Tuesday 22 October 2024

මිනිස් සිරුරේ තැනුම් ඒකක වල අඩංගු, රසායන මූලද්‍රව්‍ය මොනවාද?

මිනිස් සිරුරේ ව්‍යුහය ගැන ගැඹුරින් සලකා  බලන විට, එහි අභ්‍යන්තර අවයව වල එකිනෙකට සම්බන්ධවී ක්‍රියාත්මක වන යාන්ත්‍රණ ජාලයක් තිබෙන බව අවබෝධ කර ගත හැකිය. මේ සෑම යාන්ත්‍රණයක්ම පාහේ  අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විවිධ ආකාරයේ රසායනික  ප්‍රතික්‍රියා සිය දහස් ගණනක් සිදුවේ. මෙම  ප්‍රතික්‍රියා සිදුකරනුයේ ඉතාමත් සීමිත මූලද්‍රව්‍ය සංඛ්‍යාවක් සහභාගී වන රසායනික සංයෝග මගිනි. 

පහත සටහනෙහි දැක්වෙනුයේ  මෙම මූල ද්‍රව්‍ය එකිනෙකෙහි පරමාණුක ස්කන්ධ අනුව, ක්‍රමානුකූලව පෙළ ගස්වා සකස් කර තිබෙන විශේෂ ආවර් තිතා වගුවකි (Periodic Table) . ද්විතීය අධ්‍යාපනය ලබද්දී බොහෝ අය දැක හුරු පුරුදු, ආවර් තිතා වගුවට වඩා තරමක් වෙනස් ස්වරූපයක් මෙහි දකින්නට ලැබේ. මෙම සටහනෙහි වර් ණ ගන්වා තිබෙන මූල ද්‍රව්‍ය සියල්ලම අඩු වැඩි වශයෙන් මිනිස් සිරුරේ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වන මූල ද්‍රව්‍ය වේ.   

https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXd53gZ7a7HCW7wlg57XXHaTmlAkJWGM-PyDaDiedS_x7yZiARzqhjv-b7zkUtzFDgou95E-bwdm40pVswmWK1JBfowWy1Ej6HwnSgjUU2j72BBdCOntnGbKU_EtgNI-ZOeuP3XxHixgLifLWt9CIdZ2TtpGqEvJtBEKpXRe?key=ieM7DMTJLLG07WBqCvcvuw

වර් තමානයේදී   විද්‍යා කටයුතු සඳහා භාවිතවන සම්පූර්ණ ආවර්තිතා වගුවේ, මූල ද්‍රව්‍ය 118 ක් සඳහන් කර තිබෙතත්, මිනිස් සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය වනුයේ එයින්  මූල ද්‍රව්‍ය එකොළසක් පමණකි. මෙයින්ද සිරුර සකස් වී තිබෙන බහුතර පටක පද්ධති සකස්වීම සඳහා අවශ්‍ය වනුයේ මූලික ඓන්ද්‍රීය මූලද්‍රව්‍ය (Basic organic elements) වශයෙන් හැඳින්වෙන H,C,O සහ N (හයිඩ්‍රජන්, කාබන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්) යන මූලද්‍රව්‍ය සතර වේ.(මේවා වගුවේ කළු පැහැයෙන් දක්වා ඇත).   ප්‍රධාන තැනුම් ඒකක (building blocks) සකස් වීම පිණිස ක්‍රියාත්මක වන මෙමමූලික ඓන්ද්‍රීය මුලද්‍රව්‍යශරීරයේ නොයෙකුත්  ව්‍යුහ ගොඩනැගීම සඳහා දායක වේ. උදාහරණයක් වශයෙන්, ශරීරයේ ඇති කාබෝහයිඩ්රේටයක් වන  ග්ලුකෝස් සලකා බැලුවහොත්, එහි අණුක සුත්‍රය C6H12O6 වේ. මේ නිසා  එක්  ග්ලුකෝස් අණුවක් සෑදී ඇත්තේ, කාබන් පරමාණු 6 ක්, හයිඩ්‍රජන් පරමාණු 12ක් සහ ඔක්සිජන් පරමාණු 6 ක් රසායනිකව  සම්බන්ධ වීමෙනි. මෙම සමූහයේ නැතහොත් තැනුම් ඒකකයේ, පරමාණු 24 කි, මූලද්‍රව්‍ය තුනකි. 

