Monday 13 November 2017

අතීත අධ්‍යාපන තොරතුරු ආවර්ජනා 3 - විශ්ව විද්‍යාලයේදී විභාග ‘ඉඟි’ (tips) සහ මතක තබාගැනීමේ පහසුව සඳහා කෙටි ක්‍රම (acronyms)

  විශ්ව විද්‍යාලයයේ පළමු වසර ඉතා ඉක්මනින් ගෙවීයන බව දැනුනි. විෂයය තුනේම සටහන් පොත්, ප්‍රායෝගික සටහන් ආදිය ගොඩ ගැසෙන්නට විය. පාඩම් කළ යුත්තේ කෙසේද, වැදගත් වනුයේ කුමන කොටස්ද යන්න තෝරා බේරා  ගැනීමට නොහැකි තරමේ අවුල් සහගත ගතියක්  ඇතිවිය. මේ සමගම, අපේ සගයින් කිහිප දෙනෙකු පළමු වසරෙන් පසු විශේෂ උපාධි සඳහා අයදුම් කිරීම සහ ඒ සඳහා රහසින් මෙන් සුදානම් වනුද දකින්නට ලැබිණ. මේ සඳහා ඔවුන් බොහෝවිට දේශක ආචාර්ය වරු සමගද විශේෂ කුළුපගකම් දක්වන බවද  දකින්නට ලැබිණ. ශිෂ්‍යාවන්ට  මේ සඳහා විශේෂ දක්ෂ කම් තිබෙන බවක්‌ පෙනුණි. ගම්බද පාසැල් වලින් පැමිණ සිටි අප කිහිප දෙනෙකුට මෙය අරුමයක් විය. එසේ විශේෂ පාඨමාලා තෝරාගැනීම පිළිබඳව කිසි කෙනෙකුගෙන් උපදෙසක්වත් නොලැබිණ. අප කිහිප දෙනෙකුට  නම් අවශ්‍ය වුයේ වසර තුන අවසන් වූ වහාම රැකියාවන් සඳහා යාම මිස විශේෂ උපාධි සඳහා පෙනී සිටීම නොවේ. මේ තරඟකාරී බව නිසා  වසර මුලදී අප අතර තිබුණු  සාමුහිකව කටයුතු කිරීමේ සුහදතා ක්‍රියාවලියද ටිකෙන් ටික ගිලිහි යමින් පැවතින.

මේ අතර පළමු වසර අවසාන මාස දෙක තුනේදී අපගේ සත්ත්ව විද්‍යාව ප්‍රායෝගික වැඩ භාරව සිටි ප්‍රධාන ප්‍රදර්ශකවරයා (Demonstrator) විදේශ ගතවූ නිසා, අප හොඳින් ඇසුරු කළ, ඉතාමත් ප්‍රියමනාප, අවසාන විශේෂ විභාගයට පෙනී සිටි අයෙකු, ප්‍රධාන  ප්‍රදර්ශකවරයා ලෙස පත්කරන ලදී. අප කණ්ඩායමේ සිටි එක් ශිෂ්‍යාවක් සමග ඔහු ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නගමින් සිටින බවද දකින්නට ලැබුණි. මේ නිසාමදෝ ඔහු අප කාටත් සෑම විටම උදව් කළේය. සත්ත්ව විද්‍යාව ප්‍රායෝගික කටයුතුවල අති දක්ෂයෙකු වූ ඔහු පළමු පන්තියේ විශේෂ උපාධියක්‌ ලබා පසුව විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයට තෝරා ගැණින. අපගේ ප්‍රායෝගික විභාගය සඳහා ලැබිය හැකි බොහෝ දේ ගැන ඔහු නිතරම අපට ඉඟි (tips)   දුන්නේය.

අදටත් අමතක නොවී තිබෙන, ඔහු විසින් දෙනු ලැබූ හාස්‍ය ජනක ස්මෘති සටහනක් (acronym) පහත දක්වමි.  එම නම්වල මුල් අකුරු මෙසේය. O O O T T A F A G V.  එම නම් වලින් හැඳින්වූයේ මෝරාගේ  කපාල ස්නායු දහයකි. ඒවා නම්:  Olfactory, Optic, Oculomotor, Trochlear,  Trigeminal, Abducens, Facial,  Auditory, Glossopharyngeal, Vagus  යනුවෙනි. 

