Thursday 2 January 2020

ආන්දෝලනාත්මක මරණ දැන්වීමක් නිසා මහා කැළඹීමක්...

1974 අප්‍රියෙල් මස 24 වන දින, ශ්‍රී ලංකාවේ ' Daily News ' පුවත් පතෙහි පහත දැක්වෙන මරණ දැන්වීම පළවිය. එය මෙසේය:

         O’Cracy.
         The death occurred under tragic circumstances of D.E.M.O’Cracy, 
         beloved husband  of T.Ruth, loving father of L.I.Bertie, Faith and 
         Justicia. Interred on Saturday, 20th  April instant -
         Aralia Medura, Parangiyawatta,  
         Anduruwella.
‘Daily News’ පුවත් පතෙහි පළවූ මරණ දැන්වීම 

බැලු බැල්මට මෙය, O’Cracy නම් තැනැත්තාගේ මරණය පිළිබඳව, ඔහුගේ භාර්යාව වන T. Ruth සහ දරුවන් වන L.I.Bertie, Faith සහ Justicia විසින් පුවත් පතෙහි පළ කරවන ලද දැන්වීමකි. පුවත් පතෙහි පළවන මරණ දැන්වීම් කියවන බොහෝ අය මෙය දකින්නට ඇත. එසේ වුවත් මෙම දැන්වීමෙහි ගුප්ත බවක් දුටු දේශපාලන ක්ෂේත්‍රයට  සම්බන්ධ කිහිප දෙනකු පමණක් මේ සඳහා විමසිලිමත් වී තිබේ.

මේ දිනවල රටෙහි දේශපාලන කරලියෙහි හැල හැප්පීම් රාශියක් සිදුවෙමින් පැවතුනු අතර, රටෙහි සාමයට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයට බාධා පැමිණීමේ ලක්ෂණද පහළවෙමින් තිබිණ. මේ අංශයෙන් සලකා බලන විට යථෝක්ත මරණ දැන්වීම මගින් රජය අපහසුතාවයට ලක් කිරීමේ සැඟවුණු ක්‍රියා දාමයක් තිබෙන බවද හෙළිකරගෙන තිබුණි. රජයේ විමර්ශන අංශ මගින් මේ සම්බන්ධයෙන් පුවත් පත් කාර්යාලයෙන්ද විමසීමක් කරන ලදී. එහි දැන්වීම භාරගත් නිලධාරියා, විසින් එය අඳුරුවැල්ල, පරංගියාවත්තේ, ‘අරලිය මැදුර’ නිවසෙහි පදිංචි, එල්. අයි. බර්ටි නම් අයෙකු විසින් පෞද්ගලිකව තමාට භාරදෙන ලද දැන්වීමක් බව සාක්ෂි සහිතව තහවුරු කරන ලදී.

එහි සඳහන් ලිපිනය සෙවීමට උත්සාහ කළ විමර්ශන නිලධාරීන්ට, එවැනි ලිපිනයක් හෝ එහි සඳහන් අය පිළිබඳව හෝ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිවිය. එම දැන්වීමෙහි භාවිත කර තිබෙන නම් ගම් ගැන සුපරික්ෂාවෙන් බලනවිට, රජය අපහසුතාවයට ලක් කිරීමේ යටි අදහසකින් යුක්තව පළ කරන ලද්දක් බව පැහැදිලිවිය. මේ නිසා ඒ පිලිබඳ වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකර වහාම වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ ආයතනවලට ඉහලින් අණ ලැබිණ.

මෙම මරණ දැන්වීම පුවත් පතෙහි පළකිරීම සඳහා භාරගත් නිලධාරියා, අදාළ අංශය භාර නිලධාරියා, කතුවරයා ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම දිගින් දිගට ප්‍රශ්න කළ නමුත් ඒ කිසි කෙනෙකුගෙන් සිද්ධිය
සම්බන්ධ වෙනත් තොරතුරක් ලබාගත නොහැකිවිය. ඔවුන් සියලු දෙනාටම එය සාමාන්‍ය මරණ
දැන්වීමක් පමණක් විය.

කෙසේ වෙතත් එම මරණ දැන්වීම මගින් රජයට යම්කිසි ආකාරයක අනතුරු හැඟවීමක් කර තිබෙන
නිසා ඒ ගැනද සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, ඉහලින් ලැබුණු නියෝග
අනුව, මෙහි පසුබිම ගැන කිසිවක් නොදන්නා, පුවත් පත් ආයතනයේ කිහිප දෙනෙකුගේ වැඩ තහනම්
කරන ලදී.

