Thursday 9 May 2024

‘ගෝලීය උණුසුම් වීම’ දේශපාලන පෙරළියකට මුල් වේද?

 පසුගිය දශක කිහිපය තුළදී ලොව පුරා හඳුනාගෙන  ඇති දේශගුණ විපර්යාස හා සම්බන්ධ ආපදා රාශියකටම ප්‍රධාන හේතුව වශයෙන් සැලකිය හැක්කේ ගෝලීය උණුසුම් වීම බව පරිසර විද්‍යාඥයින්ගේ නිගමනය වී තිබේ. දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින මෙම ව්‍යසනය නිසා සිදුවන ආර්ථික, සමාජයීය සහ සෞඛ්‍ය ගැටළු සිය දහස් ගණනකි. මේ නිසා ඇතිවන ව්‍යාකූලතා නිසා ජනතාව මහත් පීඩාවට පත්වී සිටින බැවින්දැන් දැන් ගෝලීය උණුසුම් වීම දේශපාලන  කතිකාවත් වලද උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබේ. දැනටමත්ගෝලීය උණුසුම් වීම සහ එය නිවාරණය කිරීමේ පියවර ගැනීම’  සමහර රටවල දේශපාලන බල තුලණය කිරීමේ         නිර් ණායකයක් ලෙස සැලකීමද  ආරම්භ වී තිබේ.

 2024 වර් ෂය තුළදීප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම පවතින ලෝකයේ බොහෝ රටවල මහා මැතිවරණ පවත්වා නව පාලකයින් තෝරාපත් කර ගැනීමේ සැලසුම් පවතින බව වාර් තා වේ. සතිපතා පළ කරනු ලබන Nature’ ජාත්‍යන්තර විද්‍යා සඟරාව මගින්, දැනට සති කිහිපයකට පෙරදීකර ඇති සමීක්ෂණයක් මගින් මේ බව අනාවරණය කර තිබේ. මෙම සඟරාව ස්වකිය සමීක්ෂණය සඳහා තෝරාගෙන ඇත්තේ මෙම වර් ෂය  තුළදී මහා මැතිවරණ පවත්වන, පරිසරයට කාබන්ඩයොක්සයිඩ් හරිතාගාර වායුව, වැඩිවශයෙන්ම මුදාහරිනු ලබන රටවල් වන ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, යුරෝපා සංගමය, රුසියාව සහ ඉන්දුනීසියාව    වීම විශේෂත්වයකි. මෙම සමීක්ෂණයේදී හෙළි වී ඇති ආකාරයට අදාළ රටවල් ගෝලීය උණුසුම් වීම අවම කිරීමට දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය. මෙම තීරණ ගැනීමට පාදක වී තිබෙන පාරිසරික කරුණු පිලිබඳ සම්පින්ඩණයක් මෙසේය.

     දේශගුණ විපර්යාස සහකාබන් මධ්‍යස්ථභාවය’                                                   බොහෝ දේශගුණ විපර් යාස හටගැනීමට ප්‍රධානතම හේතුව, හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ් අධික ලෙස වායු ගෝලයට මුක්ත වීම නිසා ඇතිවන, ගෝලීය උණුසුම් වීම බව ඒත්තු ගැන්වීමට පරිසර විද්‍යාඥයෝ සමත් වී ඇත. මෙම ව්‍යසනයෙන් පෘථිවිය බේරා ගැනීම සඳහා  ඇති එකම පිළියම වනුයේ කාබන් මධ්‍යස්ථභාවයහෝකාබන් ශුන්‍ය භාවය (carbon neutrality or zero carbon emission) නමැති පාරිසරික අවශ්‍යතාවය බව දැනට දශක  දෙකකට පමණ ඉහතදී සිට පරිසර විද්‍යාඥයින්ගේ මහත් සැලකිල්ලට තුඩු දුන් විද්‍යාත්මක සංසිද්ධියක් බවට පත්වී තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාර වලදී පවා දීර් ඝ ලෙස සාකච්ඡා වලට භාජන වී ඇති  මෙම සංකල්පයේ කූටප්‍රාප්තිය සනිටුහන් වනුයේ, 2015 වසරේ පැරිස් නගරයේදී සම්මත කර ගන්නා ලද, එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස  පාදක  සම්මුතිය (United Nations Framework Convention on Climate Change -UNFCCC), නමැති ඓතිහාසික ප්‍රඥප්තිය මගින්ය. ලෝකයේ රාජ්‍යයන් 194 ක් විසින් අත්සන් කරන ලද දේශගුණ විපර් යාස  සඳහා මුහුණ දීමේ වැඩ පිළිවෙලක් සහිත මෙම ඓතිහාසික ප්‍රඥප්තිය  පැරිස් සම්මුතිය(Paris Agreement)  ලෙසද  හැඳින්වේ.  

