Monday 10 April 2017

තේ කෝප්පයක් තුලින් ‘දෙවියන්’ දැක්කෙමු.

තේ කෝප්පයක් තුලින් ‘දෙවියන්’  දැක්කෙමු.

අප අපොස සාමාන්‍ය පෙළ (ඒ කාලයේ s.s.c) ඉගෙන ගනිද්දී සිංහල උගන්වන්නට ඉතා දක්ෂ ගුරු මහතෙකු  සිටියා. කතෝලික භක්තිකයෙකු වූ ඔහු නමින් වර්ණකුලසුරිය සන්තියාගෝ තිසේරා  විය. ඔහු නම ලිව්වේ වසන් තිසේරා කියාය. ගම හලාවත, කාක්කපල්ලිය  විය.    අප බොහෝ දෙනෙකුට, ඔහු නිසාම සිංහල ප්‍රියතම විෂයය විය. අප කිහිප දෙනෙකු සිංහල සාහිත්‍යයද විභාග විෂයයක් ලෙස තෝරා ගතිමු.
ඒ කාලයේ සිංහල විභාග ප්‍රශ්න පත්‍රයේ ඉංග්‍රීසි පාඨයක් සිංහලට පරිවර්තනය කිරීමටත් සිංහල පාඨයක් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමටත් තිබුණි. මෙම ප‍රිවර්තන සඳහා මට විශේෂ දක්ෂ කමක්ද තිබුණා. පන්තියේ සිටි මගේ හිතවතෙක්, ඒ කාළේ  අපට පරිවර්තනය කරන්නට දුන් පාඨයක් යළි හමුවී කෞතුක ලියවිල්ලක් ලෙස මෑතදී මට එවා තිබුණා.
පාසැල් අධ්‍යාපනයේදී කරනලද එම කටයුත්ත නැවත කරන්නට සිතුනා.
කලින් පරිවර්තනය ළඟ තිබුනානම් අද එක සමග සංසන්දනය කර වෙනස බලන්නට තිබුණා.
පරිවර්තනයට අලුතින් නමකුත් දැම්මා. 

ඉංග්‍රීසි කව් පෙළ මෙසේය.
  
Welcome cup of Tea... a touching true story...
 

A group of 15 soldiers led by a Major were on their way to the post in Himalayas where they would be deployed for the next 3 months.
The batch who would be relieved waited anxiously.
It was cold winter intermittent snowfall made the treacherous limb more difficult.
If someone could offer a cup of tea. .
the Major thought, knowing it was a futile wish..
They continued for an hour before they came across a dilapidated structure, which looked like a tea shop but locked. It was late in the night.
"No tea boys, bad luck", said the Major. But he suggested all take some rest there as they have been walking for 3 hours.
"Sir, this is a tea shop and we can make tea... We will have to break the lock", suggested one soldier.
The officer was in great dilemma to the unethical suggestion but the thought of a steaming cup of tea for the tired solders made him to give the permission.
They were in luck, the place had everything needed to make tea and also packets of biscuits.
The solders had tea biscuits and were ready for the remaining journey.
The major thought, they had broken open lock and had tea biscuits without the permission of the owner. They're not a band of thieves but disciplined soldiers.
He took out a Rs1000/- note from his wallet, placed it on the counter, pressed under sugar container, so that the owner can see.
The officer was now relieved of his guilt.
He ordered to put the shutter down and proceed.
Three months passed, they continued to do gallantly in their works and were lucky not to loose anyone from the group in the intense insurgency situation.
It was time for another team to replace them.
Soon they were on their way back and stopped at the same tea shop which was open and owner was present in the shop.
The owner an old man with meager resources was very happy to greet 15 customers.
All of them had tea and biscuits.
They talked to the old man about his life and experience specially selling tea at such a remote place.
The old man had many stories to tell, replete with his faith in God.
"Oh, Baba, if God is there, why should He keep you in such poverty ?", commented one of them.
"Do not say like that Sahib ! God actually is there, I got a proof.
3 months ago."
"I was going through very tough times because my only son had been severely beaten by terrorist who wanted some information from him which he did not have.
I had closed my shop to take my son to hospital. Some medicines were to be purchased and I had no money.
No one would give me loan for fear of the terrorists. 
There was no hope, Sahib".
"And that day Sahib, I prayed to God for help. And Sahib, God walked into my shop that day."
"When I returned to my shop, I found lock broken,
I felt I was finished,
I lost whatever little I had.
But
then I saw that God had left Rs 1000/= under the sugar pot.
I can't tell you Sahib what that money was worth that day.
God exists Sahib. He does."
The faith in his eyes were unflinching.
Fifteen pairs of eyes met the eyes of the officer and read the order in his eyes clear and unambiguous, "Keep quiet".
The officer got up and paid the bill.
He hugged the old man and said, "Yes Baba, I know God does exist.And yes, the tea was wonderful."
The 15 pairs of eyes did not miss to notice the moisture building up in the eyes of their officer, a rare sight.

The truth is

"YOU" can be God to anyone.
-----------------------------------------------------------------------------

තේ කෝප්පයක් තුලින් ‘දෙවියන්’  දැක්කෙමු.
  ත්‍රස්තවාදී  යුද බිමක් ව පැවතුනු, හිමාල පර්වතය ආසන්නයේ පිහිටි අති දුෂ්කර යුද කඳවුරක තුන් මසක සේවය සඳහා යාමට මේජර් වරයෙකු ඈතුලු පසළොස් දෙනෙකුගෙන් යුක්ත හමුදා ඛණ්ඩයකට අණ ලැබිණ.
කලින් තුන් මස සේවය අවසන් කළ හමුදා ඛණ්ඩය, නව කණ්ඩායම එනතුරු පුලපුලා බලා සිටියහ.
එය ශීත ඍතුව වූ අතර, හිම පතනය, අධික වර්ෂාව, ඇඟ කිළිපොලා යන දැඩි සීතල  සහ චන්ඩ මාරුතය නිසා කඳු ශිඛර තරණය කිරීම මහත් අපහසුවක් විය.
‘කවුරුන් හෝ අපට උණු තේ කෝප්පයක් දෙතොත් කෙතරම් අගේද?’ මේජර් වරයාට සිතිණ. එහෙත් එය නිෂ්ඵල සිතිවිල්ලක් බව වැටහුණු ඔහු එම අදහස අත්හැර දැමීය.
තවත් පැයක් පමණ කඳු බැවුම් ඔස්සේ ගමන් කළ ඔවුනට අඩි පාර ආසන්නයේ තිබුණු ගරාවැටී ගිය  තේ කඩයක් වැනි කුඩා මඩුවක් දකින්නට ලැබිණ. එහි කිසිවෙක් නොසිටි අතර අබලන් දොර ඉබ්බෙක් දමා වසා තිබිණ.
ඒ වන විට මැදියම් රැයට ආසන්න බව ඔවුනට දැනුනි.
‘කොල්ලනි, කඩය වසා තිබේ. තේ කෝප්පයක්‌ බීමට වාසනාව නැහැ’යි    කී මේජර් වරයා, ඒ වන විට හෝරා තුනක් පමණ පා ගමනේ යෙදී සිටි සෙබලුන්ට එම ස්ථානයේ  ටික වෙලාවක් නතර වී විවේක ගන්නා  ලෙස අණ කළේය.
‘සර් මේක තේ කඩයක් නේ. අපට තේ සාදා ගන්නට පුළුවනි. ඉබ්බා කඩා ඇතුල් වෙමුද?’ එක් සෙබළෙක්‌ යෝජනා කළා
මෙම හමුදා විනය විරෝධී යෝජනාව පිළිබඳව මේජර් වරයා මහත් වික්ෂිප්ත භාවයට පත්වුවත් තද මහන්සිය දුරු කරන, දුම් දමමින් රස නහර පිනායන, ඉමිහිරි තේ කෝප්පයක ආස්වාදය ක්ෂණයකින් මෙනෙහි කළ ඔහු සෙබලාගේ යෝජනාවට අකමැත්තෙන් එකඟ වී, එයට අවසර දුනි.
දොර විවෘත කරගත් පසු ඔවුන් තරමක් වාසනාවන්ත බව පෙනුනි. තේ සාදා ගැනීමට අවශ්‍ය සියලු දේ සහ බිස්කට් ද එහි තිබිණ.
ඔව්හු බිස්කට් කා තේ බී, ආපසු ගමනෙහි  ඉතිරි කොටසට සුදානම් වුහ.
මඳක් නතරවූ මේජර් වරයා ‘දොර කඩා විවෘත කර ඇතුල් වී, බිස්කට්ද කා තේ බිව් අප සියලු දෙනා.  සොරු  නොවෙති. මනා හික්මීමක් සහිත නීති ගරුක සොල්දාදුවෝය’ යනුවෙන් මොහොතක් කල්පනා කළේය. වහාම තම පසුම්බිය විවෘත කර රුපියල් දහසක නෝට්ටුවක් පිටතට ගෙන මේසය මත තබා, අයිති කරුට පෙනෙන ලෙස,  හිස් සීනි බඳුන අඩයක් ලෙස ඒ මත තැබීය.
මේ මගින් නායකයා තම හිසෙහි තිබුණු ‘වැරැද්දක් කළේ’ යයි හැගීමේ ‘බර’ සැහැල්ලු කර ගත්තේය.
ඔහු, තේ කඩයෙහි දොර වසා ආපසු ගමන් අරඹන ලෙස පිරිසට අණ දුන්නේය.

ඔව්හු ඉදිරි තුන් මස කැරලි කරුවන්ගේ දහසක් කරදර මධ්‍යයේ තම සේවය හෘදයංගමව අවසන් කර කිසිවෙකුට අන්තරාවක් නොමැතිව ආපසු ඒමට පටන් ගත්හ.
ඔවුන් වෙනුවට තවත් කණ්ඩායමක් ඒමට නියමිතය.

ටික වෙලාවකින් ඔව්හු සුපුරුදු තේ කඩය අසලට පැමිණ නතර වුහ. එය විවෘත කර තිබිණ. එහි අයිතිකරු වූ අහිංසක පෙනුමකින් යුත් වයෝවෘධ මිනිසා, තේ බීමට පැමිණි, පසළොස් දෙනෙකුගෙන් යුක්ත එම පිරිස සාදරයෙන් පිළිගත්තේය.
ඔවුන් සියලු දෙනාම බිස්කට් කා තේ පානය කළහ.
ඔව්හු  මහලු මිනිසා සමග බොහෝ දේ කතා කළහ. විශේෂයෙන්ම, එම දූෂ්කර ඈත පරිසරයේ, යුද ගිනි සහ ත්‍රස්තවාදී කරදර මැද තේ සැපයීම පිළිබඳවද කතා කිරීමට අමතක නොකළහ.
මහල්ලාටද කතා කිරීමට බොහෝ දේ තිබුණු අතර, ‘දෙවියන්’ ගැන ඔහුගේ භක්තියද නොවළහා ප්‍රකාශ කළේය.
‘දෙවියන්’ සිටී නම් ඔහු විසින්, ඔබ ඔතරම් දුක්ඛිත තත්වයක තබා සිටින්නේ ඇයි’ දැයි එක් සෙබළෙක්‌ ප්‍රශ්න කළේය.
‘දැන උගත් මහත්මයාණෙනි, එහෙම කියන්නට එපා. හරියටම මාස තුනකට ඉහතදී දෙවියන් මා සමග සිටින බව ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වූවා.’
‘ඒ දිනවල මගේ එකම පුතා, කැරලි කරුවන්ගේ ප්‍රහාරයකට ලක් උනා. ඔහු නොදන්නා තොරතුරක්‌ අසා, එය නොලැබුණු බැවින්, ඔහුට තදබල ලෙස තලා පෙළා පහර දුන්නා. ම්හු රෝහලට ගෙන යාම සඳහා, මට කඩය වසා දැමීමටත් සිදු උනා. ඔහු සඳහා බෙහෙත් මිලදී ගැනීමට මා ළඟ කිසිම මුදලක් තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ට බියෙන් කිසිවෙකු මට මුදල් ණයට දුන්නෙත් නැහැ.
‘මම එදා හරිම අසරණ උනා, මහත්වරුනි’.
‘මා දෙවියන් යැද මට උපකාර කරන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියා.’
‘විශ්වාස කරන්න මහත්වරුනි. එදින දෙවියන් මගේ කඩයට වැඩම කර  තිබෙනවා’
‘පසුදින මා  ආපසු කඩයට එනවිට දොරෙහි ඉබ්බා කඩා තිබෙනු දුටුවා.’
‘මගේ සේසතම අවසානයයි මට සිතුනා.’
එසේ වූවත්.......
‘එවලේම මා දුටුවා. සීනි බඳුන යට ‘දෙවියන්’ විසින් රුපියල් දහසක නෝට්ටුවක් තබා තිබෙන බව!.’
‘එදින ලැබුණු එම මුදල් නෝට්ටුවේ වටිනාකම මට මෙතෙකැයි කියා නිම කරන්නට බැහැ. දෙවියන් ජීවමානව සිටිනවා මහත්වරුනි.’
වයෝවෘද්ධයා,  දෙවියන් කෙරෙහි පවතින භක්තිය ඔහුගේ දෑසින් මනාව පිළිබිඹු වුවා.
සෙබළුන්ගේ ඇස් යුගල පසළොසක් එක්වරටම මේජර් වරයාගේ දෙනෙත් දෙසට යොමු වුවා. ඒ දෙනෙත් වලින් ඔවුනට දෙනලද ’නිහඬ වනු!’ යන නියෝගය ඔවුන් සියලු  දෙනාම වහාම තේරුම ගත්තා.
නායකයා නැගිට තේ සහ බිස්කට් වල ගාස්තුව ගෙවා දැම්මා.
ඔහු ඒ සමගම මහලු මිනිසා වැළඳගෙන ‘සත්තකයි. ‘දෙවියන්’ සිටිනවා. ඔබගේ තේ වල පුදුමාකාර රසයක් තිබෙනවා’ යයි කීවා.
තුෂ්නිම්භූතව, අයා ගත් ඇස් යුගල පසළොසට, තම නායකයාගේ නෙත් අග කඳුළු බිඳු හටගනු දකින්නට ලැබිණ.
‘මෙය ඔවුන් දුටු ඉතාමත් විරල දසුනකි.’
--------------------------------------------------------------
‘ඔබට’ ඕනෑම තැනකදී  ‘දෙවියෙකු’ විය හැකිය 
--------------------------------------------------------------             
මේ සමගම මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර් විසින් 'දෙවියන්' සිටින තැන් ගැන ලියන ලද කවි පෙළක කොටසක්ද මතක් විය. එයද මෙහි සටහන් කරමි.
  
