Wednesday, 1 April 2020

ස්වයං නිරෝධායන කාලයේ ‘අපි කුමක් කරමුද….?’


'ස්වයං නිරෝධායන විවේකය' අමුතුම ආකාරයේ නිවාඩුවකි. CORVID-19 වයිරස් අසාධනය පාලනය කිරීම සඳහා ලෝකයේ රටවල විවිධ උපක්‍රම භාවිත වන බව අපට නිරතුරුවම අසන්නට ලැබේ. ශ්‍රී ලංකාවේ වයිරසය තදින් පැතිරේයයි අනුමාන කෙරෙන පලාත්වල ඇඳිරි නීතිය බලාත්මක කර තිබේ. ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් හේත්, වැඩිහිටියන්ගේ විශ්‍රාම වැටුප ආදිය ගෙදරටම ගෙනැවිත් දීමේ වැඩ පිළිවෙලක්ද ඇති බව මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබිණ. මේ සියල්ල ජනතාව එක්රැස් වීම මැඩ පැවැත්වීමේ සාධනීය පියවර ලෙස සැලකිය හැකිය. 

ශ්‍රී ලංකාවේ මේ දිනවල ක්‍රියාත්මක ඇඳිරි නීතිය, දැනට වසර කිහිපයකට පෙර, LTTE ත්‍රස්තවාදී කලබල පවතින සමයේදී තිබුණු ඇඳිරි නීතියට වඩා හාත්පසින්ම වෙනස් බව පසුගිය දිනක යුද හමුදාපති තුමා, රූපවාහිනී නාලිකාවක් ඔස්සේ කරන ලද සම්මුඛ සාකච්ඡාවකින් අනාවරණය විය. ඒ භීෂණ කාලයේ, හමුදා ඇඳිරි නීතිය පවතිද්දී මහජනතාව සහ දේපල ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධ සියලු කටයුතු ත්‍රිවිධ හමුදාවන්ට, පොලීසියට සහ වෙනත් ආරක්ෂක අංශ වලට සම්පුර්ණයෙන්ම භාරවිය. මේ සඳහා ගිනි අවි සහ වෙනත් ආයුධ සන්නද්ධ පහරදීම් වැනි යුද්ධෝපක්‍රම සමගම, එම මෙහෙයුම් සඳහා දැඩි නීති රීති අවශ්‍ය විය. එහෙත් මෙවර හමුදාවට පැවරී ඇති භාරදූර රාජකාරිය වනුයේ ඇසට නොපෙනෙන අන්වීක්ෂීය වයිරසයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමයි. මේ සඳහා අදාළ ‘අවි ආයුධ’ හමුදාවට නොමැත. ආයුධ ගණයේ ලා නොසැලකෙන එම සුවිශේෂී මහඟු ප්‍රතිකර්ම ලෙස හැඳින්වෙන ‘ආයුධ’ ඇත්තේ වෛද්‍ය සහ සෞඛ්‍ය බලධාරීන් අත පමණය. මේ නිසා වෛද්‍ය උපදෙස් අනුව ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින්, හමුදාව සහ පොලීසිය මගින් යම් යම් ආරක්ෂක කටයුතු සංවිධානය කෙරේ. මෙම ක්‍රමවේදයේ වැදගත්ම කොටස සඳහා දායක විය යුත්තේ මහජනතාවයි. එය කළ හැක්කේ, උපද්‍රවයේ තරාතිරම හරිහැටි තේරුම් ගෙන, තම තමන්ට අහිමිවිය හැකි වරප්‍රසාද සහ අයිතීන් ගැන නොසිතා, මනා සංවරයකින් යුක්තව, විනය ගරුකව කටයුතු කිරීමෙනි. හමුදාවට පැවරී ඇත්තේ එම විනය ගරුක භාවය ස්ථාපිත කිරීමයි. දැනට පනවා ඇති පෞද්ගලික දුරස්ථ හැසිරීම, රංචු නොගැසීම, අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට නොයාම වැනි සරල හැසිරීම්, ස්වයං නිරෝධායනයේ මූලධර්ම වේ. මේ සඳහා ජනතාවගෙන් බලාපොරොත්තුවන ප්‍රධානතම දෙය වනුයේ සංවර භාවයයි.