 මෙම සම්මුතියේ ප්‍රධාන වගන්ති තුනක් ඇතුළත් ය. ඒවා නම්: 

1.    කාර් මික  විප්ලවයට පෙර තිබුණු මට්ටමේ සිට, C සීමාවෙන් ඔබ්බට නොයන ලෙසට  පරිසර උෂ්ණත්වය   පාලනය කිරීම  සඳහා, හරිතාගාර වායු මුක්ත වීම සීමා කර ගැනීම (දේශගුණ විපර් යාස  වල රුදුරු බලපෑම අවම කර ගැනීම පිණිස, එම අගය, 1.5 °C වැනි උපරිමයක  තබාගැනීමද  වැදගත්ය.)

2.     මෙසේ සිදුවන බලපෑම් අවම කර ගැනීම සඳහා  අනුවර් තනය  වීමට අදාළ, ක්‍රමවේද සකස් කර ගනිමින්  හරිතාගාර වායු මුක්ත වීම පාලනය කර ගැනීම.

3.      දේශගුණයට හානි නොවන ආකාරයේ, තිරසාර  සංවර් ධන  කටයුතු වඩාත් විධිමත් කරමින් ආහාර නිෂ්පාදනය සඳහාද  මුල්‍ය ප්‍රතිපාදන යෙදවීම.  

 මේ සමගම ඒ ඒ රාජ්‍යයන් විසින් බලශක්ති නිෂ්පාදනය සහ භාවිතය සඳහා අවශ්‍ය වන  ප්‍රතිපත්ති සකස් කිරීමේදී  සලකා බැලිය යුතු‘20 / 20 / 20  ඉලක්කය’ (‘20 / 20 / 20 Target) නමැති පරිසර හිතකාමී යෙදවුම්  පිළිබඳවද අවධාරණය විය. අනාගතයට බෙහෙවින් බලපානු ලබන මෙම ඉලක්කය වූයේ, 2020 වර් ෂය  වනවිටරාජ්‍යයන් විසින් 

  • කාබන්ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු මුක්ත වීම 20% කින් පහළ හෙලීම,  
  • සූර් ය  කෝෂ, සුළං බලය වැනි, ප්‍රතිජනනය වන  සම්පත් භාවිතය  20% කින් වැඩි කිරීම 
  • බලශක්ති පිරිමැසීමේ  කාර්යක්ෂම උපක්‍රම   20% කින් වැඩි කිරීම යන ත්‍රිත්වයයි. 

සියලුම රාජ්‍යයයන්, මෙම අංශ ගැන විශේෂ උනන්දුවක් දක්වා, 2020 වන විට, එම වැඩ සටහන් සාර් ථකව  ඉදිරියට ගෙන යාමට ප්‍රතිඥා දුන් නිසා, ඒ ගැන මහත්  බලාපොරොත්තුවක්ද  ඇතිකර ගන්නා ලදී.

