කලකට පෙර සිටි ලෝකප්‍රසිද්ධ විද්‍යාඥයින් බොහෝ දෙනෙකු, මරණින්පසු දිව්‍ය ලෝකයේ උපත ලබා ඇත.
එහි ඉතාමත් සුහදව කෙළිදෙලෙන් ජීවත්වන ඔව්හු ඉඳහිට හෝ විද්‍යාත්ක සොයාගැනීම් ගැනද උනන්දුවක් දක්වති.
එක් දිනක් මේ සියලු දෙනාම කතිකා කරගෙන “ හැංගි මුත්තන්" ක්‍රීඩාව කිරීමට තීරණය කළහ.
ඔවුන් අතර සිටි පැරණිම විද්‍යාඥයා වන නිව්ටන්, සියලු දෙනාම රැස්කර, ඔවුන් 1...2...3...4..ආදී වශයෙන් ගණන් කර, සැඟවුණු අය “සොයන්නා" තෝරා ගත්තේය.
“සොයන්නා” ලෙස තේරුණේ මෑතදී ඔවුන් අතරට එකතුවූ අයින්ස්ටයින්ය.
අයින්ස්ටයින් ඇස් වසාගෙන, 1 සිට ……….100 දක්වා ගණන් කරනඅතර, අනිකුත් සියල්ලෝම අහු මුළුවල සැඟවීමට දුව ගෙන ගියහ.
මුල්ලක සැඟවී සිටීමට නොගිය නිව්ටන්, ඇස් පියාගෙන සිටින අයින්ස්ටයින් ඉදිරියේ, බිම රට හුණු කෑල්ලකින් යමක් ඇඳ එය මැදට වී නිශ්ශබ්දව සිටියේය.
100 දක්වා ගණන් කිරීම අවසන් කළ අයින්ස්ටයින්, ඇස් හැර බලන විටම, තමා ඉදිරිපස සිටගෙන සිටින නිව්ටන් දැක මහ හඬින් “ I found Newton. He is OUT …..” යයි කෑ ගැසුවේය.
සැඟවී සිටි සියල්ලෝම වහා එතැනට පැමිණියහ.
සිටි තැනින් නොසෙල්වුණු නිව්ටන්, තමා 'OUT' නැති බවත් තමා නිව්ටන් නොවන බවත් තරයේම කියා සිටියේය.
එසේනම් ඒ බව විද්‍යාත්මකව ඔප්පු කරන ලෙස සියල්ලෝම ඔහුට බලකර සිටියහ.
‘මගේ ඔප්පු කිරීම හොඳින් අසා ගන්න’ යයි කී නිව්ටන් මෙසේ විස්තර කළේය.
‘මා මෙසේ සිටගෙන සිටින ස්ථානය හොඳින් බලන්න. මා සිටින්නේ හරි හතරැස් කොටුවක් මධ්‍යයේ’
‘එය මීටර් එකක් දිග සහ පළල ඇති, හරි හතරැස් කොටුවක්. නැතහොත් එය වර්ග මීටර් එකක කොටුවක්’
‘භෞතික විද්‍යාත්මකව මම මෙහි සිටීම “වර්ග මිටරයට නිව්ටන් එකයි”
(One
Newton per meter squared)
හෝ ( 1N / m2 )’
හෝ ( 1N / m2 )’
‘ඔබ කව්රුත් දන්නා ආකාරයට
One Newton per meter squared = 1 Pascal'
One Newton per meter squared = 1 Pascal'
‘මේ නිසා භෞතික විද්‍යාත්මකව, “ හැංගි මුත්තන් “ක්‍රීඩාවේ පළමු වටයෙන් ' OUT ' වන්නේ මෙහි සිටින
පැස්කල් මිස නිව්ටන් වන මා නොවෙයි.’
පැස්කල් මිස නිව්ටන් වන මා නොවෙයි.’
මෙය ඇසූ පැස්කල්ට කට උත්තරත් නැතිවිය.
‘Pascal is out in the first round’ කියමින් කවුරුත් ඔල්වරසන් දුන්හ.!
Definitions :
One Newton (1 N) is the force needed to accelerate one kilogram
of mass at the rate of one meter per second per
second in the direction of force applied
second in the direction of force
One Pascal (1 Pa)
is equivalent to one Newton (1 N) of force applied over an area of
one meter squared (1
m2)
නිව්ටන් හරි......!
++++++++++++++
ReplyDeleteThank you Pra Jay.
Deleteමදෑ කොලා.මුංට දිව්යලෝකෙ ගිහිල්ලවත් පිස්සු කෙලින්නැතුව ඉන්න බෑනෙ.
ReplyDeleteස්තුතියි ප්‍රසන්න,
Deleteමුන් දිව්යලෝකෙ ගිහිල්ලවත් පිස්සු කෙලිනවා විතරක් නෙමෙයි එක එකාට කැපිලිත් දානවා. නිව්ටන් තමන්ගේ නමින් හැඳින්වූ 'the force that would give a mass of one kilogram an acceleration of one metre per second per second' කියන නියමයට ඊට කලකට පස්සේ පැස්කල් තව කෑල්ලක් එකතු කලාට ටිකක් අමනාපෙන් ඉඳලා තිබෙන්නේ.මේක ඒකට දාපු කැපිල්ලක් !
This comment has been removed by the author.
ReplyDeleteඔබ ඒ කාලෙ හොඳ ගුරැවරයෙක් වෙන්න ඇති නේද? මේ කතාව නිසා දැන් ආයෙ ජීවිතේට n/m2 = Pa බව මතකයි
ReplyDeleteස්තුතියි Angel,
Deleteතනිකර ඇත්ත. මේ ආකාරයට ලියන නිසා වසර හතලිහකට පනහකට ඉස්සර ඉතාමට ආසාවෙන් කරනලද අධ්‍යාපනයට සම්බන්ධ බොහෝ දේ ආදරයෙන් සිහිපත් කල හැකියි.
+++++
ReplyDeleteTHank you Mithila
Deleteමේක equation එකක් නිසා පැස්කල්ටත් ඕකම අනිත් පැත්තට කිව්වැකි නේ :D පැස්කලුත් එකයි වර්ග මීටරයක් මැද ඉන්න නිව්ටනුත් එකයි.
ReplyDeleteස්තුතියි කෞශල්‍ය,
ReplyDeleteඔතෙන්ට අලුතෙන්ම ගිය අයින්ස්ටයින්ට තිබුනානේ 'Theory of relativity' දාල නිව්ටන් සහ පැස්කල් යන දෙන්නාවම OUT කරලා දාන්න. එහෙම කරලා නැත්තේ හැමෝගෙම වැඩිහිටියා වන නිව්ටන්ට තිබෙන සැලකිල්ලට වෙන්නට ඇති.
මේ ඒකක පිලිබඳ අමතක නොවෙන්න උගන්වන්න රසවත් ක්‍රමයක්.
ReplyDeleteස්තුතියි මාලිනී,
ReplyDeleteමේ විහිලු කතන්දරය ඉස්සර අපගේ Field camp එකකදී අසන්නට ලැබුණු එකක්. වර්ග මීටර් එකේ කොටුව සකස් කර කතන්දරය ගැලපෙන ආකාරයකට ඉදිරිපත් කිරීම මගේ. මට හිතෙන්නේ මේ කතාව පාසල්වල විද්‍යා දිනයක කෙටි නාට්‍යයකටත් හොඳයි.
මගෙ අම්මේ... ඇත්තට කෙටි නාට්‍යයකට හොඳයි තමා.
ReplyDeleteස්තුතියි ඩ්‍රැකී,
Delete'හැංගිමුත්තං' වගේ ළමා ක්‍රීඩාවක් මගින් වැදගත් භෞතික විද්‍යාත්මක සංකල්පයක් සරල ආකාරයට පෙන්වා දීමට මෙය හොඳ වස්තු බීජයක් විය හැකියි. මේ ගැන කල්පනාකාර බැලුවොත් නරකද ?