He is there, where the tiller is tilling the hard    
Ground and where, the path maker is breaking stones.   
He is with them, in sun and in shower and his 
Garment is covered with dust.                                                                                     .


                 

27 comments:

  1. මේ කතාවෙන් දෙන වැරදි ආදර්ශවලට මා නම් ඉතා අකමැති යි.

    1. ආමිකාරයින් පිරිසක් සිවිල් වැසියෙකු ගේ දේපල මංකොල්ල කෑම

    2. මුදල් තබා ගිය ද, ඒ පිළිබඳව සටහනක් තබා නොයෑම. ඒ එවැන්නක් ලිවීම තමන් කළ හොරකමට සාක්‍ෂි සැපයීමක් වෙන නිසා ය.

    3. ආපසු ගමනේ දී අවස්ථාව ලද විට දී හෝ වරද පිළිනොගැනීම

    4. දෙයියන් වැනි මිත්‍යා විශ්වාස තහවුරු වෙන සේ ක්‍රියා කිරීම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      එහි මිත්‍යා දෙවියෙක් නැහැ. සෑම 'මිනිසෙකුගේම' හදවතේ දෙවියෙකු සිටිනවා.ඒ බව දන්නේ ටික දෙනෙක් පමණයි.

      Delete
    2. රසිකලොජි,

      ඔබගේ අකමැති හේතු ලැයිස්තුව දුටු විට ඔබ මේ ලෝකේ පය ගසා නොසිටින න්‍යායාත්මක ලෙසම ලෝකය දෙස බලන කෙනෙක් ලෙස හැඟෙනවා.
      1,2,3 ගැන මට හේතු දැක්විය හැකි වුනත්, දෙයියන් වැනි දේ මිත්‍යා විශ්වාස කියා ඔබ තහවුරු කරන අන්දම කියා දුනහොත් ඔබට බොහෝ ස්තුති වෙනවා.

      Delete
    3. @ Dayawee
      ඔය සිත ඇතුලේ දෙවියා වගේ කතාත් සුන්දර නිකං සංකල්පයක් විතරයි නේ. ඒකේ ඩුවලිටිය තමයි යකෙකුත් ඉන්නවාය කීම!

      Delete
    4. @ හැට්ටර් -මේ විට්ටර් ගෙ මල්ලි

      දෙයියා නම් මිත්‍යා විශ්වාසය ගැන මගේ අදහස පහත ලිපියේ ලියා ඇත.

      මගෙ දෙයියා සහ උඹේ දෙයියා! - Synthetic God
      http://rasikalogy.blogspot.com/2016/08/synthetic-god.html


      !

      Delete
    5. රසිකලොජිස්ට්,

      ඒ එකකින්වත් දෙයියන් වැනි දේ මිත්‍යා විශ්වාස කියා තහවුරු වෙන්නේ නැහැනේ.
      ඔබ උපකල්පන ඉදිරිපත්කර තිබේ. නමුත් මගේ ප්‍රශ්නයට එහි පිළිතුරක් නැත.

      Delete
    6. @ හැට්ටර් -මේ විට්ටර් ගෙ මල්ලි

      ඇයි මනුස්සයෝ, ඉන්ද්‍රිය ගෝචර නොවන දෙවියන් ඉන්න බව නේද ඔප්පු කර පෙන්වන්න ඕනෑ. නැති බව මොනවා ඔප්පු කරන්න ද?

      මේ කතාව අහලා තියෙනවා ද?

      "රාවණ රජු ගේ කාලේ ලංකාවේ මොබයිල් ෆෝන් තිබුණා!"

      හොඳයි පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න තිබුණේ නෑ කියලා!

      Delete
    7. philosophic burden of proof lies upon a person making scientifically unfalsifiable claims, rather than shifting the burden of disproof to others.

      https://en.wikipedia.org/wiki/Russell%27s_teapot

      Delete
    8. රසිකගේ මොලේ තමයි මොලේ.
      රාවණ රජු ගේ කාලේ ලංකාවේ මොබයිල් ෆෝන් තිබුණා කියල එයාම කියල අපිට කියනවා එක බොරුයි කියල ඔප්පු කරන්න කියල.
      කාට හරි පොඩ්ඩක් පෙන්නුවොත් හොඳ නැද්ද?

      Delete
    9. philosophic burden of proof lies upon a person making scientifically unfalsifiable claims, rather than shifting the burden of disproof to others.

      Delete
    10. එය බර්ට්‍රන්ඩ් රසල් ගේ තේ පෝච්චිය තර්කය ගැන විකිපීඩියා පිටුවෙනි.

      Delete
    11. විකිපීඩියාව 100% නිවැරදි නොවන බව දැන් කාලේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා දන්නා දෙයක්.

      වෙනත් දාර්ශනික කතා වලින් තොරව, ඔබ මතුකළ දෙය එනම් "දෙයියන් වැනි දේ මිත්‍යා විශ්වාස" කියා ඔබ කියන දේ තහවුරු කරන ලෙසයි මා ඉල්ලන්නේ.

      Delete
    12. දෙයියන් යනු සත්‍යයක් ද, මිත්‍යාවක් ද යන්න මූලිකම දාර්ශනික ප්‍රශ්නයක් මිස වෙන කුමක් ද?

      ඔබේ අපහසුතාව මට වැටහුණා.

      විකිපීඩියාව ප්‍රශ්නයක් කර නොගන්න.

      ඔබට අවශ්‍ය නම් ඔබ ඔප්පු කර පෙන්විය යුත්තේ දෙයියන් සිටී ය යන්න යි.

      එසේ නොමැති නම්, අවශ්‍ය පරිදි මිත්‍යාවේ ගැලී ජීවත් වෙන්න.

      ස්තුතියි.



      Delete
    13. //4. දෙයියන් වැනි මිත්‍යා විශ්වාස තහවුරු වෙන සේ ක්‍රියා කිරීම//

      දෙයියන් වැනි දේ මිත්‍යා විශ්වාස යයි ඔබ කියනවානම් එය තහවුරු කිරීම ඔබේ වැඩක්.
      ඔබේ නොහැකියාව මා මත පටවන්න එපා.
      නොදන්නා හිතළු ඇත්ත දේ ලෙස ප්‍රචලිත නොකරන්නට දැන්වත් සිතට ගන්න.
      ඔබටත් බොහොම ස්තුතියි!

      Delete
  2. /He is there, where the tiller is tilling the hard
    Ground and where, the path maker is breaking stones.
    He is with them, in sun and in shower and his
    Garment is covered with dust./

    අඳුරු කුටිය තුල
    දොරගුළු ලා ගෙන
    ගයන ගීතිකා යදින යාතිකා
    දෙවියන්හට නෑසේ

    පොළොව කොටන තැන
    පාර හදන තැන
    ගිනියම් අව්වේ මහ වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ...
    බලන් කඩතුරා හැර දෑසේ...

    සිනිඳු සුවැති සළු සිරසින් හැරදා
    දූවිලි මඩ වැකි පිළි ගත පළදා
    දෙවියන් රුව දක්නට හැක්කේ...

    කුසම් සඳුන් දුම් සුවඳින් වැළකී
    ගත නැඟි දාඩිය සුවඳින් සැරසී
    දෙවියන් හා එක්විය හැක්කේ...

    ගායනය - ටී.එම්.ජයරත්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී,
      මම හිතුවා හරියට හරි. ටී.එම්.ජයරත්නගේ ගීතයෙන් ඔබ ඌණ පුරණය කරන බව.'පොලොව කොටන තැන ...... ආදී කොටස පමණයි තාගෝර් ලියා ත්බෙන්නේ. අප ගායකයාගේ ගීතයෙන් තවත් බොහෝ දේ කියවෙනවා.

      Delete
  3. සර්ව සම්පූර්ණ කථාවක් ඒ නිසා වැදගත් කමෙන්ට් එකක් සිතට එන්නේ නැහැ. මේ කථාව යතුරු ඉබ්බන් නිෂ්පාදනය කරන ආයතනයකට වෙලඳ දැන්වීමකට නම් මරු. දෙවියන්ටත් ඉබ්බ කඩන්නෙ නැතුව ඇතුලට යන්න බැරි තරමට ආරක්ෂිත යතුරු ඉබි වර්ගයක්.

    ReplyDelete
    Replies
    1. හිතවත් ඉයන්,
      ස්තුතියි. ඉබ්බෙකු නොදමා සාමාන්‍ය යතුරකින් වසා තිබුණානම් බොහෝ දෙනෙකු සිතන වර්ගයේ 'දෙවියන්ට' කාටවත් නොදැනෙන්නට යතුරු කපොල්ලෙන් රිංගා ගොස් සියල්ල ඉටු කරන්නටත් තිබුණා. ඒ කියන වර්ගයේ 'දෙවියන්' නොමැති නිසා තමයි මෙම 'පොදු ජන දෙවියන්ට' ඉබි යතුර කඩා ඇතුලට යාමට සිදුවී ඇත්තේ.

      Delete
  4. අවි අත දරා සිටි මුත් දරදඬු හිතක
    දෙවි යෙක් ඕන මොහොතක මතුවෙන්න හැක
    නිවි යන ගැඟුම් මතුවෙයි මෙය දුටු විටක
    කවි යෙන් කියමි රස ලිපියකි නොවනු සැක.....

    අපූරු ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දෙවොලක පිදුම් ලබනට කිසිවෙක් නොමැත
      බිහිසුණු බවක් මතුවෙයි එහි සතර අත
      'මිනිසෙකු' සිටීනම් හදවත සහිත තෙත
      දෙවියන් එතන සැම කල්හිම සිටිනු ඇත

      ඔබට ජය දුමින්ද

      Delete
  5. හද පැරණ කතාවක් ලියලා තියෙන්නෙ

    ReplyDelete
  6. දෙයියන් ඉන්නවා කියා ඔප්පු කර පෙන්වන තෙක් එය පිළිගත නොහැකි මිත්‍යාවක් පමණි!

    As Russell said:

    Philosophic burden of proof lies upon a person making scientifically unfalsifiable claims, rather than shifting the burden of disproof to others.

    https://en.wikipedia.org/wiki/Russell%27s_teapot

    ReplyDelete
    Replies
    1. With thanks to the author, please go through the article in the following link.

      http://lakshmanillangakoon.blogspot.com.au/2017/04/blog-post_18.html

      Delete
  7. එහෙනම් ඉතින් දෙයියෝ නෑ කියලවත් ඔප්පු කරලා පෙන්නන්නකො

    ReplyDelete