එකෝමත් එක කාලයක මහා සාගරය මධ්‍යයේ තනිවූ අරුම පුදුම දූපතක් විය. මෙම දූපත මිනිස් හදවතක හැඩයෙන් යුක්ත වූ නිසා එය ‘ආදර දිවයින’ ලෙස ලෙස නම් කර තිබේ.
මිනිස් වාසයෙන් තොර මෙම දිවයිනෙහි විවිධ ‘හැඟීම්’ සහ තවත් සුවිශේෂී ‘සංකල්ප’ කිහිපයක් පමණක් දකින්නට ලැබීම විශේෂත්වයකි. එහි තණ්හාව, ආශාව, වෛරය, ක්‍රෝධය, බුද්ධිය, දැනුම, ප්‍රීතිය, දුක, ආදරය වැනි හැඟීම් සිය ගණනක් හුදකලාව තමන්ගේ පාඩුවේ සිටියහ.
එමෙන්ම එම දූපතෙහි ‘කාළය’, ‘වේලාව’, ‘ආලෝකය’, ‘වියපත්වීම’ වැනි තරමක් අද්භූත සංසිද්ධි කිහිපයක්ද විය. මෙසේ හුදකලාවී තිබුණු හැඟීම් සහ සංසිද්ධි සියල්ලම තමන්ට ජීවී තත්ත්වයක් ආරෝපණය කර ගනිමින්, තමතමන්ගේ කටයුතු ගැන උනන්දු වූවා මිස, එකිනෙකා අතර වැඩි සම්බන්ධයක් නොපැවැත්වීය. සෑම හැඟීමකටම සහ සංකල්පයකටම පාහේ, දූපත අවට තම ගමන් බිමන් සඳහා බෝට්ටුවක් බැගින් තිබුණි. එහෙත් එහි සිටි දුප්පත්ම හැඟීම වන ‘ආදරය’ බෝට්ටුවක අයිතිකාරිය නොවූවාය.
මහා සාගරය
මැද තනිවී ඇති “ආදර දිවයින”
අවාසනාවකට මෙන්,
මෙම
දිවයින අසල සාගරය පතුළේ ඇතිවූ හදිසි භූ චලනයක් නිසා,
දිවයින
ක්‍රමක්‍රමයෙන් ගිලී යාමට පටන්ගෙන තිබෙන බව එහි වාසය
කරන කාටත් දැනගන්නට ලැබිණ. මේ නිසා සියලුම දිවයින් වාසීහු,
තම තමන්ට
අයිති බඩු බාහිරාදියද හැකි තරමක් තමන්ගේ බෝට්ටු වල පටවාගෙන දූපතෙන්
පිටවී යාමට ලහි ලහියේ සූදානම් වූහ. ගෙනයාම සඳහා වැඩිමනත් බඩු බාහිරාදිය
නොමැති වූවත්, පිටවී යාම සඳහා බෝට්ටුවක් නොමැති කම නිසා, තමන්ට දිවයිනත්
සමගම මුහුදුබත් වීමට සිදුවන නිසා ‘ආදරය’ තරමක්
කනස්සල්ලට පත්වූවාය. අතමිට හිඟ වූවත්, තම යුතුකම් නොපිරිහෙලා ඉටු
කරමින් සිටි ආදරය, කිසිවෙකුට අත නොපා, ලද දෙයින් සතුටු වෙමින්, චාම්
දිවි පෙවෙතක් ගත කළාය. කෙසේ වෙතත් අවසානයේදී
ආදරය අකමැත්තෙන් වුවත් ගත් තීරණය වූයේ, දිවයිනෙන්
පිටවීම සඳහා, බෝට්ටුවක් හිමි අන්
අයෙකුගේ පිහිට පැතීමය.
