මෙය අධ්‍යාපන රසකතා වලින් තරමක් එහාට ගිය නවතම තොරතුරකි. දශක කිහිපයක් ඈත අතීත සිදුවීම් අතරට මෙම තොරතුර ගෙන ඒමට බොහෝ අය දායක වී ඇත. මට මුලින්ම බ්ලොග් හඳුන්වා දුන්නේ අප දියණිය මලී ය. මා ලියන දෙයට සුබ පතා නිතර දිරිමත් කරණ රවී, රසික, දුමි, තිසර, ප්‍රසන්න. මනෝජ් ඒ අතර වෙති. මගේ සටහනක් කියවා බ්ලොගය වැඩි පිරිසකට හඳුන්වා දුන්නේ ඉයන්ය.
කවි මතකයන් අවදි කලේ දුමිය. මගේ පනස් වැන්නෙන් මේ සැමට ප්‍රණාමය දැක්වීමි.
සන්නස පත්‍රයේ පළකර ඇති ලිපිය සන්නස ජුලි කලාපයේ 20 වන පිටුව ඔස්සේ කියවිය හැකිය.
පත්තරේත් ගියා එහෙනම්...:)
ReplyDelete"දායාවී" ගේ සැබෑ නම දැනගතිමි....;)
ස්තුතියි මනෝජ්,
Deleteඒකනේ! නොසිතු දෙයක්. හදිසියේම ගන්නට සිදුවූ තීරණයක්.
පොදු මාධ්‍යයෙන් අනන්‍යතාව සඟවන්නට බැහැනේ.
දකින මොහොතක් නොමැතිවූවද මිතුරුකම් හදවත බැඳේ
ReplyDeleteලියන සටහන් කියව යනවිට නතරවන්නට හිත නොදේ
පෙනෙන විට සන්නසේ ලිපියද සතුට උතුරා ගත ඇදේ
කියන ලෙස තව ලියනු හෙට දින කවි කියන්නට එමි හොඳේ......
ජයවේවා!!!
ස්තුතියි දුමි,
Deleteරාජකාරි කටයුතු ටික ඉවර කො ට
විවේකයෙන් සිටිනා විට රටක පි ට
ඔබ දුන් දිරිය පෙරදැරි කර ගෙනම ම ට
තව තව හිතෙනවා රස කවි ලියන්න ට
ඔබට ජයම!
සුභ පැතුම්. මම ඉන්නේ බ්‍රිස්බේන්. අපිටත් සන්නස ලැබෙනවා. රසිකත් පත්තර කීපයකටම කොලම් ලියනවා. ඉඩ ලැබෙන හැටියට අපිත් කියවනවා. ඔබට ඉදිරි කාලය බොහොම කාර්යබහුල වේවි වගේ :)
ReplyDeleteස්තුතියි තිසර,
ReplyDeleteවිශ්‍රාම ලබා සිටින නිසා විවේකය තිබෙනවා.කියවීමට ලිවීමට අමතරව සිංහල සංස්කෘතික සංගමය සමග සම්බන්ධ වීත් වැඩ කරනවා.
@ All
ReplyDeleteදයාවී ලියන "ආ මග සටහන්" නම් සන්නස නව තීරු ලිපියේ මුල් අංකය මෙතැනින් කියවිය හැකිය.
http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page20.pdf
http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page28.pdf
ඒ සන්නස සඟරාවේ පිටපත් සුරකුම් ස්ථානයයි (archives).
මේ ලිපියේ දයාවී විසින් යොදා ඇති ස්ථාන යේ [http://www.ketapathpawra.com/viewer.htm] මේ ලිපිය කියවිය හැක්කේ ඊළඟ මාසයේ සඟරාව පිටවෙන තුරු පමණි!
ස්තුතියි රසික,
Deleteසන්නස කියවන අයටත් මටත් archives ගැන පැහදිලි කිරීමක් කර දීම ගැනද වෙනම ස්තුතියක්. මා මෙය සටහන් කරගත්තා
අගෝස්තු කලාපයටත් "ආ මග සටහන්" ලිපියක් ලිවීමට බලාපොරොත්තු වෙනවා.
ඔබට ජයම!
සුභ පැතුම්!
ReplyDeleteස්තුතියි Pra Jay
Deleteනැවත හමුවෙමු.
අගෙයි. සුබ පැතුම් !!
ReplyDeleteස්තුතියි ප්‍රසන්න,
Deleteඉක්මනින්ම යළි හමුවෙමු.
සුභ පැතුම්
ReplyDelete