මෙයද විදේශයක ගුරු සේවයේ යෙදී සිටියදී සිදුවූ
රසවත් සිද්ධියකි. ඒ කාලයේ විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි වැනි විෂයයන් සඳහා විශේෂ සුදුසුකම්
ඇති අයට ‘වැටුප් රහිත නිවාඩු’ ලබා විදේශ රට වලට යාමට අවස්ථාවක් උදාවී තිබුණි. වසර
දෙක තුනකට සීමාවූ මෙම කාලයෙන් පසුව ආපසු පැමිණ, මව් රටෙහි සේවය කිරීමට පහසුකම්
සැලසිණ.
එසේ විදේශ ගතවී සිටි අප කිහිප දෙනෙකුට එකම වසරක අවසානයේදී තුන් අවුරුදු ‘කොන්ත්‍රාත්තුව’
අවසන්විය. මෙසේ සේවා කාලය අවසන් කර ආපසු එන අයට රටෙහි ඉතිරිවී සිටින අය කෑම
වේලකින් සංග්‍රහ කිරීම පිළිගත් චාරිත්‍රයකි.
මෙවැනි සාදයක් සඳහා මටත් තව කිහිප දෙනෙකුටත්
ආරියරත්න නිවසින් ආරාධනයක් ලැබිණ. ආරිගේ බිරිඳ රන්ජනීය. පවුලේ දියණියන් දෙදෙනෙකු
සහ පුතෙක්ද විය. එවකට බාලම පුතාගේ වයස අවුරුදු හයක් පමණ විය.
රන්ජනී ගණිත ගුරුවරියකි. බොහෝවිට, කැපී පෙනීම
සඳහා වැඩ කරන තැනැත්තියකි. එසේම තරමක්
සැර කටක්ද ඇය සතු විය. රන්ජනීගේ ආරාධනය ලැබුනේ ‘ආප්ප ඩිනර්’ එකකටය. ආරි ගෙන්ද මේ
බව දන්වා ටෙලිෆෝන් පණිවුඩයක් ලැබිණ. එසේ කෑම වේලක් සඳහා යනවිට තෑග්ගක්ද රැගෙන යා
යුතු විය. එසේ නොකලොත් එම පුද්ගලයා ‘ඒ ඩබ්ලිව්. ඩබ්ලිව්’ (AWW) ‘අත වන වන’
එන අයගේ ගණයට වැටේ. (AWW
ඒ රටේ සිංහල අය අතර භාවිත වූ යෙදුමකි)
මමද ගැලපෙන ආකාරයේ තෑග්ගක්ද, ළමයින් සඳහා චොකලට්
ද රැගෙන සවස හය පමණ වන විට රන්ජනීලාගේ ගෙදරට ගියෙමි.
ගෙට ගොඩ වන විටම රන්ජනී කට පුරා සිනාසී මා පිළිගත්තාය. මම, ගෙනගිය තෑගි පාර්සලය ඇයගේ අතෙහි
තැබුවෙමි. තෑගි බලාපොරොත්තු නොවන බවක් මෙන් පෙන්වූ රංජනී
‘මේ මොනවද? අපට තෑගි මොනවටද? මීට පස්සෙනම් අපේ
ගෙදර එන කොට මේ තෑගි ගේන්න එපා’
කියමින් පාර්සලය අතට ගත්තාය.
කොහොමත් තව දින දෙකකින් ආපසු ලංකාව බලා පිටත් වන
නිසා නැවත වරක් ඒ ගෙදරට ඒමට අවස්ථාවක් නොලැබෙන බව හොඳාකාර දන්නා මමද
‘හොඳයි ඊ ළඟ පාර ‘ඒ ඩබ්ලිව්. ඩබ්ලිව්’ එන්නම්කෝ’ යි
කියමින් සාලයේ පුටුවක හිඳ ගතිමි.
ඒ වන විටත් ආරාධිත අමුත්තන් තව කිහිප දෙනෙක්ම
පැමිණ සිටයහ.
‘කතා කරකර ඉන්න. අපට ආප්ප හදන්න තිබෙනවා’
කී රන්ජනී කුස්සියට ගියාය. ආරාධනා ලබා පැමිණ සිටි
තවත් කාන්තාවක්‌ද කුස්සියේ සිටින බව දැන ගතිමි. ආරිද සිසිල් බීම රැගෙන සාලයට පැමිණියේය. ආරාධිතයින් සියලු දෙනාම
පැමිණි පසු රන්ජනීද වරින් වර සාලයට පැමිණ අදාළ නොවන යමක් පවසා කුස්සියට ගියාය.
