මා සේවය කළ අධ්‍යාපන කාර්යාලයක් මගින් ගුරුවරුන් සඳහා තුන්දින සෞන්දර්යය අධ්‍යාපන නේවාසික වැඩ මුළුවක් පැවැත්වුවා. සහභාගී වූ ගුරුවරු විසින් දෙවන දින රාත්‍රියේ විවිධ ප්‍රසංගයක් සංවිධනය කර තිබුණා. මෙය නැරඹීම සඳහා මටද අවස්ථාවක් ලැබුණා.
වැඩිපුර පුහුණුවීම් නොමැතිව කළ එකක් වුවත් පළපුරුදු ගුරුවරු නිසා සියලුම ප්‍රසංගයේ සියලුම දේ ඉතාමත් හොඳ තත්ත්වයකින් ඉදිරිපත් කරනු ලැබුවා. ටික වෙලාවක් යනවිට චිත්‍ර, සංගීත සහ නැටුම් අංශ වලින් ඉදිරිපත් කරන විශේෂාංග අතර තරඟයක ස්වභාවයක් ගත්තා. චිත්‍ර අංශයෙන් සීගිරි සිතුවම් ගැන හරබර කරුණු රාශියක් එළි දැක්වුවා. සංගීත ගුරුවරු දේශීය සංගීතය විකාශණය ය වූ හැටි පෙන්වමින් සංගීත භාණ්ඩ හරඹයක් කරනු ලැබුවා. නැටුම් අංශය බලි තොවිල් ආශ්‍රීතව ආරම්භවූ නැටුම් වල ප්‍රගතිය පෙන්නුම් කරන දේ ඉදිරිපත් කළා. මේ සියල්ල එකකට එකක් දෙවෙනි වුයේ නැහැ.
පැය දෙකකට පමණ පසු නැටුම් ගැයුම් නතර කර තම අංශයේ වැදගත් කම පෙන්වීම සඳහා කැමති දෙයක් ඉදිරිපත් කිරීමට කාලය එළඹුණා. මෙහිදී ද තරමක තරඟකාරී ස්වභාවයක් දකින්නට ලැබුනා.
අවසානය වනවිට, මුලින් ඇතිවුයේ වාදනය නොව ගායනය බවට තර්ක විතර්ක ඉදිරිපත්වන්නට විය
මේ අවස්ථාවේදී පහත දැක්වෙන පදය ශබ්ද නගා තාලයට කියමින් තරුණ ගුරුවරයෙක් වේදිකාවට ගොඩවිය.
"බෙරය ගසමින් හෙතෙම තුටු විය... ... ... "
තබ්ලාව ලොවට බිහිවුන හැටි |
ඔහු එම පද්‍යය අවසන් කර දෙවන වරට එම මුල් පදය තාලයට අදිමින් කියන විට බෙරයක් බැඳගත් අයෙක් එය වයමින් නැටුමකුත් පාමින් වේදිකාවට පැමිණෙන විට,
දෙවන පදය හඬනගා ගායනා කළේය.
"ඇඹෙ නි හට මෙය කරච්චල් විය ... ... ..."
ටික වෙලාවකින් බෙරකරු බෙරය බිම තබා සිය සගයා සමග යමක් දොඩන්නට සැරසෙන විටම, පොරොවක් රැගෙන වේදිකාවට වේගයෙන් පැමිණි කාන්තාවක් බෙරය මැදට පොරෝ පහරක් ගසා බෙරය දෙපලු කළේය.
"පොරෝ පහරින් දෙකට පලු විය ... ... ..."
කාන්තාව පොරොවත් ඔසවාගෙන මහත් දරුණු විලාසයකින් සිටිනු දුටු, බෙරකරු සහ ඔහුගේ සගයා, මහත් බියකින් මෙන් වෙදිකාවේ ඉදිරියට පැමිණ බයාදු බවක් පෙන්වා, ශාලාව දෝංකාර ගන්වන මහා හඬින්, දෙදෙනාම, අවසාන පදය මෙසේ ගායනා කරන අතරම බෙර පලු දෙක බිම තබා ඒ අසල හිඳගත් බෙරකරු වෙන්වූ පලු දෙක තබ්ලාවක් මෙන් වාදනය කළේය.
"මෙයින් තබ්ලා ලොවට බිහි විය ... ... ... "
ඔවුනට නරඹන්නන්ගෙන් මහා අත්පොලසන් නාදයක් ලැබුණි.
මෙය සිදුවී බොහෝ කලකට පසුව මගේ මිතුරෙකු විසින් එම සිද්ධියට සෑම අතින්ම අදාළ වන ඉහත දක්වා ඇති චිත්‍ර කිහිපය ඒවා තිබුණි.