ගෝලීය උණුසුම් වීම කෙරෙහි කෙලින්ම බලපෑමක් සිදුකරනු ලබන ප්‍රධානතම හරිතාගාර වායුව වන  කාබන්ඩයොක්සයිඩ් මුක්ත  වීමේ ක්‍රමෝපායයන්, අවම මට්ටමක භාවිතය මගින් එම මුක්තවීමේ දර් ශකය, පාරිසරික බලපෑමක් සිදුනොවන මධ්‍යස්ත මට්ටමක පවත්වා ගැනීම හෝ එම අගය හැකිතරම් දුරට ශුන්‍ය මට්ටමට ගෙන ඒම පැරිස් සම්මුතියේ පරමාර්ථය  විය. එහෙත්  පැරිස් සම්මුතියක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දී වසර තුනකට පසුව වුවද එහි ප්‍රගතිය ඉතාමත්    දුර් වල තත්ත්වයක පැවතින.  2018 සැප්තැම්බර්  මස 10 වන දින පවත්වන ලද, මාධ්‍ය සාකච්ඡාවකදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  එවකට සිටි මහලේකම්, බන් කි-මූන් මහතා, මේ සම්බන්ධව තම කනස්සල්ල ප්‍රකාශ කරමින් මෙසේ සඳහන් කර තිබේ.

අප දැන් සිටිනුයේ අපගේ ඉදිරි පැවැත්ම සහ විනාශය අතර සංධිස්ථානයකය. කණගාටුවෙන් වුවද තවත් වැදගත් යමක් ප්‍රකාශ කිරීමට තිබේ. සමහර රාජ්‍ය බලධාරීන්  විසින් තීරණ ගැනීමේදී, දක්වනඋදාසීන භාවයසහනොසැලකිල්ලනිසා පැරිස් සම්මුතිය ක්‍රියාත්මක වේදෝයි  සැකයක්ද තිබෙන බව පෙනේ.  හරිතාගාර වායු බහුල වශයෙන් මුක්ත කර, දේශගුණ විපර් යාස  අර් බුදය  සඳහා, බෙහෙවින්ම දායක වී තිබෙනුයේ, ලොව ධනවත්ම රාජ්‍ය කිහිපයයි. එහෙත් මෙම අර් බුදයෙන් වැඩිපුරම පීඩාවට පත්වී තිබෙන්නේ, ඉතාමත් අවදානම් තත්ත්වයක ජනතාවක් ජීවත්වන  දිළිඳු රටවල්ය. සියලු රාජ්‍යයන් එකාවන්ව පෙරටම ගියහොත් අපට අභියෝගය ජය ගත හැකිය.”

වායු ගෝලයට CO2  මුදාහැරිම සඳහා වැඩිපුර දායකත්වය දක්වන රටවල් පිළිබඳව 2022              වර් ෂයේදී  ලබාගෙන ඇති පහත දැක්වෙන තොරතුරු පෙන්වන වගුව මගින්ද , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  එවකට සිටි මහලේකම් තුමාගේ ප්‍රකාශය සනාථ වේ. මෙම සටහනෙහි දැක්වෙන පරිදි   ඉන්දියාව හැර අදාළ අනිකුත් සියලුම රටවල් CO2 මුදාහැරිම ගැන වැඩි සැලකිල්ලක් යොදවා නොමැති බව පෙනේ. 