අපගේ ප්‍රදර්ශකවරයා එම නම් මතක තබා ගැනීම සඳහා අපට දුන් වාක්‍යය මෙසේය. Oh ........ !!. Only  OncTouch, Tickle  And .........  .....  ........ ........

කෙසේ වෙතත් එහි ඇති හාස්‍යය (ග්‍රාම්‍ය භාවයත්)  නිසාම වසර හැටක් පසුවුවත් එය  තවම මතක තිබේ. මෙම ප්‍රධාන ප්‍රදර්ශකවරයා දෙවන වසරේදී  අපගේ ප්‍රියතම සත්ත්ව විද්‍යා ආචාර්යවරයා විය. ඊට පසුව වුවද ඔහුගේ හාස්‍ය ජනක කියමන් සහ විභාග ‘ඉඟි’ අපට ඉතාමත් ප්‍රයෝජනවත් විය. 

ඔහු ඉඟි කළ පරිදි, පළමු වසර අවසාන ප්‍රායෝගික පරීක්ෂණයේදී අප කණ්ඩායමේ කිහිප දෙනෙකුටම මෝරාගේ කපාල ස්නායු කිහිපයක් විච්ඡේදනය කිරීම අනිවාර්ය ප්‍රායෝගික ප්‍රශ්නයක් ලෙස ලැබුණි. (සතුන්ගේ කපාල ස්නායු පද්ධතිය පරිණාමයේ මුලික අවස්ථාවක් ලෙස අධ්‍යයනය කිරීමට මෝරා උදාහරණයක් ලෙස ගනු ලැබේ.) විච්ඡේදනයේ,  විශාල රුප සටහනක් ඇඳ කොටස් නම් කිරිමද, එම ස්නායු ගමන් කරනුයේ කුමන ස්ථාන වලටද යන්න දැක්වීමද  අත්‍යාවශ්‍ය වීය. මට ලැබුණේද  එම විච්ඡේදනයමය.

මෝරාගේ කපාල ස්නායු පද්ධතිය.

ඔහු විසින් විස්තර කරන ලද ආකාරයත්, අපට කියාදුන් ස්මෘති සටහනක් (acronym) නිසා විච්ඡේදනය පසුවෙන්ම අවසන් කළ හැකි විය. මේ සඳහා මට සම්පූර්ණ ලකුණු ලැබෙන්නට ඇත.

විශ්ව විද්‍යාල වල සමහර ජේෂ්ඨ කථිකාචාර්ය වරු, පළමු වසර අවසාන විභාගය සහ පාඨමාලා අවසාන විභාගය සඳහා පුනරීක්ෂණ දේශන පවත්වන අවස්ථාවලදී තෝරාගත් මාතෘකා වලට ‘තරු’ (***) ලකුණු දමති. බොහෝවිට ‘තරු’ දෙකක් හෝ තුනක් වැටෙන විෂයය කරුණු අනිවාර්යයෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර වලට ඇතුලත්වනු නොඅනුමානය. අපට මෙම වාසිය ලැබුණු අවස්ථාද කිහිපයක් ඇත. 

වර්තමානයේද, විවිධ විෂයය වල  යම් යම් වචන මාලාවන් මතක තබා ගැනීම සඳහා විවිධ කෙටි ක්‍රම භාවිත කරනු දකින්නට ලැබේ. කලින් සත්ත්ව විද්‍යාවේ සඳහන් කළ ස්මෘති සටහන වැනි වාක්‍ය විද්‍යා විෂයයන්හි බහුලය.   මෙයින් රසායන විද්‍යාවේ ආවර්තිතා වගුවේ මුල් මූල ද්‍රව්‍ය  විස්ස (අපොස සාමාන්‍ය පෙළ සඳහා අවශ්‍ය වනුයේ මුල් මූල ද්‍රව්‍ය  විස්ස පමණකි) පහසුවෙන් මතක තබාගැනීමට  පාසැල් සිසුන් අතර ජනප්‍රිය නව පන්නයේ ස්මෘති සටහන් දෙකක් මට  පාසැල් සිසුවෙකුගෙන්ම ලැබුණි. ඒවාද මෙහි ඇතුලත් කිරීම යෝග්‍යයයි සිතුවෙමි.




ඉහත දක්වා ඇති පරිදි  පළමු මූල ද්‍රව්‍ය   විස්ස  හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන් ........ ආදී වශයෙන්  දක්වා තිබේ.   අපොස සාමාන්‍ය පෙළ විභාගයට  සුදානම් වන ඕනෑම ශිෂ්‍යයෙකු මේවා මතක තබා ගැනීම පිණිස නොයෙකුත් උපක්‍රම යොදා ගනු ඇත. Acronym හෙවත්  ස්මෘති සටහනක් යොදා ගැනීම මෙයින් එක් උපක්‍රමයකි.   



 එයින් එක් ස්මෘති සටහනක් මෙසේය.

(හා, හි, ලියන්න බැරිනම් බත් කාපන්, නැත්නම් ඔලුව පලනවා නියනෙන්. සෝමා මගේ අල්ල සිප පොඩ්ඩක් සනසනු කෙල්ලේ, ආදර පොම්ප කැලේදී.)




(හයි  හිල්ස් ලිට්ල් බෙනි, බොනකොට, කනකොට, නානකොට ඔයාගේ පොටෝස් නියමයි. නංගි, මගේ අල්ල සි ප සනසන කෙල්ල, අර කොල්ලට කැමතිලු)

මේවා සකස් කළ අයට මාගේ ප්‍රණාමය ! 

ඉංග්‍රීසියෙන්ද මුල් මූල ද්‍රව්‍ය විස්ස මතක තබාගැනීම සඳහා භාවිත කරන ස්මෘති සටහනක් අන්තර්ජාලයෙන් ලබාගතහැකි විය. එය මෙසේය. 

               Happy  Henry  Lives  Beside  Boron  Cottage,  Near  Our  Friend  Nelly

              Nancy  Mg- Allen.  Silly   Patrick  Stays  Close.  Arthur   Kisses    Cathy.

ඉංග්‍රීසියෙන්ද මුල් මූල ද්‍රව්‍ය විස්ස

ඉංග්‍රීසි භාෂාවේ භාවිත වන panagram යන නමින් හඳුන්වනු ලබන භාෂාවේ සියලුම අකුරු එකම වාක්‍යයක යෙදීමද තවත් සුවිශේෂී ස්මෘති සටහන් වර්ගයක් ලෙස සැලකිය හැකිය. ඉංග්‍රීසියේ යෙදෙන

"The quick brown fox jumps over the lazy dog"   

යන අර්ථයක් සහිත වාක්‍යයේ භාෂාවේ සියලුම අකුරු භාවිත කර තිබේ. කලකට පෙර බහුලව භාවිතවූ යතුරු ලියන අකුරු පුවරු වල සහ වර්තමාන පරිගණක අකුරු පුවරු වල නිරවද්‍ය භාවය තහවුරු කිරීමට මෙම වාක්‍යය උපයෝගී කර ගැනේ. එසේම පරිගණක වල විවිධ අකුරු වර්ග වල (Fonts) හැඩතල පෙන්වීමේ සරල ක්‍රමයක් ලෙසද මෙම වාක්‍යය භාවිත කරනු ලැබේ.


ඉහත සඳහන් කළ වාක්‍යයේ ඉංග්‍රීසි හෝඩියේ සියලුම අකුරු තිබෙන නිසා පරිගණක වල භාවිත කිරීම සඳහා සකස් කර ඇති  හැඩතල දෙකක්

අක්ෂර 54 ක්‌ තිබෙන සිංහල හෝඩියෙන්ද මෙවැනි panagram සකස් කිරීමට උත්සාහ කර බලමුද?







30 comments:

  1. ඔබතුමන්ලාට විෂය දන්නා ආචාර්යවරුන්ගෙන් උගැනීමට ලැබීම භාග්‍යයකි. ඔබතුමා විෂය නොදන්නා අයගෙන් ඉගෙනගෙන තිබේද? ඒක ඔයිට වඩා පන යන වැඩකි. එහිදී අදාල ආචාර්යවරුන්ට නිතර දවසේ වෙලාව අනුව සුභ පැතීමෙන්, ඔවුන්ගේ ප්‍රශ්න පත්‍ර බලාදීමෙන් අදාල විශයට ඉහල ලකුණු ගන්නට පුළුවන් විය. ඒ වෙනුවට පුස්තකාලය පීරා අන්තර්ජාලය හාරා කරුණු රැස්කර ලියූ අය පහල වැටිනි. හැබැයි එම දැනුම එකතු කර ඊළඟ පන්තියේ සිසුන්ට එයින් පහර දෙන ලදී. ඔන්න ඔහොමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග,
      වැදගත් ප්‍රශ්නයක්නේ. එහෙම විෂයය දන්නේ නැති ගුරුවරුත් විශ්ව විද්‍යාල වල ඉන්නවාද? අපේ කාලේ නම් සියල්ලටම තිබුනේ පුස්තකාලය විතරයි. අන්තර්ජාලය ගැන අහලාවත් නැහැ.විෂයය ගැන ඕනෑම ප්‍රශ්නයක් නිරාකරණය කරන්නට අචාර්ය වරුන්ට හැකියාව තිබුනා.

      Delete
  2. මිටි මිටි ගණන් පාඩම් ඇති වෙලාවට
    කොටි වලිගයක්දෝ කියලා හිතෙයි මට
    කෙටි ක්‍රම අපිත් ආසාවෙන් පාඩමට
    හිටි හැටියේම දාගන්නව පහසුවට....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,
      දේශ න වලට කන්දී ලියන සටහන
      සෑහෙන දුරට දැනුමට පිළිසරණ වන
      ධාර ණ කරගන්ට පහසුව නොහැකි වන
      කාර ණ වලට මේ තොරතුරු පිහිට වන

      ඔබට ජය !!

      Delete
  3. ස්තුති පුර්වකව ඔබගේ ලිපි ඉතා ආශාවෙන් කියවන බව පැවසීමට කැමැත්තෙමි.

    ලිපිය කියවුපසු සොයා බැලීමේදී මේ හා සමාන පහත තොරතුරු හමුවුණා. කෙනෙකුට වැදගත්වේවි යැයි සිතා මෙහි සටහන් කරමි.

    https://kumudupinto.wordpress.com/2010/06/10/%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8-%E0%B7%80%E0%B6%A0%E0%B6%B1-10%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%B1%E0%B7%94-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%B1/

    https://www.youtube.com/watch?v=ySZ3Pk6oKqI

    (සමාවන්න link එකක් ලෙස යොදන අයුරු නොදනමි.)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Unknown,
      මම ලියන දේවල් සියල්ලම සත්‍ය දේවල්. ඒවායින් ලැබූ ආශ්වාදය සහ ජිවිතයට සම්බන්ධ කරගත් දේ බොහෝයි.
      ඔබගේ links බැලුවා. මගේ ලිපියට පසු තවත් එවැනි acronyms ඔබ වැනි අය විසින් ඉදිරිපත් කරන බව මා දන සිටියා. විනෝද වීම සමගම දැනුම ලබාගැනීමටත් ඒවා ප්‍රයෝජනවත් වේවි.

      Delete
  4. කපාල ස්නායු සඳහා 40 ක් !!

    http://nursingcrib.com/anatomy-and-physiology/40-tips-and-mnemonics-in-remembering-the-12-cranial-nerves/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,
      ඔබ දුන් Link ඒකෙන් 40 ම කියවලා බැලුවා. ඒ කාලේ අපේ ගුරු තුමා දුන් එකත් ඒ අතර තිබෙනවා. ඒකේ 12-cranial-nerves/ කියන්නේ මිනිසාගේ. මෝරාට තිබෙන්නේ යුගල් දහයයි.

      Delete
  5. ආවර්තිතා වගුව වගේම සක්‍රියතා ශ්‍රේණියටත් පොත්ත බේරුණු කැහැටු සෝමගෙ.... ලෙස ස්මෘති සටහනක් හ් කාලයේ අපි පාවිච්චි කළා. කවුරු උනත් ඒව නිර්මාණය කළ අයට ස්තුතිවන්ත විය යුතුයි.

    යම් විෂයයක් හොඳින් ධාරණය කර ගැනීමට උගන්වන ගුරුවරයා සහ ශිෂ්‍යන් අතර ඇති බැඳීම වැදගත් කාරණයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      සක්‍රීයතා ශ්‍රේණියේ ස්මෘති සටහනත් හරි ප්‍රයෝජනවත්. O level වලදීත් විද්‍යුත් රසායන විද්‍යා එකක යේ මේ ගැන ප්‍රශ්න කරනවා. මෙසේ අලුත් දෙයකින් ඉගෙන ගන්නා දේ කවදාවත් අමතක වෙන්නේ නැහැ.
      විද්‍යාව හැර අනික් විෂයය වලත් මේවා තිබෙනවා ඇති නේද?

      Delete
    2. සක්‍රීයතා ශ්‍රේණිය ට මම පාවිච්චි කරේ මම ම හදා ගත්ත එකක්.. ඒක තාම මට මතකයි..

      පොලිසිය සොයපු කැලෑ මැගී අල්ලපු සිරී පාරේ වැටිලා ලෙඩේ.. තඹ රසදිය සිල්වර් ප්ලැටිනම් රත්තරං.. (අන්තිම ටික මුලද්‍රව්‍ය වලින්ම)

      පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සින්ක්, ෆෙරස්, ටින්, ලෙඩ්, කොපර්, මර්කරි, සිල්වර්, ප්ලැටිනම්, ගෝල්ඩ් .. වැඩේ කියන්නේ මේ සමහර ඒවගේ සංඛේතවත් දැන් මතක නෑ ඒත් මේක මතකයි.. :)

      Delete
    3. ඒක තමයි ස්මෘති සටහනක තිබෙන වැදගත් කම. මුල් දේ අමතක උනත් එයට අදාලව භාවිත කළ වචන අමතක වෙන්නේ නැහැ

      Delete
  6. උසස්පෙළ කාලේ අපිට තර්ක ශාස්ත්‍රයේ නියමයක් මතක තබා ගන්න මේ වගේ acronym එකක් ඉගැන්නුවා යන්තම් මතකයි. ඒක හැදිලා තිබුණේ දාර්ශනිකයන්ගේ නම් වලින්. ඒ නිසා දැන් ඒ නියමේ වත්, නම් ටික වත් මුකුත්ම මතක නැහැ! පුංචිම කාලේ දිශා අට මතක තියාගන්න නම් හැමෝම මේ වගේ කවියක් කට පාඩම් කරලා තියෙනවා මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. උපුල් ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්
      වෙන්න ඇති.

      Delete
    2. ස්තුතියි මලි දුව,
      මටනම් හිතෙන්නේ තර්ක ශාස්ත්‍රයේ තිබෙන බොහෝ දේවල් ගලපලා තිබෙන්නේ Acronyms සහ Mnemonics වගේ දේවල් වලින් කියලයි.
      ආවර්තිතා වගුවටත් සිංහල සින්දුවක් තිබෙනවා U Tube එකේ දැක්කා. ඒ උනාට ඒකේ Silicon සහ Sulphur ස්ථාන මාරුවෙලා

      Delete
    3. ප්‍රසන්නගේ Acronym එකත් නිතරම ප්‍රයෝජනවත් වෙනවා. විභාග වලදී බොහෝ අය නිරිත සහ ඊසාන වරද්දනවා.
      ඉංග්‍රීසියෙන් News කියන වචනය හැදිලා තිබෙන්නේ 'අලුත් ආරංචි'කියන තේරුම ඇතිව බවයි බොහෝ අය සිතන්නේ. ඒ උනාට එය සකස් කර ගෙන තිබෙන්නේ North East West South (N E W S) යන ප්‍රධාන දිශා හතර මුල් කර ගෙනයි.

      Delete
  7. කෙටි ක්‍රම හින්දා පිළිවෙල බේරෙනවා

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන්ම විභාග සඳහා පහසුවෙන් මතක තබාගැනීමට

      Delete
  8. මේක නියමයි.. අර අන්තිම අභියෝගෙට හා කියන්න කලින් සිංහල බාසාවේ හෝඩිය කට පාඩම් කරගෙන ඉන්න ඕනි.. :))))))))

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ,
      මුලින්ම, සිංහල හෝඩියේ සරලම ආකාරය අරන් බලමු. ස්වර 12 අ, ආ,.... ආදිය සහ ව්‍යංජණ අක්ෂර ක, ග, ජ,..... ආදී 23 ගත් විට අකුරු 35 යි. මේ අකුරු වලින් Acronym එකක් හැදුවොත් හරිම දක්ෂ කමක් වේවි. උත්සාහ කර බලමු.

      Delete
  9. අර වගේ සක්‍රියතා ශේණිය පාඩම් කළා අපි.
    "පොටෑටා්ස් සෝස් එක්ක කැහැටු මැගිය අනල කාල
    ඇලිසගෙ සිංදුවට යකඩ කූරෙං ටිං එකට ගහල
    ලෙඩක් දමාගෙන හයියෙං තඹ රසදිය රිදී කියල
    ප්ලැටිනම් පෑනෙං රත්‍රන් මාලය ගෙදරින් පන්නල"

    (පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම්
    ඇලුමිනියම් සිංක් යකඩ ටින්
    ලෙඩ් හයිඩ්‍රජන් තඹ රසදිය රිදී
    ප්ලැටිනම් රත්‍රන්)

    ඔව්ව අපිට කියා දෙන්න කවුරුවත් හිටියෙ නෑ. පත්තර වලිං පොත් වලින් සහ පරිකල්පනයෙන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Draki,
      කොයි තරම් අගේද? කොම්පියුටරයටම වාල් නොවී මේ ආකාරයට යම් යම් දේ ඉගෙනීමට සහ මතක තබා ගැනීමට තමන්ගේම ක්‍රම වේදයන් උපයෝගී කර ගැනීම හරි වටිනවා. ම‍ා හිතන්නේ දැන් ළමයින් මෙසේ කරනවා අඩුයි.

      Delete
  10. අවර්තිතා වගුව පාඩම් කරන්න අපිත් එකක් පාවිච්චි කළා .
    "හද්ද හිතල ලිවේරිස් බෙලෙක් බෝතල් කාල නටනවා
    ඔන්න ෆ්‍රයිඩේ නිවට සෝම මගියා ඇලිසට සින්දු පොවනවා "
    තවමත් මතකයි ..කියලා දුන්නේ විද්‍යාව උපකාරක පන්ති ගිය රන්ජිත් බටුවත්ත ගුරු පියාණන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමිඳු,
      අදයි comment එක දැක්කේ.
      එකම දේ මතක් තබා ගැනීම සඳහා එකිනෙකට වෙනස් ක්‍රම සකස් කර ගැනීමට අපේ අයට පුදුම හැකියාවක් තිබෙන බව පේනවා. අවුරුදු පනහකට ඉස්සර අපට කියාදුන් Acronym එක මට තවම මතකයි.

      Delete
  11. ස්මෘති සටහනට වැඩියෙන්ම ගැලපෙන ඉංග්‍රීසි වචනය මට තේරෙන විදියට mnemonic යන්නයි. ලංගම ගොද්‍රස ගනිසම acronyms වේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හේසන්ත,
      මගේ බ්ලොග් සටහන ලියා වසර දෙකයි මාස දෙකකට පසුවයි මේ ඔබ අමතන්නේ. ඔබ හරියට හරි. ස්මෘති සටහනට වැඩියෙන්ම ගැලපෙන ඉංග්‍රීසි වචනය mnemonic තමයි. ඔබගේ ප්‍රතිචාරය මට කියවන්නට අමතක වෙලා. ඒ ගැන කණගාටුයි.

      Delete