පසුගිය දශක කිහිපය තුළදී ලොව පුරා හඳුනාගෙන ඇති දේශගුණ විපර්යාස හා සම්බන්ධ ආපදා රාශියකටම ප්‍රධාන හේතුව වශයෙන් සැලකිය හැක්කේ ගෝලීය උණුසුම් වීම බව පරිසර විද්‍යාඥයින්ගේ නිගමනය වී තිබේ. දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින මෙම ව්‍යසනය නිසා සිදුවන ආර්ථික, සමාජයීය සහ සෞඛ්‍ය ගැටළු සිය දහස් ගණනකි. මේ නිසා ඇතිවන ව්‍යාකූලතා නිසා ජනතාව මහත් පීඩාවට පත්වී සිටින බැවින්, දැන් දැන් ගෝලීය උණුසුම් වීම දේශපාලන කතිකාවත් වලද උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබේ. දැනටමත් ‘ගෝලීය උණුසුම් වීම සහ එය නිවාරණය කිරීමේ පියවර ගැනීම’ සමහර රටවල දේශපාලන බල තුලණය කිරීමේ නිර් ණායකයක් ලෙස සැලකීමද ආරම්භ වී තිබේ.
1.
කාර් මික විප්ලවයට පෙර තිබුණු මට්ටමේ සිට, 2° C සීමාවෙන් ඔබ්බට නොයන
ලෙසට පරිසර උෂ්ණත්වය
පාලනය කිරීම සඳහා, හරිතාගාර වායු මුක්ත වීම සීමා කර ගැනීම (දේශගුණ
විපර් යාස වල රුදුරු බලපෑම අවම කර ගැනීම පිණිස, එම අගය, 1.5 °C වැනි උපරිමයක තබාගැනීමද
වැදගත්ය.)
2.
මෙසේ සිදුවන බලපෑම් අවම කර
ගැනීම සඳහා අනුවර් තනය වීමට අදාළ, ක්‍රමවේද සකස් කර ගනිමින් හරිතාගාර වායු මුක්ත වීම
පාලනය කර ගැනීම.
3.
දේශගුණයට හානි නොවන ආකාරයේ, තිරසාර සංවර් ධන කටයුතු වඩාත් විධිමත් කරමින් ආහාර නිෂ්පාදනය සඳහාද මුල්‍ය ප්‍රතිපාදන යෙදවීම.
- කාබන්ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර
වායු මුක්ත වීම 20% කින් පහළ හෙලීම,
- සූර් ය කෝෂ,
සුළං බලය වැනි,
ප්‍රතිජනනය වන
සම්පත් භාවිතය
20% කින්
වැඩි කිරීම
- බලශක්ති පිරිමැසීමේ
කාර්යක්ෂම උපක්‍රම
20% කින්
වැඩි කිරීම යන ත්‍රිත්වයයි.
සියලුම රාජ්‍යයයන්, මෙම අංශ ගැන විශේෂ උනන්දුවක් දක්වා, 2020 වන විට, එම වැඩ සටහන් සාර් ථකව ඉදිරියට ගෙන යාමට ප්‍රතිඥා
දුන් නිසා, ඒ ගැන මහත් බලාපොරොත්තුවක්ද ඇතිකර ගන්නා ලදී.
ගෝලීය උණුසුම් වීම කෙරෙහි කෙලින්ම බලපෑමක් සිදුකරනු ලබන ප්‍රධානතම හරිතාගාර වායුව වන කාබන්ඩයොක්සයිඩ් මුක්ත වීමේ ක්‍රමෝපායයන්, අවම මට්ටමක භාවිතය මගින් එම මුක්තවීමේ දර් ශකය, පාරිසරික බලපෑමක් සිදුනොවන මධ්‍යස්ත මට්ටමක පවත්වා ගැනීම හෝ එම අගය හැකිතරම් දුරට ශුන්‍ය මට්ටමට ගෙන ඒම පැරිස් සම්මුතියේ පරමාර්ථය විය. එහෙත් ‘පැරිස් සම්මුතිය’ ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දී වසර තුනකට පසුව වුවද එහි ප්‍රගතිය ඉතාමත් දුර් වල තත්ත්වයක පැවතින. 2018 සැප්තැම්බර් මස 10 වන දින පවත්වන ලද, මාධ්‍ය සාකච්ඡාවකදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට සිටි මහලේකම්, බන් කි-මූන් මහතා, මේ සම්බන්ධව තම කනස්සල්ල ප්‍රකාශ කරමින් මෙසේ සඳහන් කර තිබේ.
