Saturday, 17 December 2016

සිංහල භාෂාවෙත් පද පෙරළි ගැන සිතා බලමු.

කලකට ඉහතදී, (විශ්ව විද්‍යාල කාලයේදී) කොහෙන්දෝ අහුලාගත් ඉංග්‍රීසි වචන පෙරළියක් මෑතදී යළි හමුවිය. කැමති කෙනෙකුගේ අවධානය සඳහා එය මෙහි පළ කිරීමට සිතුනි.
‘S T A R T L I N G’ 
ඉහත දැක්වෙන අකුරු 9 ක් සහිත වචනය බලන්න.  ‘STARTLING’  මෙම වචනයේ අකුරු එකින් එක ඉවත් කරන සෑම අවස්ථාවකදීම තේරුම සහිත අලුත් වචනයක් හටගැනීමට සැලැස්විය හැකිය.

මුලින්ම ‘STARTLING’ වචනයේ 6 වන අකුර වන ‘L’ ඉවත් කළ විට ‘STARTING’ යන වචනය ලැබේ. මෙහි අකුරු 8 කි.

ඊළඟට ‘STARTING’ වචනයේ 5 වන අකුර වන ‘T’ ඉවත් කළ විට අකුරු 7  ක් සහිත ‘STARING’ ලැබේ.

‘STARING’ හි තුන්වන අකුර වන ‘A’ ඉවත් කිරීමේදී  ලැබෙනුයේ අකුරු 6  ක් සහිත ‘STRING’ ය.

‘STRING’ හි තුන් වන අකුර වන ‘R’ ඉවත් කිරීමෙන් ‘STING’ නම් අකුරු 5 ක අලුත් වචනයක් ගොඩනැගේ.
දැන් ‘STING’  හි දෙවන අකුර වන ‘T’ අඩු කළ විට ‘SING’ ලැබේ.මෙහි අකුරු 4 කි.

‘SING’  වචනයේ අවසාන අකුර වන ‘G’ ඉවත් කිරීමේදී ‘SIN’  වචනය ලැබේ.

අකුරු තුනක් සහිත ‘SIN’  හි ‘S’ ඉවත් කිරීමෙන් ‘IN’  සහ

අවසාන වශයෙන් ‘IN’ හි ‘N’ ඉවත් කිරීමේදී අවසාන තනි අකුරේ වචනය වන    ‘ I ’ ඉතිරි වේ.
   
STARTLING - L ඉවත් කළ විට    STARTING

STARTING - T ඉවත් කළ විට    STARING

STARING - A ඉවත් කළ විට   STRING                                                                                    

STRING - R ඉවත් කළ විට   STING                                                                                        

STING - T ඉවත් කළ විට   SING                                                                                                          
SING - G ඉවත් කළ විට  SIN                                                                                                             

SIN - S ඉවත් කළ විට  IN                                                                                                                    

IN - N ඉවත් කළ විට  I                                                                                                                          
I  අවසාන තනි වචනයයි.

අකුරු පෙරළියයේදී සෑදෙන අලුත් වචන මේවායි. 
STARTING, STARING, STRING, STING, SING, SIN,  IN සහ   I . මේවායේ සිංහල තේරුම්ද පහත දැක්වේ.

startling  - පුදුම සහිත     starting - ආරම්භ කිරීම         staring - රවා බැලීම                                           string - ලණුව                 sting - විෂ දළය                    sing - ගී ගැයීම                                                   sin- පාපය                        in- ඇතුලත                            i - මම


සිංහල භාෂාවේත් මෙවැනි වචන තිබේනම් ඒවායින් අලුත්ම භාෂා පද පෙරළියක් ගැන සිත් යොමු කළ හැකි නොවේද?

2 comments:

  1. ස්තූතියි දයා මහත්මයා...:)

    ReplyDelete
  2. මේ වගේ අවස්ථා දරුවන්ට භාෂාව උගන්නන කොට පාවිච්චි කරන්න පුළුවන් නම් අසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ....

    ReplyDelete