ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ, අහමදාබාද් නගරයේ, ශ්‍රී ජවහර්ලාල් නේරු පරිසර අධ්‍යාපන මධ්‍යස්ථානයේ පැවැත්වූ පරිසර අධ්‍යාපන සමුළුවකට සහභාගී වීමට මට අවස්ථාවක් ලැබුණි. එවකට මා සේවය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යංශය යටතේ පැවතී ‘නොරාඩ්’ (NORAD) පරිසර ව්‍යාපෘතියේ වැඩ සටහන් නිලධාරි වරයා ලෙසටය.
එම මධ්‍යස්ථානයේ පවත්වන ලද ආරම්භක පරිසර අධ්‍යාපන පර්යේෂණ වැඩ සටහන මෙය විය. මේ
පිලිබඳව පරිසර අමාත්‍යංශයට දන්වා තිබුණු
ලිපියකට අනුව සමුළුවට සහභාගී වීම සඳහා මා නම් කරන ලදී.
ශ්‍රී ජවහර්ලාල් නේරු පරිසර අධ්‍යාපන මධ්‍යස්ථානය
සමුළුවට කලින් දින, ශ්‍රී ලංකාවෙන් පිටත් වූ මට මදුරාසියෙන් ගොඩ බැස, මදුරාසියේ සිට බොම්බායටත් බොම්බායේ සිට අහමදාබාද් නගරයටත් අභ්‍යන්තර ගුවන් සේවා මගින් යාමට සිදුවිය. අහමදාබාද් නගරයේ කුඩා හෝටලයක එදින නවාතැන් ගත් මා හට පසුදින උදයේම, සමුළුවට යාම සඳහා වාහනයක් එවා තිබුණි.සමුළුව හරියටම පෙරවරු 8.00 ට ආරම්භ විය. ආරම්භක සැසියේ ප්‍රධාන අමුත්තා වූ ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍යවරයා ගුජරාට් භාෂාවෙන් සහ ඉංග්‍රීසියෙන් සිය දේශනය කළේය. විනාඩි පහකට පමණ සීමාකළ ඔහුගේ දේශනයේදී, අනාගතයේදී බලාපොරොත්තු විය හැකි ස්වාභාවික විපත් ගැන සඳහන් කර ඒවා කළමනාකරණය සඳහා දරුවන් වහ වහා යොමු කළ යුතු ආකාරය ගැන කදිම විස්තරයක් කරන ලදී.
ඉන්දියාවේ ප්‍රාන්ත සියල්ලෙන්ම පරිසර අධ්‍යාපන
නියෝජිතයින් (ගුරුවරු සහ නිලධාරින්) පැමිණ සිටියහ. විදේශිකයෙකු සිටියේ මා පමණකි.
සියලු දෙනාම බිම එලන ලද පැදුරු මත වාඩිවී, දේශන
වලට සවන් දීම එම සමුළුවේ විශේෂත්වයක් විය. මට වාඩිවීම සඳහා මිටි පුටුවක් දුන් නමුත් මා,
බිම වාඩිවී සිටිය හැකි බව පවසා එය බැහැර කළෙමි. කාල සටහනට අනුව පළමු සැසියේ වුයේ
එක් එක් නියෝජිතයාගේ ප්‍රාන්තයේ පරිසර අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව කෙටි
විග්‍රහයක් කිරීමයි. එම අවස්ථාව එළඹී විගසම කාටත් අවශ්‍ය වුයේ එකම විදේශික අමුත්තා
වූ මගෙන් ශ්‍රී ලංකාවේ පරිසර අධ්‍යාපනය ගැන දැනගැනීමටයි. මට කළ ආරාධනය සතුටින් භාර
ගතිමි. මා හට අපේ පරිසර ක්‍රියාකාරකම් ගැන මනා අවබෝධයක් තිබුණු නිසා ඉතා හොඳ
විස්තරයක් කළ හැකි විය. එය අසා කව්රුත් සතුටට පත්වූහ.