“අප දැන් සිටිනුයේ අපගේ ඉදිරි
පැවැත්ම සහ විනාශය අතර සංධිස්ථානයකය. කණගාටුවෙන් වුවද තවත් වැදගත් යමක් ප්‍රකාශ
කිරීමට තිබේ. සමහර රාජ්‍ය බලධාරීන් විසින් තීරණ ගැනීමේදී, දක්වන ‘උදාසීන භාවය’ සහ ‘නොසැලකිල්ල’ නිසා පැරිස් සම්මුතිය ක්‍රියාත්මක වේදෝයි සැකයක්ද තිබෙන බව පෙනේ. හරිතාගාර වායු බහුල
වශයෙන් මුක්ත කර, දේශගුණ විපර් යාස අර් බුදය සඳහා, බෙහෙවින්ම දායක වී තිබෙනුයේ, ලොව ධනවත්ම රාජ්‍ය කිහිපයයි. එහෙත් මෙම අර් බුදයෙන් වැඩිපුරම පීඩාවට
පත්වී තිබෙන්නේ, ඉතාමත් අවදානම් තත්ත්වයක ජනතාවක් ජීවත්වන දිළිඳු රටවල්ය. සියලු රාජ්‍යයන් එකාවන්ව පෙරටම ගියහොත් අපට අභියෝගය ජය ගත හැකිය.”
වායු ගෝලයට CO2 මුදාහැරිම සඳහා වැඩිපුර දායකත්වය දක්වන රටවල් පිළිබඳව 2022 වර් ෂයේදී ලබාගෙන ඇති පහත දැක්වෙන තොරතුරු පෙන්වන වගුව මගින්ද , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට සිටි මහලේකම් තුමාගේ
ප්‍රකාශය සනාථ වේ. මෙම සටහනෙහි දැක්වෙන පරිදි
ඉන්දියාව හැර අදාළ
අනිකුත් සියලුම රටවල් CO2 මුදාහැරිම ගැන වැඩි සැලකිල්ලක් යොදවා නොමැති බව
පෙනේ.
ගෝලීය උණුසුම් වීම
සිදුවන්නේ කෙසේද ?
පෘථිවි ගෝලයේ පරිසරය උණුසුම් වන්නේ එහි පතිත වන සූර් ය කිරණවල බලපෑමෙන් ලැබෙන තාපය
මගින්ය. මෙසේ ලැබෙන උණුසුම ප්‍රශස්ත මට්ටමක රඳවා ගනු ලබන්නේ, වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමුඛ හරිතාගාර වායු, තුනී ‘පොරොවනයක’ ස්වරූපයෙන් පෘථිවිය ආවරණය කරගෙන සිටින බැවිනි. කාර් මික විප්ලවයට පෙර, මේ ආකාරයට හරිතාගාර වායු
සමතුලිත ආකාරයකට තිබී, දේශගුණය ප්‍රශස්ත මට්ටමක
රැඳී තිබුණු බවත්, පෘථිවි තලයෙන් පරාවර් තනය වූ වැඩිපුර තාපය, පාරගම්‍ය ‘පොරවනය’ හරහා අභ්‍යවකාශයට විකිරණය වී ඇති බවත් නිගමනය කර තිබේ. එහෙත් පසුගිය ශතවර් ෂ දෙකක පමණ කාලය තුළදී, මිනිසා විසින් අදූරදර් ශී ලෙස, ගල් අඟුරු සහ පෙට්‍රෝලියම් වැනි ෆොසිල ඉන්ධන අධික ලෙස දැවීම හේතුවෙන්
වායුගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය අධික වීම නිසා ‘පොරොවනයේ’ තුනී භාවය නැතිවී ගොස් එය
පාරදෘශ්‍ය වී උණුසුම අධිකතර ලෙස රඳවා ගැනීමේ ආවරණයක් ලෙස ක්‍රියා කරන්නට පටන්ගෙන
තිබේ. පෘථිවි පරිසරය සීමාන්තිකව උණුසුම් වීම පටන්ගෙන ඇත්තේ මේ ආකාරයටය. කාර් මික විප්ලවය ආරම්භ වූ කාලයේ සිට මේ දක්වා (1750 වසර සිට) පෘථිවියේ කිසියම් ස්ථානයක බිම් ඒකකයකට ලැබෙන, සූර් ය ශක්ති ප්‍රමාණය 56 ගුණයකින් පමණ වැඩිවී තිබෙන බව ගණනය කර තිබේ.
