Sunday 25 February 2018

'පරිසරය නිවැරදිව දකිමු' පොත එළි දැක්වීමි.

  මා විසින් රචනා කරන ලද 'පරිසරය නිවැරදිව දකිමු' නමැති පොත මෙල්බර්න් නගරයේ සිංහල සංස්කෘතික සහ ප්‍රජාසේවා පදනමේ, 2018 පෙබරවාරි 11 වන දින පවත්වන්නට යෙදුන හමුවේදී, එළි දක්වන ලදී. 

මෙම පොත පරිසරය පිලිබඳ උනන්දුවක් දක්වන කාටත්. පරිසරයේ සංවේදී භාවය පිලිබඳ අවබෝධයක් ලබාගැනීමට ප්‍රයෝජනවත් විය හැකි වන අතර පරිසර සංරක්ෂණය සඳහා ලොකු කුඩා කාටත් දායක විය හැකි ආකාරයද  මෙහි සඳහන්ය.

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අමතර කියවීම් පොතක් ලෙස භාවිත කළ හැකි මෙම පොත කොළඹ ගොඩගේ සමාගමේ ප්‍රකාශනයකි.


පොතෙහි පිට කවරයේ මිරිදිය පරිසරයක 
ආහාර ජාලයක් පෙන්නුම් කෙරේ.


වසර ගණනාවක් තිස්සේ ඉගෙන ගත්, ඉගැන්වූ, ප්‍රායෝගිකව අත්හදා බැලූ එසේම සමහර අවස්ථා වලදී ලේඛනගත කර තැබූ සංකල්ප, අදහස් සහ දත්ත පොදුවේ කාටත් ගැලපෙන අයුරකින් පෙළ ගැස්වීම  ගැන මෙහිදී කල්පනා කළෙමි. එසේ ආවර්ජනා කළ කරුණු දහ දොළොස් වරක් කපා කොටා අවසානයේදී මෙසේ මාතෘකා එකොලසකට සම්පිණ්ඩනය කර ගතිමි.
·        අපේ වට පිටාව      
·        වට පිටාවේ සියල්ල පරිසරයයි    
·        පරිසරයේ අන්තර් සම්බන්ධතා
·        අපේ ආහාර පරිසරයෙනි 
·        ශක්තිය ලැබෙනුයේ ආහාර වලිනි 
·        අපගේ අපද්‍රව්‍ය මොනවාද ? 
·        පරිසරයේ ජෛව විවිධත්වය      
·        ජලය මහඟු සම්පතකි  
·        පරිසර දූෂණය සිදුවන්නේ කෙසේද?  
·        පරිසරය සුරකිමු   
·        අපේ පරිසර කටයුතු දෙස හැරී බලමු.

   පොත එළි දැක්වීම ඉතාමත් චාම් අන්දමට සිදුකිරීම සඳහා සෑම උත්සාහයක්ම ගත්තෙමි.
    ඒ සඳහා අවස්තාව ලබාදීම වෙනුවෙන් මාද සාමාජිකත්වය උසුලන, මෙල්බර්න් පුරවරයේ සිංහල සංස්කෘතික සහ සමාජසේවා පදනමේ සභාපති තුමා ඇතුළු සියලු දෙනාටම මාගේ ස්තුතිය පුද කරමි. ඒ අවස්ථාවේ ඡායරූප කිහිපයක් පහත දැක්වේ.  


චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දල්වා  පොතෙහි පළමු පිටපත 
සංගමයේ සභාපති  අශෝක දන්තනාරායන මහතාට පිළගැන්වූවෙමි.



පොත පිළිගැන්වීමෙන් පසු එහි අන්තර්ගතය පිලිබඳව 
හැඳින්වීමක් කරමින් සභාව ඇමතීමි.






22 comments:

  1. Replies
    1. ස්තුතියි තඩි,
      යලි ඉක්මනින්ම හමුවෙමු.

      Delete
  2. සුභ පැතුම් තාත්තා! ඊළඟ පොතත් ඉක්මනටම ලියමු.

    ReplyDelete
    Replies
    1. සැලසුම හිතේ තියෙනවා.පටන් ගත්තොත් අවසන් කරන්නම ඕනෑ.

      Delete
  3. නිබ ඳව පරිසරේ තතු අප අතරේම තියා
    ඔබ ලියු ලිපි නිසා අප දැණුමෙන් පිරී ගියා
    තබ නා අඩිය ඉදිරියටම යන්න කියා
    සුභ පතනවා ජය පිට ජය ලැබෙනු කියා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. රැකුණොත් පරිසරය පීඩාවක් නොම වී
      ගහ කොළ සතා සීපාවා පිබිදේ වි
      යන්නට පෙරාතුව ලොව කසලින් යට වී
      පෙරමග ගනිමු බල කණු මෙන් අප පේ වී

      Delete
  4. මගේ හෘදයාංගම සුබපැතුම් දයා මහත්මයා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී.
      සියලුම සහෘදයන්ගේ ශුභාශීර්වාද නිසා තව ලියන්නට සිතෙනවා.

      ඔඅබටත් ජයම!

      Delete
  5. සුබ පැතුම්! ඉදිරියටත් තව තව පොත් ගණනාවක් ලියවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප මල්ලි,
      තව බලාපොරොත්තුවන සැලසුම් තිබෙනවා. ඉදිරියට බලමු.
      ඔබට ජය!

      Delete
  6. ඔබ වන් අයෙකුගෙන් මෙවන් පොතක් එළිදැක්වීම බොහෝ වැදගත් වේවි.
    සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      පොතක් එළි දැක්වීමේදී බාධක රැසක් මතුවෙනවා. ඒ සියල්ල මැඩ ගැනීම සඳහා හොඳින් සැලසුම් කළ යුතුයි. තව අදහස් තිබෙනවා. ඉදිරියට බලමු.

      Delete
  7. සුබපැතුම් !!!!

    ReplyDelete
  8. Replies
    1. ස්තුතියි ඉයන්,
      නැවත හමුවෙමු.

      Delete
  9. Replies
    1. කෝලම් මල්ලි,
      ආඩම්බර වීම ගැන ස්තුතියි, ඒකට මටත් ආඩම්බරයි.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මේ සුබ පැතුමත් පිළිගන්න.

    ReplyDelete
  12. ස්තුතියි මනෝජ්,
    සුබ පැතුම් තව ඉදිරියට යාමට ආශීර්වාදයක්. තවත් උත්සාහ කර බලනවා.

    ReplyDelete