ශ්‍රී ලංකාවේ තවමත් පවතිනුයේ බොහෝදුරට විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකි. රටෙහි වාසනාවට දැනට මෙම ක්‍රමය සංශෝධනය කිරීමට පියවර ගනිමින් සිටින බව පෙනේ. අපගේ ව්භාග වලද හෙළි නොවන රස කතා එමටය.
මෙයින් එක් කතාවක් ගැන කෙටි සටහනක් මෙසේ තබමි;
දැනට දශක හතරකට පමණ පෙර මා සේවය කළේ විභාග දෙපාර්ත-මේන්තුවේ ඇගයීම් ශාඛාවේ. අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයය භාරව කටයුතු කිරීම මා වෙත පැවරී තිබුණා. ගණිතය විෂයය භාරව සිටියේ අප සමග එක්ව වැඩකළ විෂයය මාලා සංවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරියෙක්. එම වර්ෂයේ ගණිත ප්‍රශ්න පත්‍රය තිබුණු දිනයේ බහු වරණ ප්‍රශ්න පත්‍රයේ එක් ප්‍රශ්නයක එක් වචනයක අඩුපාඩුවක් නිසා රටෙහි මහත් ආන්දෝලනයක් ඇති උනා. දවස ඇතුලත විභාග කොමසාරිස් තුමාට ටෙලිෆෝන් පණිවුඩ සිය ගණනක් ලැබිලා.
මෙය සැලවූ වහාම විභාග කොමසාරිස් තුමා විසින් ගණිත විෂයයේ ප්‍රධාන පරීක්ෂක වරයා සහ අප තව කිහිප දෙනෙකු කැඳවා, සාකච්ඡා කර, උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වලදී, සිසුනට අසාධාරණයක් නොවන පරිදි ඒ සඳහා ගතයුතු ක්‍රියා මාර්ගය තීරණය කරන ලදී.
(මෙවැනි අවස්ථාවකදී කරනුයේ එම බහු වරණ ප්‍රශ්නයේ සියලුම වරණ නිවැරදි ලෙස සලකා, පිළිතුරු නොසැපයූ අය ඇතුළුව සියළුම අයදුම් කරුවන්ට නියමිත ලකුණ දීමයි. මේ නිසා කිසිවෙකුට අසාධාරණයක් සිදු නොවේ.)
පසු දින පුවත් පත්වල මෙම සිද්ධිය පළකර තිබුණු අතර එක් පුවත් පතක කතුවැකිය මගින් අධ්‍යාපන අමාත්‍යංශයට සහ විභාග දෙපාර්තමේන්තුවට දොස් පවරා තිබුණි. මෙ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයටද ටෙලිෆෝන් පණිවුඩ රාශියක්ද ලැබී ඇති බවද දැන ගතිමු.
එදින දහවල් දහයට පමණ අධ්‍යාපන ඇමති තුමා විභාග කොමසාරිස් තුමාට කථා කර
"ඔන්න විභාග ප්‍රශ්න පත්‍රයක වැරැද්දක්. මේ වැරදි කරන නිලධාරි කව්ද? ගණිතය විද්‍යාව ප්‍රශ්න පත්‍ර භාර ප්‍රධාන නිලධාරීන් වහාම මා හමුවීම සඳහා මගේ කාර්යාලයට එවනවා හොඳයි"
කියා තර්ජනාත්මක නියෝගයක් කර ඇත. එසේ කියා අවසන් කළ විගසම, මෙම සිද්ධිය පිළිබඳව ගත් පියවර ගැන කිසිම පැහැදිලි කිරීමක් කිරීම සඳහා විභාග කොමසාරිස්ට අවස්ථාවක් නොදී ඇමති තුමා ටෙලිෆෝනය විසන්ධි කර තිබේ.
ගණිත ප්‍රශ්න පත්‍රයේ දෝෂය වෙනුවෙන් මාද කැඳවා තිබීම අපට මහත් ගැටළුවක් විය.
විභාග කොමසාරිස් තුමා අප කැඳවා වහාම අධ්‍යාපන ඇමති තුමා හමුවීමට යන ලෙස දන්වන ලදී.
