ශ්‍රී ලංකාවේ ප්‍රධාන විභාගයක් වන අපොස සාමාන්‍ය
පෙළ විභාගයේ උත්තර පත්‍ර ලකුණු කිරීමේදී හමුවූ හාස්‍යය මුසු සිද්ධීන් කිහිපයක් පහත
දැක්වේ.
දශක කිහිපයකට ඉහතදී උත්තර පත්‍ර පරීක්ෂක වරයාගේ පෞද්ගලික ලිපිනයට උත්තර පත්‍ර, තැපෑලෙන්
යවන ලද අතර, ඔහුට අභිමත ස්ථානයක සිට ලකුණු කිරීමට අවසර තිබිණ.
මෑතදී, මෙම ක්‍රමය වෙනස් කර, ප්‍රධාන පරීක්ෂක
වරයෙකුගේ අධීක්ෂණය යටතේ, 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් (පැනලයක් ) විසින්
ලකුණු කිරීමේ (ඇගයීමේ) වැඩ පිළිවෙලක් සකස්
කරන ලදී. මෙම ක්‍රමයේදී කණ්ඩායම එක්
ස්ථානයක (පාසල් පන්ති කාමරයක) රැස්වී අවශ්‍ය නම් ගැටළුද සාකච්ඡා කරමින් ලකුණු කිරීම වඩාත් ඵලදායී විය.
ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න වලට අනුකූලව කලින් සකස් කරනු ලබන ලකුණු දැමීමේ ක්‍රමය
(marking scheme) ඒ ලෙසටම අනුගමනය කිරීම
වැදගත් කාර්යයකි.
මටද වසර කිහිපයක්ම විද්‍යාව විෂයයේ ප්‍රධාන පරීක්ෂක වරයෙකු ලෙස, වරින්
වර කොළඹ, කළුතර, හොරණ, ගාල්ල සහ රත්නපුර යන නගරවල විද්‍යාව ඇගයීම් මණ්ඩල භාරව කටයුතු
කිරීමේ අවස්ථාව සැලසින.
එක දිගට දින දහයක් පමණ එක තැනක සිට මනා සංයමයකින් යුතුව කරනු ලබන
ඇගයීමේ ක්‍රියාවලිය සඳහා ගෙවීමක් කරනු ලැබූවත්, එය අගනා සේවයක් ලෙස සැලකිය හැකිය. ප්‍රශ්න පත්‍රයේ
දී ඇති ප්‍රශ්න වල, එක් එක් පිළිතුරට අයදුම් කරු ලබාගන්නා ලකුණු සහ බහු වරණ
ප්‍රශ්න පත්‍රයේද ලකුණු, ක්‍රමානුකුලව එකින් එක ලකුණු ලේඛනයට නිවැරදිව ඇතුලත් කිරීම
ඉතා ප්‍රවේශමෙන් කළයුතු ක්‍රියාවලියකි. මේ සඳහා යහපත් මානසික ඒකග්‍රතාවක් තිබිය
යුතුය. අපොස සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා
තෝරා ගනු ලබන්නේ, අදාළ විෂයය පාසල්වල ඉගැන්වීම කරන, විදුහල්පතිවරුන් විසින් නිර්දේශ
කරනු ලබන, පළපුරුදු ගුරුවර ගුරුවරියන් පමණකි.
කණ්ඩායම් ඇගයීම වලදී විවිධ ගැටළු සහ සිද්ධි
දකින්නට ලැබෙන අතර, අපට හමුවූ හාස්‍ය ජනක වුවත් අවාසනාවන්ත සිද්ධීන් කිහිපයක් මෙහි සඳහන් කරමි.
1. වෙනත් කිසිවක් නොලියා, සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම, කිහිප වරක් උත්තර පත්‍රයේ පිටපත් කර තිබීම.
මෙය පෞද්ගලික අයදුම් කරුවෙකුගේ උත්තර පත්‍රයක්
විය. කෙසේ හෝ විභාගය පැවැත්වූ ශාලාවේ සිටි
නිරීක්ෂකයින්ටද මෙය හසුවී නැත. පරීක්ෂකවරයා එම උත්තර පත්‍රය මා වෙත උපදෙස් සඳහා
යොමු කළේය. උත්තර පත්‍රයට කිසිම් ලකුණක් දීමට හැකියාවක් නොතිබුණි. ලකුණු
බින්දුවක් දමා, ලකුණු ලේඛනයේ ද බින්දුව දමා, විශේෂ සටහනක්ද යොදා, අත්සන් කර,
ජර්නලයේද සටහනක් යෙදුවෙමි. එම උත්තර පත්‍රය පැකට්ටුවෙන් ඉවත් කර විශේෂ කවරයක බහා විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාව වෙත
වැඩිදුර කටයුතු සඳහා යවන ලදී.
ඔහුට හිමිවුයේ ලකුණු බින්දුව නිසා විෂයය ප්‍රතිඵලය වූයේ ‘අසමත්’ යන්න වූ අතර පසු විපරම් කිසිවක් නොකරන ලදී.
කෙසේ වෙතත්, එම අයදුම් කරු මානසික ආබාධයකින්
පෙළෙන අයෙකුද යන්න සොයා බැලීමට අදාළ ආයතනයකට යොමු කිරීමට මගක් තිබුණේදැයි
නොදනිමි.
2. උත්තර පත්‍රයට මුදල් නෝට්ටුවක් අමුනා තිබීම.
මෙම උත්තර පත්‍රය තිබුනේ පරීක්ෂක වරියකට් ලැබුණු
පැකට්ටුවකය. අයදුම් කාරිය පාසල් ශිෂ්‍යාවකි. උත්තර පත්‍රයේ මැද පිටුවකට රුපියල් 100/-
ක මුදල් නෝට්ටුවක් අමුණා තිබිණ. එයට යටින් දුක්මුසු අඳෝනාවක් ලියා සම්මාන
සාමාර්ථයක් ලබාදෙන ලෙස බැගෑපත්ව ආයාචනයක්‌ද කර තිබිණ. මෙය දුටු වහාම මා වෙත යොමු කෙරුණි. එය
සුපුරුදු ක්‍රමයට ලකුණු කරන ලෙස උපදෙස්
දුනිමි. සාමාන්‍ය සාමාර්ථයක් ලබාගැනීමට අවශ්‍ය ලකුණු ලබාගෙන තිබුණු උත්තර පත්‍රයකි.
පරීක්ෂක වරිය විසින් ලකුණු කළ පසු, මා ඒ සියල්ල නැවත බලා ලකුණු දීම නිවැරදි බව තීරණය කර, ලබාගත් ලකුණු
සහ ශ්‍රේණිය, ලකුණු ලේඛනයේද සටහන් කර, ජර්නල සටහනක් යොදා, පැකට්ටුවෙන් ඉවත් කර,
මුදල් නෝට්ටුවද සමග විශේෂ කවරයක බහා විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාව වෙත
වැඩිදුර කටයුතු සඳහා යැවීමි.
එම මුදල රජයේ ආදායමට බැරකළ බවත්, ශිෂ්‍යාවගේ
විභාග ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවා, විදුහල්පති මගින් අවවාදාත්මක ලිපියක්
දෙමාපියන්ටද පිටපතක් සහ මුදල සඳහා
කුවිතාන්සියක්ද සහිතව යවන ලද බව පෞද්ගලිකව දැනගතිමි.
මෙය සුළු වශයෙන් තැකිය හැකි සිද්ධියක් නොවේ.
නොදැනුවත්කම නිසා වුවත් අල්ලසක් දීමට තැත්
කිරීමේ වරදක් ලෙස සැලකිය හැකිය.
3. අයදුම් කරු විභාග අංකය දමා නොතිබීම
එක් මධ්‍යස්ථානයක උත්තර පත්‍ර ඇගයීම් කරද්දී
පරීක්ෂක වරයෙකුට, විභාග අංකය ලියා නොතිබුණු උත්තර පත්‍රයක් හමුවිය. එය පෞද්ගලික
අයදුම් කරුවෙකුගේය. මෙම ගැටලුව ඉතාමත්
සැලකිල්ලකින් සොයා බැලිය යුතු එකකි. පැකට්ටුවේ ඇති උත්තර පත්‍ර වල විභාග අංක අනු
පිළිවෙල වහාම සොයා බලා ලකුණු ලේඛනයද සමග සංසන්දනය කර බැලීමේදී, අනුමාන කළ හැකි
අංකය සොයා ගත හැකිවිය. එසේ වුවත් උත්තර පත්‍රයේ අංකය ඇතුලත් කිරීමට අපට අවසර නැත.
මෙහිදී විභාග ශාලාවේදී වරදක් සිදුවී ඇති බව පෙනුනි.
විභාග ශාලාවේදී විෂයය සඳහා පිළිතුරු සැපයීමට නියමිත
අයදුම්කරුවන්, ඇතුලත් වීමේ ලේඛනය සමග සසඳා බලා, එම අංක ලකුණු ලේඛනයේ ඇතුලත් කර යම්කිසි අයදුම්කරුවෙක් එම විෂයය සඳහා
නොපැමිණියහොත් ලකුණු ලේඛනයේ අංකයට ඉදිරියෙන් නොපැමිණි යනුවෙන් ලියා, පැමිණීමේ ලේඛනයේද
කතිරයකින් සටහන් කිරීම විභාග ශාලාධිපතිගේ වගකීමය. මෙහිදී උත්තර පත්‍රය නියමිත තැන තබා තිබුනත්
එහි අංකය දමා නොතිබීම ගැන විමසිලිමත් වී නැත.
මෙම උත්තර පත්‍රය නියමිත අයදුම් කරු විසින්ම ලියන
ලද්දක්ද යන්න අපට විසඳිය නොහැකිය. නියමිත ආකාරයට පරීක්ෂක වරයා ලවා උත්තර පත්‍රය
ලකුණු කරවා, මමද නැවත පරීක්ෂාකර බැලුවෙමි.
එයට සම්මාන ලකුණු ලැබී තිබුණි.
එම උත්තර පත්‍රයේ විශේෂ සටහනක්ද යොදා, අනුමාන විභාග අංකය සඳහන් ආවරණ ලිපියක්ද
සකස් කර, වෙනම ලකුණු ලැයිස්තුවක ලකුණු සටහන් කර (අංකය නොදමා) විමර්ශන ශාඛාව වෙත
වැඩිදුර කටයුතු සඳහා යැවීමි
එය විභාග ශාලාධිපතිගේ නොසැලකිල්ල නිසා සිදුවී ඇති
වරදක් බැවින් ඔහුගෙන් නිදහසට කරුණු අසා, වසර කිහිපයකට විභාග කටයුතු වලින් ඉවත් කරන
ලද බව පසුව දැන ගතිමි.
අයදුම් කරුගේ විභාග ප්‍රථිඵල තාවකාලිකව
අත්හිටුවා, ඔහු විභාග දෙපාර්තමේන්තුවට ගෙන්වා දිව්රුම් ප්‍රකාශයක් ලබාගෙන, අත්
අකුරු ඔහුගේම බව තහවුරු වීමෙන් පසුව ප්‍රතිඵල නිකුත් කරන ලදී.
මෙවැනි අත්දැකීම් සිය ගණනක් වුවද සඳහන් කළ
හැකිය.
ඇතැමෙක් විභාගෙදි හරි නැති වැඩ කරතී
ReplyDeleteවරදක් හසුවුණෝතින් නිති දුක් විඳතී
දරුවෙක් කිරීමට ළෝකෙට සෙතක් ඇතී
වෙහෙසක් ගත යුතුය ඒ මව් පියෝ නිතී.......
ජයවේවා!!!
හොඳ පාසැලක සිටියත් යහ ගුණය ඇතී
Deleteවංචා කරති සමහරු ඇති අමන ගතී
හසු වූ දාට ඒ අවගුණ පුරුදු නිතී
දඬුවම් විඳිති බලවතුනට වෙමින් ගැතී
ස්තුතියි දුමින්ද,
ඔබ නිසා දැන් මටත් කවි ලියවෙනවා.
සතුටුයි බොහෝ... ඔබ වැන්නෙක් කවියට ලැදිවීම සතුටක්. නිවාඩු වෙලාවක "දුමී" බ්ලොග් එක පැත්තේ ආවොත් කවි බොහොමයක් කියවීමට හැකි වේවී...
Deleteජයවේවා!!!
ඉක්මනටම එන්නම්
Deleteමගේ පියාත් සා.පෙ. ඉතිහාසය විභාගයේ උත්තර පත්තර පරීක්ෂා කළා. හොඳම මතකය තමයි ලාකඩ.
ReplyDeleteමධ්‍යගත ක්‍රමය ආ පසු තාත්තා ඉවත් වුණා.
මුල් කාලයේ විභාග උත්තර පත්‍ර මිටි තැපෑල් කිරීමට කලින් පාර්සලයේ ස්ථාන හයක ලාකඩ මුද්‍රාව තියන්නට අපට යකඩ 'සීල්' එකක් තිබුණා. එක විභාග ශාලාවකදී, ශාලාධිපතිවරියක් යකඩ 'සීල්' එක තෙත් කිරීම සඳහා දිවේ ගානවා වෙනුවට රත්කළ ලාකඩ කෑල්ල දිවේ ඔබා ගත් කතන්දරයකුත් තිබෙනවා.
Deleteමධ්‍යගත ක්‍රමය නිසා බොහෝ අඩුපාඩු මග හැරුණා.
තාත්තගෙ අනුහසින් වෙන අය දාල උත්තර ලියල 99% ගන්න ක්‍රමය ඒකාලේ තිබුණෙ නැත්ද? හැක්
ReplyDeleteඑහෙම සිද්ධියක් අහුවෙලා දඬුවම් කරපු එකකුත් ඉදිරියේදී ලියන්නම්.
Deleteඅර කවුදෝ මන්දා දාල තිබුනේ නයි දෙන්නෙක් ඇදලා
ReplyDeleteප්‍රශ්න පත්තර හදාපු එකාව ලොකු නයා කාල
ප්‍රශ්න පත්තරය බලන එකාව පොඩි නයා කාපං කියලා ෆොටෝ එකක්
කවුරු මොනවා කිව්වත් ප්‍රශ්න පත්‍ර හදන්නෙත් උත්තර පත්‍ර බලන්නෙත් ඉතාමත් ක්‍රමාණුකූල ආකාරයකට. විභාගයට කලින් සෑම විෂයයකම විෂයය මාලා අවසන් කිරීමේ ප්‍රගතිය පිලිබඳ SRS (Stratified Random Sample) එකක් පාසැල් නියැදියකින් ගෙන්වා ගෙන, පිරිවිතර වගුවක් (Table of Specification) සකස් කර ඒ අනුවයි ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ.
Deleteපෞද්ගලික අයදුම් කරුවන් විභාගයකට මුහුණ දීමේදී ප්‍රශ්න පත්‍ර බහාලූ කවරය විවෘත කිරීමට පෙර එහි ලාකඩ මත තැබූ මුද්‍රාව නිරුපද්‍රිතව පවතින බවට විභාග අපේක්ෂකයින් දෙදෙනෙක් ලවා පරීක්ෂා කරවා අත්සන් යොදා සහතික කිරීමේ ක්‍රම වේදයක් ගැන දයා මහත්මයා දන්නවා ඇති නේද?
ReplyDeleteමම අපොස උසස් පෙළ විභාගයට දෙවන වර පෞද්ගලිකව පෙනී සිටීමේදී මමත් එහෙම අත්සන් කරල සහතික කලා.
ස්තුතියි රවී,
ReplyDeleteඒ කාලේ ප්‍රශ්න පත්‍ර පැකට්ටු වලට ලාකඩ 'සීල්' තියලා තිබුනේ. ඒ උනත් එක්තරා පරීක්ෂක වරයෙක් ලාකඩ 'සීල්' එකට යටින් රත්කළ බ්ලේඩ් එකක් දමා පැකට්ටුවක් හොරෙන් කඩා තිබුණු බව හෙළිවෙලා. දැන් තිබෙන්නේ ඉතාමත් සුරක්ෂිත තදින් ඇලෙන ප්ලාස්ටික් පටියක්.
දැනුත් පැකට්ටුව විවෘත කිරීමට කලින් අයදුම් කරුවන් දෙදෙනෙකු විසින් අත්සන් තැබීම අනිවාර්යයි.
මගේ පියා කොළඹ දකුණ කොට්ඨාශයේ මධ්‍යස්ථාන භාරව කටයුතු කරපු අවස්ථාවල මගේ හොඳම මතකයන් තමයි ඒ පාසල්වල හැමතැනම ඇවිදින්න ලැබෙන චාන්ස් එක. පාලුවට ගිය පන්ති කාමර, ක්‍රීඩා පිට්ටනි හැමතැනම
ReplyDelete//අයදුම් කරුගේ විභාග ප්‍රථිඵල තාවකාලිකව අත්හිටුවා, ඔහු විභාග දෙපාර්තමේන්තුවට ගෙන්වා දිව්රුම් ප්‍රකාශයක් ලබාගෙන, අත් අකුරු ඔහුගේම බව තහවුරු වීමෙන් පසුව ප්‍රතිඵල නිකුත් කරන ලදී//
ReplyDeleteඒක කලයුතුම දෙයක්!
ඔව් රාජ්,
Deleteඒ කාලේ සියල්ලම නිත්‍යානුකූලව සිදුවූ නිසයි විභාග කටයුතු ඉතා හොඳින් කරන්නට හැකිවූයේ.
මුල්ම පෝස්ට් එක වෙනකම්ම කියෙව්ව........
ReplyDeleteසෑහෙන වටින මතක/අදහස් .....
Respected Sir,
ReplyDeleteCould you please let me have your e-mail ID
Pl. write here whatever you want.
DeleteWell noted Sir...!!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete