Thursday 13 July 2017

බ්ලොග් පෝස්ට් එකකින් සන්නස පුවත් පතට.....


   මෙය අධ්‍යාපන රසකතා වලින් තරමක් එහාට ගිය නවතම තොරතුරකි. දශක කිහිපයක් ඈත අතීත සිදුවීම් අතරට මෙම තොරතුර ගෙන ඒමට බොහෝ අය දායක වී ඇත. මට මුලින්ම  බ්ලොග් හඳුන්වා දුන්නේ අප දියණිය මලී ය. මා ලියන දෙයට   සුබ පතා නිතර  දිරිමත් කරණ  රවී, රසික, දුමි, තිසර, ප්‍රසන්න. මනෝජ් ඒ අතර වෙති. මගේ සටහනක් කියවා  බ්ලොගය  වැඩි පිරිසකට හඳුන්වා දුන්නේ ඉයන්ය. 
 කවි මතකයන් අවදි කලේ දුමිය. මගේ පනස් වැන්නෙන් මේ සැමට ප්‍රණාමය දැක්වීමි.                                                       



 මේ අතර රසික සහෘදයා  මා සන්නස සංස්කාරක ජගත් එදිරිසිංහයන්ට හඳුන්වාදෙන ලදී. සන්නසට යමක් ලියන ලෙස ඔහු කළ ඇරයුම සතුටින් භාර ගතිමි. මාගේ මුල්ම ලිපිය සන්නස ජුලි කලාපයේ පළවිය. දශක හතරකට පමණ ඉහතදී සිදුවූ අති භයානක ගුවන් යානා අනතුර ඇසින් දුටු කෙනෙකු ලෙස එම සටහන තැබීමට හැකිවීම ගැන සතුටු වෙමි. කියවීමට ප්‍රිය මනාප ආකාරයකින් එය පත්‍රයේ පළ කිරීම ගැන සංස්කාරක තුමාට  මාගේ ස්තුතිය පිරිනමමි. එසේම මා උනන්දු කළ සැමටම මගේ ප්‍රණාමය පුද කරමි. මේ සියලු දෙනාම මගේ නොදුටු මිතුරන් වී  ඇත. කියවන සියලු දෙනාද එසේමය. ඉදිරියේදී තව ලිවීමට බලාපොරොත්තු වෙමි

සන්නස පත්‍රයේ පළකර ඇති ලිපිය සන්නස ජුලි කලාපයේ 20 වන පිටුව    ඔස්සේ කියවිය හැකිය.


13 comments:

  1. පත්තරේත් ගියා එහෙනම්...:)

    "දායාවී" ගේ සැබෑ නම දැනගතිමි....;)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      ඒකනේ! නොසිතු දෙයක්. හදිසියේම ගන්නට සිදුවූ තීරණයක්.
      පොදු මාධ්‍යයෙන් අනන්‍යතාව සඟවන්නට බැහැනේ.

      Delete
  2. දකින මොහොතක් නොමැතිවූවද මිතුරුකම් හදවත බැඳේ
    ලියන සටහන් කියව යනවිට නතරවන්නට හිත නොදේ
    පෙනෙන විට සන්නසේ ලිපියද සතුට උතුරා ගත ඇදේ
    කියන ලෙස තව ලියනු හෙට දින කවි කියන්නට එමි හොඳේ......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      රාජකාරි කටයුතු ටික ඉවර කො ට
      විවේකයෙන් සිටිනා විට රටක පි ට
      ඔබ දුන් දිරිය පෙරදැරි කර ගෙනම ම ට
      තව තව හිතෙනවා රස කවි ලියන්න ට

      ඔබට ජයම!

      Delete
  3. සුභ පැතුම්. මම ඉන්නේ බ්‍රිස්බේන්. අපිටත් සන්නස ලැබෙනවා. රසිකත් පත්තර කීපයකටම කොලම් ලියනවා. ඉඩ ලැබෙන හැටියට අපිත් කියවනවා. ඔබට ඉදිරි කාලය බොහොම කාර්යබහුල වේවි වගේ :)

    ReplyDelete
  4. ස්තුතියි තිසර,
    විශ්‍රාම ලබා සිටින නිසා විවේකය තිබෙනවා.කියවීමට ලිවීමට අමතරව සිංහල සංස්කෘතික සංගමය සමග සම්බන්ධ වීත් වැඩ කරනවා.

    ReplyDelete
  5. @ All
    දයාවී ලියන "ආ මග සටහන්" නම් සන්නස නව තීරු ලිපියේ මුල් අංකය මෙතැනින් කියවිය හැකිය.

    http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page20.pdf

    http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page28.pdf

    ඒ සන්නස සඟරාවේ පිටපත් සුරකුම් ස්ථානයයි (archives).

    මේ ලිපියේ දයාවී විසින් යොදා ඇති ස්ථාන යේ [http://www.ketapathpawra.com/viewer.htm] මේ ලිපිය කියවිය හැක්කේ ඊළඟ මාසයේ සඟරාව පිටවෙන තුරු පමණි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      සන්නස කියවන අයටත් මටත් archives ගැන පැහදිලි කිරීමක් කර දීම ගැනද වෙනම ස්තුතියක්. මා මෙය සටහන් කරගත්තා
      අගෝස්තු කලාපයටත් "ආ මග සටහන්" ලිපියක් ලිවීමට බලාපොරොත්තු වෙනවා.
      ඔබට ජයම!

      Delete
  6. සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay

      නැවත හමුවෙමු.

      Delete
  7. අගෙයි. සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      ඉක්මනින්ම යළි හමුවෙමු.

      Delete
  8. සුභ පැතුම්

    ReplyDelete