මෙම භයානක මාරාන්තික වයිරසය මිනිසාගේ තරාතිරම, පදිංචි ප්‍රදේශය, ජාති, ආගම් භේද කිසිවක් නොතකා පැතිරී යනු දිනපතා අසන්නට ලැබේ. මේ වන විට ලෝකයේ රටවල් දෙසියයකට පමණ වයිරසය ව්‍යාප්ත වී ඇත. දස දහස් ගණනාවක් ජනතාව මිය ගොස් ඇත. සීමා මායිම් නොතකන වයිරසය රාජකීයයන්, රාජ්‍යතාන්ත්‍රිකයින්, මැති ඇමතිවරු, සාමාන්‍ය ජනතාව, ස්ත්‍රී පුරුෂ, බාල මහලු කොයි කාටත් අසාදනය වීමේ ප්‍රවණතාවක් තිබෙන බව දකින්නට ලැබේ. වෛද්‍ය විද්‍යාවේ හාස්කම නිසාම වයිරස ව්‍යාප්තිය මේ තරමටවත් පාලනය වී තිබේ. තතු දත් අයගේ ගණනය කිරීම් අනුව, මෙතෙක් ගෙන ඇති මර්දන ක්‍රමෝපායයන් නොතිබෙන්නට ලෝක ජනගහනයෙන් මිලියන හතළිහක් පමණ මාරු වසඟයට යාමට ඉඩකඩ තිබෙන්නට ඇත. තවමත් වයිරසයේ බියකරු භාවය සම්පූර්ණයෙන් මර්දනය වී නොමැත. ‘අසාධන ව්‍යාප්ති වක්‍රය’ (infection spreading curve) තරමක් පැතලි වෙමින් පැවතීම, රෝගය පිටුදැකීමේ මාවතට එළඹ ඇති බව පෙන්වන හොඳ ලක්ෂණයකි. එය යලිත් ‘ඝාතීය වක්‍රයක්’ (exponential curve) නොවන ආකාරයට, තම හැසිරීම් රටාව මනාලෙස පවත්වා ගනිමින් ප්‍රවේශම් විය යුත්තේද ජනතාවමය. අසාදිතයෙකු, දැන හෝ නොදැන, පනවා ඇති නීති රීති උල්ලංඝනය කර, හිතු මනාපයට සමාජ ගත වුවහොත්, ඔහුට අන් අය හාරසියයකට අධික සංඛ්‍යාවකට වයිරසය මුදා හැරිය හැකි බව ගණන් බලා තිබේ. රටෙහි පනවා ඇති ඇඳිරි නීතිය හුදෙක් මර්දන පිළිවෙතක් නොවන බවත් එය පොදුවේ සියලුම රටවැසියන්ගේ යහපත සඳහාම පවත්වා ගෙන යන්නක් බවත් සියලු දෙනාම තේරුම් ගත යුතුය. දින නියමයක් නොමැතිව ලැබී තිබෙන නිවාඩුවෙන් නිසි ප්‍රයෝජන ගැනීමට උනන්දුවක් ඇතිකර ගැනීම කාගේත් යුතුකමකි. 

මේ නිවාඩු කාලයේදී, පාසල් යන වයසේ දරුවන්ද සිටින ගෙදරක නිවැසියන් සියලු දෙනාම වරින්වර සම්බන්ධවී, කොටස් පන්සියයකින් යුක්ත, වනෝද්‍යානයක නිදැල්ලේ හැසිරෙන වන අලි රංචුවක් දිය කඩිත්තක දිය බීම දැක්වෙන,

                            

                             දියකඩිත්තක දිය බොමින් සිටින වන අලි ‘ජිග්සෝ’ ප්‍රහේලිකාව

‘ජිග්සෝ’ (Jig saw) ප්‍රහේලිකාවක් සකස්කිරීම මට දකින්නට ලැබුණු අවස්ථාවට ගැලපෙන ඉතාමත් හොඳ කාළය කළමනාකරණය කර ගැනීමේ ගෘහස්ත මනෝ ව්‍යායාමයකි. 

                                                                                                                                                                         ප්‍රහේලිකාවේ කොටස් ගොනු කිරීම සහ අවසාන නිමැවුම 

මෙම ප්‍රහේලිකාව ඇමිණීමෙහිදී රටා හඳුනා ගැනීම, වර්ණ සංකලනය තේරුම් ගැනීම, හැඩතල වල විවිධත්වය අවබෝධ කර ගැනීම, සිත එකඟ කරගැනීම, සාමුහික ප්‍රයත්නය වැනි ගුණාංග රාශියක් සංවර්ධනය වන බව නොකිවමනාය. මෙම පිරිස දිනකට පැය හතරක් පහක් ගතකර දින කිහිපයක් තුලදී ප්‍රහේලිකාව අමුණා සම්පූර්ණ කර ගැනීමට සමත් වූහ. 

කාලය නිකරුනේ ගත නොකර, මානසික සුවයක් ලබාදෙන මෙවැනි ක්‍රියාකාරකම් සහ ශාරීරික සුවයක් ලබාදෙන ගෙවත්තෙහි භෝගයක් සිටුවීම වැනි විවිධ ක්‍රියාකාරකම් ගැන සිත් යොමු කරන්නේ නම් උදාසීන බැවින් මිදී නිවාඩු කාලය ප්‍රයෝජනවත් ලෙස ගත 

                      .

                                                                   පවුලේ සාමුහික බව
කිරීමට හැකියාවක් ලැබේ.බොහෝ විට ‘වැඩක් කරන්නට කාලයක් නැහැ’ කියමින් මැසිවිලි නගන අයට දැන් කාලය ඕනෑවටත් වැඩියෙන් තිබේ. නොතිබූ ‘කාලය’ දැන් ඔබ ළඟය. ඔබට අහිමි වූ ‘විවේකය’ දැන් ඔබ ළඟය. ඔබෙන් ‘දුරස් වූ පවුල’ දැන් ඔබ ළඟය. පවුලේ සාමාජිකයින් අතර ‘සහයෝගය’, ‘ලෙන්ගතු කම’, ‘ආදරය’ තුලින් ‘පවුලේ සතුට’ 

ජය ගනිමු. මේ කාලයේ සමාජ මාධ්‍ය වල දකින්නට ලැබෙන එක්තරා වැදගත් කියමනක් පිළිබඳවද මෙහිලා අපගේ අවධානය යොමු කළ හැකිය. රූප සටහනක්ද සමග ඇති එය මෙසේය. 



                 

එම වගන්තිය එහි පරිසමාප්ත අර්ථයෙන්ම සත්‍යයකි. පසුගිය දශක දෙකක පමණ කාලයක සිට, මිනිසාගේ අමන ක්‍රියා රාශියක් නිසා පෘථිවි ග්‍රහයා මහත්සේ රෝගී වී, අබලන් තත්ත්වයකට පත් වෙමින් තිබේ. ෆොසිල ඉන්ධන භාවිතය නිසා වායු ගෝලයේ කබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ප්‍රශස්ත මට්ටමට වඩා ඉහල ගොස්ය. පරිසරයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහල යමින් පවතී. ඇන්ටාර්ක්ටිකාවේ සහ උත්තර ධ්‍රැවයේ, අයිස් තට්ටු දියවෙමින් පවතී. මුහුදු මට්ටම ඉහල යාම ආරම්භ වී ඇත. වනාන්තර ශීඝ්‍රයෙන් අඩුවේ. පෘථිවි තලයේ ඇති ජෛව විවිධත්වය හීන වී යයි. වායුගෝලයේ ඉහල ස්ථරයේ ඇති ඕසෝන් වියනේ හිඩැස් හරහා, අහිතකර අන්තරීක්ෂ (cosmic) තරංග කාන්දු වේ. මෙම උපද්‍රව මේ ආකාරයටම ඉදිරියට ගියහොත් සමස්ත මානව වර්ගයාගේත් සියලුම සතා සීපාවන්ගේත් අවසානය එයම වී පෘථිවියද අවසාන වන්නට තිබුණි. කිසිසේත් බලාපොරොත්තු නොවූ මේ මහා උපද්‍රවයෙන් බේරීම සඳහා පෘථිවියට හදිසි නඩත්තු කටයුතු අවශ්‍ය වී තිබේ. මේ මහා පරිමාණයේ ව්‍යායාමය සඳහා උරදිය හැක්කේ, ස්වභාව ධර්මය නමැති අදිසි හස්තයට පමණකි. 

එය එසේම සිදුවෙමින් පවතී.

වයිරසය පැතිරීම මැඩපැවැත්වීමේ ක්‍රමෝපායයක් වශයෙන් විවිධ රාජ්‍යයන් විසින් නිරෝධායනය නීතිගත කර තිබේ. කෝටි සංඛ්‍යාත මිනිස් සමූහයක් නිවාස අඩස්සියේ තැබීමටත්, මිනිසාගේ ගමන් බිමන් වලට තිත තැබීමටත්, ෆොසිල ඉන්ධන දහනය සීමා කිරීමටත්, ආහාර සුරක්ෂිතතාව පිලිබඳ සිත් යොමු කිරීමටත් කාළය එළඹ තිබේ.

කොරෝනා වයිරස ව්‍යසනය ආරම්භවී මෙතෙක් ගතවූ මාස තුන ඇතුලතදී මිනිසාට විඳින්නට සිදුවූ ගැහැට අපමණය. 2020 මාර්තු මස 26 දින වනවිට, ලොව පුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව තිස් දහස ඉක්මවා තිබේ. පහත වගුවේ දැක්වෙන ආකාරයට අසාදනය සිදුවීමේ ප්‍රවණතාව ඉතාමත් බැරෑරුම් තත්ත්වයක තිබෙන බව හඳුනා ගත හැකිය. වයිරස අසාදනය බව හඳුනාගෙන දින 67 ක් තුළදී, එනම් මාර්තු මස 23 දින දක්වා අසාදනය වී ඇත්තේ මිනිසුන් එක්ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකටය. 

                 වයිරස අසාදනයේ ශීඝ්‍ර වැඩිවීම (2020 මාර්තු 26) 

එහෙත්, මාර්තු 23 සිට මාර්තු 26 දක්වා දින තුනකදී පමණක්, අසාදිතයින්ගේ සංඛ්‍යාව පන් ලක්ෂයකට ආසන්න වී තිබේ. ඉහත වගුවේ දැක්වෙන ආකාරයට අසාදනය සිදුවීමේ ප්‍රවණතාව ඉතාමත් බැරෑරුම් තත්ත්වයක තිබෙන බව හඳුනා ගත හැකිය. 

මෙසේ බලන කළ කොරෝනා වයිරසයෙන් අරක්ෂා වීම සඳහා හැකිතරම් තම නිවසටම කොටුවී ස්වයං නිරෝධායනයේ නිරත වීම සහ වෛද්‍ය සහ ආරක්ෂක අංශ වල උපදෙස් අකුරටම පිළිපැදීම විනා කළ හැකි අන් කිසිවක් මිහිපිට නොමැති බව පෙනේ.

තතු දත් අයගෙන් ලැබෙන වටිනා උපදෙස් පිළිපදිමින් අපි අපගේ ආරක්ෂාව තහවුරු කර ගනිමු.             (සමහර තොරතුරු සහ රූප සටහන් ස්තුති පුර්වකව අන්තර්ජාලයෙනි)

8 comments:

  1. කොරෝනා කාලයේ ක්‍රීඩා කිරීමට තම දරුවන්ට ජිග්සෝ පසල්ස් බිරිඳ විසින් ගෙනැවිත් දුන් බව ස්කොට් මොරිසන් ද කීවා!

    ReplyDelete
    Replies
    1. මේ බව නම් මා දැක්කේ නැහැ. 'ජිග් සෝ පසල්' එකකින් සාමාන්‍ය සරල ක්‍රීඩාවකින් ලැබෙන අභ්‍යාසය ට වඩා මානසික ක්‍රියාකාරකමක් ලැබෙන බව සැකයකින් තොරව කිව හැකියි.

      Delete
  2. මෙන්න මා කරන දේවල්.