සමුළුව සඳහා තිස් හය දෙනෙක් සහභාගී විය. තුන් වන දිනය වන විට සියල්ලෝම වගේ මා සමග ඉතා කුළුපග විය. මෙම සමුළුවට සහභාගී වුවන්ගේ තවත් විශේෂත්වයක් වුයේ පිරිසේ අය විවිධ ප්‍රාන්ත භාෂා කථා කරන අය වීමයි. කාටත් පොදු භාෂාව වුයේ ඉංග්‍රීසි යි. පිරිමින් කලිසම, ෂර්වානිය, හෝ පන්ජාබි ඇඳුම ඇඳ සිටියහ. තලප්පාව බැඳගත් එක් අයෙක් සහ සුදු පැහැති මුස්ලිම් හිස් වැසුම පැළඳි දෙදෙනෙක්ද විය. පිරිසේ සිටි කාන්තාවන් කිහිප දෙනාද සාරිය, සල්වාරිය, ඩෙනිම් කලිසම වැනි විවිධ ඇඳුම් ඇඳි අය වුහ.
සමුළුව සඳහා තිස් හය දෙනෙක් සහභාගී විය. තුන් වන දිනය වන විට සියල්ලෝම වගේ මා සමග ඉතා කුළුපග විය. මෙම සමුළුවට සහභාගී වුවන්ගේ තවත් විශේෂත්වයක් වුයේ පිරිසේ අය විවිධ ප්‍රාන්ත භාෂා කථා කරන අය වීමයි. කාටත් පොදු භාෂාව වුයේ ඉංග්‍රීසි යි. පිරිමින් කලිසම, ෂර්වානිය, හෝ පන්ජාබි ඇඳුම ඇඳ සිටියහ. තලප්පාව බැඳගත් එක් අයෙක් සහ සුදු පැහැති මුස්ලිම් හිස් වැසුම පැළඳි දෙදෙනෙක්ද විය. පිරිසේ සිටි කාන්තාවන් කිහිප දෙනාද සාරිය, සල්වාරිය, ඩෙනිම් කලිසම වැනි විවිධ ඇඳුම් ඇඳි අය වුහ.
අපට දින පතාම විවිධ පරිසර පද්ධති නිරීක්ෂණය
කිරීමටත් ඒවායේ විවිධ අධ්‍යයන කිරීමටත් පහසුකම් සලසා තිබිණ. අප ක්ෂේත්‍ර අධ්‍යයන
වල නිරත වූයේ කුඩා කණ්ඩායම් වශයෙනි. දින
පතාම අධ්‍යයන කණ්ඩායම වල සිටින පිරිස වෙනස් කළ නිසා සෑම කෙනෙක් සමගම සුහදව කටයුතු
කිරීමට හැකිවිය. මෙම පරිසර අධ්‍යාපන ආයතනය පිහිටි භුමිය අක්කර පණහක පමණ විශාල ප්‍රදේශයකි.
එම මුළු ඉඩමම කොහොඹ ගස් වලින් පිරුණු වනාන්තරයක් බඳු විය, ඒ වන විට ශීත ඍතුව එළඹ
තිබුණු නිසා බිම පතිත වි තිබුණු ඉදී ගිය කහ පැහැති කොහොඹ කොළ නිසා මුළු ප්‍රදේශයම කහ
පැහැති පළසකින් වසා ඇති අයුරු දිස්විය
මෙහි තවත් සුවිශේෂී දෙයක් වුයේ එම වන අරණ පුරාම
මොණරුන් සිය ගණනක් සිටීමයි. වරින් වර සම්මන්ත්‍රණ ශාලාව ඇතුළතටද එන මොණරු වැඩ
කටයුතු වලටද තරමක් බාධා පමුණුවති. එහෙත් කිසිවකු ඒවා නොසලකා හරිති. කෙසේ වෙතත්
මොණරකු ඉඳහිට පිල් විදහා නැටීම කාටත් ආශ්වාද ජනක දර්ශනයක් විය.
රංචුවෙන් වෙන්වී හුදකලාවේ සිටි රිළවෙකු සහ
මොණරුන් අතර තිබුණු මිත්‍රත්වයක්ද විශේෂයෙන් සඳහන් කිරීම වටි. මොණරුන් වතුර බිම
සඳහා ජල කරාමයක් වෙත ආ විට මෙම රිළවා කරාමය ඇර ඔවුනට වතුර බිමට සලස්වා ආපසු කරාමය
වසා දැමීම මෙහිදී දකින්නට ලැබුණු අරුම පුදුම දර්ශණයකි. ජලය අපතේ නොයැවීමේ
වැදගත්කම රිළවා පරිසර අධ්‍යයනයක් බලා
සිට ඉගෙන ගත්තාදැයි කිසිවෙකු නොදනිති.
සමුළුව පැවතී මුළු සතියේ සෑම කෑම වේලක්ම නිර්මාංශ
ආහාර වීමද මෙහි තවත් සුවිශේෂී දෙයකි. අපේ
ආහාරයක් සාදන ආකාරය පිළිබඳව ආපන ශාලා අංශයට විස්තර කර දෙන ලෙස මගෙන්ද ඉල්ලීමක් කරන ලදී. මම පොල් සම්බලයක් සාදන ආකාරය
කියා දුන්නෙමි. එය කිහිප දෙනෙකුට අමුත්තක් නොවිය. කෙසේ වෙතත් කවුරුත් පොල් සම්බලය
රස කර කර ඉඳි ආප්ප සමග භුක්ති වින්දහ. මේ අයුරින් ඉන්දියාවේ එක් එක් ප්‍රාන්තවල
ආහාර එම සතිය තුළදී අපගේ කෑම වේල් වලට එකතු වීම නිසා ආහාර රසයෙහි විවිධත්වයක්ද විඳින්නට හැකිවිය.
වැඩ මුළුවේ දී විශේෂ අවධානය යොමු වූයේ පරිසරයට
අදාළ නව සංකල්ප පාසැල් විෂයය මාලාවලට අන්තර්ග්‍රහණය
කිරීම පිළිබඳවයි. මෙහිදී ප්‍රාථමික සහ කණිෂ්ඨ ද්විතිය අවදියේදී, සිසුනට සමුහ ක්‍රීඩා ආශ්‍රිතව ආහාර
දාම, ආහාර ජාල, පරිසර සංරක්ෂණය, අපද්‍රව්‍ය කළමනාකරණය ආදී සංකල්ප ඉදිරිපත් කිරීමේ
වැදගත් කම පෙන්වා දෙන ලදී. එසේම ‘ඉවත’ යනුවෙන් තැනක් නොමැති බවත් ‘ඉවත දැමීම’ යන
අදහස පරිසරයට බෙහෙවින් හානිකර වීම ඒත්තු ගැන්විය යුතු බවත් අවධාරණය කරන ලදී.
සමුළුවේ අවසාන රාත්‍රියේ පැවතී සුහද හමුවේදී,
තමන් සම්බන්ධ වූ සාර්ථක පරිසර ව්‍යාපෘතියක් විස්තර කිරීමට සිදුවිය. මා විස්තර කළේ 1995 වසරේදී,
පරිසර අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කළ, ‘පරිසර දුම්රිය’ වැඩ සටහනයි. මෙම
වැඩ සටහනෙහි දී, දුම්රිය ගමන සඳහා තෝරාගත්
පාසැල් සිසු සිසුවියන් තුන් සියයක් පමණ රැගෙන කොළඹ සිට මහනුවර දක්වා
ගිය දුම්රිය ගමනට එකතුවූ විද්වතුන් කිහිප
දෙනකු, විසින් මග තොටේ පරිසර අසිරිය ශබ්ද විකාශන ක්‍රමවේද
මගින් සියලුම සිසුනට පැහැදිලි කරණ ලදී.
අපගේ එම ව්‍යාපෘතිය සමුළුවට සහභාගී වූ කාගේත්
පැසසුමට ලක් විය.
