මා දකුණු පළාතේ විදුහලක සේවය කරද්දී විදුහල් ශිෂ්‍ය
නිවාසයේම කාමරයක නතරවී සිටියෙමි. ශිෂ්‍ය නිවාසය භාරව සිටි මගේ මිත්‍ර ආරියරත්න, විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ අතර විදුහලේ
ජේෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම භාර ලුතිනන් වරයාද විය.
ඒ කාලයේ ඉතාම ජනප්‍රිය BSA මෝටර් සයිකලයක්ද ඔහුට තිබිණ. සති අන්ත වලදී අප
දෙදෙනා මෝටර් සයිකලයෙන් ගමන් යාමට පුරුදුවී සිටියෙමු. ශිෂ්‍ය නිවාසයට යාමට පඩි
කිහිපයක් නැගීමට තිබෙන නිසා රාත්‍රියට ප්‍රවේශම සඳහා මෝටර් සයිකලය පඩි උඩින් තල්ලු
කර ආලින්දයට දැමීම අමාරුවෙන් වුවත් කළයුතු කාර්යයක් විය.
එක් සෙනසුරාදා දිනයක අප දෙදෙනාටම අවශ්‍යතාවක්
සඳහා ගාල්ලේ බැංකුවකට යාමට සිදු විය. අප
දෙදෙනා මෝටර් සයිකලයෙන් ගාලු ගියෙමු. මට තවත් හිතවතෙකු හමුවීමට මාතර යාමට තිබුණු
බැවින් ඒ බව ආරිට පවසා බස් රථයකින් ගියෙමි. ශිෂ්‍ය නිවාසයේ ගුරුවරු කවුරු හෝ සිටිය
යුතු නිසා ආරි ඉක්මණටම ආපසු යන බව කිවේය.
මගේ හිතවතා හමුවී දහවල් ආහාරයත් ම්හුගේ නිවසින්ම
ගත් මා සවස හයට පමණ ශිෂ්‍ය නිවාසයට පැමිණ පුරුදු පරිදි සාමාන්‍ය වැඩ වල යෙදී සිට,
ආරිත් සමග රාත්‍රී ආහාරයද ගතිමි. තව ටික වෙලාවක් සතුටු සාමිචියේ යෙදී සිටි අපි නින්දට සුදානම් වීමු.
මෝටර් සයිකලය ආලින්දයට දැමීම පිණිස එලියට ගිය ආරි,
කලබලයෙන් මගේ කාමරයට පැමිණ
‘හරි වැඩේනේ, බයික් එක නැහැනේ. හොරෙක්වත්
ගෙනිච්චාද දන්නේ නැහැ.’ හති ලමින් මට
කිවේය.
ඔහු විහිලුවක් කරන්නේදැයි සිතු මා
‘එහෙනම් වෙන එකක් ගන්න එකහෙ තියෙන්නේ ‘ මමද
විහිළුවක් කලෙමි.
‘මේ දයා, විහිළුවක් නෙමෙයි ඇත්තටම බයික් එක නැහැ.
එළියට යමු ටිකක් බලන්න’
මම ශිෂ්‍යයින් දෙදෙනෙකුටත් කතාකර විදුලි පන්දමත්
රැගෙන ආරි සමග එළියට ගියෙමි. නේවාසික සිසුන්ද කලබල විය. කෝකියෝ දෙදෙනාද සිද්ධිය
සැලවී දුවගෙන ආහ.
ඇත්තටම මෝටර් සයිකලය නැත. ටික වෙලාවක් වටපිට සොයා
බැලු අපි සොරකමක් සිදුවී ඇති බව අනුමාන කර මේ බව පොලිසියට දැන්වීමට තීරණය කළෙමු.
