ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප සහ දුක
යන අටලෝ දහම සෑම මිනිසෙකුටම බලපාන්නාවූ පොදු ධර්මතාවන් වේ. බොහෝ අය මෙයින් ලාභ,
යසස ප්‍රසංසාව සහ සැප යන ධර්මතා භුක්ති විදීමේදී ඉමහත් සතුටක් විඳ උද්දාමයට පත්වන අතර අලාභ, අයස, නින්දා සහ දුක ලබන අවස්ථාවලදී
මහත් කම්පාවට පත්වෙති.
අටලෝ දහම
මහා
මංගල සුත්‍රයෙහි
‘ඵුට්ඨස්ස
ලෝක ධම්මේහි - චිත්තං
යස්ස න කම්පති අසෝකං
විරජං ඛේමං - ඒතං
මංගල මුත්තමං’
යන
ගාථාවෙහි දැක්වෙන පරිදි
‘අටලෝ
දහමෙන් නොසැලෙන ශෝකයෙන් සහ කිලිටෙන් තොර, නිර්භය මනසක් තිබීම උතුම්වූ මංගල කරුණකි.’
ලාභ, යස, ප්‍රශංසා,
සැප යන සුඛාස්වාද ජනක අනුභූතීන්ට පමණක් සීමා වීමට කිසිදු
සත්වයෙකුට ඉඩ නොලැබේ. අලාභ, අයස, නින්දා හා දුක් යන දුක්ඛානුභූතීන්ටද, ඒකාන්තවම
මුහුණ දීමට සිදුවේ
යම්
කිසිවකුට යමක් ලැබීමට පූර්වකෘත කුසල විපාකයක් තිබිය යුතුවා සේම නොලැබීයාමට මෙන්ම
හිමිව තිබූ සම්පතක් අහිමිවීමට ද කර්ම විපාකය හේතුවිය හැකිය. කර්මානුරූපව ලැබුණු
විපාකය උද්දාමයට පත්වීමට හෝ කනස්සල්ලක් ඇති කරගැනීමට කරුණක් නොවේ. විශේෂයෙන්ම යම්
අලාභ, අයස නින්දා හෝ දුක් යන ප්‍රතිවිපාක
ලැබුණු අවස්ථාවල එම ආදීනවයට හේතු කාරක වූ අරමුණ සමඟ ගැටීම් ඇතිකර නොගත යුතුය.
එහිදී තමන් වෙත මේ ඛේදජනක දුර්විපාකය පැමිණියේ තමන්ගේම අකුසල කර්මයක විපාක
හේතුවෙන් යයි කියා ඉවසීම හා උපේක්‍ෂාව පුහුණු කළ යුතුය.
බෞද්ධ
සමාජය තුළ නිරතුරුවම ශ්‍රවණය කිරීමට ලැබෙන ධර්ම දේශනා වලදී බොහෝ විට මෙම ධර්මතා
පිලිබඳ සාකච්ඡා වේ.
මා
මෙහිදී විස්තර කිරීමට අදහස් කරනුයේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු, අප කල්පනාකරන
ආකාරයට කර්මානුරූපව සිදුවූ සිද්ධියක් ඔහුගේ මරණය අබියස සිටියදීත් බොහෝ
සැහැල්ලුවෙන් ගෙන ඇති ආකාරයයි.
1975
වසරේදී විම්බ්ලෙඩන් ටෙනිස් ශුරතාවය දිනාගත් ඇමෙරිකාවේ ආතර් ඈශ් (Arther Ashe) එම
ශුරතාවය දිනු ප්‍රථම කළු සම ඇති ඇමෙරිකානුවා ලෙස ඉතිහාසගත වේ.
ආතර් ඈශ් එම ටෙනිස් ශුරතාවය දිනු අවස්ථාව
1983
දී භෘද සැත්කමකට භාජන වූ ඔහුට රුධිර පාර
විලයනය කිරීමේදී ඒඩ්ස් වයිරසය ශරීර ගතවී තිබේ. ඊට ටික කලකට පසු ඔහු මෙම රෝගය නිසා මරණාසන්නව සිටියදී, ඇමෙරිකාවේ ඔහුගේ
ආදරණිය ටෙනිස් ලෝලයින්, දහස් සංඛ්‍යාත ගණනින් දුක්මුසු පණිවුඩ එවන්නට විය.
මෙසේ
ලැබුණු විශේෂ පණිවුඩයකට ඔහු ලියා යවා
තිබෙන පිළිතුර ඉතාමත් ධෛර්යය සම්පන්න එසේම මහඟු ආදර්ශයක් ලබාදෙන්නකි.
ඔහුට
ලැබුණු එම කෙටි පණිවුඩය මෙසේය.
‘මා
අතිශය හිතාදරය දිනු ඈශ්,
‘දෙවියන්
වහන්සේ මෙතරම් කෘරතර රෝගයක් සඳහා ඔබවම තෝරා ගත්තේ මන්ද?’