එහෙත්, මේ වනවිට
බොහෝ හැඟීම් තම සන්තක දේ පටවාගෙන දිවයිනෙන් පිටවී හමාරය. දිවයිනේ අවසාන කොටසද
මුහුදු රළට හසුවී යටවීමට ආසන්න වෙමින් පැවතිණ. මේ
අවස්ථාවේදී තම බෝට්ටුවේ නැගී පිටවී යාමට සුදානම්වූ
‘පොහොසත්
කම’ නම්වූ හැඟීම ඇමතු ‘ආදරය’
“පොහොසත් මහත්මයාණෙනි, මට
බෝට්ටුවක් සඳහා වත්කමක් නැහැ. කරුණාකර ඔබගේ බෝට්ටුවෙන් මාද ගෙන යන්න.” කියමින් බැගෑපත්
වූවාය.
එය එකහෙළා ප්‍රතික්ෂේප කළ
‘පොහොසත්
කම’
“මගේ බෝට්ටුවේ රන්, රිදී, මුතු, මැණික්, කාසි
පනම්, වැනි වටිනා වත්කම් වලින් පිරි තිබෙනවා. ඒ
නිසා තවත් කෙනෙකුට ඉඩ නැහැ. වෙන අතක් බලා
ගත්තොත් හොඳයි.”
කියා මහත්
උජාරුවෙන් පැවසීය.
“කොහොමත් රන් රිදී ආදරයට වඩා වටිනවා
වෙන්නට ඇති.” යයි ඇය සිතුවාය.
ඊට ස්වල්ප වෙලාවකට පසු ‘උඩඟුකම’ තම
බෝට්ටුවෙන් පිටත්වන බව දුටු ‘ආදරය’
“අනේ…. උඩඟු, මාවත්
ඔයාගේ බෝට්ටුවට ගන්න. ඔයාගේ බෝට්ටුවේ නම් තව ඉඩ තිබෙනවා වාගෙයි.” කියමින්
ආයාචනයක් කළාය.
“ඔය තෙතබරි වී ඇති කිළුටු
ඇඳුම් නිසා මගේ බෝට්ටුව අපිරිසිදු කර ගැනීමට මට බැහැ.”
කියමින් ‘උඩඟු’ තම
බෝට්ටුව වේගයෙන් ඉදිරියට පැදවූවාය.
තව මොහොතකින් එතැනට තම බෝට්ටුවේ
පැමිණි, ‘දුක්මුසුබව’ පසුගිය දිනක, යම්කිසි
කරුණක් පිළිබඳව තමා සමග කතාබස් කළ අවස්ථාවේ තමා ඇය අස්වැසු බව
බව මතකයට නැගු ආදරය, ඇය තමාට උපකාරයක් කරනු ඇතැයි සිතා,
ඇය
ඇමතුවාය. එහෙත් ඇයගේ ප්‍රතිචාරය වූයේ,
“මා මෙතෙක් කල් දුක්මුසු කමෙන්ම
සිට හරියට හෙම්බත් වෙලා. මේ නිසා මට තවදුරටත් තනියම සිටින්නට ඕනෑ. ඒ නිසා ඔබ
ගෙනයන්නට බැහැ “ යන්නයි.
ඊළඟට ඇය තමා අසලින්ම බෝට්ටුවක එන ‘සතුට’ දැක මහත්
සතුටට පත්ව ඔහුගේ පිහිට පතා හඬ නගා,
“මා මුහුදේ ගිලෙන්නට හොඳටම ළඟයි.
මට බෝට්ටුවක යාමට වත්කමක් නැහැ. අනේ ….. මා බේරාගන්න” කියමින්
කෑ
ගැසුවාය.
ඒ වන විට උද්ගත වෙමින් පැවති,
මහත්
විපත හමුවේ වුවද, ඒ ගැන කිසි තැකීමක් නොකර උද්දාමයකින්
සිටි ‘සතුට’, ඇයගේ ඉල්ලීම ගැන කිසි තැකීමක් නොමැතිව,
කිසිවක්
නෑසුනාක් මෙන් ඈතට බෝට්ටුව පදවාගෙන ගියේය.
මේ ආකාරයට මහත් දොම්නසකින් යුක්තව
කල්පනා කරමින් සිටින ආදරයට, හදිසියේම ඈතින් සිහින් කටහඬක්
ඇසුණි.
“එන්න ආදරය මා ඔබ
රැගෙන යන්නම්.”
කියමින් සිහින් කට හඬ නැගු
අමුත්තා ඔහුගේ බෝට්ටුවේ වේගය අඩුකර,
ඇය අසලට
පදවා නතර කරන ලදී. මහත් පිළිසරණක් ලද ආදරය, ආදර දූපත
මුහුදු ජලයෙන් යටවී යාමට ඔන්න මෙන්න කියා තිබියදී, වහාම එම
අමුත්තාගේ බෝට්ටුවට ගොඩ වූවාය. ඒ බෝට්ටුව පැදවුයේ තමා කිසිදිනක කතාබස් කර නොමැති
‘වැඩිහිටිකම’ නමැති අද්භූත සංසිද්ධිය බව ආදරය
පසුව තේරුම් ගත්තාය.
කිසිම කතාබහක් නොමැතිව බෝට්ටුවේ
ටික වෙලාවක් ගමන් කළ ඔවුහු ගොඩ බිමට ලඟා වුහ. කිසිදෙයක් කථා නොකළ ‘වැඩිහිටිකම’ වහාම
පිටත්ව ගියේය.
තමන්ට වැඩිහිටි කම නමැති
සංකල්පයට ස්තුති කිරීමටවත් නොහැකි වීම ගැන මහත් ලෙස කම්පා වූ ආදරය, කල්පනා
කරමින් වෙරළ තීරයේ ඉදිරියට පිය නැගුවාය. මෙසේ පිය නගද්දී,
කලකට පෙර,
ආදර
දුපතේදී හමුවී ඇති ‘බුද්ධි’ මුහුදු වෙරළේ ගසක් සෙවනේ සැනසිල්ලේ
සිටිනු ඇයට දකින්නට ලැබුණි. ඔහු වෙත ගමන් කළ
‘ආදරය’
තමාට ජලයෙන්
යටවී ගිය දූපතෙන් පිටවී, ජීවිතය රැක ගැනීමට උපකාර කළ අද්භූත වැඩිහිටි සංකල්පය
ගැන විස්තර කර, ඒ කවරෙක්දැයි ඔහුගෙන් විමසුවාය.
“ඒ ‘කාළය’ නමින්
හඳුන්වන මගේ කල්‍යාණ මිත්‍රයා”
ඔහුගේ
පිළිතුර විය.
“කාළය ! කවුද ඒ.?
මම ඒ නම
ඇසුවේත් අදමයි.” මේ ඇසූ බුද්ධි තම ප්‍රඥාව ගැන
ආඩම්බරයෙන් මෙන්,
“ඒක තමයි. බොහෝ දෙනෙක් ඔහුගේ
වැදගත්කම ගැන දන්නේ නැහැ. ‘ආදරය’ ගැන මනා
වැටහීමක් සහ එහි අගය ගැන අවබෝධයක් තිබෙන්නේ මගේ මිත්‍ර ‘කාළයට’ පමණයි.”
කියමින්
බුද්ධි නොපෙනී ගියේය.
සමහරවිට, ‘ආදරය’ විවිධ හැඟීම් සහ චර්යා නිසා, වරින් වර අඳුරු වලාවලින් වැසි ගියද, පසුව ‘කාළය’ මගින් එම කඩතුරා ඉවත් කර ආදරය යළි ප්‍රකෘතිමත් කර, නැවුම් භාවයකින් යුක්තව සුවපත් කරනු ඇත.
(කියවන්නට ලැබුණු පැරණි ලිපියක් ඇසුරෙනි)
Very nice !!!!
ReplyDeleteThank you, Pra J
Delete