            ගෝලීය උණුසුම් වීම සිදුවන්නේ කෙසේද ?                                                                පෘථිවි ගෝලයේ  පරිසරය උණුසුම් වන්නේ එහි පතිත වන සූර් ය කිරණවල බලපෑමෙන් ලැබෙන තාපය මගින්ය. මෙසේ ලැබෙන උණුසුම ප්‍රශස්ත මට්ටමක රඳවා ගනු ලබන්නේ, වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමුඛ හරිතාගාර වායු, තුනී පොරොවනයකස්වරූපයෙන් පෘථිවිය ආවරණය කරගෙන සිටින බැවිනි. කාර් මික  විප්ලවයට පෙර, මේ ආකාරයට හරිතාගාර වායු සමතුලිත ආකාරයකට තිබී, දේශගුණය ප්‍රශස්ත මට්ටමක රැඳී  තිබුණු බවත්, පෘථිවි තලයෙන් පරාවර් තනය වූ වැඩිපුර තාපය, පාරගම්‍ය  ‘පොරවනයහරහා අභ්‍යවකාශයට විකිරණය වී ඇති බවත් නිගමනය කර තිබේ.  එහෙත් පසුගිය ශතවර් ෂ   දෙකක පමණ කාලය තුළදී, මිනිසා විසින් අදූරදර් ශී ලෙස, ගල් අඟුරු සහ  පෙට්‍රෝලියම් වැනි ෆොසිල ඉන්ධන අධික ලෙස දැවීම හේතුවෙන් වායුගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය අධික වීම නිසාපොරොවනයේ’  තුනී භාවය නැතිවී ගොස් එය පාරදෘශ්‍ය වී උණුසුම අධිකතර ලෙස රඳවා ගැනීමේ ආවරණයක් ලෙස ක්‍රියා කරන්නට පටන්ගෙන තිබේ. පෘථිවි පරිසරය සීමාන්තිකව උණුසුම් වීම පටන්ගෙන ඇත්තේ මේ ආකාරයටය. කාර් මික විප්ලවය ආරම්භ වූ කාලයේ සිට මේ දක්වා (1750 වසර  සිට)  පෘථිවියේ කිසියම් ස්ථානයක බිම් ඒකකයකට  ලැබෙනසූර් ය ශක්ති ප්‍රමාණය 56 ගුණයකින් පමණ වැඩිවී තිබෙන බව  ගණනය කර තිබේ. 

සූර් යකිරණ ලෙස සූර් යයාගෙන් නිකුත් වන විද්‍යුත් චුම්බක විකිරණය, සෞර වර් ණාවලිය (solar spectrum) ලෙස හැඳින්වේ. තරංග ආයාම  අනුව, සෞර වර් ණාවලිය, පාරජාම්බූල, දෘශ්‍යමාන සහ අධෝරක්ත (ultra-violet, visible සහ infrared) යනුවෙන් ප්‍රධාන කොටස් තුනකට වෙන් කෙරේ.  පාරජාම්බූල අග්‍රයේ තරංග ආයාමය නැනෝමීටර් (nm)   290 කින් ආරම්භවීඅධෝරක්ත අග්‍රයේ තරංග ආයාමය නැනෝමීටර්  3200 දක්වා විහිදේ.  වර් ණාවලියේ මිනිස් ඇසට දෘශ්‍යමාන සීමාව වනුයේ දම් වර් ණයේ (380 nm) සිට රක්ත වර් ණය (749 nm) දක්වා පමණකි. 

ඉහත සඳහන් කරන ලද තොරතුරු පදනම් කර ගනිමින් ගෝලීය පරිසර උණුසුම් වීම පහත දැක්වෙන  ආකාරයට විස්තර කළ හැකිය.

සූර් ය කිරණ මගින් පාරජාම්බුල විකිරණ  නිකුත් නොකෙරේ. සූර් ය විකිරණ මගින් පෘථිවියට ලැබෙනශක්තිය ගලා එනුයේ ආලෝකය සහ තාපය ලෙස දැක්විය හැකිමිනිස් ඇසට දෘශ්‍යමාන තරංග ආයාම (වර් ණාවලියේ)  සමගම ලැබෙනඅධෝ රක්ත තරංග ලෙසටය. මේ සියල්ල  කෙටි තරංග ආයාම ලෙස විකිරණය වේ. 