එමෙන්ම ශරීරයේ  ක්‍රියාවලි  සඳහා මූලික ඓන්ද්‍රීය මූලද්‍රව්‍ය වලට වඩා බෙහෙවින් අඩු, නියත ප්‍රමාණ  වශයෙන්  සම්බන්ධ  වන ප්‍රාමාණික මූලද්‍රව්‍ය (quantity elements) හතක්ද හඳුනාගෙන තිබේ. මේවා නම් කැල්සියම්, ෆොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරීන්, මැග්නීසියම් සහ  සල්ෆර් (Ca, P, K, Na,Cl, Mg, S) යන මූලද්‍රව්‍ය වේ.     (වගුවේ තද කොළ පැහැයෙන් දක්වා ඇත්තේ මෙම මූල ද්‍රව්‍ය කිහිපයයි.)

මිනිස් සිරුරේ අන්තර් ගත ඉහත දැක්වූ ප්‍රධානතම මූල ද්‍රව්‍ය, ශරීර බරෙහි ප්‍රතිශත වශයෙන් තීරු  ප්‍රස්තාරයක සටහන් කළ විට දිස්වනුයේ, පහත දැක්වෙන ආකාරයටය. මේ තීරු ප්‍රස්තාරයේ දැක්වෙන පරිදි  දළ වශයෙන්, ඔක්සිජන් (65%), කාබන් (18.5%), හයිඩ්‍රජන් (9.5%) සහ නයිට්‍රජන් (3.2%) ලෙස ශරීරයේ මුළු බරෙන් 96.2% ක් ආවරණය වන බව දකින්නට ලැබේ.  මේ ආකාරයට ඉහත දැක්වූ, මූලික ඓන්ද්‍රීය මූලද්‍රව්‍ය සහ ප්‍රාමාණික මූලද්‍රව්‍ය  එකොලස මගින් පමණක්, මිනිස් ශරීරයේ සංයුතියෙන් 99.6% ටත් වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර් ණ වන බව ගණනය කර තිබේ.  https://lh7-rt.googleusercontent.com/docsz/AD_4nXesSxQdgfGW8aFPG39OF1a57WYVl0IKSeuuVJlEv8ng3fniXmKeKztkfQqilykiSPvRZiUOMTAIrL_UMJ04kEZ9w3ubx6Yj0FegBg40aagQFj87afGHexfZNI7FrGmqVfYjACt1FKt7Wmx1e8vEAJCbnAT4_j8JlOwjw_gABA?key=ieM7DMTJLLG07WBqCvcvuw        

ශරීර ව්‍යුහයේ ඉතිරි 0.4% කොටසින්ද වැඩි ප්‍රමාණයක් සෑදී ඇත්තේ අත්‍යාවශ්‍ය මුලද්‍රව්‍ය (essential elements) යන නමින් හඳුන්වන තවත් මූලද්‍රව්‍ය අටකින්ය. මේවා නම් Mn, Fe, Co, Cu, Zn, Se, Mb සහ I (මැන්ගනීස්, යකඩ, කොබෝල්ට්, කොපර් (තඹ), සින්ක්, සෙලීනියම්, මොලිබ්ඩීනම්  සහ අයඩීන් වේ. (ආවර් තිතා වගුවේ මෙම මූලද්‍රව්‍ය ලා කොළ    පැහැ යෙන් දක්වා තිබේ). මේ සියල්ලටම අමතරව, ගිණිය නොහැකි  තරමේ සියුම්  අංශු මාත්‍ර වශයෙන් ශරීරයේ අඩංගු වියහැකි මූල ද්‍රව්‍යද කිහිපයකි. මේවා ලිතියම් (Li)  සිට ටින් (Sn) දක්වා ආවර් තිතා වගුවේ දුඹුරු පැහැයෙන් දක්වා තිබේ. 