වේලාව රාත්‍රී දහය පමණ වී ඇත. අපි පයින්ම
පොලිසියට ගියෙමු. පැමිණිලි ලියා ගන්නා පොලිස් නිලධාරියා මුලික විස්තර සටහන් කරගත්
පසු මෝටර් සයිකලය පිලිබඳ තොරතුරු දීම සඳහා ආරි ඔහුගේ කමිස සාක්කුවේ තිබුණු කඩදාසි
කිහිපයක් පිටතට ගත්තේය. එසේ ගනිද්දී කුඩා කඩදාසි කැබෙල්ලක් බිමට වැටිණ. එය බස්
ටිකට් පතකි. එය අහුලාගත් මම ගුලිකර
විසිකරන්නට තැත් කරන විටම, ආරි එය ඉල්ලා ගෙන නලළට අත තබාගෙන
‘හරි වැඩේනෙ, අද උදේ ගාල්ලේ ඉඳලා මම ආපසු ආවේ බස්
එකේනෙ. ඔය ඒ බස් ටිකට් එකනේ. මෝටර් සයිකලය තවම බැංකුව ළඟනෙ’
කි විට මට සිනහව මැඩ පවත්වා ගන්නට නොහැකි විය.
සිදුවන්නේ කුමක්දැයි වටහා නොගත් පොලිස් නිලධාරියා
‘ඉක්මන් කරන්න ඔය විස්තර ටික මට දෙන්න.’ යයි
තරමක් උස් හඬින් කිවේය.
මහත් අසීරුවට පත්වූ ආරි ගොත ගසමින්
‘.....රාලහාමි.
ම් ...ම් ...ම් පැමිණිල්ල ඉල්ලා
අස් කර ගන්නවා’ යයි තතනමින් කිවේය.
‘මොනවා ...... දැන් බයික් එක නැතිවූ බවක් නේද කිව්වේ. මොකක්ද මේක බොරු
පැමිණිල්ලක්ද ?’
‘නැහැ
රාලහාමි අමතක වීමක්’
‘මොකක්ද මට තේරෙන්නේ නැහැ මේ දෙබිඩි බාසාව.
පැමිණිල්ල දානවද නැද්ද කියන එක විතරක් මට කියන්න.’
ආරි බිරාන්තව සිටින විට මම විස්තරය කීවෙමි. උපහාසාත්මක සිනහවක් පැ පොලිස් නිලධාරියා,
විහිලුවට මෙන් පරුෂ වචන කිහිපයක්ද කියා .........
‘දැන් මේ පැමිණිල්ලේ කොටසක් ලියලා. මේක කැන්සල් කරන්න
බැහැ. එහෙනම් මේක ‘ඉල්ලා අස් කර ගන්නවා’ කියා යටින් ලියා අත්සන් කරන්න’ කියා
පැමිණිලි පොත අප දෙසට තල්ලු කළේය. මටද, පැමිණිල්ල
ඉල්ලා අස් කර ගැනීම පිලිබඳ සාක්කියකට අත්සන් කරන්නට සිදුවිය.
මහත් ලැජ්ජාවට පත්වූ අපි පොලිස් නිලධාරියාට
ස්තුති කර එන්නට සැරසෙන විට ඔහු
‘එහෙම යන්නට බැහැ. මෝඩ වැඩ කළාට නීතියට අනුව
පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීම ඕ අයි සි අනුමත කරන්නට ඕනෑ. යමු කාමරයට’
යයි කියා අප සමග ඇතුලට ගියේය.
ඕ අයි සි විස්තරය අසා සාවඥ සිනාවක් පා,
‘මෝටර් සයිකලයේ පාරේ යන කොටවත් සිහි බුද්ධියෙන්
යන එක හොඳයි.’
කියමින් පොලිස් පොතේ අවලංගු කළ පැමිණිල්ලට අනු
අත්සනක් තැබිය.
කිසිවක් කතා නොකර පොලිසියෙන් පිටතට පැමිණි පසු
‘දැන් ඉතින් මොකද කරන්නේ.’ කියා මම ඇසීමි.
