2025 වසරේ මෙල්බර් න්හි අපගේ වෙසක්
2025 වසරේ වෙසක් සමය එළඹුණු මැයි මාසයේ දෙවන සතිය වන විටත්, ඕස්ට්‍රේලියාවේ සරත් සෘතුවේ දේශගුණ ලක්ෂණ තුරන්, වී ශීත සෘතුවේ ලක්ෂණ ඇතිවන්නට පටන් ගත්තේය. මැයි මස 10 වෙනිදා වන විටත් උදය කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හත අට මට්ටමට පහළ ගොස් තිබිණ. සම්මත ක්‍රමය අනුව නම්, ඔස්ට්‍රේලියාවේ ශීත සෘතුව ආරම්භ විය යුත්තේ ජුනි මාසයේ මුලදී විය යුතුය. මේ ආකාරයට සති තුනක පමණ වෙනසක් සිදුවීමේ මෙම සංසිද්ධියද දේශගුණ විපර් යාස නිසාම සිදු විය හැකි බවට මතයක්ද පවතී. පෘථිවියේ භ්‍රමණයද මෙයට බලපාන බව පෙනේ . ඇසට දකින්නට සහ ගතට දැනෙන මෙම වෙනස් වීම් ද නොතකා මෙවරද වෙසක් පහන් සකස් කර ආලෝකමත් කිරීමට අමතක නොකළෙමු .