ගෙදර දරු දැරියන් සහ අමුත්තන්ගේ දරුවන්ද යාබද කාමරයක සාමුහික ළමා ක්‍රීඩාවක යෙදී සිටින බව වරින් වර ඇසෙන ඝෝෂාව
නිසා සිතා ගත හැකි විය. දරුවන්ගෙන් බාලයා ම විය හැකි රංජනීගේ පුතා සිසිර නම් වරින්වර රන්ජනී ලඟටත් ආරි ලඟටත්
යමින් යම් යම් දේ කොඳුරමින් සිටියේය. ඔහු කුඩා නිසා අන් අයගේ ක්‍රීඩාවෙන් ඉවත්කර
ඇතැයි මම සිතුවෙමි.
තව ටික වෙලාවකින් ආප්ප පිරවූ බන්දේසියක්, කෑලිවලට
කපන ලද හකුරු, කට්ට සම්බෝලයක් සහ තෝරමාලු කිරි හොද්දක්‌ද සමග සාලයේ පැත්තක තිබුණු මේසය මත තැබූ රංජනී සැමටම
සප්පායම් වන ලෙස ආරාධනා කළාය. ළමයින්ද සමග
පිරිස දොළොස් දෙනෙක් පමණ සිටියහ.
කව්රුත් ආප්ප දෙක තුන බැගින් බෙදාගත් විට,
මොහොතකින්, පළමු ආප්ප තොගය අවසන්විය.
‘කව්රුත් හෙමිහිට කන්න. ආප්ප හදන්න තිබෙන්නේ
තාච්චි දෙකක් විතරයි’ කී රංජනී ආරිට යමක්
කණ ට කොඳුරා ගියාය.
‘ආප්ප කඩේ වහන්නද හදන්නේ. මම නම් තවම කෑවේ ආප්ප
දෙකයි’ ‘එක්කෙනෙකුට ආප්ප දහයක් වත් කන්න වෙනවා බඩ පිරෙන්න’
සිරිල් ශබ්ද නගා කීය.
මේ වෙලාවේ සාලයට දුවගෙන ආ සිසිර පොඩි පුතා
‘අංකල්ලා ආප්ප ඔක්කොම ඉවර කරළා. අද දවල් ආප්ප
මුට්ටියට වැටිලා හිටිය මීයාව අපේ අම්මා නැට්ටෙන් අල්ලලා මෙන්න මෙහෙම වීසි කරනවා
දැක්කනම් ඔච්ච්ච්ර කන්නේ නැහැ’
කියා දකුණු අතේ මහපට ඇඟිල්ලේ සහ මැද ඇඟිල්ලේ තුඩු
එකතු කර අත උස්සා, ගස්සමින් මීයා වීසි කළ
හැටි පෙන්වීය.
මෙයින් කලබලවූ රංජනී, දුවගෙන පැමිණ, පුතා කුස්සියට ඇද ගෙන ගියාය. රන්ජනී පොඩි එකාගේ
කට මිරිකනු දොර අස්සෙන් දුටු බව සිරිල් පසුව කීවේය.
සාලයේ වාඩිවී සිටි අප අන්දුන්කුන්දුන් විය.
එකිනෙකාගේ ඇඹුල් වී ගිය මුහුණු දෙස බැලුවා විනා කිසිවෙකු කිසිවක් කතා නොකළහ. ආරිගේ
ඇස් උඩ ඉන්දුනා වැනි දෙයක් මම දුටුවෙමි.
නිහඬතාව බිඳිමින් කතාකල සිරිල්
‘ආරි..., ආප්ප හට්ටියට මීයෙක් වැටුනාද?’
කියා ඇසීය.
මඳ වෙලාවක් නිරුත්තරව සිටි ආරි
‘මේ අද හවස ඔය ආප්ප පිටි මුට්ටිය අස්සේ මීයෙක්
ඉඳලා රන්ජනී අල්ලලා වීසි කළා. පුතාව රවට්ටන්න මුට්ටිය ඇතුලට වැටුනා කිව්වා’.
කිසිම වැරද්දක් වී නැති අයුරින් ආරි කාරණය
කෙටියෙන් විස්තර කරණ ලදී
කිසිවෙක් වෙන යමක් ප්‍රශ්න කළේ නැත.
මේ වන විට තවත් ආප්ප පිරවූ බන්දේසියක් මේසය මත ය.