ඉහත සිද්ධිය වී දශක තුනක් පමණ හතවී ඇතත්, පසු කාලයකදී ප්‍රතිභා පුර්ණ චිත්‍ර ශිල්පියෙකු විසින් මෙම හාස්‍ය ජනක ප්‍රසංගය චිත්‍රයට නගා තිබීම ආඩම්බර විය හැකි කරුණකි.
චිත්‍ර ශිල්පියා පිළිබඳව නම් තොරතුරු කිසිවක් මට ලැබී නැත.
+++++++
ReplyDeleteThank you, Ian
Deleteඅමිතගේ විතට විත
ReplyDelete
Deleteස්තුතියි,
ඔබ හරි අමිත අබේසේකර විය හැකියි.
ඔය කියන්නේ වැල්ලම්පිටියේ අමිත අබේසේකර ගැනද ?
Deleteඅමිත අබේසේකර කියන්නේ දක්ෂ කාටුන් චිත‍්‍ර ශිල්පියෙක් වාගේම ගුරුවරයෙක්. ඔහු ගල්කිස්සේ දැන් ලලිත් ඇතුලත්මුදලි මහා විද්‍යාලය නමින් හදුන්වන හේනපාර කනිෂ්ඨ විද්‍යාලයේ තාක්ෂණ අංශයේ මැටි කර්මාන්ත වැඩ උගන්වපු ගුරුවරයා. ළමයි ඔහුව හැදින්වුයේ මැටි පුසා නමින්. අමිත සර් එකල බොහෝ ජනප‍්‍රිය වු කාටුන් චරිතයක් වු "මොට්ටපාල" කාටුන් එකද "ද අයිලන්ඩ්" පුවත්පතට කොලමක් ද ලිව්වා මතකයි.
Deleteස්තුතියි අසංග,
Deleteඒ ප්‍රසිද්ධ කාටුන් ශිල්පියා පිළිබඳව අප දැනුවත් කිරීම අගය කරනවා. "මොට්ටපාල" හොඳ කාටුන් චරිතයක් බව මටත් සිහියට නැගෙනවා.
හිතෙත් සිනහ පුරවන්නට මෙහි ආමී
ReplyDeleteඅදත් රස කතා බැලුමට පැමිණියෙමී
එහෙත් රසම කවියක් දැක සතුටු වෙමී
එහිත් රසය විඳගෙන මම යන්න යමී...
ජයවේවා!!!
ගීතය නැටුම හැමදෙයකම බබලවන
Deleteහෙළ බස මගකි රස ගඟුලක් වගුරුවන
මේ ගැන සිතන විට යොදවා සිහි නුවන
වෙන බස් කුමට? අප අදහස් හෙළි කරන
ඔබට ජයම.
ඔය කාටූන් එක දුටු දවසේ මං හිතුවේ චිත්‍ර ශිල්පියා මොටාගෙදර වනිගරත්න විය යුතුයි කියායි!
ReplyDeleteස්තුතියි රසික,
Deleteමොටාගෙදර වනිගරත්න චිත්‍ර ශිල්පියාගේ ශෛලීය මීට වඩා වෙනස්. එයාගේ මිනිස් රූප තරමක් අතාත්විකයි. මොහු නව පන්නයේ කාටුන් ශිල්පියෙක් විය හැකියි.
මොටාගෙදර චිත්‍ර ශිල්පියකු පමණක් නොව කාටූන් ද ඇන්දා.
Deleteමා විමසා බලන්නම්.
++++++++++
ReplyDeleteThank you Pra Jay
Deleteඒ කාලේ කියා බිරින්දලාගේ වෙනසක් නැති හැඩයි.. හැක හැක හැක...
ReplyDeleteකල්‍යාණ මිත්‍ර,
Deleteවැඩි කලක් නැහැ. මේ අද ඊයේ වගෙයි.
හෙහ් හෙහ් ... වධක භාරියො.
ReplyDeleteමම හිතන්නෙ ඕකටම වෙන්නෝන පෙරළුනු පිට හොඳයි කියන්නෙත්.
ස්තුතියි DDT,
Delete'පෙරළුනු පිට හොඳයි' කියා තිබෙන්නේ මා දන්නා හැටියට ගඟේ ඔරු පදිමින් සිටින විට වූ සිද්ධියක්. ඔරුව පෙරලී අනිත් පැත්තට හැරිලා. අමාරුවෙන් පීනාගෙන ආ කෙනක් පෙරලුනු ඔරුවේ ඒ පැත්තට ගොඩවෙලා කියපු කතාවක්.එක තබ්ලා කතාවටත් ගැලපෙනවා.