මෙසේ නිකුත් වන කෙටි තරංග (short waves) මගින්  උණුසුමක් නොලැබේ.  මෙම කෙටි තරංග, පෘථිවි තලය සමග හෝ එහි ඇති යම්කිසි වස්තුවක් සමග ගැටුන විට, දිගු තරංග ආයාම (long wave) බවට පරිවර් තනය වේ. මෙසේ වූ විට ඒවා අධෝ රක්ත තරංග ස්වරුපය ගනී. මෙම අධෝ රක්ත කිරණ  මගින් උණුසුම ඇති කරවනු ලැබේ. මෙම ස්වරූපයේ දිගු තරංග වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් වැනි හරිතාගාර වායු  ස්තරයට පාරදෘශ්‍ය බැවින් ඒ  හරහා ගමන් කළ නොහැකිය. එබැවින් ඒවාට වායු ගෝලය හරහා අභ්‍යවකාශයට මුක්ත විය නොහැකිය. ඒ නිසා ඒවා ආපසු පෘථිවි තලය මතටම පරාවර් තනය වේ. මෙසේ ලැබෙන දිගු ආයාමය සහිත  විකිරණ තරංග වල ඇති තාපය  මගින් පෘථිවිය මත, ජීවීන්ට සුදුසු පරිදි ප්‍රශස්ත මට්ටමට  උණුසුම පාලනය  කෙරේ. එහෙත් වායු ගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය වැඩිවීමත් සමග, එම විකිරණ පරාවර් තනය වීම තවතවත් වැඩිවේ. මේ නිසා වායු ගෝලය අධික ලෙස උණුසුම් වේ. 

මහා පරිමාණයේ දේශගුණ විපර් යාස සඳහා තුඩු දෙමින් පවතින, ඉහත දැක්වූ සාධක සියල්ලම, වහාම පාලනයට නතු කර නොගතහොත්, නුදුරු අනාගතයේදීම මහත් අර් බුදකාරී තත්ත්ව උදා වියහැකි බව ඉතාමත් පැහැදිලිය. කාර් මික විප්ලවය ආරම්භ වූ 1750 පමණ කාලයේ සිට 2022 වර් ෂය දක්වා වාර් ෂිකව හරිතාගාර වායු මුක්ත වී ඇති ආකාරය පහත ප්‍රස්තාරයේ දැක්වේ. (Hannah Ritchie and Max Roser (2020) - “CO emissions” Published online ලිපිය ආශ්‍රිතවය)

දේශගුණ විපර් යාස වලට ප්‍රධාන වශයෙන් තුඩු දෙන කාබන්ඩයොක්සයිඩ් වායුව මුක්ත වීම අවම කර ගැනීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ දේශපාලන නායකයින්ගේද  අවධානය යොමු වෙමින් පැවතීම සාධනීය  කරුණකි. කලින් සඳහන් කළ පරිදි 2024 වසරේ මහ මැතිවරණ පවත්වන රටවල් කිහිපයක  නායකයින් විසින් තම දේශපාලන වේදිකාවේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන පරිසර හිතකාමී නව පිවිසුම් ගැන Nature’ ජාත්‍යන්තර විද්‍යා සඟරාව මගින් කර ඇති සමීක්ෂණයෙන් හෙළිවී ඇති  ‘කාබන් සමතුලිතතාව සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක් ගැන මෙහිදී අවධානය යොමු කරමු.

ගෝලීය උණුසුම්වීම, ‘උණුසුම්දේශපාලන මාතෘකාවක් විය හැකිද?

1. ඇමෙරිකා එක්සත් ජනපදය  - වර් තමාන ජනාධිති  ජෝ බයිඩන් විසින් බලාපොරොත්තු නොවූ ආකාරයට සුවිශේෂී පරිසර හිතකාමී ව්‍යාපෘති කිහිපයක් සඳහා, මෙම වර් ෂයේ සිට 2032 දක්වා වැය කිරීම පිණිසඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් පමණ අනුමත කරවාගෙන තිබේ. මේ අනුව  සුළං සහ සූර් ය බලශක්ති ප්‍රවර් ධනය, ප්‍රවාහන කටයුතු විදුලි බලයට හැරවීම, කාබන් මුක්තවීම කපා හැරීම, පොසිල ඉන්ධන ආශ්‍රිත  රැකියාවල නිරත අය වෙනත් කුසලතා සඳහා යොමුකිරිම වැනි ධනාත්මක යෝජනා රාශියකට මේ මගින් මං පෑදී තිබේ. මේ අනුව 2024 නොවැම්බර් 5 දා ඔහු යළි බලයට පැමිණියහොත්, එම මුදල් සම්භාරය අති විශාල පාරිසරික පරිවර් තනයන්  සඳහා යෙදවෙනු ඇත. මෙම සංකල්ප ක්‍රියාත්මක වී 2035 වසර වනවිට, ඇමෙරිකා එක්සත් ජනපදයේ කාබන් මුක්ත වීම 48% කින් පමණ අඩුවන බව ගණන් බලා තිබේ.  චීනය හැරුණු විට ලෝකයේ දෙවන කාබන් මුක්ත කරන රට මෙසේ නව පිළිවෙතකට එළඹීම මහත් ජයග්‍රහණයකි.  

