අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත පිටිසර ගමක, බන්ඩියා සහ උක්කුවා නම් හේන් ගොවිතැන් කරන ගොවියෝ දෙදෙනෙකු සිටියහ. යාබද හේන් දෙකක වගා කරන මේ දෙදෙනා ගජ මිතුරෝ වූහ. ඔවුන්ගේ ගොවි බිම් වල වට්ටක්කා, ලබු, පුහුල් ආදියත් තල, කුරක්කන් වැනි භෝග වර්ගත් සරුවට තිබුණි.
බන්ඩියාගේ හේනේ තිබුණු ලබු වැලක විශාල ලබු ගෙඩියක් හට ගත්තේය. මෙම ලබු ගෙඩිය හොඳට වැඩී මෝරා තිබෙන විට, එතැනට පැමිණි උක්කුවා, තම මිතුරාට හොඳ අදහසක් ඉදිරිපත් කළේය.
“අම්මපා ….. බන්ඩියෝ.... කලගෙඩියක් වගේ විශාල මේ ලබු ගෙඩිය හොඳට මෝරන්නට ඇරලා මේකෙන් ලබු කැටයක් හැදුවොත් නරකද ? “
“කිව්වත් වගේ, උක්කුවෝ …… ඇස්වහක් කටවහක් නැහැ. මේකේ වතුර කලගෙඩියක් විතර පුරවන්න ඇහැකිනේ. හොඳට මේරුවාට පස්සේ බලමුකෝ ” කී බන්ඩියා උක්කුවාගේ යෝජනාවට එකඟ විය.
“ඒ උනත් උක්කු මස්සිනේ ….. මම ඔය සුකුරුතම් වැඩ ගැන එච්චර මනාපයක් නැහැනේ. ඒ එක්කම ලබු කැටේ ඉරි තලන එක වලක්ක ගන්න උගයක් ගොතන්නත් වෙනවනේ. මට ඒ ගෙතුම් සාස්තරේනම් කොහොමවත් තේරෙන්නේ නැහැනේ.” කීවේය.
“මට නම් ඉස්සර අපේ අප්පුච්චා ඔය සාස්තරේ කියා දීලා තියෙනවා. මම හීන් එකා කාළේ හේනේ පැලට වතුර ගෙනියන්න ලබු කැටයක් හැදුවා. අපේ අත්තම්මා වල්ල පට්ටා වලින් උගයක් ගොතන හැටිත් කියා දුන්න.” යයි උක්කුවා පිළිතුරු දුන්නේය.
“එහෙනම් උඹම ඒ වැඩේ කරපංකෝ…… තව සුමානෙකින් විතර ලැබූ ගෙඩිය හොඳට පැහෙයි. මේ වැඩේ හරි ගියොත් තව කැටයක් හදාගන්නත් ගෙඩියක් මෝරවා ගන්නට බැරියැ.” කී බන්ඩියා,
ලැබූ කැටය හැදීමේ කොන්තරාත්තුව තම මිතුරා වන උක්කුවාටම භාර කළේය.
සතියකින් පමණ, හොඳින් මෝරා තිබුණු ලබු ගෙඩිය වැලෙන් කපාගත් බන්ඩියා, හූවක් කියා ඒ මගින් එහා හේනේ සිටි තම සගයාට සංඥාවක් කළේය. මොහොතකින් ඔහුට උක්කුවාගෙන් පිළිතුරු හූවක් ඇසුණේය. මෙසේ හූවට හූවෙන් අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු බන්ඩියා ලබු ගෙඩිය තම කර මත තබාගෙන උක්කුවාගේ හේනට ගෙන ගියේය. ඒ වන විටත් උක්කුවා තම පැලට ගොස් බුලත් විටක් සප්පායම් වෙමින් සිටියේය.

