Monday 30 September 2019

දේශගුණ විපර්යාස පිළිබඳව බ්‍රිස්බේන්හි.Radio 4EB Sri Lankan Group සමග සාකච්ජාව -

2019 ජුනි මාසයේ දිනක, මා නොහඳුනන කෙනෙකු, බ්‍රිස්බේන්හි  සිට මා ඇමතීය. හඳුන්වාදීමෙන් පසු, ඔහු මාගේ බ්ලොග් සටහන් වලට ප්‍රතිචාර දක්වන බ්‍රිස්බේන්හි  4EB ප්‍රජා ගුවන් විදුලි සේවයේ සිංහල අංශයේ වැඩ සටහන් සම්පාදකවරයෙකු වන, තිසර බව දැනගතිමි. කලක සිට මගේ බ්ලොග් සටහන් වලට ප්‍රතිචාර දක්වන තිසර ශ්‍රීමාල්, ඔහු බව දැනගත්තේ එසේ හඳුන්වාදීමෙන් පසුවය.
ඔහුට අවශ්‍ය වුයේ බ්‍රිස්බේන්හි 4EB ප්‍රජා ගුවන් විදුලි සේවයේ, සිංහල අංශයේ අරුණැල්ල වැඩ සටහනට  ‘දේශගුණ විපර්යාස’ පිළිබඳව මා සමග සාකච්ඡාවක්  කිරිමයි. ඒ වනවිටත් මා විසින් ‘දේශගුණ විපර්යාස අර්බුදය’ යන නමින්, පරිච්ඡේද දහයකින් යුක්ත පොතක් ලියා අවසන් කර තිබිණ. පොත ලිවිම සඳහා මා විසින් එම විෂයය සම්බන්ධව පුළුල් අධ්‍යයනයක් කර තිබුණු නිසා,  ඔහුගේ ඉල්ලීම ඉටුකළ හැකි බව පැවසීමි.
කෙටි කතාබහකින් පසු, ඉදිරි  දින දෙකකට පසු, ‘දේශගුණ විපර්යාස’ සාකච්ඡාව, දුරකථනය ඔස්සේ පටිගත කිරීමට අපි තීරණය කර ගතිමු. ඔහුගේ උපදෙස් අනුව අවශ්‍ය  තොරතුරු රැස්කරගත් මා, නියමිත දින නියමිත වේලාවට දුරකථනය ඔස්සේ සාකච්ඡාව ආරම්භ කළෙමි.  සාකච්ඡාව සාර්ථක වූ බව මට දැන්වූ ඔහු එය එම සතියේම ඉරිදා උදේ, බ්‍රිස්බේන්හි  4 EB ගුවන් විදුලි නාලිකාවේ ‘අරුණැල්ල’ වැඩ සටහන   ඔස්සේ විසුරුවා හරින ලදී. මට මේ වන තුරු, තිසර පෞද්ගලිකව හමුවී නැත. එහෙත් අප අතර සුහදතාවයක් හටගත්තේද, බ්ලොග් ලිවීමේ හාස්කම නිසාය. ගුවන් විදුලියේ ප්‍රචාරය වූ එම වැඩ සටහනේ, ඈඳිය (link) මෙසේය: 
Sunday Arunella (2019-09-08)

 

10 comments:

  1. Replies
    1. Dear Angel,
      Thank you for your appreciation. In order to safeguard the quality of Mother Earth as a planet for human beings and all other known organisms (both plants and animals) to live, we all have to do whatever contribution that we can. If not our future will be very gloomy!

      Delete
  2. ඇත්තටම ඒ කෙටි දැනුම්දීමකින් ඒ තරම් සාරවත් සාකච්ඡාවක් කරන්නට පුළුවන් වෙයි කියලා මමවත් බලාපොරොත්තු වුණේ නෑ. නමුත් වැඩසටහන හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ එක්කම ඊලඟ සතියේ වැඩසටහනටත් පරිසරය ගැන කොටසක් ඇතුළු වෙලා තිබුණා. ඒ වගේම මම දැකපු දෙයක් තමයි මූණුපොතේ මගේ මිත්‍රයෝ පසුගිය සති කීපයේ පරිසර අර්බුදය සම්බන්ධ යම් යම් දේවල් ශෙයාර් කරලා තිබුණා. මේ ගුවන් විදුලි සාකච්ඡාව නිසාමයි කියලා කියන්නට බැරි වුණත් මම කැමතියි හිතන්න, එයින් යම් බලපෑමක් වෙන්න ඇති කියලා.