ජෝ බයිඩන්ගේ දේශපාලන ප්‍රතිවාදියා වන, ඩොනල්ඩ් ට්‍රම්ප් ෆොසිල්  ඉන්ධන ආශ්‍රීත ආර් ථිකය සවිබල ගැන්වීමේ නියමුවෙකු ලෙස ක්‍රියාකරමින්, 2016 දී ඔහු බලයට පැමිණි විගසම පැරිස් සම්මුතියෙන් ඉවත්වීමට තීරණය කළේය. මෙම  සෘණාත්මක තීරණය යළිත් යථා  තත්ත්වයට පමුණුවන ලද්දේද, බයිඩන් විසින් 2020 වසරේදීය.    

2. ඉන්දියාවඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ගෝලීය පාරිසරික අභිප්‍රායය සඳහා ධනවාදී දැක්මක් සහිත නායකයෙකි. එරට මහමැතිවරණය 2024 අප්‍රියෙල්, මැයි මාස වලදී පවත්වනු ඇත. මිලියන 1400 ක ජනගහනයක් සිටින ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනය සහිත රටයි. මෙය ලෝක ජනගහනයෙන් හයෙන් එකකි. එමෙන්ම කාබන් මුක්ත කිරීම අතින් ලෝකයේ තුන්වන ස්ථානය ගනුයේද ඉන්දියාවයි. පළමු සහ දෙවන ස්ථාන වල සිටිනුයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනයයි. එසේ වුවද ඉන්දියාවේ ඒක පුද්ගල කාබන් මුක්තකිරිම (per capita carbon emission)   ඇමරිකා එක්සත් ජනපදයේ අගයයෙන් හතෙන් එකක්  සහ  චීනයේ අගයයෙන් හතරෙන් එකක් වේ. මේ නිසා ඉන්දියාව දැනට සිටින තත්ත්වයෙන් වුවද, කාබන් සමතුලිතතාවය සඳහා යොමුවන ඉදිරියෙන්ම සිටින රටක් ලෙස හැඳින්විය හැකිය.

2021 වර්ෂයේදී පවත්වනලද ජගත් දේශගුණ සම්මන්ත්‍රණයේදී, ඉන්දියාව 2070 වන විට කාබන් ශුන්‍ය භාවය ලඟා කර ගන්නා බවට සහ 2030 වන විට තම රටෙහි විදුලි බල නිෂ්පාදනයේ හරි අඩක් සඳහා ෆොසිල ඉන්ධන නොවන ප්‍රභව භාවිත කරන බවටද ගිවිස ගෙන තිබේ. 

3. ඉන්දුනීසියාව - ඉන්දුනීසියා මහමැතිවරණය පසුගිය පෙබරවාරි මාසයේදී පවත්වන ලදී. ඉවත්ව යන ජනාධිපතිවරයාගේ දේශපාලන දැක්ම සහ ප්‍රතිපත්ති වලට අනුකුලව කටයුතු කරන නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සඳහා, එරට මිලියන 130 ක් පමණ වන ඡන්ද දායකයෝ සැදී පැහැදී සිටින බව අනාවරණය විය. ඡන්ද 59% ලබා ඇති ප්‍රබෝවෝ සුබියන්ටෝ (Prabowo Subianto), නව ජනාධිපති වරයා ලෙස පත්වීමට නියමිතය. මෙතෙක් රටෙහි කරගෙන ගොස් ඇති ප්‍රගතිශීලී වැඩකටයුතු එලෙසම ක්‍රියාත්මක කිරීමට ඔහු ප්‍රතිඥා දී තිබේ.