ලබු ගෙඩිය පැලෙහි මැස්ස මත තැබූ බන්ඩියා, කතා කර ගත් පරිදි ලබු කැටය සෑදීමේ කාර්යය උක්කුවාට පැවරුවේය. එසේ පවරා විහිලුවට මෙන්,
‘ඔන්න ගොය්යෝ.....! ලබ්බ මගේ, ලබු කැටේ වැඩ විතරක්... ඔහේගේ ....! ’ කියමින් පැලෙහි මැස්ස මත තිබුණු උක්කුවාගේ බුලත් මඩිස්සලෙන් බුලත් විටක්ද ඒදා, කටට දමා ගත්තේය.
“ලබු කැටයේ වැඩ අහවර කරලාම බේරුමක් කර ගනිමුකෝ” කී උක්කුවා එය හොඳින් පරීක්ෂා කර බලා ,
“මේ යායේ කොහෙවත් මෙච්චර ලොකු ලබ්බක් හැදිලා නැහැ නොවැ බන්ඩියෝ. අපි මේකෙන් ඉස්තරම්ම ලබු කැටයක් හදමු.” කියා, තොල් මත ඇඟිලි දෙකක් තබා ගත් උක්කුවා පැලේ මිදුලට බුලත් කෙළ පහරක් ගැසීය.
“කැටය ටිකක් විශාල වෙන හන්දා, එල්ලා ගෙන යන්න ඇහැකි වෙන්න ඒකට උගේකුයි අත්තමකුයි හැදුවොත් නම් පංකාදු පහයි.” කී බන්ඩියා, බුලත් කහට බැඳුණු දත් විරිත්තමින් උක්කුවාට පැවසිය.
“ඉස්සර වෙලා කැටේ හදලා, උගයක් ගොතන එක පස්සේ බලමු. මට මතකයි මූකලාන එහා සෙව්වේ, වල්ලා පට්ටා ගහකුත් තිබුණා. ඒ ගහෙන් පට්ට ටිකක් ගලවා ගන්නට ඇහැකි වෙයි.”
“ඒ උනාට අත්තම හදන්න නම් එළු හම් පටි ටිකක් ඕනැ වෙනවා. ඒක නං සිදාදියෙන් කාසි වලට ගන්න වෙනවා.”
“නෑ … නෑ …. ඕකට කාසි වියදං කරන්න ඕන් නෑ. අපේ ගෙදර දුම්මැස්සේ පරණ එළු හමක් ඇති. ඒකෙන් පටි ටිකක් කපා ගන්නට ඇහැකි වෙයි. මම ඒක පොඟවා ගන්න පහළ කුඹුරේ වක්කඩක බැඳ තියන්නම්.”
උක්කුවා මෙයට කැමති විය.
උක්කුවා ලබු ගෙඩිය හොඳින් වේලෙන්නට හැර, මදය ඉවත් කර, දින කිහිපයකින් විශාල ලබු කැටයක් සෑදුවේය. තරමක කලගෙඩියක අල්ලන තරම් වතුර දැමිය හැකි ලබු කැටය හේනට වතුර ගෙන යාමට ඉතා හොඳ භාජනයක් විය. දින කිහිපයකින් හොඳින් පදම් වූ එළු හමද උක්කුවාට ගෙනවිත් දීමට බන්ඩියා අමතක නොකළේය.
ටික දිනකින් උක්කුවා ලබු කැටයේ වැඩ නිම කළේය. එවැනි විශාල ලබු කැටයක් හේන් යායේ කිසිවෙකු සතු නොවිය. ලබු කැටය වටේ වල්ලා පට්ට වලින් ගොතන ලද වියමන එහි අලංකාරය වැඩි කළේය. එසේම එළුහම් පටි වලින් සාදනලද අත්තම හොඳ සවි ශක්තියෙන් යුක්ත විය. එය ඉතාමත් හොඳ නිමාවකින් යුක්ත ලබු කැටයකි. උක්කුවාට තම හස්ත කර්මාන්තය ගැන මහත් ආඩම්බරයක්ද ඇතිවිය.
කිහිප දිනක් ගතවිය.
දැන් උක්කුවා තම හේනට වතුර ගෙන යන්නේ අලුත් ලබු කැටයේය. ඔහු එහි අයිති කරු වන තම මිතුරාට එය ආපසු දීම ගැන වචන මාත්‍රයක්වත් පිටකර නොමැත. ඔහු විශාල ලබු කැටය ගැන මහත් උජාරුවකින් කිහිප දෙනෙකු සමග පුරසාරම් දොඩා ඇති බවද බණ්ඩියාට එහෙන් මෙහෙන් ආරංචි විය. මේ පිළිබඳව කනස්සල්ලට පත්වූ ඔහුගේ, සිතෙහි තරහක්ද ගොඩ නැගෙමින් පැවතිණ. එසේ වුවත් මිතුරු කම නිසාම ඔහු නිහඬව සිටියේය.
ඉවසීමේ සීමාව ඉක්ම ගිය පසු දිනක්, බන්ඩියා උක්කුවාගේ හේනට වතුර බීම සඳහා ගියේය. උක්කුවා කිසිවක් නොදන්නා සේ ලබු කැටයෙන් පොල් කටුවකට වතුර ගෙන බණ්ඩියාට බොන්නට දුන්නේය.
එය ප්‍රතික්ෂේප කළ බණ්ඩියා, ලබු කැටය බලෙන්ම උදුරාගෙන යන්නට සුදානම් විය.
මෙයින් කලබලවූ උක්කුවා, තමා අත තිබුණු වක් පිහියකින් බණ්ඩියාට එල්ල කළ පහරකින් හිස තුවාලවී, ඔහු ලේ වගුරුවමින් සිහිසුන්ව බිම ඇද වැටිණ. බණ්ඩියා සති දෙකක් පමණ රෝහල් ගතවී සිටියේය. බන්ඩියා, උක්කුවා සුහදතාවයද එයින්ම අවසන් විය.
ක්ෂණික කෝපය නිසා හටගත් ආරාවුල, ගම්මුන්ගේ අර්ථ දැක්වීමට අනුව මිනී මැරීමට තැත් කිරීමේ ‘ක්රිමිනෙල්’ වරදක් විය.
හේන් යායේ මුලාදෑනියාට විසඳීමට නොහැකිවූ නඩුව අනුරාධපුර උසාවියට තබන ලදී. විසිතුරු නිර්මාණයක්වූ ලබු කැටය සහ චුදිතයාගේ වක් පිහිය උසාවියට ඉදිරිපත් කළ ‘නඩු භාණ්ඩ’ විය.
ඒ කාලයේ ‘නඩුකාර හාමුදුරුවෝ’ සිංහලෙන් කථා නොකළහ. පැමිණිලි කරුවන්ගේ සහ විත්ති කරුවන්ගේ ප්‍රකාශ තෝල්ක මුදලි විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම සිරිත විය.
නඩුව අනුරාධපුර උසාවියේ කැඳවන ලදී.
එහිදී තෝල්ක මුදලි ‘My lord.... these rustic fools are from a far off jungle village. It is an....... attempted murder.’ යයි හඬ නගා කීවේය.
(“ස්වාමීනි, මේ හද්ද පිටිසර කැළෑබද ගමක මෝඩ මිනිස්සුන්ගේ නඩුවක්. මේක මිනී මැරීමට උත්සාහ කිරීමක්” )
තවත් කරුණු විමසීමෙන් පසුව ‘නඩුකාර හාමුදුරුවෝ’ විත්තිකාර උක්කුවා ඇමතීය.
‘What have you got to say about this incident?’
උක්කුවා දෙසට හැරුණු තෝල්ක මුදලි මහා හඬින් එය වහා පරිවර්තනය කළේය.
‘යුෂ්මතාට ...., මේ ඇබැද්දිය සම්බන්ධව කියන්නට තියෙන්නේ මොනවද?’
උක්කුවා යමක් කියන්නට උත්සාහ කළත් ඔහුගේ වචන පිට නොවිය. ඔහු ගොත ගසන්නට විය.
‘කතා කරනවා..... !. නැත්නම් කුඩුවට දානවා.’ තෝල්ක මුදලි ඔහුට තරවටු කළේය.
මහත් අසරණ බවට පත්වූ විත්තිකරු කට වෙව්ලමින් හෙමින් මෙසේ කිවේය
“අනේ ..! පින්කරන හාන්ඳුන්නනේ.........., ලබ්බ උගේ. ‘උගේ’ මගේ” ඔහු බෙහෙවින් බැගෑපත් වෙමින් කියා සිටියේය.