මෙම
ලිපියට ආතර් ඈශ් විසින් යවන ලද දීර්ඝ
පිළිතුර ඔහුගේ සුවිශේෂී ගුණාංගයක් පිළිබිඹු කරන්නකි.
එම
පිළිතුර සැකෙවින් මෙසේය
මගේ
ගරු කටයුතු මිතුර,
‘මේ
වකවානුවේදී
මිලියන
පනහක් පමණ ශිෂ්‍යයෝ ටෙනිස් ක්‍රීඩාව ආරම්භ කළහ.
එයින් මිලියන පහක් පමණ ක්‍රීඩාව
ඉගෙන ගත්හ. ලක්ෂ
පහක් පමණ වෘත්තීයම ටෙනිස් ක්‍රීඩකයෝ වුහ. පනස් දහසක් පමණ උසස් මට්ටමේ තරඟ වලට සහභාගී වුහ.
පනස් දෙනෙකු පමණ ‘විම්බ්ලෙන්ඩන්’
තරඟ මට්ටමට අවතීර්ණ වුහ. පන් දහසක් පමණ ඉහලම තරඟ වල ක්‍රීඩා කළහ. සිව්
දෙනෙකු අවසාන පූර්ව තරඟ වලට සුදුසුකම් ලැබුහ. දෙදෙනෙකු
අවසාන තරඟයට මුහුණ පෑහ. එසේ
පැමිණි කෙනෙකු වන මම ජයග්‍රහණය කළෙමි.’ මම
ජයග්‍රාහි කුසලානට හිමිකම ලබා මහත් සතුටට
පත්ව සිටිද්දී,
‘දෙවියනි,
ඇයිද මා පමණක්’ කියා නොඇසුවෙමි.
‘දැන්
මා වේදනාවෙන් භරිත වි සිටියදී පමණක් එසේ දෙවියන්ගෙන් කෙසේ අසන්නද?’
ඔහු
තම අදහස් තව දුරටත් මෙසේ ප්‍රකාශ කර තිබේ.
‘සතුට
නිසා ඔබ යහපත්වේ. අභියෝග
ඔබ ශක්තිමත් කරයි. ශෝකය
ඔබ මානුෂික කරයි.පරාජයන්
ඔබ නිහතමානි කරයි. ජය ඔබ දීප්තිමත් කරයි.’‘විශ්වාසය
පමණක් ඔබ ඉදිරියට මෙහෙයවයි.’
‘සමහරවිට
ඔබ දැනට ගෙවන දිවිය ගැන සතුටක් නොමැතිව සිටිය හැකිය. එහෙත් ඔබ දැනට ගෙවන දිවියටවත්
ලඟාවීමට සිහින දකින්නෝ බොහෝ ඇත.’
‘ගම්බද
ගොවිපලක සිටින කුඩා දරුවෙකු, අහසේ ගමන් කරන අහස් යානයක් දැක අහස් ගමනක සිහින දකී.
එසේම අහස් යානයේ නියමුවා පහළ හරිත වර්ණ ගොවිපළ දැක කොයි මොහොතේ තම නිවසට ලඟාවිමට
හැකිවේදෝයි සිහින දකී.’
ජීවිතය
මෙයයි.
‘ඔබ
ලද දෙයින් සතුටු වන්න.’
‘ධන
සම්පත් තිබීම සතුටේ රහස නම්, ගී කියමින් නටන ධනවතුන්ගෙන් මං මාවත් පිරියනු ඇත.
එහෙත් ඔබ නිතර දකිනුයේ මං මාවත්වල ගී
කියමින් නටන දුප්පත් දරුවන්ය.’
‘බලය
ඇත්තාට එයින්ම ආරක්ෂාවද තහවුරු වේනම්, ප්‍රභූහු ආරක්ෂකයින් නොමැතිව සිටිනු ඇත. එසේ
සිදු නොවේ. එහෙත් සරල ජිවිත ගත කරන්නෝ සැප නින්දක් ලබති.’
‘මනා
හැඩරුව සහ ජනප්‍රිය බව මිනිස් සබඳතා වලට ප්‍රධානතම නිර්ණායක වේනම් රුප රාජිනියෝ සාර්ථකම පවුල් ජීවිත ගත කරන්නන් විය යුතුය. එහෙත්
එසේ නැත.’
‘සරල
දිවි පෙවෙතක් ගත කරන්න. නිහතමානි වන්න. උඩඟු නොවන්න. සැමට ප්‍රේම කරන්න. ලබන,
නොලැබෙන දේ ගැන ප්‍රශ්න නොකරන්න.’
‘ලැබීමට
සහ නොලැබීමට හේතු ගැන දෙවියන්ගෙන් නොඅසන්න.’