මිනිස් සිරුරේ බරින් අඩකටත් වැඩියෙන් ඇත්තේ ජලයයි. ජලය හට ගන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් සංයෝජනය  වීමෙනි.  සිරුරෙහි සිදුවන දහසකුත් එකක් රසායනික  ප්‍රතික්‍රියා සිදුවීමේ මාධ්‍යය ලෙස ජලය ක්‍රියාකරයි. අපගේ ආහාර වලින් ලැබෙන ඉහත සඳහන් කරනලද සියලුම මූලද්‍රව්‍ය අඩංගු සංයෝග, රසායනික ප්‍රතික්‍රියා වලට භාජන වීමේදී, ඒවායේ  සංඝටක වල ඉලෙක්ට්‍රොන හුවමාරුවක් සිදුවී (අයනීකරණයවී)   එම අංශු  අයන (Ions) බවට පත්වේ. උදාහරණයක් වශයෙන් මිනිස් සිරුරට අවශ්‍ය සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) ජල මාධ්‍යයේ ද්‍රාවණය වූවිට එම සංයෝගය Na+ සහ  Cl-  අයන බවට පත්වේ. සෝඩියම් ක්ලෝරයිඩ් සම්බන්ධ වන සියලුම රසායනික ප්‍රතික්‍රියා වලදී  සහභාගී වනුයේ මේ ආකාරයට සකස් වන අයන වේ. අනිකුත් සියලුම මූල ද්‍රව්‍ය අඩංගු සංයෝගද ප්‍රතික්‍රියා වලට භාජන වනුයේ මේ ආකාරයටය.   

ශරීරය තුළ ක්‍රියාත්මක වන රසායනික සංයෝග, මේ ආකාරයට අයනීකරණය සඳහා දියවීම පහසු කරවන අපූර් ව මාධ්‍යය ජලය වේ. රසායනික සංයෝග ඉතාමත් වැඩි සංඛ්‍යාවක් ද්‍රාවණය වන නිසා, රසායන විද්‍යාවේදී   එය සාර්වත්‍ර ද්‍රාවකය (universal solvent) ලෙසද නම් කෙරේ.          

ප්‍රධාන මූලද්‍රව්‍ය සහ ඒවායේ කෘති.  

ශරීරය තුළ, තැනුම් ඒකක සකස් වීම සඳහා අවශ්‍යවන ඉහත සඳහන් මූලද්‍රව්‍ය සහ ඒවායින්  සකස්වන  විවිධ අයන මගින් ඒවාට ආවේණික සුවිශේෂී  කෘති සිදුකරන  බව විද්‍යාත්මක පර් යේෂණ  මගින් සොයාගෙන තිබේ. මෙම මූල ද්‍රව්‍ය සෑම එකක්ම මිනිස් ශරීරයේ මුළු බරෙහි යම්කිසි නියත ප්‍රතිශයක්  අනුව,පැවතීම සුවිශේෂී කරුණකි. මේ ආකාරයට නියත ලෙස පවතින මූලද්‍රව්‍ය ගැන සලකා බැලීම සඳහා, කිලෝග්‍රෑම් 80ක් බරින් යුක්ත නිරෝගී පුද්ගලයෙකු  ආදර් ශය සඳහා තෝරා ගැනීම පහසු පිවිසුමකි. 

  1. මූලික ඓන්ද්‍රීය මූලද්‍රව්‍ය’ -  සිරුරේ බර කිලෝග්‍රෑම් 80ක් වන මෙම මිනිසාගේ  බරෙන්      76.8 kg  සඳහා දායක වනුයේ, ඔක්සිජන් - (52.0 kg), කාබන් - (14.4 kg), හයිඩ්‍රජන්-       (8.0 kg)  සහ නයිට්‍රජන් - (2.4 kg) යන ප්‍රධාන  මූලද්‍රව්‍ය සතරයි. මෙසේ අවශ්‍ය වන  ඔක්සිජන් සහ හයිඩ්‍රජන් වලින් වැඩි ප්‍රමාණයක් අන්තර් ගත වනුයේ පටක වල ඇති ජලයේය.  සිරුරේ සියලුම පරිවෘත්තීය කාර් යය වලදී සහ ස්වසනයේදී  අත්‍යවශ්‍ය වනුයේද  ඔක්සිජන්ය. එමෙන්ම කාබන් පදනම් වූ (carbon based)  සංයෝග  ලෙස සැලකෙන කාබෝහයිඩ්රේට, ප්‍රෝටීන, මේදය සහ නියුක්ලික් අම්ල වැනි සියලුම තැනුම් ඒකකවල ප්‍රධානතම සංඝටකයක් වන්නේද ඔක්සිජන්ය. 