ඒ වන විටත් සකස් කර තිබුණු සංශෝධිත ලකුණු දැමීමේ ක්‍රියා පටිපාටිය සහ අදාළ ප්‍රශ්න පත්‍රද රැගෙන අපි ඇමති තුමා හමුවීමට ගියෙමු. ඇමති කාමරයට ගොස් අමුත්තන් සඳහා පනවා තිබුණු පුටු දෙකක හිඳ ගතිමු.
අපට කිසිවක් නොකිව් ඔහු තමා ඉදිරියේ තිබුණු කතු වැකිය පෙරළා තිබුණු, එදින පුවත් පත අපට දිගු කළේය. එය අතට ගත් මගේ මිතුරා යමක් කීමට සැරසෙන විටම අතින් සන් කර එය නතර කළ ඇමති තුමා මෙසේ අප ඇමතීය
"මේ දෙන්නම ගණිත ප්‍රශ්න පත්‍රය හදපු අයද?"
"මම කළේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය" මම පිළිතුරු දුනිමි.
"එහෙනම් මේ කතාවට ආවේ මොකටද?" ඔහු මගෙන් ඇසීය
"එන්නට කියා පණිවුඩයක් දී තිබුණු නිසා " මම කීවෙමි.
"හා මටයි වැරදුනේ. මම හිතුවේ ගණිතය, විද්‍යාව දෙකේ ම ප්‍රශ්න පත්‍ර හදන්නේ එකම කණ්ඩායමය කියා." ඇමති තුමා කීවා.
"මම කළේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය" මම පිළිතුරු දුනිමි.
"එහෙනම් මේ කතාවට ආවේ මොකටද?" ඔහු මගෙන් ඇසීය
"එන්නට කියා පණිවුඩයක් දී තිබුණු නිසා " මම කීවෙමි.
"හා මටයි වැරදුනේ. මම හිතුවේ ගණිතය, විද්‍යාව දෙකේ ම ප්‍රශ්න පත්‍ර හදන්නේ එකම කණ්ඩායමය කියා." ඇමති තුමා කීවා.
හොඳට හරි බරි ගැසී පුටුවේ වාඩිවූ ඇමති තුමා
"පේනවා නේද පත්තර වලින් අපට දොස් කියනවා. දෙමව්පියෝ අපිට බනිනවා. මේ වැඩේ හරියට කරන්නට බැරිනම්, එක්‌කෝ ඔහෙලා යන්න ඕනෑ. නැත්නම් මම යන්න ඕනෑ. මොකද කියන්නේ? "
එය ඇමති තුමාගේ තර්ජනයයි.
ටික වෙලාවක් නිශ්ශබ්දව සිටි මගේ මිතුරා
"සර්, මම රජයේ සේවකයෙක්. ජීවත් වෙන්නේ මේ පඩියෙන්. මට නම් යන්නට බැහැ."
යයි එඩිතරව කීවා.
එය ඇමති තුමාගේ තර්ජනයයි.
ටික වෙලාවක් නිශ්ශබ්දව සිටි මගේ මිතුරා
"සර්, මම රජයේ සේවකයෙක්. ජීවත් වෙන්නේ මේ පඩියෙන්. මට නම් යන්නට බැහැ."
යයි එඩිතරව කීවා.
මෙම ප්‍රකාශයෙන් තරමක් පසුබෑ ඇමති තුමා,
"ඒ කියන්නේ මට යන්න කියනවාද?"
කියා තරමක් උස් හඬකින් සහ මඳ සිනහවක් සහිතව ඇසුවා.
පසුබට නොවූ අප මිතුරා තරමක් හෙමිහිට
"ඒක සර්ගේ කැමැත්තක්"
යයි ඇඟට නොදැනී කීවා. මෙය අසා තරමක් උස් හඬින් සිනහ වූ ඇමති තුමා
"මේ අවනම්බුවෙන් ගොඩ එන්නේ කොහොමද?"
කියා අපෙන් ප්‍රශ්න කළා
අප ඒ සඳහා ගන්නා ලද ක්ෂණික පියවර සහ සිසුනට කිසිම අසාධාරණයක් නොවන ලෙස උත්තර පත්‍ර ඇගයීම කළ හැකි බව පැහැදිලි කරදුන් පසු
"එහෙනම් වැඩේ ලෙහෙසියෙන්ම අහවර කරලා නේද?
කියා සහකාර ලේකම් කෙනෙකුට කථාකර පත්‍ර පිටුවද ඔහුට දී මෙසේ උපදෙස් දුන්නා.