මෙයට, ඔබට අමතක නොවන -
ආතර් ඈශ්
ආතර්
ඈශ් ජීවිතය ගැන ඉතාමත් ගැඹුරින් සිතා ඇති බව මෙයින් පෙනේ. ඔහු බුදු දහම ගැන නොදන්නවා විය
හැකිය. එසේ වුවත් ඔහුගේ දැක්ම ඉහත මහා මංගල සුත්‍රයේ ගාථාවෙන් පෙන්වා දෙන කරුණුම
බව පැහැදිලිය.
මිනිසා
විසින් කළයුත්තේ සමාජයෙන් හෝ පුද්ගලයන්ගෙන් හෝ භෞතික පරිසරයෙන් පැමිණෙන කරදර
හිරිහැර හා ගැටීම නොවේ. මේ හැම දෙයක්ම පෙර කළ කර්ම වල විපාක යැයි උදාසීන
සිතුවිල්ලක් ඇතිකරගෙන සිටීමද නොවේ. ආස්වාදනීය ලෝක ධර්මතාවයන්හිදී උද්දාමයට පත්
නොවීම හා ඛෙදනීය ලෝක ධර්මතාවයන්ගෙන් වැළකී සිටීමට රැකවරණ සලසා ගැනීමය. එසේ රැකවරණය
සලසා ගැනීමෙන් කර්ම විපාකය හෝ හේතු ඵල ධර්මය පාලනය කරගැනීමය.
එබැවින්
අෂ්ට ලෝක ධර්ම හා කර්ම විපාක අතර ඇති සබඳතාවය වටහාගෙන තමන්ගේ ජීවිතය පවට විවෘත වීම
වළක්වා ගැනීමට කටයුතු කිරීම සැබෑ මිනිසෙකුගේ ස්වරූපය විය යුතු බව සිතට ගත හැකිය..
ඉතාමත් වැදගත් අදහස් පෙළක්....
ReplyDeleteස්තුතියි jay-c z,
Deleteඔබ සාදරයෙන් පිලිගන්නවා.
++++++++++++
ReplyDeleteස්තුතියි ඉයන්,
Deleteනියමයි.
ReplyDeleteස්තුතියි ප්‍රසන්න,
ReplyDeleteරවී ගේ comment එකක් මගින් පොඩි අඩුපාඩුවක් පෙන්වා දී තිබුනා. ඒක නිවැරදි කරන්න හදන කොටම වැරදීමකින් සියල්ල මැකී ගියා. ඊට පස්සේ නැවත post කරන්න උනා. රවීගේ comment එක නැවත බලන්නේ කොහොමද?
මේල් එකට කොමෙන්ට් එක එනව නේද? ඒක මෙතන පේස්ට් කරන්න.
Deleteස්තුතියි ප්‍රසන්න,
Deleteඔබ දුන් උපදෙස අනුව කළා. Comment එක ආපසු ගන්නට හැකි උනා.එය පහළ තිබෙනවා.
අපි හැමෝම මේ කියන කතා ඇත්ත බව දන්නවා. එකම දේ අපි එය පිළිගන්න කැමති නැති එකයි.
ReplyDeleteස්තුතියි සුරංග,
Delete/එකම දේ අපි එය පිළිගන්න කැමති නැති එකයි/
මෙයම නේද අප විසින් පිළිගැනීමට හැකි තරම් උත්සාහ කළ යුත්තේ? එසේ නොකරන තාක් කල් සැනසීමක් නැහැ.
/1975 වසරේදී ඇමෙරිකාවේ විම්බ්ලෙඩන් ටෙනිස් ශුරතාවය.../
ReplyDeleteපොඩි නිවැරදි කිරීමක් දයා මහත්මයා...විම්බ්ල්ඩ්න් ශූරතා තරඟාවලිය පැවැත්වෙන්නේ එංගලන්තයේ...
ආතර් ඈෂ් 1975 වසරේ විම්බ්ල්ඩ්න් ශූරතාව දිනාගත්විට මට මතකයි නවයුගය පත්රනයේ ඔහු පිළිබඳව කවරයේ කතාවක් පළවුනා. මුල පිටුවෙම ආතර් ඈෂ් ගෙ ඇඳපු චිත්ර්යක් තිබුනා ආය නෑ පණ පිහිටුවල වගෙ.
ඒ දවස්වල නවයුගයට නවයුගයෙ චිත්රා ශිල්පියා එස්. ගෞතමදාස....පුදුම කුසලතාවයක් තිබුණු චිත්ර ශිල්පියෙක්...
ඔබගේ ලිපිය නම් බොහොම වටිනවා දයා මහත්මයා...යසස සහ ලාභයෙන් උදම් නොවීමටත් නින්දා සහ අලාභයන්ගෙන් ශෝක නොවීමටත් ඉගෙනගත් දින අප ජීවිතය ජය ලැබූ බව මගේ ද හැඟීමයි.
Posted by Ravi to අධ්යා්පන රසකතා at 1 October 2017 at
++++++++++
ReplyDeleteThadi malli,
DeleteThank you