ආප්ප දෙකක් හෝ තුනක් පමණක් කෑ අය හෙමිහිට නැගිට
ගොස් වතුර බී ආප්ප කෑම අවසන් කළහ.
ආප්ප සෑහෙන ප්‍රමාණයක් ඉතිරි වී තිබීම ගැන රංජනී
හෝ ආරි කිසිම ප්‍රශ්නයක් කළේ නැත. සියලු දෙනාම කීමට ඇති බොහෝ දේ නොකියා කරබාගෙන
සිටියහ.
තව ටික වෙලාවක් ආගිය තොරතුරු (ආප්ප හැර) ගැන
දොඩවමින් සිටි කවුරුත් රංජනී සහ ආරිට ස්තුති කර ටිකින් ටික ආපසු තම ගෙවල් බලා
යන්නට පිටත් වුහ. තව දින දෙකකින් රටින්ම සමු ගන්නා අප කිහිප දෙනාට රන්ජනීලාගෙන්
විශේෂ තිළිණය බැගින්ද ලැබිණ.
මිදුලට බැස්ස සිරිල්
‘රංජනීගේ ආප්ප කෑවා වගෙයි’
කියා ‘ප්‍රස්තාව පිරුළක්’ යෙදිය හැක්කේ මොකකට
දැයි මගෙන් අසා මහ හඬින් සිනාසෙනු දකින්නට ලැබිණ.
අපට සමු දෙන්නට දොරකඩට පැමිණ සිටි රංජනීට සහ
ආරිටද සිරිල් කී දේ ඇසෙන්නට ඇත.
ප්ලාස්ටික් පුඩිං ද, රැටස් රැටස් ආප්ප ද වඩා රහ?
ReplyDeleteමටනම් ප්ලාස්ටික් පුඩිං කෑවට පස්සේ දැනුනේ තරමක බයක්. ඒ උනත් 'රැටස් රැටස් ආප්ප' කාලා නම් අප්පිරියාවක් දැනුනා.
Delete/* ආරිද සිසිල් බීම රැගෙන සාලයට පැමිණියේය. */
ReplyDeleteමේක වාං පාටියක් නේ!
මටත් මතක් වුනේ ඒක...
Deleteමෙලෝ රහක් නෑ නේ.
හැබැයි ඉතිං ගුරුවරුනේ.
දන්නව නේ...
ස්තුතියි රසිකට සහ රාජ්ට
Deleteරන්ජනීගේ කට සැර නිසාත් ආරි උපාසකයා නිසාත් තමයි 'වාන් පාටි'දාන්නේ. ගුරුවරු නිසාම නොවෙයි. ගුරුවරුත් හොඳ ඩෝප් කාරයෝ ඉන්නේ. ඒ රටේ ඔය පස්වෙනි ශික්ෂා පදය ගැන දන්නෙවත් නැහැ.
ඔය පොඩිඋන් එක්ක මොන වැඩක්වත් හොරෙන් කරන්ඩ බෑ ....
ReplyDeleteමොනවා උනත් ආරි තැනේ හැටියට කතාකරලා තියෙනවා.... //‘මේ අද හවස ඔය ආප්ප පිටි මුට්ටිය අස්සේ මීයෙක් ඉඳලා රන්ජනී අල්ලලා වීසි කළා. පුතාව රවට්ටන්න මුට්ටිය ඇතුලට වැටුනා කිව්වා’//
මමත් කල්පනා කලේ ප්ලාස්ටික් පුඩිංද, මී ආප්පද වැඩිය රහ කියල අහන්ඩ.....
ඔය මීයෙක් වැටිලා හිටියට එච්චර අවුලක් වෙන්නේ නෑ .....
සුටික්කා ස්තුතියි
Deleteඔතන තාත්තා පොඩි එකාට කලින් කිව්වේ පොඩි බොරුවක් නම්, තාත්තා දෙවනුව කීවේ ඇත්තකි. තාත්තා මුලින් කීවේ ඇත්තක් නම් පසුව කීවේ බොරුවකි. කොහොම වෙතත් අමුත්තන් සියලු දෙනාටම ආප්ප කෑම එපා උනේ පොඩි අය බොරු නොකියන බව දන්නා නිසාය.
'මී ආප්ප' කියා සැක කළාට රසෙහි කිසිම වෙනසක් දැනුනේ නැහැ. ඒ උනාට තව ආප්ප කන්නටය කියා රන්ජනී පෙරැත්ත නොකළ එකත් ප්‍රශ්නයක්. හරි උත්තරය දන්නේ රංජනී විතරයි. ආරි දන්නෙත් නැහැ මා හිතන්නේ.