    1. ගෙවත්තේ වැඩ:
    https://youtu.be/mPb24U7pCE8

    2. (කටින් නොව ඇත්තටම) බතල හිටවීම:
    https://youtu.be/J5ypzD6ZEMk

    3. කොරෝනා කාලේ ඇවිදීම - Walking in the time of Corona
    https://youtu.be/uCz2O27kQiU

    !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      ඔබගේ අලුත් වීඩියෝ පට සියල්ලම මා බලා තිබුනේ. ගෙවත්තේ තණකොළ කැපීම, බතල සිටවීම සහ ඇවිදීම. මා තණකොළ කැපීම ගැන නම් උනන්දු වන්නේ නැහැ. ඒ උනාට අනිත් දෙකම කරනවා. මා බතල සිටවීම පටන් ගත්තේ දැන් මාස දෙකකට පමණ ඉහතදී.සිටවූ පළමු වෑලෙන් ලබාගත් දඬු කැබලි වලින් දැන් 'බතල කඳු' කිහිපයක්ම සිටවුවා. බතල පිලිබඳ මට පැරණි මතකයකුත් තිබෙනවා. ඒ අප කුඩා කාලයේ. දෙවන ලෝක යුද්ධය අවසාන වූ කාලයේ රටේ (ශ්‍රී ලංකාවේ) දැඩි ආහාර හිඟයක් තිබුණ නිසා, තෝරාගත් ගම් කිහිපයක "බතල වැවීමේ සංග්‍රාමයක්" පටන් ගත්තා. අපේ ගමත් එයින් එකක්.රජයේ ඉඩමක් ගම්මුන් හට බෙදා දී අක්කර 50 ක පමණ බතල වැව්වා. වැඩය ඉතාමත් සාර්ථක වූවා. ගමම බතල වලින් ස්වයං පෝෂිත වී තිබුනා.

      Delete
  3. Thank you Angel,
    I tried to combine some facts regarding the pandemic to the way of life average people should get engaged during a crisis of this nature.

    ReplyDelete
  4. දායාවී මහත්මයා. මේ වෛරසය සමනය වූ පසු ලෝකය ඉදිරියට යන ආකාරය වෙනස් වේ යැයි බොහෝ දෙනා අනුමාන කරනවා. වැනි වෙනසක්. එතකොට මිනිස්සු යම් ප්‍රමාණයක් දේවල් වත් වවාගෙන කන්න, වාහන එහෙම දැනට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න, බොහෝ රාජකාරී වැඩ ගෙදර සිට කරන්න, වඩා සෞඛ්‍යදායී රටා ආදිය එයි නේද? ලංකාවේ අද සිට ඖශධ සහ ඉන්ධන ආදී දේවල් හැර අනික් දේවල් ආනයනය නවත්වලා. 1970-77 වගේ කාලයක් එයිද? ඒ කාලයේ අත්දැකීම් එහෙම බෙදාගන්නකො.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      70 භීෂණය නම් හොඳට මතකයි.70 මුලදී පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව පටන් ගත්තා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ. මුල්ම අත් බෝම්බය පුපුරා ගියේ අප්‍රියෙල් 5දා. එය පිපිරී ගියේ ජේම්ස් පීරිස් ශාලාවේ පහල මාලයේ.එදින ඒ වෙලාවේ අපි තුන්දෙනෙක් පැවරුමකට අවශ්‍ය කරුණු සාකච්චා කරමින් සිටියේ, එතනම ඉහළ කාමරයක. අපේ කන් අගුල් වැටිලා කතා කරන්නටත් බැරිවී මහත් සන්ත්රාසයක් ඇති උනා.විනාඩි දහයකට පමණ පසුවයි සිහිය ආවේ. පෑයක් ගතවන විට විශ්ව විද්‍යාලය වසා දමා රට පුරා ඇඳිරි නීතිය දැම්මා. අපි අතරමන් වුවා. පොලිසියේ හමුදාවේ පිහිටෙන් ගෙදර ආවේ දින තුනකට පස්සේ. දැන් වගේම හාල් සීනි පරිප්පු වගේ ආහාර සලාක ක්‍රමයට බෙදා දුන්නා. ගම්බදට වෙන්නට දැනට වඩා අල බතල, එළවලු, දේශීය පලතුරු ආදිය සුලභව තිබුනා. තිබෙන අය බොහෝ දේ බෙදා හදාගන්නා බවකුත් දකින්නට ලැබුනා. 70 සිංහල අලුත් අවුරුදු සැමරුම් තිබුනෙත් බොහෝ අඩුවෙන් පොලීසියේ රැකවරණය යටතේ.

      Delete