ගෝලීය උණුසුම් වීම මගින් සිදුවන දේශගුණ විපර් යාස අවම කරගැනීම පිණිස ඉන්දුනීසියානු නව රජය වැඩි උනන්දුවක් නොගන්නා බව දැනගන්නට තිබෙන බව එරට විද්‍යා ඇකඩමියේ ප්‍රධානියා ප්‍රකාශකර තිබේ. ඉන්දුනීසියාව ලෝකයේ  වැඩිම ගල් අඟුරු අපනයන කරන රට බැවින්, රටෙහි  ආර් ථිකයට විශාල බලපෑමක් සිදුවන නිසා, ගල් අඟුරු නිෂ්පාදන කටයුතු සීමා කිරීම අපහසු බව තීරණය කර තිබේ. එමෙන්ම, වර් තමාන ලෝකයේ  ඉහලම ඉල්ලුමක් ඇති  නිකල් ලෝහ නිස්සාරණය සඳහා ලෝහ නිධි පතල් කැණීමද  එරට තවත් ප්‍රධාන කර් මාන්තයකි. මෙම කර් මාන්තය සඳහා බල ශක්තිය ලබාගනුයේද  ගල් අඟුරු වලිනි.  මේ නිසා එරට ෆොසිල් ඉන්ධන නිෂ්පාදනය සහ භාවිතය සීමා කිරීම කඩිනමින්ම කළ නොහැකි බව නිගමනය කර තිබේ. කෙසේ වෙතත්, 2060 වන විට ඉන්දුනීසියාව කාබන් ශුන්‍ය භාවය කරා ළඟාවීමට හැකිවන ආකාරයේ සැලසුම් ක්‍රියාත්මක කරන බවටද ප්‍රතිඥා දී තිබේ.  

4. රුසියාව -   2015 වසරේපැරිස් සම්මුතියසඳහා බෙහෙවින් අනුකුලතාව දැක්වූ රටක් ලෙස රුසියාව සැලකිය හැකිය. වර් තමාන ජනාධිපති, ව්ලැඩිමීර් පුටින්, 2024 මාර් තු මාසයේදී පැවැත්වීමට නියමිත, මහා මැතිවරණයේදීයළිත් ජනාධිපති ලෙස තේරී පත්වෙනු ඇතැයි විශ්වාස කෙරේ.  

යුක්රේනය සමග යුද්ධයක පැටලී සිටීම සහ යුරෝපීය සහ ඇමෙරිකානු සම්බාධක වලට පාත්‍ර වී සිටීම නිසා, දේශගුණ විපර් යාස සමනය කිරීම  පිලිබඳව  රටෙහි   උනන්දුව හීන වී ගොස් ඇත. රුසියාවද ෆොසිල ඉන්ධන ආශ්‍රීත ආර් ථිකයක් සහිත රටක් බැවින්, “වෙනත් රටවල් ගල් අඟුරු මිලදී ගන්නා තාක්  කල්, තම ගල් අඟුරු නිෂ්පාදනය නතර නොකරන බව”  ප්‍රකාශ කර තිබේ.  කෙසේ වෙතත්  2030 වනවිට, තම හරිතාගාර වායු මුක්ත වීම 70% කින් අඩුකරගැනීමට හැකිවන බවට පෙරැයීම් කර තිබේ. මෙම ඉලක්කය කරා එළඹෙනුයේ, විශේෂයෙන්ම වනවගා මගින් කාබන් අවශෝෂක (carbon sinks) වැඩිකර ගැනීමත්, කාබන්  ග්‍රහණය කරගන්නා (carbon capture) සහ කාබන් ගබඩා කිරීමේ නව තාක්ෂණ ක්‍රමෝපායය භාවිතයත්, ජල විදුලිය සහ න්‍යෂ්ටික ක්‍රමෝපාය මගින් බල ශක්තිය ලබාගැනීමටත්  වැඩි අවධානයක් යොමු කිරීමෙනි. 