සූර්
යකිරණ ලෙස සූර් යයාගෙන් නිකුත් වන විද්‍යුත් චුම්බක විකිරණය, සෞර වර් ණාවලිය (solar spectrum) ලෙස හැඳින්වේ. තරංග ආයාම අනුව, සෞර වර් ණාවලිය, පාරජාම්බූල, දෘශ්‍යමාන සහ අධෝරක්ත (ultra-violet, visible සහ infrared) යනුවෙන් ප්‍රධාන කොටස් තුනකට
වෙන් කෙරේ. පාරජාම්බූල
අග්‍රයේ තරංග ආයාමය නැනෝමීටර් (nm) 290 කින්
ආරම්භවී, අධෝරක්ත
අග්‍රයේ තරංග ආයාමය නැනෝමීටර් 3200 දක්වා
විහිදේ. වර් ණාවලියේ මිනිස් ඇසට දෘශ්‍යමාන සීමාව වනුයේ දම්
වර් ණයේ (380 nm) සිට
රක්ත වර් ණය (749 nm) දක්වා
පමණකි.
ඉහත
සඳහන් කරන ලද තොරතුරු පදනම් කර ගනිමින් ගෝලීය පරිසර උණුසුම් වීම පහත දැක්වෙන ආකාරයට විස්තර කළ හැකිය.
මහා පරිමාණයේ දේශගුණ විපර් යාස සඳහා තුඩු දෙමින් පවතින, ඉහත දැක්වූ සාධක සියල්ලම, වහාම පාලනයට නතු කර නොගතහොත්, නුදුරු අනාගතයේදීම මහත් අර් බුදකාරී තත්ත්ව උදා වියහැකි බව ඉතාමත් පැහැදිලිය. කාර් මික විප්ලවය ආරම්භ වූ 1750 පමණ කාලයේ සිට 2022 වර් ෂය දක්වා වාර් ෂිකව හරිතාගාර වායු මුක්ත වී ඇති ආකාරය පහත ප්‍රස්තාරයේ දැක්වේ. (Hannah Ritchie and Max Roser (2020) - “CO₂ emissions” Published online ලිපිය ආශ්‍රිතවය)
දේශගුණ විපර් යාස වලට ප්‍රධාන වශයෙන් තුඩු දෙන කාබන්ඩයොක්සයිඩ් වායුව මුක්ත වීම අවම කර ගැනීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ දේශපාලන නායකයින්ගේද අවධානය යොමු වෙමින් පැවතීම සාධනීය කරුණකි. කලින් සඳහන් කළ පරිදි 2024 වසරේ මහ මැතිවරණ පවත්වන රටවල් කිහිපයක නායකයින් විසින් තම දේශපාලන වේදිකාවේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන පරිසර හිතකාමී නව පිවිසුම් ගැන ‘Nature’ ජාත්‍යන්තර විද්‍යා සඟරාව මගින් කර ඇති සමීක්ෂණයෙන් හෙළිවී ඇති ‘කාබන් සමතුලිතතාව’ සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක් ගැන මෙහිදී අවධානය යොමු කරමු.