කිසිවක් නොතේරුණු බව පෙන්වූ විනිශ්චයකරු තෝල්ක මුදලිගේ මුහුණ දෙස බලාගෙන සිටියේය.
තෝල්ක මුදලිට සිංහල ඉංග්‍රීසි දෙකම සහ ස්ථානය උසාවිය බවද අමතක විය.
‘මොකක්ද? තක්කඩියෝ කිව්වේ. ඒක ආයි සැරයක් කියපිය ….!” කියමින් අසරණ විත්තිකරු වෙත කඩා පැන්නේය.
මහත් බියට පත්වූ උක්කුවා ‘අනේ ..... පිං කරන..... ‘හාන්ඳුන්නනේ......., ලබ්බ උගේ. ‘උගේ’ ….. මගේ…….’ යයි නැවත කීවේය.
‘What did he say?’ කියමින්, විනිශ්චයකරු තෝල්ක මුදලි දෙස රෞද්‍ර බැල්මක් හෙලා බලා සිටියේය.
තෝල්ක මුදලි එම ප්‍රකාශය ඉංග්‍රීසියට පරිවර්තනය කළ නොහැකි බව නොහඟවමින්,
‘My Lord the accused says that the “gourd is his...... and his, is mine” that’s all’
“What….. ?” “ I can’t understand the English that you speak and what you say............! I can’t waste my time.......Repeat what you said ..! ”
කී විනිශ්චය කරු තෝල්ක මුදලිට තරවටුවක් කළේය.
සිංහලෙන් “උගේ” යන ගැමි ව්‍යවහාරයේ ඇති වචනය කුමක්ද කියා නොදත් තෝල්ක මුදලි එය “ His “ යනුවෙන් සිංහලට පරිවර්තනය කර නැවත මෙසේ කිවේය.
“My Lord the accused says that “the gourd is his...... and ‘his’ , is mine” that’s all’
‘I can’t understand the English that you speak. The case is dismissed.’!
සැරෙන් කී විනිශ්චයකරු විත්තිකරුවා නිදොස් කර නිදහස් කළේය.
තෝල්ක මුදලි, තම තට්ට හිස කසමින් පසුබා සිටියේය.
තෝල්ක මුදලිට ලබු කැටය වටා දමන බැම්ම වන “උගේ” හැඳින්වීම සඳහා ඉංග්‍රීසි වචනයක් නොවීය. මේ සඳහා ඔහු යෙදුවේ උගේ (ඔහුගේ) යන තේරුම ඇති ‘his’ යන ඉංග්‍රීසි වචනයයි. අවසානයේදී විතිකරුගේ සත්‍ය ප්‍රකාශය ගරුතර අධිකරණයට තේරුම් ගත නොහැකි නිසා ඔහු නිවැරදිකරු විය.
කථාව ඔහුගේ. (උගේ) ඉදිරිපත්කිරීම මගේ.
(ඡායාරූප ස්තුති පූර්වකව අන්තර්ජාලයෙනි)
Harima pankadu kathawa!
ReplyDeleteස්තුතියි සරත්. අපගේ නුගත් ගම් වැසියන්ගේ භාෂා වයවහාරය සිතුම් පැතුම් ආදිය ගැන හැඟීමක් සහ අවබෝධයක් නොමැති සමහර පාලකයින් නිසා ඒ අවාසනාවන්ත මිනිසුන් පිඩා විදින ආකාරය මෙයින් මැනවින් පෙනේ. එදා මෙසේ වුවත් අදනම් තරමක් හෝ සාධාරණයි.
ReplyDeleteගොඩක් ස්තුතියි
ReplyDeleteමගේ මේ සටහන පළකර අවුරුද්දකට වැඩි කාලයකට පසුව වුවද, එය කියවා ඔබගේ සිතැඟියාවක් පළ කිරීම ගැන 'නම හෙළි කිරීමට නොකැමති' බව පෙන්වන Unknown ට මාගේ ස්තුතිය.
ReplyDelete