මෙම සිද්ධි සියල්ලම ගැන විමසිල්ලෙන් සිටි, ප්‍රධාන පෙළේ පුවත්පත් කලාවේදියෙකු, තම මිතුරෙකු
වූ එවකට සිටි පොලිස්පති වරයා මුණගැසී, එම මරණ දැන්වීම තමා විසින් පළ කරන ලද්දක් බව
ප්‍රකාශ කළේය. රටෙහි සිදුවෙමින් පවතින ව්‍යාකුල තත්ත්වය ගැන ජනතාවට ව්‍යංගයෙන් ඉඟියක්
කිරීම සඳහා තමන් එසේ කළ බව ඔහු පිළිගත්තේය. එසේ වුවද පුවත් පත් කාර්යාලයේ අහිංසක
නිලධාරින් මේ නිසා පීඩාවට පත්කිරීම අසාධාරණයක් බව ඔහු කියා සිටියේය. පසුව ඔවුන් දෙදෙනාම
ගොස් එවකට සිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා මුණ ගැසී කරුණු පැහැදිලි කර දුන්නේය. 

අමාත්‍යවරයාගේ මැදිහත් වීම නිසා, පුවත්පත් කාර්යාල නිලධාරීන්ගේවැඩ තහනම ඉවත් කරන ලදී.

මීට වසරකට පමණ පසු ඉන්දියාවේද යම්කිසි දේශපාලන අර්බුදයක් නිසා ප්‍රජාතන්ත්‍ර පාලනයට
අනතුරක් සිදුවීමේ   ලකුණු පහළ විය. මේ නිසා රටෙහි හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කරන ලදී.
මේ අතරතුර, ඉන්දියාවේ කීර්තිමත් පුවත්පත් කලාවේදියෙකු විසින්, ශ්‍රී ලංකාවේ Daily News පුවත්
පතෙහි පළවූ මරණ දැන්වීම, උපුටා ලිපිනය පමණක් ඉවත් කර, ඒ ආකාරයටම  1975 ජුනි මස 28
වන දින  Times of India පුවත් පතෙහි  පළ කරන ලදී.



Times of India පුවත් පතෙහි පළ වීම 




ශ්‍රී ලංකාවේ සිදුවූ ආකාරයටම, එම දැන්වීම නිසා Times of India පුවත් පතෙහි අදාළ කාර්ය 
මණ්ඩලයටද, මහත් අපහසුතා වලට ලක්වීමට සිදුවී ඇත.

වචන විසි ගණනක කෙටි දැන්වීමකින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකෙහිම ඒකාකාර    දේශපාලන අර්බුද දෙකක් ගැන ව්‍යංගයෙන් ජනතාව දැනුවත් කිරීමට ලැබීම පුවත් පත් කලාවේ           
ඇති ඉතාමත්ම සූක්ෂම හැකියාවක් බව මෙයින් මොනවට පැහැදිලි වේ.

ඒ කාලයේදීම Reader’s Digest සඟරාවේ (1975 අගෝස්තු කලාපය) ඇතුල් පිටුවකද මෙම
සිද්ධිය සිනහ උපදවන කෙටි සටහනක් ලෙස මෙසේ මුද්‍රණය කර තිබිණ.




1975 වසරේ Reader’s Digest සඟරාවේ පළවූ ආකාරය 



පුවත්පත් දෙකෙහි සහ රටවල් රාශියක අලෙවි වන සඟරාවක පළවූ මෙම දැන්වීමෙහි යොදා ඇති
වචන, එම වචන වල අක්ෂර වින්‍යාසය සහ ඒවායින් කියවෙන අර්ථය අනුව උපහාසයත් සමගම
ජනතාවට ඉතාමත් වැදගත් පණිවුඩයක්ද දීමට හැකිවී තිබේ. එයටත් වඩා පාලකයින් විසින් ගනු
ලබන අත්තනෝමතික තීරණ සඳහා ඉතාමත් සරල ආකාරයකට ප්‍රතිචාර දැක්වීම සඳහා සමාජ
මාධ්‍යවල ඇති බලගතු කම පෙන්වීමටද මෙය හොඳම උදාහරණයකි.

මෙම කෙටි දැන්වීමෙහි භාවිත කර ඇති නම් සඳහා යොදා ගෙන තිබෙන අක්ෂර වින්‍යාසය මඳක්
විමසිල්ලෙන් බලන විට ඒවායින් ජනිත වන වචන වලින් කෙරෙන අනතුරු ඇඟවීම මගින්
හාස්‍යය, සහ සන්ත්‍රාසය මගින් බුද්ධිමත් ජනතාව පුබුදුවාලීමට හැකිවීම ප්‍රතිභා සම්පන්න
රචකයෙකුගේ සහජ දක්ෂතාවකි. එහි ඇතුලත් මෙම නාම සහ ඒවායින් හැඩගන්වා ඇති ජන
සමාජයට වැදගත් වන සංකල්ප ගැන සිත් යොදවන්න:

D.E.M. O’Cracy (Democracy), T.Ruth (Truth), L. I. Bertie (Liberty), Faith, Justicia (Justice)

ඒ ආකාරයටම Daily News පුවත් පතෙහි සඳහන් කර ඇති D.E.M. O’Cracy ගේ ලිපිනයද
හාස්‍යය දනවන අතර එයින්ද යම්කිසි පණිවුඩයක් ගෙන දෙන බව පෙනේ.