මෙම කාබන් පදනම් වූ ඒකක ගොඩනැගීම සඳහා, ඔක්සිජන් තරමටම වැදගත් වන දෙවන මූලද්‍රව්‍යය කාබන්ය. කාබන් සහ හයිඩ්‍රජන් එකතු වීමෙන් සෑදෙන, ලක්ෂ සංඛ්‍යාත කාබන් දාම  සහිත හයිඩ්‍රෝකාබන්  ව්‍යුහ නිසාම, මිනිසා ඇතුළු අනෙකුත් උසස් සතුන්කාබන් පාදක ජීවීන්ලෙසද නම් කෙරේ. සිරුරට නයිට්‍රජන් මුලද්‍රව්‍යය බහුලව ලැබෙනුයේ ආහාර වල අන්තර් ගත  ප්‍රෝටීන වලින්ය. ප්‍රෝටීන ශරීරයට උරා ගැනීම සඳහාඒවා වඩාත් සරල ඇමයිනෝ අම්ල බවට පරිවර් තනය වේ. ජීවීන්ට ආවේණික වන, ජනක  තොරතුරු සම්ප්‍රේෂණය කරනු ලබන  DNA සහ RNA වල මෙන්ම, පටක ඔස්සේ ශක්තිය ගලායාම සඳහා උපකාරීවන ATP ක්‍රියාකාරිත්වය සඳහාත් නයිට්‍රජන් අත්‍යවශ්‍ය වේ. 

[රසායනිකව, DNA  (ඩිඔක්සි රයිබොනියුක්ලික් අම්ලය) සහ RNA (රයිබෝනියුක්ලික් අම්ලය) බොහෝදුරට ඒකාකාර සංයෝග දෙකකි. කාබන් පරමාණු පහක් බැගින් ඇති  රයිබෝස් ලෙස හැඳින්වෙන  (ග්ලුකෝස් හෝ ෆ්රුක්ටෝස්) දාම ඒවායේ  පාදක සංඝටක වේ. මෙම සංයෝග  ඒවා සමග බැඳී තිබෙන PO4- (ෆොස්ෆේට් අයන) සහ නයිට්රජන් මූලික භෂ්ම සමග සම්බන්ධවී තැනුම් ඒකක ලෙස ක්රියාත්මක වේ.

ATP (ඇඩිනොසින් ට්රයි ෆොස්ෆේට්) යනු ජීවීන්ගේ සෛල මට්ටමේ ශක්තිය ගබඩා කෙරෙන සහ එම ශක්තිය අවශ්ය පරිදි වැය කරවනු ලබන, ප්රභව වේ. මේවා සෑදෙනුයේ Adenine (ඇඩිනීන්) නම් නයිට්රජනිය භෂ්මය, රයිබෝස්  ග්ලුකෝස් දාමයක් සහ එයට බැඳී ඇති PO4- කාණ්ඩ තුනක් සමග  සංයෝජනය වීමෙනි.]  

  1. ප්‍රාමාණික මුලද්‍රව්‍ය’ - ඕනෑම පුද්ගලයෙකුගේ  වයස, බර වැනි සුවිශේෂී බාහිර සාධක වලට අනුරූපව, ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සඳහා  නියත ප්‍රමාණ වශයෙන්ම තිබිය යුතු, කැල්සියම්, ෆොස්පරස්, පොටෑසියම්, සෝඩියම්  ආදී වශයෙන් දැක්වෙන මූලද්‍රව්‍ය හතක් මෙමප්‍රාමාණික මූලද්‍රව්‍ය’  ගොනුවට වැටේ. ඉහත ආවර් තිතා වගුවේ සහ තීරු ප්‍රස්තාරයේ දක්වා තිබෙන   මෙම මූලද්‍රව්‍ය ශරීරය තුළ ක්‍රියාත්මක වන ආකාරය පහත විස්තර කෙරේ. 