    මම මීට කලින්, රසික, ජගත්, ඉකොනොමැට්ටා වගේ බ්ලොග් නිස දැනගත් අයවත් සාකච්ඡා වලට සම්බන්ධ කරගෙන තියනවා. මම හිතන්නේ ඒ බොහො දෙනෙක් ඒ වනවිට මුණගැහිලා තිබුණේ නෑ. ජගත් සහ රසික පස්සෙ කාලෙක මුණ ගැහුණත්, ඉකොනොමැට්ටා නම් මුණගැසී නෑ. නමුත් දයා මහත්මයාව නම් දවසක මුණගැහෙන්න ඉඩක් ලැබේවි, අපි දුරින් වුණත් එකම රටක ඉන්න නිසා.

    ඉතින් නැවතත් බොහොම ස්තූතියි, කෙටි දැනුම්දීමකින් වුවත් ඉතා ඉක්මනින් සුදානම් වෙලා වටිනා තොරතුරු රැසක් සාකච්ඡාවට එකතු කලාට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර,
      මෙය Blog එකක දැමීමට තරමක් ප්‍රමාද වූවා.තාක්ෂණ දෝෂයක් නිසා.
      FB දැම්මා. එයට හොඳ ප්‍රතිචාර රාශියක්ම තිබුණා. මට ඒ අවස්තාව ලබාදීම ගැන ඔබට නැවතත් ස්තුති කරනවා. මගේ 'කාලගුණ විපර්යාස' පොත මේ වසර අග වන විට මුද්‍රණය සඳහා භාර දීමට සුදානම් කරනවා. එය ලැබුණු පසු ඔබටත් දන්වන්නම්. Blogs මගින් මටත් මිතුරන් රාශියක් හඳුනාගන්නට ලැබුනා. මම මේ ගැනත් තව Blog එකක් ලිවීමට සිතමින් ඉන්නේ.
      ඉදිරියටත් අප දන උගත් කාලින දේවල් ගැන සාකච්ජා කිරීමට අවශ්‍යතාවයක් වුවහොත් දන්වන්න.
      ඔබට ජයම !

      Delete
  3. අලුත් අලුත් මිතුරන් බ්ලොගෙ හමුවූවා
    තවත් වටින සාකච්ඡා ඇති වූවා
    හෙටත් මෙලෙස වටිනා ලිපි ලියවේවා
    එදත් වගෙම ඒ ලිපි හරබර වේවා ...

    සුභ පැතුම් ඔබ තුමාට
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      කලකින් නැවත බ්ලොගයෙදී හමුවූවා
      සතුටුයි හුඟක් තව මිතුදම් වැඩිවේවා
      රස කවි ලියන්නට නිරතුරු හැකිවේවා
      දවසින් දවස දුමි ඔබහට ජයවේවා !

      Delete
  4. නියමයි. මිනිසුන් විසින් ඉතා හානිදායක ලෙස පරිසරයට විනකටින මේ කාලෙ ඔය වගේ වැඩසටහනක් කරන එකට දෙන්නටම ස්තුති කරන්න ඕන.

    ReplyDelete
  5. ස්තුතියි ප්‍රසන්න,
    මේ සඳහා තිසර මට කතා කලෙත් හදිසියේමයි. කෙසේ වෙතත් විෂයය සම්බන්ධව දැනුවත් වී සිටි නිසා ගැලපෙන ආකාරයට විස්තර කළහැකි වුවා. වැඩ සටහන ගැන ධනාත්මක ඇගයීමක් කිරීම ගැන ඔබට අප දෙදෙනාගේම ප්‍රණාමය.

    ReplyDelete