මෙය තරමක් පැරණි සිද්ධියකි. වර්ෂය 1963 ය.
මේ යුගයේදී
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ‘සාම හමුදාව’ නම් විශේෂයෙන් පුහුණු කළ කණ්ඩායමක්, දෙරට
අතර, අන්‍යොන්‍ය සබඳතා තර කර ගැනීම සඳහා, ශ්‍රී ලංකාවට එවන්නට යෙදුනි. මෙම කණ්ඩායමෙන්
කිහිප දෙනෙකු කොළඹ නගරයෙන් ඈත විදුහල්වලටද යොමු කරන ලදී. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන්
පසු, මටද දකුණේ විදුහලකට, පත්වීමක් ලබා ගත
හැකි විය. ඉන් එක් සාම දුතයෙකු මා සිටි
විදුහලටද අනුයුක්ත කර තිබිණ. ඔහුද මමද විදුහලේ ශිෂ්‍ය නිවාසයේ කාමර දෙකක නතර වී සිටියෙමු.
‘සාම දුතයාගේ’ නම ඩෙනිස් ෂෙනහන් ය. මම ඔහු ‘ඩෙනිස්’යන නමින් ඇමතීමි.
ඔහු බොහෝ ප්‍රිය මනාප පුද්ගලයෙකු විය. ශ්‍රී
ලංකාවට පැමිණ මාසයක් පමණ ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් ඔවුනට සිංහල භාෂාව
භාවිතය පුහුණු කර තිබිණ. ශිෂ්‍ය නිවාසයේ සිසුන් සමගත්, මා සමගත්, බොහෝවිට සිංහලෙන්
කතා කළ ඔහුට, ටික කලකින්ම සාමාන්‍ය ප්‍රමාණයකට සිංහල කථා කිරීමට, කියවීමට
සහ ලිවීමට හැකිවිය.
ටික කලකින්ම දේශීය ඌරුවට හැඩ ගැසුණු ඔහු
මඤ්ඤොක්කා, කොස්, දෙල් වැනි අපේ ආහාර වලට ප්‍රිය කරන්නට විය. එසේම ශිෂ්‍ය නිවාසයේ සීමිත
පහසුකම් වලටද හුරු පුරුදු විය. බොහෝ දිනවල මා සමග රාත්‍රී ආහාරය ගන්නා විට අපගේ
ආහාර වර්ග පිළිබඳව සකච්ඡා කළේය. එසේම ඇමෙරිකාවේ විවිධ දේශගුණ, විවිධ මිනිස් වර්ග,
ආහාර, ගමනාගමනය, අධ්‍යාපනය ආදී කරුණු පිළිබඳව විස්තරද කථා කළේය. ඔහු සමහර අවස්ථා වලදී ශිෂ්‍ය නිවාසයේ කුස්සියට ගොස්
කෝකියා වන මාටින් අයියාට ආහාර පිසීමටද උදව් කළේය. ඔහුගේ සරල සහ චාම් ගතිගුණ
කවුරුත් අගය කළහ. ඔහුගේ එක් විශේෂත්වයක් වුයේ කෑම කන විටම, කහට තේ, තරමක
පෝච්චියකින් එකක්, ටික ටික බීමය. අපගේ කෝකියාද කිසි දිනක ඔහුගේ තේ පෝච්චිය, කෑම
මේසයට තැබීමට අමතක කළේ නැත.
ක්‍රීඩාවෙහි දක්ෂයෙකු වූ ඩෙනිස්, විදුහලේ සිසුන්ට
රිටි පැනීම, හෙල්ල වීසි කිරීම, කුන්දු පැනීම ආදී ඉසව් සහ බේස්බෝල් ක්‍රීඩාව පුහුණු
කරණ අතරම පන්ති කිහිපයක ඉංග්‍රීසි
ඉගැන්වීමද කළේය.
එක් දිනක දහවල් කාලයේ මා පන්තියක උගන්වමින් සිටින විට, මාවෙත පැමිණි
ඔහු
‘මට, හදිසි අවශ්‍යතාවක් සඳහා තානාපති කාර්යාලයට එන්නට
කියා තිබෙනවා, පාසල අවසන් වීමට කලින් මම
යනවා’ යයි කීවේය.
එදින මාටින් අයියාට ද, ගමනක් යාමට ඇති නිසා.
දහවල් ආහාර සකස් කර තබා, යන බව මට කියා
තිබිණ.
‘ඩෙනිස්, ....අද මාටින් අයියාත් නැහැ. දවල් කෑම, මේසයට
ඇරලා ඇති. කෑම කාලා යන්න.’ මම කීවෙමි.
කෑම කා, ගමන යාමට පිටත්වූ ඔහු, නැවත මා වෙත පැමිණ
කණට කොඳුරා
‘අද දවාලට හරිම රස ‘සුප්’ එකකුත් තිබුණා. මම
ඒකෙන් බාගයක්ම බිව්වා’ යයි මට කියා පිටවී ගියේය.
ශිෂ්‍ය නිවාසයේ සුප් එකක් හදන්නේ කලාතුරකින් නිසා
මට මෙය තරමක ගැටලුවක්ද විය.
එදින වැඩ
අවසානවී මා ශිෂ්‍ය නිවාසයට යනවිටම, ආපසු පැමිණ සිටි මාටින් අයියා මුණගැසුනි.
‘මොකද අද හදිසියේම සුප් හැදුවේ ?’ මම ඔහුගෙන්
විමසීමි.
‘සර්, අද හරිම වැඩක් උනානේ, අද උදේ අපට ලපටි
මුරුංගා කරල් මිටියක් ලැබුණා, මම ඒක හොඳට තුනපහ, පොල්කිරි එහෙම දාලා රසට හොද්දක් හැදුවා.’
කලකින් මුරුංගා හොදි සමග බත් කෑමට නොලැබුණු නිසා මමද සතුටට පත්වීමි.
‘ඒක නෙවෙයි සර්, ලස්සන වැඩේ. මම එන කොටත් අපේ
ඩෙනිස් සර් මුරුංගා හොදි, සුප් එකක් යයි හිතලා, ඒකෙන් බාගයක්ම බීලා.’ අද වෙනදා
වගේ එයාගේ තේ පෝච්චිය තියන්න මම හිටියේ
නැහැනෙ. එයා හිතලා සුප් එක නිසා තේ තියා නැතැයි කියලා.’
‘මම ඒ ගැන කිසි දෙයක් කිව්වේ නැහැ සුදු මහත්තයට
ලැජ්ජා හිතෙයි කියලා.’
‘එයා යන ගමන් මටත් කියා ගෙනයි ගියේ අද හරිම රස
සුප් එකක් තියෙනවා කියා.’ මම මාටින් අයියාට කීවෙමි.
‘එයාට මොකුත් කියන්න එපා. මම එයාට ලැජ්ජා නොහිතෙන
විධියට කියා දෙන්නම්කො’
කී මම කෑම කන ගමන්ම මුරුංගා හොද්දෙන් ටිකක් හැන්දකට ගෙන බී බැලුවෙමි. එය ඇත්තටම සුප් එකක් මෙන් රසයෙන් යුක්තය. වෙනසකට තිබුණේ කෑමට නොහැකි
මුරුංගා කෑලි තිබීම පමණකි. මුරුංගා මද සූරා දැම්මා නම් එය තවත් අනර්ඝ සුප් එකක්
වන්නට තිබුණි.
පසුදින ඩෙනිස් හමුවූ විට ‘සුප්’ කතාව කියා අපි
අහිංසක විනෝදයක් ලැබුවෙමු.
ශ්‍රී ලංකාවේ වසර දෙකක් සිටි ඩෙනිස් ආපසු ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් ‘චැම්පියන්
ස්පාක් ප්ලග්ස්’ ආයතනයේ අධ්‍යක්ෂක වරයෙකු ලෙස දිගු කලක් සේවය කළේය.
අපේ කිරට හදන හොදි වර්ග බොහොමයක්ම සුප් තමයි බලාගෙන යනකොට..
ReplyDeleteජයවේවා..!!