මිනිස් සිරුරේ වැඩිපුරම තිබෙන ලෝහමය  මූලද්‍රව්‍යය  වනුයේ  කැල්සියම්ය. අපගේ සැලකිල්ලට භාජනවන කිලෝග්‍රෑම් 80 ක් බරින් යුක්ත මිනිසාගේ සිරුරෙහි, සැකිලි පද්ධතිය (ඇට සැකිල්ල) සහ හිස් කබල,  3.2 kg පමණ බරකින් යුක්ත වන අතර, එහි ඇති සන්ධාරක පටක ශක්තිමත් වීම සඳහා  කැල්සියම් 1.12 kg පමණ සංයෝජනය වී තිබේ. ශරීරය ඍජුව තබාගැනීම සඳහා අස්ථි වලින් නිර් මාණය වී තිබෙන සැකිලි පද්ධතිය පිටුවහලක් වේ. එමෙන්ම මෙම පටක වල ක්‍රියාකාරිත්වය සඳහා ෆොස්පරස්ද අවශ්‍ය වේ. මේ සඳහාත් වෙනත් රසායනික ප්‍රතික්‍රියා රාශියක් සඳහාද  ෆොස්පරස් සම්බන්ධ වේ. මිනිස් සිරුරේ  ෆොස්පරස් 1.0 kg පමණ තිබේ. මෙය ට අමතරව මිනිසාගේ දත්වල සංයුතියේද කැල්සියම් අඩංගුය. 

අපගේ ආහාරයේ ඇති පොටෑසියම්  අන්තර් ගත සංයෝග වලින් හටගන්නා  K+අයනමගින් මිනිසාගේ සිරුරේ  මනා ස්නායු ක්‍රියාකාරිත්වයක්  පවත්වා ගැනීමටත්මොළයේ සහ ස්නායු  පද්ධතියේ සිට විවිධ අවයව වලට සංඥා සම්ප්‍රේෂණය කිරීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහාත්  වැදගත් මෙහෙවරක් කරන  බව සොයාගෙන තිබේ.  පොටෑසියම් මගින් සිදුවන  එම ක්‍රියාවලියට සමගාමිව සෝඩියම් මූලද්‍රව්‍යය සහිතසාමාන්‍ය ලුණු  වැනි සංයෝග   අයනීකරණය වීමෙන් සෑදෙන  Na+ අයනද  මිනිස් සිරුරේ සුවිශේෂී කෘතියක් වන පටක අතර පෝෂණ ද්‍රව්‍ය හුවමාරුව සඳහා ඉවහල්වන  ආශ්‍රුති  පීඩනය ප්‍රශස්ත මට්ටමක තබාගැනීම  පාලනය කරයි. වැඩු ණු මිනිසෙකුගේ ශරීරයේ ඇති පොටෑසියම් 200 g සහ සෝඩියම් 120 g වැනි සුළු ප්‍රමාණවලින්  මෙම ක්‍රියාවලි  ක්‍රමානුකූලව පාලනය වීම  විශ්මය ජනකය. 

ක්ලෝරීන්, සල්ෆර් සහ මැග්නීසියම්:    80 kg ක් බරකින් යුක්ත වන අයෙකුගේ ශරීරය තුළ ක්ලෝරීන් ග්රෑම් 120 g ක් පමණ තිබේ. නිරෝගී අයෙකුගේ රුධිර ප්ලාස්මයේ pH  අගය  7.38 - 7.42 සීමාව තුළ පැවතිය යුතුය. මේ ආකාරයට රුධිර ප්ලාස්මයේ ආම්ලික / ක්‍ෂාරීය  සමතුලිතතාවය පවත්වා ගැනීම පාලනය වනුයේ  සෝඩියම් ක්ලෝරයිඩ් වැනි සංයෝග වලින් ලැබෙන Cl - අයන මගින්ය. ශරීරයේ සියලුම පරිවෘත්තීය සහ වර් ධන ක්‍රියාවලි යථා  තත්ත්වයේ පවත්වා ගැනීම සඳහා රුධිර ප්ලාස්ම සමතුලිතතාවය ඉතා වැදගත් වේ. අක්මාවේ ක්‍රියාකාරිත්වය මගින් පරිවෘත්තීය අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහාත් ක්ලෝරීන් අවශ්‍යවේ.

ශරීරයට සල්ෆර් ලැබෙනුයේ සුවිශේෂී ප්‍රෝටීන කිහිපයකිනි. මිනිසාගේ සිරුරේ සල්ෆර් 200 g ක් පමණ තිබේ.  හිසකෙස් සහ නියපොතු වර් ධනයට අවශ්‍යකෙරටින්නිෂ්පාදනයටත්,   සමෙහි මනා සෞඛ්‍යය පවත්වා ගැනීමට   අවශ්‍ය වනකොලජන්සකස්වීම සඳහාත්  සල්ෆර්  මූල ද්‍රව්‍යය බෙහෙවින් ඉවහල් වේ.