"මේ අයගෙන් තොරතරු ලබාගෙන ඔය කතුවැකිය පිළිබඳව, මගේ උපදෙස් පරිදි, සිසුනට අසාධාරණයක් නොවන ලෙසට වහාම පියවර ගත් බව පත්‍රයට දන්වා යවා, අනිකුත් පත්‍ර වලටත් ලියුම බැගින් යවන්න.".
"ඒ කියන්නේ මට යන්න කියනවාද?"
කියා තරමක් උස් හඬකින් සහ මඳ සිනහවක් සහිතව ඇසුවා.
පසුබට නොවූ අප මිතුරා තරමක් හෙමිහිට
"ඒක සර්ගේ කැමැත්තක්"
යයි ඇඟට නොදැනී කීවා. මෙය අසා තරමක් උස් හඬින් සිනහ වූ ඇමති තුමා
"මේ අවනම්බුවෙන් ගොඩ එන්නේ කොහොමද?"
කියා අපෙන් ප්‍රශ්න කළා
අප ඒ සඳහා ගන්නා ලද ක්ෂණික පියවර සහ සිසුනට කිසිම අසාධාරණයක් නොවන ලෙස උත්තර පත්‍ර ඇගයීම කළ හැකි බව පැහැදිලි කරදුන් පසු
"එහෙනම් වැඩේ ලෙහෙසියෙන්ම අහවර කරලා නේද?
කියා සහකාර ලේකම් කෙනෙකුට කථාකර පත්‍ර පිටුවද ඔහුට දී මෙසේ උපදෙස් දුන්නා.
"මේ අයගෙන් තොරතරු ලබාගෙන ඔය කතුවැකිය පිළිබඳව, මගේ උපදෙස් පරිදි, සිසුනට අසාධාරණයක් නොවන ලෙසට වහාම පියවර ගත් බව පත්‍රයට දන්වා යවා, අනිකුත් පත්‍ර වලටත් ලියුම බැගින් යවන්න.".
අවසානයේදී "මගේ උපදෙස් පරිදි" කියා, ඒ වැඩෙනුත් ඇමති තුමා ලකුණු දා ගත්තා.
This comment has been removed by the author.
ReplyDeleteසාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ සාමාන්‍යයෙන් තිබෙන්නේ ප්‍රශ්න වැඩි ප්‍රමාණයකින් තෝරාගත් ප්‍රශ්න ප්‍රමාණයකට කට පිළිතුරු සැපයීමට. එහිදී අප අසා තිබූ දෙයක් තමයි, යම් ප්‍රශ්නයක් වැරදි නම්, ලකුණු ලැබෙන්නේ එම ප්‍රශ්නයට පිළිතුරු දීමට උත්සාහ කරල අයට විතරයි කියන එක. අඩුම තරමින් පිළිතුරක් නොමැතිව හෝ ප්‍රශ්නයේ අංකය උත්තර පත්‍රයේ සටහන් කොට තිබිය යුතු බව.
ReplyDeleteඒ කාලයේ අප කතා වූ දෙයක් තමයි, ප්‍රශ්න්යේ වැරදීමක් නිසා තේරුම් ගැනීමට අපහසුව එම ප්‍රශ්නය උත්සාහ නොකර වෙන ප්‍රශ්නයක් තෝරාගත් කෙනෙකුට එයින් අසාධාරණයක් වෙන බව.
තිසර,මා දන්නා හැටියට ඔය කියන ආකාරයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක වරදක් එක් වරක් විභාගයක තිබිලා. ඒ අවුරුද්දේ කළේ බලාපොරොත්තු ප්‍රශ්න සංඛ්‍යාව එකකින් අඩුකර මුළු ලකුණු එම ප්‍රශ්න වලට සමසේ බෙදා දීමයි. තව වරක් අනිවාර්ය ප්‍රශ්නයක කොටසක වරදක් තිබිලා ඒ කොටස නොසලකා හැර කොටස් ලකුණු සකස් කළා. තව අවස්තාවක එවැනි වරදක් තිබී ගණන උත්සාහ කළ ප්‍රමාණය බලා ලකුණක් දී උත්සාහ කළ අයට තවත් පොදු ලකුණක් දී තිබෙනවා.ඒ කොහොම කළත් කාලය මිඩංගු වීම නිසා තරමක අසාධාරණයක් සිදුවෙනවා.
Delete"මගේ උපදