Monday 29 January 2018

වන විනාශය අභිමුඛයේ අසරණ වූ ගසක බැගෑපත් ඉල්ලීම.........


      රිසරය උණුසුම් වීමේ මහා ඛේදවාචකයට අපි මුහුණ දෙමින් සිටිමු. වනාන්තර විනාශය මෙම අභාග්‍ය සම්පන්න දේශගුණ විපර්යාසයට ප්‍රධානතම හේතුවක් බව පරිසර විද්‍යාඥයින් විසින් අනතුරු හැඟවීමක්ද කරණු ලැබ තිබේ. අලුතින් ගස් සිටුවීමේ මහා පරිමාණ ව්‍යාපෘති කොතෙක් දියත් කර තිබුණත් සමස්ත මිහිකතටම සිදුවෙමින් පවතින දුඃඛදායක අසාධාරණය එලෙසම පවතින බව පෙනේ.

වර්තමානයේදී, මිනිසාගේ පරිහරණය සඳහා අවශ්‍ය වන දැව, වන විනාශයක් නොකර විද්‍යාත්මක ක්‍රමවේද අනුව ලබාගැනීමට නව තාක්ෂණය ප්‍රායෝගිකව යොදවා තිබේ. එසේ තිබියදීත් මුදල් පසුපසම හඹායන අයගේ කෘරතර ක්‍රියාමාර්ගයන් නිසා වන විනාශය ශීග්‍රයෙන් සිදුවන බව පෙනේ.

මිනිසාගේ මෙම මානසික තත්ත්වය හොඳින් වටහාගත්  ගසක්‌, තම ඉරණම පිළිබඳව  හඬගා කරණ න බැගෑපත් ඉල්ලීමක් පිළිබඳව මා හට ලැබුණු කවි පෙළක් මෙසේ දක්වමි.

මෙය ස්පාඤ්ඤයේ ‘සෙවිල්’ (Seville) නම් කුඩා නගරයේ උද්‍යානයක තිබුණු විශාල ගසක ලීයෙන් කරන ලද පුවරුවක ප්‍රදර්ශනය කර තිබී ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබුණු කව් පෙළකි. එය  කවියෙන් කවිය සිංහලට පරිවර්තනය කර මෙසේ දක්වමි.

තම දුඃඛදායක ඉරණම හඬගා කිමට නොහැකි ගස වෙනුවෙන්, කවියා රුදුරු  මිනිසා ඇමතීමේදී කියනු ලබන කතා පුවත සිත සසල කරන්නකි. එම කතාපුවත ඇසීමෙන් පසුව, අදටත් නිරුපද්‍රිතව තිබෙන ලෝකප්‍රසිද්ධ පැරණි ශාක කිහිපයක් පිළිබඳවද , තොරතුරු ස්වල්පයක් මාගේ මීළඟ 'පෝස්ටුවෙන්' කියවා බලන්න.    



                                                        To  The Wayfarer 

                                                     " Ye who pass by and raise - 
                                                          Your hand against me 
                                                             Harken, and listen
                                                               Ere you harm me."  

                           මගියාණෙනි  !

   මා වනසන්නට මාන බලාගෙන  -   වටපිට බලමින් මහමග ගාටන                                                               මගියානෙනි, සැමටම පළමුව      -    අසනු මැනවි  මාගේ  වතගොත

       I am the heat of your hearth - In the cold dark nights
       The friendly shade, screening - You from scorching sun

   සීතල රෑ කළ සිසිර සමේ,   -  උදුනේ උණුසුම් සුවය මමයි.                                                                             ගිම්හානේ තද හිරු රැස් අවුරා,  -  ඔබට සරණ වන සිසිල මමයි.
    
       And my fruits  - are refreshing drafghts 
       Quenching your thirst - As you journey on      
          
  මහ දුර කතරක් ගෙවමින් ඇවිදින  -   ඔබහට, ඉමිහිරි පලවැල සපයා                                                            වෙහෙස පවස මගහැර දමමින්     -    ඔබ සනසන ඉටු දෙවිඳු  මමයි.

        I am   the beam of your house - The board of your table
       The bed, on which you lie - The timber that builds your boat 

  ඔබ නිවසෙහි යටලීය මමයි  -   ලීයෙන් නිමවූ මේසයෙ මතුපිට,                                                                  ඇඳ විට්ටම සහ ඔබගේ ඔරු කඳ  -  සියල්ල ඔබහට මාගේ තිලිණයි

        I am the handle of your hoe - The door of your homestead 
        The wood of your cradle  -  And the shell of your coffin

  උදැල්ලෙ ඔබගේ  මිට වන්නෙමි මම - නිවසේ දොර  මුරවකාවල් දීගෙන                                            ඔබේ තොටිල්ලේ සැකිල්ල වී සිට - මළ ගමෙහිද ඔබ නොහැර සිටින්නෙමි

         I am the bread of kindness - And the flower of beauty 
         Ye who pass by     -     Listen to my Prayer 
                                       Harm Me Not ! 

    කරුණාවේ උල්පත වූ මම  -  සුන්දර සුවඳැති මලක් වගේ වෙමි.                                                                  මා  පසුකර යන මිනිසුනි මේ මග,  -  බැගෑ සිතින් මම ඔබ සැම අමතමි
                        විපතක් නොකරනු සගයනි, මාහට !


12 comments:

  1. මාතෘකාවක් දාන්න අමතක උනාද, හිතලම දැම්මෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලප මල්ලි,
      මගේ මේ post එක දැමීමට සුදානම් වන විටම හදිසි වැඩකට යන්නට සිදු උනා. අන්තිම මොහොතේ නොදැනුවත්වම Publish එබුණා. වෙන කළහැකි කිසි දෙයක් නොතිබුණු නිසා ඔහේ තිබෙන්නට හැරියා. ආපසු බලන්නට ලැබුනේ පැය හත අටකට පස්සේ. ඒ අතරවාරයේදී ඔබ සහ තවත් 28 දෙනෙක් කියවලා තිබුනා. Comment එකක් දමා තිබුණේ ඔබ පමණයි.
      මේකට තව ටිකක් එකතු කරන්නට තිබෙනවා. දන් ඉතින් ඒ කොටස වෙන Post එකක් ලෙසට‍ ටිකක් විස්තර ඇතිව ලියනවා.
      සිදු උනේ අත් වැරද්දක්. මතු කිරීම ගැන නැවතත් ස්තුතියි.
      දැන් කියවා බලන්න. කියවූ සියලු දෙනාටත් ස්තුතියි.

      Delete
  2. ගහ කපන්න ගන්න පොරොවට මිට දෙන්නෙත් ගහක්ම තමයි. අගේ ඇති පද පෙළක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      ගස විසින්ම ලබාදුන් මිට, සවිකළ පොරොවෙන් ගස කපන මිනිසාට, එම ගස බිමට පතිත වන තුරු සෙවන සැපයීමටත් ගස කාරුණික වෙනවා....!

      Delete
  3. ඉඩක් ලැබුණු විටකදි ගස් සිටවන්න
    ගසක් හඩ නගා වැලපෙයි දැන ගන්න
    කවක් සොඳුරු ලෙස ගලපා ඇති මෙන්න
    ලොවක් වටින මේ අදහස් දැනගන්න....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,

      කල්යල් බලා වටිනා ගස් සිටුවී ම
      යුතුකම විය යුතුය. අද අප සැමගේ ම
      සිටුවන ගසක් හොඳහැටි වැඩෙනා තුරු ම
      රැක ගැනුමටත් මුල් විය යුතු අප අප ම

      ඔබට ජයම !

      Delete
  4. මිනිස්සුන්ගෙත් අගයක් නැති කාලේ ගහට කොලට මොන වටිනාකමක්ද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      බොහෝ මිනිසුන් තමන්ගේ 'අගය' වටහා ගෙන නොමැති නිසා නොයෙකුත් නොපනත් කම් කරන බව අපට නිරතුරුවම අසන්නට ලැබෙනවා.
      සමහර අවස්ථාවලදී මිනිසා, නොමිනිස් කම් නිසා තිරිසනුන්ටත් වඩා පහත් තත්ත්වයට වැටෙනවා. 'අගය' නැතිකර ගෙන තිබෙන්නේ මිනිසාම නේද? එසේ වුවත් සිත් පිත් නැතත් ජීවයක් ඇති ගස් වලින් උපරිම ඵල නොලබා විනාශ කිරීම තමා ගැටලුව. මෙහි අවසාන ප්‍රතිඵලය විය හැක්කේ මිනිස් සංහතියේම විනාශය නොවන්නේද?

      Delete
  5. ගසක් දෙස බලා, වනාන්තරයක් තුළ හිඳ, ලබාගත හැකි සිතේ සහණයට සම කළ හැකි අන් කිසිවක් නොමැත.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නුවන්,
      ඔබගේ අදහස ඉතාමත් අගය කරනවා. වනාන්තර, වනෝද්‍යාණ, වන රක්ෂිත ආදිය අපගේ සංස්කෘතිය සමගද බොහෝ සමීප බවක් පෙන්වනවා. පරිසරය ගැන දැනුවත්වී, පරිසර සංරක්ෂණය පිලිබඳ අවබෝධයක් ලබාගෙන, පරිසර සංරක්ෂණය සඳහා ක්‍රියාකාරී සහභාගිත්වයක් දැක්වීම අද කාලීන අවශ්‍යතාවක් වී තිබෙනවා. වනාන්තර වල මුලික ඒකකයන් වන වෘක්ෂ වල තවත් පැති කඩක් මගේ මීළඟ Blog සටහනෙන් කියවන්න.

      Delete