ඔබගේ අදහස හරි. අපට උපන්දා සිටම පුරුදු වෙලා තිබෙන නිසා වෙනසක් නොදැනුනාට විදේශිකයෙකුට ඒක පෙනෙනවා. 'මුරුංගා සුප්' රසවත් පෝෂ්‍යදායි සුප් එකක්.
Deleteවිදේශිකයින් එක්ක වැඩ කරන එක විනෝදාත්මක අත්දැකීමක්. මට තියෙන එකම ප්‍රශ්ණය අවුරුදු විසි ගණනක් වෙන දයාවී මහත්මය අවුරුදු 83 ක කෙනෙක්ව ඒකාලේ ආශ්‍රය කරල තියෙන එක. හැක්
ReplyDeleteස්තුතියි ඉයන්,
Deleteගණනය කිරීම ටිකක් වැරදි වගෙයි.මම ඩෙනිස්ව ආශ්‍රය කළේ 1963 දී. මේ ටිකට මගේ වයසත් ගිහිල්ලා.
memoirs පොතක් ලියන්න
ReplyDeleteගුරු සේවයේ රස කතා කියා ඉස්සර පත්තර සඟරාවල කොලම් වශයෙන් යනවා. මං කැමතිම අංගයක්.
Deleteඅපේ ආතා ගේ කතා කිහිපයක් ම මාත් ඒවං මේ සුතං ක්‍රමයට ලියා තියෙනවා. තාත්තා නම් වැඩිපුර කතා කියා නෑ!
ස්තුතියි Pra Jay
Deleteසහ රසික,
අධ්‍යාපනයේ විවිධ අංශ කිහිපයකම රාජකාරි කරන්නට ලැබුණු නිසා නොයෙකුත් ආකාරයේ අය මුණ ගැසි තිබෙනවා. ඒ බොහෝ අයගේ චරිත හරිම රසවත්. පොතක් ලියන්නට උනත් කරුණු තිබෙනවා.
මම මේ සතියේ 'දිනමිණ' e-edition එකේ දැක්කා ගුරු සේවයේ රස කතාවක් ලියා තිබෙනවා.
ඕව මොනවද පොඩිකාලෙ හරි කිරිහොදි බීල ඇති ගොඩ දෙනෙක් මේ බ්ලොග් ලියන්නො අතරත් ඇති.
ReplyDeleteඩෙනිස් ලොක්ක ආපහු ඇමරිකාවට යනකොට ලපටි මුරුංග එහෙම අරං ගියේ නැද්ද දන්නෑ.
ඔය USA Peace Corps ලෙස එන්නේ CIA නියෝජිතයින් ය කියා කතාවක් තියෙනවා නේද?
ReplyDeletehttp://content.time.com/time/specials/packages/article/0,28804,2094254_2094247_2094275,00.html
Deleteප්‍රසන්න සහ රසික ස්තුතියි,
Deleteඩෙනිස් සමග ලියුම් සම්බන්ධකම් දිගටම තිබුණා. පස්සේ ටික ටික දුරස් උනා. e-mail ආවාට පස්සේ නිතර සම්බන්ධකම් තිබුණා. මුල් කාලේදී නම් ඒ අතීත විස්තර රස කර කර ලියා තිබුණා
CIA නියෝජිතයින් ය කියා ඒ කාලෙත් කතන්දර තිබුණා. ඒ උනත් කලට වෙලාවට වැඩ කිරීම සහ කරන වැඩය උපරිම ශක්තියෙන් කිරීම ගැන උදාහරණ ගැනීමට ඉස්තරම් මිනිස්සු.
ඔපේ ඇති සුද්දගේ කෑමට අපිත් ආසා කරයිලූ
ReplyDeleteඅපේ කෑමක් කන්න සුද්දත් නිතර හැම තැන බලයිලූ
ලිපේ තියලා ගත් මුරුංගා හොද්ද සුප් රහ වගෙයිලූ
කැපේ දොස් හැම මුරුංගා ගුණ දන්න පිරිසත් අඩුයිලූ.....
වැඩ අදික හින්දම එන්න පමාවුණා.
ජයවේවා!!!
ස්තුතියි දුමි,
ReplyDeleteඅනිත් සුද්දන් වගේ නැත මොහු චාම් මිනිසෙකි අප වගේ.
අපේ බස දෙස ඇඳුම පැළඳුම් ගැනත් නිතරම කළ අගේ.
කලක් ගත කළ නිසාමත් ඔහු කලණ මිතුරෙක් ලෙස මගේ
'මුරුංගා' ගැන වීහිලු සටහන තබමි සැම වෙත මේ යුගේ
නිහඬතාව ගැන මාද විපරම් කළා !
ඔබට ජයම !!
මේ බ්ලොග් එක දැක්කට පස්සේ පරිපාලන සේවයේ වසර ගණනාවක් අත් දැකීම් තියන මගේ පියාටත් බ්ලොග් එකක් පටන්ගන්න කියා මා යෝජනා කලා. නමුත් මම ජීවත් වෙන්නේ විදේශයක නිසා වැඩේ තරමක් අපහසුයි. අර ප්‍රාජේ ගෙ ඉල්ලීම මමත් අනුමත කරනවා. බ්ලොග් එක වසර කීපයක් කරගෙන ගිහින් පොතක් ලියන්න.
ReplyDeleteමගේ දෙමළ මිත්‍රයෙක් අපේ ගෙදර කෑමකට ඇවිත් වම්බටු මෝජුව හරිම රහයි කියලා, පිඟානෙන් බාගයකට විතර ඒක බෙදාගත්තා. සාමාන්‍යයෙන් වම්බටු මෝජු අපි කන්නේ අනෙකුත් වෑංජන වගේම පොඩ්ඩක්නෙ. උයපු වම්බටු මෝජුවෙන් සෑහෙන ප්‍රමාණයක් මිත්‍රයා බෙදාගත් නිසා, අනෙක් අමුත්තන්ට මදිවෙයිද කියලා අපි තරමක අපහසුතාවයකට පත් වුණා.
ස්තුතියි තිසර,
Deleteඔබේ අදහස හරි අගෙයි. දැන් විශ්‍රාමික නිසා තාත්තාටත් විවේක ඇතිනේ. මමත් මේ පටන් ගත්තේ විශ්‍රාම අරගෙන සෑහෙන කාලෙකට පස්සෙයි. පරිපාලන සේවයේ සිටි අයටත් විවිධ චරිත හමුවෙනවානේ. වහාම පටන් ගන්න කියන්න. මගේ reading list එකටත් දාගන්නම්. පොතක් ලියන එක ගැනත් හිතලා තිබෙනවා. මා ගිය අවුරුද්දේ මගේ ප්‍රියතම විෂයය වන පරිසරය පිළිබඳව 'පරිසරය නිවැරදිව දකිමු' යන නමින් පොතක් ලිව්වා. Publish කරන්න ලංකාවට යැව්වා.
යාපනේ සම්මන්ත්‍රණයකට ගිය අවස්ථාවක මටත් ඔය වගේ දෙයක් සිදු උනා. අපට දහවල් ආහාර සකස් කර තිබුනේ මගේ මිත්‍ර විද්‍යා අධ්‍යාපන නිලධාරියාගේ නිවසේ. අපි කෑම මේසයට ආ වේලේ සිටම අමුතු අප්‍රියජනක සුවඳක්/ගඳක් ආවා. මේසය මත තිබුණු එක් ව්‍යංජනයක් බෙදා ගත් විට ඒ ගතිය තව වැඩි උනා. බැරිම තැන ඒ මොනවාදැයි මා ඇසුවා. මිත්‍රයාගේ බිරිඳ කුල්ලක දමා තිබුණු තරමක් රතු පාටට හුරු පලා වර්ගයක් මට පෙන්නුවා. මම එක්වරටම හඳුනා ගත්තා. ඒ මැල්ල කොළ. ඒකට ගම්වල කියන්නේ 'හුජ්ජ මැඩිල්ල' කියා. එයින් වහනය වන්නේ මුත්‍ර ගඳමයි. ඒ මදිවාට එය තලතෙලෙන් තෙම්පරාදු කරලා. උහුලන්න බැරි තරම් ගඳයි.