ශරීරයේ ප්‍රාමාණික මූලද්‍රව්‍ය වලින් අඩුම ප්‍රතිශතයක් ඇත්තේ මැග්නීසියම්ය. වැඩුණු මිනිසෙකුගේ මැග්නීසියම් ප්‍රමාණය 40 g කට  පමණ සීමාවේ. විශේෂයෙන්ම ශරීරයේ ඇති එන්සයිම 300 ක පමණ  ක්‍රියාකාරිත්වය  හසුරුවනුයේ මැග්නීසියම් මගින්ය.  


  1. අමතර අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය - මෙම ගොනුවට ගැනෙන මූලද්‍රව්‍ය අටකි.  ඉහත ආවර් තිතා වගුවේ ලා කොළ පැහැයෙන් සටහන් කර තිබෙන Fe, Cu, Zn, F  සහ I (ෆෙරික්, කොපර්, සින්ක්, ෆ්ලොරීන්  සහ අයඩින්) මේ අතරින් ඉතාමත් වැදගත් මූලද්‍රව්‍ය වේ.      Fe සංකේතයෙන් දැක්වෙන යකඩ, 4.8 g  පමණ මිනිස් ශරීරයේ අන්තර්ගත වේ. මෙයින් හටගන්නා  Fe3+ අයන රතු රුධිර සෛලවල ඇතිහේමොග්ලොබින්’  (hemoglobin) සංයෝගයේ අන්තර් ගත වේ. රුධිරය මගින් පටකවලට ඔක්සිජන් ප්‍රවාහනය කිරීමේ ප්‍රධාන සාධකය හේමොග්ලොබින් ය.                    මිනිස් සිරුරේ ඇති, බරින් වැඩිම මූල ද්‍රව්‍යය අයඩින්ය. ශරීරයේ 0.0128 g පමණ ඇති මෙම මූල ද්‍රව්‍යයේ  වැදගත් කෘත්‍යය  වනුයේ  තයිරොයිඩ් ග්‍රන්ථියේ තයිරොක්සින් හෝමෝනය නිපදවීම උත්තේජනය කිරීමයි. මෙම හෝර් මෝන ඌනතාව ඇතිවිට ගලගණ්ඩ රෝගය හටගනී. ශරීරයේ 3.0 g පමණ ඇති ෆ්ලුවොරින් (F) මිනිසාගේ යහපත් දන්ත සෞඛ්‍යය සඳහා වැදගත් වන මූල ද්‍රව්‍යයකි. මෙම ගොනුවේ ඇති අනිකුත්  මූලද්‍රව්‍ය ද විවිධ  හෝර් මෝන සහ එන්සයිම වර්  ග නිපදවීම සඳහා  දායක වන අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වේ. 


  1. අවශ්‍ය වියහැකි මූලද්‍රව්‍ය -   ආවර් තිතා වගුවේ  (Li)  සිට ටින් (Sn) දක්වා දුඹුරු පැහැයෙන් සටහන් කර තිබෙන මූලද්‍රව්‍ය දහයද, ඉතාමත් සුළු අංශුමාත්‍ර  වශයෙන් මිනිස් සිරුරේ තිබෙන බව සොයාගෙන තිබේ. එහෙත් මේවායේ කෘති තිබේද යන්න මතභේදයට තුඩු දී ඇත.  මේ අතර ආසනික් (As) වැනි උග්‍ර විෂ සහිත මූල ද්‍රව්‍යයද ඉතාමත් සුළු අංශු මාත්‍රයක් ශරීරයේ තිබීමද  පුදුම සහගතය. 

සෞඛ්‍යය සහ පෝෂණය සඳහා මූලද්‍රව්‍ය වල බලපෑම. 