5. යුරෝපා සංගමය -  රටවල් 27 කින් සමන්විත යුරෝපා සංගමය 2024 ජුනි මාසයේදී පැවැත්වෙන මහා මැතිවරණයෙන් පාර් ලිමේන්තු මන්ත්‍රීවරු 720 දෙනෙක් තෝරා පත්කර ගැනීමට නියමිතය. 2021 දී රැස්වූ මන්ත්‍රී මණ්ඩලය විසින් 2030 වනවිට හරිතාගාර වායු මුක්ත වීම 55% කින් අඩුකර ගැනීම සඳහා කටයුතු  කිරීමටත් 2050 වන විට 90% ඉලක්කය කරා යාමටත්  ගිවිස ගන්නා  ලදී. යුරෝපා සංගමයේ  වර් තමාන නායිකාව වන උර් සුලා ලෙයන්     (Ursula Leyen) විසින්  ඉදිරිපත් කර ඇති ඉදිරි වැඩ සටහනෙහි දේශගුණය ප්‍රශස්ත කරගැනීමට අදාළ ඉලක්ක සඳහා ප්‍රමුඛතාවයක් ලබාදෙන බවට ප්‍රකාශකර, තමා යුරෝපා සංගමයේ නායක තනතුරට මෙවරද ඉදිරිපත් වන බවද  දන්වා ඇත. 

යුරෝපා සංගමයේ වැදගත් පාරිසරික අභිමතාර් ථයක් වන, සොබාදහමට අනුකූලව ජෛව විවිධත්ව සහ පාංශු සංරක්ෂණය මුල්කර ගනිමින්, කෘෂිකාර් මික කටයුතු වලදී   පලිබෝධ නාශක භාවිතය  බොහෝ දුරට කපාහැරීම පිලිබඳ යෝජනාව ඉවත්කර ගැනීම මහත් පසු බෑමකි. මෙයට හේතු වී ඇත්තේ, එම යෝජනාවට එරෙහිවසංගමයේ රටවල් කිහිපයක විශාල ගොවිපළ හිමියන්ගේ බලවත් විරෝධයයි.    

පසුගිය වසර කිහිපය තුළදී කෘෂිකාර් මික අංශයේ, කාබන් මුක්ත වීම පාලනය , එතරම් සතුටුදායක නොමැති වුවත්, පොදුවේ ගත්  කළ මෙම කලාපයේ  කාබන් මුක්ත වීම කලමනාකරණය ඉහල මට්ටමක පැවතීම බලාපොරොත්තු අභිලාෂය මුදුන්පත් වීමක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම කාබන් මධ්‍යස්ථභාවයහෝකාබන් ශුන්‍ය භාවය කරා ලඟාවීම පිණිස, යුරෝපා සංගමයට  කාබන්  ග්‍රහණය කරගන්නා (carbon capture) සහ කාබන් ගබඩා කිරීමේ (carbon storage) නව තාක්ෂණ ක්‍රමෝපායය අනුගමනය කිරීමටත් සිදුවනු ඇත.          

 මෙම රටවල දේශපාලන න්‍යාය පත්‍ර දෙස බලනවිට,මෙතෙක් කල් පරිසර විද්‍යාඥයින්ට සහ ආර්ථික විද්‍යාඥයින්ට පමණක් සීමාවී තිබුණු, ගෝලීය උණුසුම් වීම, කාබන් සමතුලිතතාව, කාබන් ශුන්‍ය භාවය වැනි සංකල්ප, අද ලෝක දේශපාලන කරලියේ බල තුලණය කිරීමේ සාධක බවට පත්වී තිබීම, පෘථිවි වාසී මිනිස් සංහතියට මෙන්ම සතා සීපාවන්ටත් සමෘධිමත් අනාගතයක් ලඟා වීමේ පෙර නිමිති ලෙස සැලකිය හැකි වීම වාසනාවකි. 

 

දයාරත්න වීරසේකර 

dayawee2@yahoo.com