‘බයික් එක බැංකුව ඉදිරිපිට දැම්මේ. රෑ උනාට කරන්නට
දෙයක් නැහැ. මේ දැන් වාහනයක් කුලියට අරගෙන යමු.’ ආරි කිවේය.
කළ හැකි වෙනත් කිසිම දෙයක් නොමැති නිසා මම ඔහුගේ
යෝජනාවට කැමති වීමි.
කුලී රථයකින් නැවත ගාල්ලට යන විට රාත්‍රිය දොළහ ට ආසන්නය.
එදින උදේ ආරිට තවත් සගයෙක් මුණ ගැසී ඔහු සමග කතා කරමින්
ගොස් මෝටර් සයිකලය ගැන අමතකවී බස් රථයෙන් ආපසු ගිය බව ඔහු නැවතද මා සමග කියා
‘ඔය වගේ අමතකවීම් කාටත් වෙනවා.’ කියාද කිවේය.
‘මම නිශ්ශබ්දව නොඇසුනා මෙන් සිටියෙමි.’
කුලී රථයකින් බැංකුව අසලට යනවිට මෝටර් සයිකලය වටා
පිරිසක් රැස්වී සිටින බව අපි දුටුවෙමු. ඒ අය පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ බැංකුවේ
ආරක්ෂක නිලධාරින් කිහිප දෙනෙකි.
පිරිස අතරින් පොලිස් නිලධාරියා වෙත ගිය ආරි
‘සමාවෙන්න රාළහාමි. මේ බයික් එක මගේ.’ කියා බැගෑපත් විය.
‘හා ..... හා.... ඔයාද අයිතිකාරයා. මෙච්චර වෙලා
මොන .......... ගියාද ? අපට පණිවුඩයක් ලැබුනා මේ
මෝටර් සයිකලය අත් අඩංගුවට ගන්නටය කියළා.’ පොලිස් නිලධාරියා කිවේය.
‘රාලහාමි මේ පොඩි අමතකවීමක් උනේ.
මෙන්න මගේ විස්තර’ කියා ආරි ඔහුගේ ලියවිලි පොලිස් නිලධාරියාට පෙන්වා මෝටර් සයිකලය
නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටියේය.
‘එහෙම කරන්නට බැහැ. මේක ඉහළින් ආපු නියෝගයක්.
පොලිසියට යන්නට වෙනවා.’ කි පොලිස් නිලධාරියෙක් මෝටර් සයිකලයේ යතුර ඉල්ලා ගත්තේය.
නැවත ගාල්ල පොලිසියේ රස්තියාදු වීමට සිදුවිය. අප දෙදෙනාගෙන් සහ බැංකු ආරක්ෂක
නිලධාරියාගෙන් කට උත්තර ලබාගෙන මෝටර්
සයිකලයේ යතුර අයිතිකරුට භාර දෙන විට අලුයම දෙක පසුවී තිබිණ.
මෙය නොසැලකිල්ල නිසාම නොව අවධානයෙන් තොර බව නිසාම
සිදුවන අමතකවිමකි. Absent-mindedness
යනුවෙන්
හඳුන්වනුයේ මෙවැනි අමතක වීම්ය. මිට පෙර සහ පසුවත් අමතක විම් නිසා ඔහුට සිදුවී ඇති
බොහෝ සිද්ධි ගැන කල්පනාකාර බලන විට මෙය ඔහුගේ චරිත ලක්ෂණයක් බව පැහැදිලි වේ.
මෝටර් සයිකලයේ අයිතිකරු වන ආරි ඔහුගේ දරුණු අමතක
වීම නිසා දැඩි අසහනයකට පත්විය. මධ්‍යම
රාත්‍රියේ කුලී වාහනයකින් යාම සඳහාත් ලොකු මුදලක් වැය කිරීමට සිදුවිය.
බොහෝවිට මෝටර් සයිකලයේ පිටුපස ආසනයේ යන මමද මිත්‍රයා
වෙනුවෙන්, නිදි වරමින් හාස්‍යය මුසු පිඩාවක්
වින්දෙමි.