ගෝලීය උණුසුම්වීම, ‘උණුසුම්’ දේශපාලන මාතෘකාවක් විය හැකිද?
1. ඇමෙරිකා එක්සත් ජනපදය - වර් තමාන ජනාධිති
ජෝ බයිඩන් විසින්
බලාපොරොත්තු නොවූ ආකාරයට සුවිශේෂී පරිසර හිතකාමී ව්‍යාපෘති කිහිපයක් සඳහා, මෙම වර් ෂයේ සිට 2032 දක්වා වැය කිරීම පිණිස, ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් පමණ අනුමත කරවාගෙන
තිබේ. මේ අනුව සුළං සහ සූර් ය බලශක්ති
ප්‍රවර් ධනය, ප්‍රවාහන කටයුතු විදුලි
බලයට හැරවීම, කාබන් මුක්තවීම කපා
හැරීම, පොසිල ඉන්ධන ආශ්‍රිත රැකියාවල නිරත අය වෙනත් කුසලතා සඳහා යොමුකිරිම වැනි ධනාත්මක යෝජනා
රාශියකට මේ මගින් මං පෑදී තිබේ. මේ අනුව 2024 නොවැම්බර් 5 දා ඔහු යළි බලයට
පැමිණියහොත්, එම
මුදල් සම්භාරය අති විශාල පාරිසරික පරිවර් තනයන් සඳහා යෙදවෙනු ඇත. මෙම සංකල්ප ක්‍රියාත්මක වී 2035 වසර වනවිට, ඇමෙරිකා එක්සත් ජනපදයේ කාබන් මුක්ත වීම 48% කින් පමණ අඩුවන බව ගණන් බලා තිබේ. චීනය හැරුණු විට ලෝකයේ දෙවන කාබන් මුක්ත කරන රට
මෙසේ නව පිළිවෙතකට එළඹීම මහත් ජයග්‍රහණයකි.
ජෝ බයිඩන්ගේ දේශපාලන ප්‍රතිවාදියා වන, ඩොනල්ඩ් ට්‍රම්ප් ෆොසිල් ඉන්ධන ආශ්‍රීත ආර් ථිකය සවිබල ගැන්වීමේ නියමුවෙකු ලෙස ක්‍රියාකරමින්, 2016 දී ඔහු බලයට පැමිණි විගසම පැරිස් සම්මුතියෙන්
ඉවත්වීමට තීරණය කළේය. මෙම
සෘණාත්මක තීරණය යළිත්
යථා තත්ත්වයට පමුණුවන
ලද්දේද, බයිඩන්
විසින් 2020 වසරේදීය.
2. ඉන්දියාව
- ඉන්දියාවේ අග්‍රාමාත්‍ය
නරේන්ද්‍ර මෝඩි ගෝලීය පාරිසරික අභිප්‍රායය සඳහා ධනවාදී දැක්මක් සහිත නායකයෙකි. එරට
මහමැතිවරණය 2024 අප්‍රියෙල්, මැයි මාස වලදී පවත්වනු ඇත. මිලියන 1400 ක
ජනගහනයක් සිටින ඉන්දියාව ලෝකයේ වැඩිම ජනගහනය සහිත රටයි. මෙය ලෝක ජනගහනයෙන් හයෙන්
එකකි. එමෙන්ම කාබන් මුක්ත කිරීම අතින් ලෝකයේ තුන්වන ස්ථානය ගනුයේද ඉන්දියාවයි.
පළමු සහ දෙවන ස්ථාන වල සිටිනුයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනයයි. එසේ වුවද
ඉන්දියාවේ
‘ඒක පුද්ගල කාබන්
මුක්තකිරිම’ (per capita carbon emission) ඇමරිකා එක්සත් ජනපදයේ
අගයයෙන් හතෙන් එකක් සහ චීනයේ අගයයෙන් හතරෙන් එකක් වේ. මේ නිසා ඉන්දියාව
දැනට සිටින තත්ත්වයෙන් වුවද,
කාබන් සමතුලිතතාවය සඳහා
යොමුවන ඉදිරියෙන්ම සිටින රටක් ලෙස හැඳින්විය හැකිය.