//අනාගතයේදී බලාපොරොත්තු විය හැකි ස්වාභාවික විපත් ගැන සඳහන් කර ඒවා කළමනාකරණය සඳහා දරුවන් වහ වහා යොමු කළ යුතු ආකාරය ගැන කදිම විස්තරයක් කරන ලදී.// ඒ ඉන්දියාවෙනෙ. හැක්..
ReplyDeleteස්තුතියි ප්‍රසන්න.
Deleteඔබ විශේෂයෙන් සඳහන් කර තිබෙන කරුණ අපටත් හරිම වැදගත්. අනාගතය දකින නායකයින් සිටින එවැනි රටවල කියන දේ කෙරෙනවා. පරිසරය ගැන දැනුවත් වීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඊළඟ පියවර වන ක්‍රියාකාරී බවට පිවිස පරිසර සාක්‍ෂරතාවය ලබාගත් අයෙකුගෙන් පරිසර හානියක් කිසිවිටක සිදු නොවේ.
කොහොඹ ගස් එක්ක මොණරුන් ගේ මොකක් හරි සහ සම්බන්ධයක් තියෙනවාද ?
ReplyDeleteඑකම රටක් ඇතුලේ උනත් ඉන්දියාවේ තියෙන විවිධත්වය ලෝකේ වෙනත් කිසිම රටක නැතුව ඇති.
ස්තුතියි මනෝජ්,
Deleteමොණරු සහ කොහොඹ අතර සම්බන්ධයක් ගැන නම් අසා නැහැ. සොයා ගන්නට ලැබුනොත් post එකක ලියන්නම්.
අප නිතර කථා කරන ජෛව විවිධත්වයට අමතරව ආහාර පාන, ඇඳුම පැළඳුම්, භාෂාව, ආගම, සිරිත් විරිත්, ආචාරශීලි බව ආදී නොයෙකුත් දේවල් වල විවිධත්වයන් ගැන අත්දැකීමක් ඒ දින කිහිපයේදී ලබාගන්නට ලැබුනා.
ගස්ලබ්බා හිතන්නෙ මොණරුයි කොහොඹගසුයි එක්ක තියෙන්නෙ දේශගුණික සම්බන්ධයක් වෙන්නෝන.
ReplyDeleteජයවේවා..!!
ශුෂ්ක ප්‍රදේශවල කොහොඹ ගස් බොහොම සරුවට වැඩෙනව. මොණරු ජීවත්වෙන්නෙත් ඒ වගේ දේශගුණයක් තියෙන පැතිවල තමයි බොහෝ විට.
Deleteඒ ශීත කාලයේදී වුවත් මොණරු රංචු වශයෙන් බිම වැටුණු කොහොඹ කොළ පලස මත වැතිරී සිටිනුද දකින්නට ලැබුණා. කොහොමත් අහමදාබාද් ප්‍රදේශය ශුෂ්ක කලාපයක්. ගිම්හානයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 පමණ වන බව දැනගත්තා.
Deleteනිලට දිලෙනා කොහොඹ තුරුවල සිසිල් හෙවනට එක්වෙලා
ReplyDeleteපිලට පිල් සැලි මොනර රැඟුමන් නිරන්තරයෙන් බල බලා
හිතට හුරු නැති විදෙස් මිතුරන් සමග සුහදව හැඩවෙලා
පොතට වැඩියෙන් ලද දැණුම නුඹෙ වටියි දිවියට ළංවෙලා......
ජයවේවා!!!
ස්තුතියි දුමි,
Deleteපරිසර සමුළුවෙදි ඒ භාරත දේසේ
සිරිසර දුටිමි සොබාදම් දිනිතිගේ රිසිසේ
මනහර රැඟුම් මොණරුන් දැක්වූ විලසේ
රසබර මතකයන් ඇත තවමත් එලෙසේ
ඔබට ජය !!
ගුජරාටය නිර්මාංශ නොවෙයි, එළුමස් විමානයක්.
ReplyDeleteහැබැයි නිර්මත්පැන්.
පරිසර අධ්‍යාපන සමුළුවේදී ඒ දෙකම නිර්..... (නිර්මාංශ සහ නිර්මත්පැන් )
Delete