එදා අවසන් දිනේ වෙනුවෙන් සැවොම එක්වූ එක යසයි
ReplyDeleteබෙදා මිතුදම සොඳුරු සාදෙට එන්න කී කරුණත් හොඳයි
එදා ඔවුනට වුණු අසීරුව කළින් කිව්වානම් හොඳයි
හදා නිහඬව ආප්පේ දුන් කරුණ ගැනනම් මට දුකයි........
ජයවේවා!!!
හිතවත් දුමි,
Deleteවිදෙස් රටකදී අපේ එකමුතු කමක් ඇත එය හරි අගෙයි
මිනිස් කම ඉහලින්ම අගයන සාදයන් රුකුලක් වගෙයි
මෙහිදී සිදුවූ අකරතැබ්බෙට මහා බොරු කිව්වා නොවෙයි
ආරි - රන්ජනී දෙපල කවදත් අප සැමට හිතවත් අය යි
රට ඉද්දි කාල තියෙන්නෙම විශේෂ කෑම වරග වගෙයි.
ReplyDeleteප්ලාස්ටික් කාපු මනුස්සයට මී බෙටිත් කජ්ජක්ද කිවුවලු
ස්තුතියි ප්‍රසන්න,
Deleteපිටරට ඉන්න කොට ලංකාවේදී වගේ මගුල් ගෙදර, මරණගෙදර, ගෙට ගෙවදීම, දාන මාන, අරක මේක ඔක්කොටම යන්න වෙන නිසා විවේක අඩුයිනේ. පිටරට තනි පංගලමේ සිටින විට තනිකඩයින් ටික එකතු වෙලා හදන කොට තමයි විශේෂ කෑම හැදෙන්නේ.
//ප්ලාස්ටික් කාපු මනුස්සයට මී බෙටිත් කජ්ජක්ද කිවුවලු// මේක අනාගතයේදී ප්‍රස්තා පිරුළක් වේවිද?
රන්ජනීගේ ගෙදර අය ඒ වෙලාවේ කෑම කන්න එකතු වුනේ නැතිද ?
ReplyDeleteස්තුතියි මනෝජ්,
Deleteආරි නම් අප සමග වාඩිවී සිට එක ආප්පයක් විතර කන්නට ඇති. ගෙදර දරුවෝ ආප්ප කෑවා. රංජනී නම් කනවා දැක්කේ නැහැ.
Hopping rat
ReplyDeleteRattus Hopper
Deleteආයෙ මීය හිටියයි කියල මොකෝ.. ආප්පෙ හොඳ ගානට රත් වෙලා තැම්බිලා නෙව එන්නෙ. කෑමට පෙර යමක් තිබුන නම් ඔය ආප්ප ඉතුරු වෙන්නෙ නෑ.
ReplyDeleteහෙහ් හෙහ්
ජයවේවා..!!
ස්තුතියි,
ReplyDelete'යමක්' නොතිබුණු අඩුව නම් දැනුනා. ඒ උනත් 'අසපුවක්' වගේ තැනකට ගියහම ගැලපෙන විදියට වැඩ කරන්න ඕනැනේ.
+++++++++++
ReplyDeleteදුක තමයි රංජනී
Thank you Ian.
Deleteදුක තමයි රංජනී කතාවට උත්තරේ "අනේ මන්දා ඉයන්!"
Deleteආරිද සිසිල් බීම රැගෙන සාලයට පැමිණියේය.
ReplyDeleteඅපේ උන්ට ඔහොම එකක් සෙට් කරානම් ජතකෙම ඉවරයි
ජය වේවා ..!!!!
සුමුදු ස්තුතියි,
Deleteඒ කෑදර 'බොනපාට්ලා' විතරක් ඉන්න පාටි වලදී
මී ආප්ප...! අර දරුව නොහිටියනම් කට්ටිය ඉතුරු ආප්ප ටිකටත් වගකියනවනේ..
ReplyDeleteපොඩි දරුවන්ගේත් ලොකු මිනිසුන්ගේත් වෙනස ඔහොමයි. පොඩි දරුවන් සම්බන්ධ නොවන අවස්ථාවලදී ලොකු මිනිසුන් අතින් කොයි තරම් වැරදි සිදුවෙනවා ඇද්ද?
Delete