2021 වර්ෂයේදී
පවත්වනලද ජගත් දේශගුණ සම්මන්ත්‍රණයේදී, ඉන්දියාව 2070 වන විට ‘කාබන් ශුන්‍ය භාවය’ ලඟා කර ගන්නා බවට සහ 2030 වන විට තම රටෙහි විදුලි බල නිෂ්පාදනයේ හරි අඩක් සඳහා ‘ෆොසිල ඉන්ධන නොවන’ ප්‍රභව භාවිත කරන බවටද ගිවිස ගෙන තිබේ.
3. ඉන්දුනීසියාව - ඉන්දුනීසියා මහමැතිවරණය
පසුගිය පෙබරවාරි මාසයේදී පවත්වන ලදී. ඉවත්ව යන ජනාධිපතිවරයාගේ දේශපාලන දැක්ම සහ ප්‍රතිපත්ති
වලට අනුකුලව කටයුතු කරන නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සඳහා, එරට මිලියන 130 ක් පමණ වන ඡන්ද දායකයෝ සැදී පැහැදී සිටින බව
අනාවරණය විය. ඡන්ද 59% ලබා ඇති ප්‍රබෝවෝ සුබියන්ටෝ (Prabowo
Subianto), නව ජනාධිපති වරයා ලෙස
පත්වීමට නියමිතය. මෙතෙක් රටෙහි කරගෙන ගොස් ඇති ප්‍රගතිශීලී වැඩකටයුතු එලෙසම ක්‍රියාත්මක
කිරීමට ඔහු ප්‍රතිඥා දී තිබේ.
ගෝලීය උණුසුම් වීම මගින් සිදුවන දේශගුණ විපර්
යාස අවම කරගැනීම පිණිස ඉන්දුනීසියානු නව රජය වැඩි උනන්දුවක් නොගන්නා බව දැනගන්නට
තිබෙන බව එරට විද්‍යා ඇකඩමියේ ප්‍රධානියා ප්‍රකාශකර තිබේ. ඉන්දුනීසියාව ලෝකයේ වැඩිම ගල් අඟුරු අපනයන කරන රට බැවින්, රටෙහි ආර් ථිකයට විශාල
බලපෑමක් සිදුවන නිසා, ගල් අඟුරු නිෂ්පාදන
කටයුතු සීමා කිරීම අපහසු බව තීරණය කර තිබේ. එමෙන්ම, වර් තමාන ලෝකයේ
ඉහලම ඉල්ලුමක් ඇති නිකල් ලෝහ නිස්සාරණය සඳහා ලෝහ නිධි පතල්
කැණීමද එරට තවත් ප්‍රධාන කර්
මාන්තයකි. මෙම කර් මාන්තය සඳහා බල ශක්තිය ලබාගනුයේද ගල් අඟුරු වලිනි.
මේ නිසා එරට ෆොසිල්
ඉන්ධන නිෂ්පාදනය සහ භාවිතය සීමා කිරීම කඩිනමින්ම කළ නොහැකි බව නිගමනය කර තිබේ.
කෙසේ වෙතත්, 2060 වන විට ඉන්දුනීසියාව කාබන් ශුන්‍ය භාවය කරා ළඟාවීමට හැකිවන
ආකාරයේ සැලසුම් ක්‍රියාත්මක කරන බවටද ප්‍රතිඥා දී තිබේ.
4. රුසියාව -
2015 වසරේ ‘පැරිස් සම්මුතිය’
සඳහා බෙහෙවින්
අනුකුලතාව දැක්වූ රටක් ලෙස
රුසියාව සැලකිය හැකිය. වර් තමාන ජනාධිපති, ව්ලැඩිමීර් පුටින්, 2024 මාර් තු මාසයේදී පැවැත්වීමට නියමිත, මහා මැතිවරණයේදී, යළිත් ජනාධිපති ලෙස තේරී පත්වෙනු ඇතැයි විශ්වාස කෙරේ.
