේ කවුද?

      තාගෝර්ගේ ඒ කවියෙන් තමයි මං හිතන්නේ ටී එම් ජයරත්න ගයන "අඳුරු කුටිය තුළ දොරගුළු ලා ගෙන" ගීතය ලියා තියෙන්නේ

      He is there, where the tiller is tilling the hard
      Ground and where the path maker is breaking stones.
      He is with them, in sun and in shower and his
      Garment is covered with dust.

      පොළොව කොටන තැන, පාර තනන තැන,
      ගිණියම් වැස්සේ, මහ වරුසාවේ
      දෙවියෝ වැඩ ඉන්නේ

      Delete
    3. This is Tagore's poem.

      Leave this chanting and singing and telling of beads!
      Whom dost thou worship in this lonely dark corner of a temple with doors all shut?
      Open thine eyes and see thy God is not before thee!

      He is there where the tiller is tilling the hard ground and where the path-maker is breaking stones.
      He is with them in sun and in shower, and his garment is covered with dust.
      Put off thy holy mantle and even like him come down on the dusty soil!

      Deliverance? Where is this deliverance to be found?
      Our master himself has joyfully taken upon him the bonds of creation;
      he is bound with us all for ever.

      Come out of thy meditations and leave aside thy flowers and incense!
      What harm is there if thy clothes become tattered and stained? Meet him and stand by him in toil and in sweat of thy brow.

      ඔහු දෙයියා අදහන අයෙක් බව අවසන් කොටසින් කියවෙනවා නේද?

      මීට අමතරව අමරදේව ගයන "මාගේ දේශය අවදිකරනු මැන පියාණනී" ගීතය පදනම්ව ඇති තාගෝර් කවියේ ද ඒ පදයෙන් කියවෙන්නේ දෙයියා ගැනයි.

      Delete

  11. ස්තුතියි රසික,
    'දෙවියන් සිටින්නේ කොහිද?' යන්න ගැන තවත් තොරතුරු සැපයීම ගැනද මාගේ ප්‍රණාමය.

    ReplyDelete