1962 වසරේ සිට නොකඩවා Reader’s Digest සඟරාව කියවන පාඨකයෙකු ලෙස, 1975 වසරේ
පළවූ      මෙම කෙටි දැන්වීම දුටු විගසම, එහි අගමුල සොයා ගැනීමෙන් පසු හමුවූ තොරතුරු,
වසර හතලිස් පහකට  පසු, මෙසේ නැවත සටහනක් තැබීමට හැකිවීම භාග්‍යයකි.

මෙම සත්‍ය සිද්ධියට සම්බන්ධ, දැනට ජිවතුන් අතර නොමැති පුද්ගල නාම භාවිතය, හිතා මතාම
නොසලකා හැරියෙමි.


(සමහර තොරතුරු ස්තුති පුර්වකව අන්තර්ජාලයෙනි.)


















12 comments:

  1. හැම තැනම වෙන්නේ කිසිවක් නොදන්නා අහිංසකයෙක් හෝ කිහිප දෙනෙකුට වැරද්ද පටවලා එල්ලුම් ගස් යවන එකනේ..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ දැන් වගේ දරුණු තත්ත්වයක් තිබිලා නැහැ. ඇත්ත හරි හැටියට වටහා ගත් පොලිස්පති සහ ඇමතිවරයා අහිංසක මිනිසුන් අමාරුවේ දාලා නැහැ.

      Delete
  2. මේං ඔය වගේ (හැබැයි විහිළු) මරණ දැන්වීම් කිපයක්...

    http://drackey.blogspot.com/2016/03/blog-post_16.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Drackie,
      මේ මරණ දැන්වීම විහිලුවකට වඩා එහාට ගිය රජයේ වැරදි වැඩකට පහර ගැසීමත් සමග කර තිබෙන ජනතා උසි ගැන්වීමක්.
      ඔබගේ Link එකෙන් විහිලු දැන්වීමට යන්නට බෑ'

      Delete
    2. අජන්තා රණසිංහගෙ ආටිකල් ඒකට යටින් තියෙන්නෙ මරණ දැන්වීම් ටික...

      Delete
    3. මේවා කියවූවා. ඒවා විහිලු සහගත මරණ දැන්වීම්. D.E.M. O'Cracy දැන්වීම මගින් රටෙහි ආන්දෝලනයක් ඇතිවූවා. කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කළා. පසුව එය ලියනලද තැනැත්තා ඉදිරිපත්වී එය තමන්ගේ බව පිළිගත් පසුව ඔවුන් නිදහස් කළා.

      Delete
  3. මෙම මරණ දැන්වීම ලියා පළ කළ නිර්මාණශීලී පුද්ගලයාගේ නම සැඟවීම නම් තේරුමක් නැති දෙයකි.

    මෙන්න රයිලි ෆර්නැන්ඩො ගැන ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      මා මෙහි නිර්මාණ කරුගේ නම නොදැම්මේ ඒ ගැන උනන්දුවක් දක්වන අයට තොරතුරු සොයා ගැනීම සඳහායි
      ඔහුගේ නම වෛද්‍ය රයිලි ප්‍රනාන්දු. ඔහු ගැන පුවත් පතක පලවී තිබුණෙ මෙසේයි.

      He was the author of the ‘obituary’ that created a stir in the country and which led to the dismissal of a few employees of Lake House and an Island-wide hunt for the culprit who planted the ‘obituary’. Riley ‘unmasked’ himself to his classmate Rudra Rajasingham that he was responsible for the ‘obit’ and Felix Dias Bandaranaike was justly informed on the condition that no adverse action would be taken against Riley. The interdicted employees of Lake House were re-instated and the country and the world breathed sighs of relief.

      Delete
  4. මේ වගේ පණිවිඩ දෙන ක්‍රම තිබෙන බව දන්නා නමුත් මේ කතාව අහල නැහැ. ඒ නිසා ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාලිනි,
      ඒ කාලේ මා මාසිකව Reader's Digest සඟරාව කියවීම පුරුද්දක් කරගෙන තිබුනා. එක්තරා පිටුවක තිබුණු මේ Filler කෙටි සටහන ගැන රටෙහි ආන්දෝලනයක් සිදුවුවා. එවකට තිබුණු රජය මගින් ජනතාවට අසීරුතා සිදුවන පනත් කිහිපයක් ඉදිරිපත් කිරීමට සුදානම් වූ වේලේ, අප්‍රසාදය ජාත්‍යන්තරයට ගෙන ගිය එක සිද්ධියක් ලෙස මෙය දැක්විය හැකියි.

      Delete