යුක්රේනය සමග යුද්ධයක පැටලී සිටීම සහ යුරෝපීය සහ
ඇමෙරිකානු සම්බාධක වලට පාත්‍ර වී සිටීම නිසා, දේශගුණ විපර් යාස සමනය කිරීම පිලිබඳව රටෙහි උනන්දුව හීන වී ගොස් ඇත. රුසියාවද ෆොසිල ඉන්ධන
ආශ්‍රීත ආර් ථිකයක් සහිත රටක් බැවින්, “වෙනත් රටවල් ගල් අඟුරු මිලදී ගන්නා තාක් කල්, තම ගල් අඟුරු නිෂ්පාදනය නතර නොකරන බව” ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් 2030 වනවිට, තම හරිතාගාර වායු මුක්ත වීම 70% කින් අඩුකරගැනීමට හැකිවන බවට පෙරැයීම් කර තිබේ. මෙම ඉලක්කය කරා
එළඹෙනුයේ, විශේෂයෙන්ම වනවගා මගින් ‘කාබන් අවශෝෂක’ (carbon sinks) වැඩිකර ගැනීමත්,
කාබන් ග්‍රහණය කරගන්නා (carbon capture) සහ කාබන් ගබඩා කිරීමේ නව තාක්ෂණ ක්‍රමෝපායය
භාවිතයත්, ජල විදුලිය සහ න්‍යෂ්ටික
ක්‍රමෝපාය මගින් බල ශක්තිය ලබාගැනීමටත් වැඩි අවධානයක් යොමු කිරීමෙනි.
5. යුරෝපා සංගමය - රටවල් 27 කින් සමන්විත යුරෝපා සංගමය 2024 ජුනි මාසයේදී පැවැත්වෙන මහා මැතිවරණයෙන් පාර්
ලිමේන්තු මන්ත්‍රීවරු 720 දෙනෙක් තෝරා පත්කර ගැනීමට
නියමිතය. 2021 දී රැස්වූ මන්ත්‍රී මණ්ඩලය
විසින් 2030 වනවිට හරිතාගාර වායු මුක්ත
වීම 55% කින් අඩුකර ගැනීම සඳහා කටයුතු කිරීමටත් 2050 වන විට 90% ඉලක්කය කරා යාමටත් ගිවිස ගන්නා ලදී. යුරෝපා සංගමයේ වර් තමාන නායිකාව වන උර් සුලා ලෙයන් (Ursula
Leyen) විසින් ඉදිරිපත් කර ඇති ඉදිරි වැඩ සටහනෙහි දේශගුණය ප්‍රශස්ත
කරගැනීමට අදාළ ඉලක්ක සඳහා ප්‍රමුඛතාවයක් ලබාදෙන බවට ප්‍රකාශකර, තමා යුරෝපා සංගමයේ නායක තනතුරට මෙවරද ඉදිරිපත් වන බවද දන්වා ඇත.
යුරෝපා සංගමයේ වැදගත් පාරිසරික අභිමතාර් ථයක් වන, සොබාදහමට අනුකූලව ජෛව විවිධත්ව සහ පාංශු සංරක්ෂණය මුල්කර ගනිමින්, කෘෂිකාර් මික කටයුතු වලදී පලිබෝධ නාශක භාවිතය බොහෝ දුරට කපාහැරීම පිලිබඳ යෝජනාව ඉවත්කර ගැනීම මහත් පසු බෑමකි.
මෙයට හේතු වී ඇත්තේ, එම
යෝජනාවට එරෙහිව, සංගමයේ රටවල් කිහිපයක විශාල ගොවිපළ
හිමියන්ගේ බලවත් විරෝධයයි.