මිනිසාගේ ශරීරයේ තැනුම් ඒකක සකස්වීම සඳහා  ක්‍රියාකරන මූල ද්‍රව්‍ය වලින් බහුතරයක් විවිධ ආකාරයට ශරීර සෞඛ්‍යය සහ පෝෂණය සඳහාද මෙහෙවරක් කරනු ලැබේ. මූලික ඓන්ද්‍රීය මූලද්‍රව්‍ය කිහිපය ප්‍රධාන වශයෙන් පටක වර් ධන ක්‍රියාවලිය සිදුකරන අතර, සුළු සහ ඉතාමත් සුළු ප්‍රතිශත වලින් පවතින අනිකුත් බොහෝ මූලද්‍රව්‍ය, ක්ෂුද්‍ර පෝෂක වශයෙන් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලි ප්‍රශස්ත මට්ටමෙන්  තබාගැනීමට උපකාරිවේ. ක්ෂුද්‍ර පෝෂක ලෙස හැඳින්වෙන විටමින් වර් ග  සහ ඛනිජ ද්‍රව්‍ය ඉතාමත් සුළු ප්‍රමාණ වලින් ක්‍රියාත්මක වූවත්, ඒවායේ ඌනතාවයක් ඇතිවුවහොත්   අවදානම් සෞඛ්‍ය තත්ත්වයක් හෝ සමහර අවස්ථාවලදී ජීවිත තර් ජන පවා ඇතිවිය හැකි බව ඇමරිකාවේජෛව තාක්ෂණික තොරතුරු මධ්‍යස්ථානය(National Centre for Biotechnical Information) මගින් නිකුත් කර තිබෙන තොරතුරු පත්‍රිකාවක සඳහන් කර තිබේ. 

එහි තවදුරටත් පෙන්වා දෙන පරිදි, ආහාරයේ ක්ෂුද්‍ර පෝෂක  ඌනතා නිසා මිනිසාගේ වර් ධන සහ චර් යා  විෂමතා සහ  දුර් වල ශාරීරික ක්‍රියාවලි පමණක් නොව දියවැඩියාව, දෘශ්‍ය ආබාධ, ප්‍රතිශක්ති ඌනතා සහ පිලිකා වැනි රෝග තත්ත්ව වලට පවා  මුල් විය හැකිබව පෙනේ. මෙම පෝෂණ ඌනතා  නිසාම, සමහරවිට  රටක ආර් ථික ඵලදායිතාවයද පසුබෑමකට ලක්වනු ඇතැයිද විශ්වාස කෙරේ.. 

මිනිසාගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය සහ සනීපාරක්ෂාව රැක දීම සඳහා ඉහත දක්වා ඇති අත්‍යවශ්‍ය ප්‍රාමාණික මූලද්‍රව්‍ය වලට අමතරව විටැමින් වර් ගද  අති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ.  ක්ෂුද්‍ර මාත්‍රා වශයෙන් අවශ්‍ය වන මෙම මූලද්‍රව්‍ය සහ විටැමින් ඌනතා, නිසා මිනිසාට වැළඳෙන රෝගාබාධ රාශියකි.  බෝ නොවන රෝග හෝ ආබාධ වශයෙන් හැඳින්වෙන ගලගණ්ඩ රෝගය (goiter), ළමා ශාරීරික සහ මානසික වර් ධන පසුගාමිත්වය, නිදන්ගත ස්වසන ආබාධ, මන්ද බුද්ධික භාවය, දෘෂ්‍යාබාධ, ග්‍රහණිය (මාන්දම), බැරි බැරියා රෝගය (beriberi) සහ සමහර අවස්ථාවලදී පිළිකා රෝගයද මෙම ඌනතා නිසා හටගතහැකි බව එම පර් යේ ෂණ පත්‍රිකාව මගින් පෙන්වා දී ඇත. 

බොහෝ රටවල සමහර ජන කොටස් වල දරිද්‍රතාවය නිසා ඇතිවන ආහාර හිඟයද  පෝෂණ ඌනතා  ලෙඩ රෝග  ඇතිවීමට එක්තරා හේතුවකි. මෙම අඩුපාඩුව පිරිමසා  ගැනීම සඳහා විවිධ ආකාරයේ අතිරේක පෝෂක නිෂ්පාදනය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඒ ඒ රටවලඅදාළ බලධාරී ආයතනවල නිර් දේශ මත නිෂ්පාදනය කෙරෙන මෙම අතිරේක පෝෂක ද්‍රව්‍ය බොහෝවිට විටැමින්, ඛනිජ වර් ග, ඇමයිනෝ අම්ල, එන්සයිම ආදී වශයෙන්, පෙති, කරල් සහසිරප්යන ස්වරූප වලින්  වෙළඳ පලට නිකුත් කර තිබේ. මේවායින් බොහෝ දුරට පෝෂණ  ඌනතා මගහරවා ගැනීමට ලැබීම ජනතාවට ලැබෙන මහඟු සේවයක් ලෙස සැලකිය හැකිය.
(තොරතුරු පොත පත ඇසුරෙනි)