පසුගිය වසර කිහිපය තුළදී කෘෂිකාර් මික අංශයේ, කාබන් මුක්ත වීම පාලනය , එතරම් සතුටුදායක නොමැති වුවත්, පොදුවේ ගත් කළ මෙම කලාපයේ කාබන් මුක්ත වීම කලමනාකරණය ඉහල මට්ටමක පැවතීම
බලාපොරොත්තු අභිලාෂය මුදුන්පත් වීමක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම ‘කාබන් මධ්‍යස්ථභාවය’ හෝ ‘කාබන් ශුන්‍ය භාවය’ කරා ලඟාවීම පිණිස, යුරෝපා සංගමයට
කාබන් ග්‍රහණය කරගන්නා (carbon capture) සහ කාබන් ගබඩා කිරීමේ (carbon storage) නව තාක්ෂණ ක්‍රමෝපායය අනුගමනය කිරීමටත් සිදුවනු
ඇත.
දයාරත්න වීරසේකර
dayawee2@yahoo.com
පරිසර ප්‍රශ්ණය හා බැදුණු ඉතා ගැඹුරු දේශපාලනයක් තියෙනවා. උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාවේ අග්‍රමාත්‍යවරුන් පුටු වලින් විසි වෙන්න තරම් මේ ප්‍රශ්නය හේතුවෙලා තියෙනවා... කාබන් ටැක්ස් ගහන්න යෝජනා කරපු අග්‍රාමාත්‍ය වරුන්ට ගෙදර යන්න වෙලා තියෙනවා...ඒ
ReplyDeleteයුරෝපේ, ඇමෙරිකාවේ හැම තැනකටම් පරිසර දේශපාලනය කියන්නෙ හොට් ටොපික් එකක්...
ස්තුතියි මයියා.
Deleteවැඩියෙන්ම ෆොසිල ඉන්ධන භාවිත කරන රටවල් පසුගිය දශක කිහිපය තිස්සේ මේ අර් බුදය ගැන නොසලකා හැර සිටි නිසා තමයි දැනට සමහර ව්‍යසන ආපසු හැරවීමට නොහැකි තරමට උග්‍ර වී තිබෙනුයේ. පරිසරය උණුසුම් වීමේ ප්‍රතිඵල තමන්ගේ 'එළිපත්ත' අසලටම පැමිණ තිබෙන විටයි බොහෝ රටවලට ඒ ගැන පිළියම් සෙවීමට අවශ්‍ය වී තිබෙන්නේ. තවමත් ප්‍රමාද නැහැ. වහාම ක්‍රියාත්මක වීම අවශ්‍යයි. ඕස්ට්‍රේලියාවේ සිටින අපට ඔබ සඳහන් කර තිබෙන ආකාරයේ විරෝධතා දැන් නිරතුරුවම අසන්නට
ගෝලීය උණුසුම් වීම වගේම මයික්‍රො ප්ලාස්ටික්ස් මුලු ලෝකයටම බළපාන ප්‍රශ්ණ.
ReplyDelete++++++++++👌🙏
ස්තුතියි DGM,
Deleteමා පසුගිය මාස කිහිපය තුළදී මයික්‍රෝප්ලාස්ටික් ගැනත් ලිපි කිහිපයක්ම මගේ Blog සටහන් ලෙස පළකරන්නට යෙදුනා. ඒවාට බොහෝ අයගෙන් ප්‍රතිචාරත් ලැබී තිබුණා. මයික්‍රෝ ප්ලාස්ටික් මේ වන විටත් මිනිසාගේ ස්වසන අවයව වල සහ රුධිරයේත් සැලකියයුතු ප්‍රතිශතයක් තිබෙන බව දැන් සොයාගෙන තිබෙනවා. මේ ආකාරයට වැළඳිය හැකි රෝග වලට අමතරව පරිසරය උණුසුම් වීමත් වැඩිවන විට මනුෂ්‍ය සංහතියටම ඉසිලිය නොහැකි පීඩා වලට මුහුණ දීමට සිදුවන බවට විද්‍යාඥයෝ දැනටමත් පෙරැයීම් කර තිබෙනවා.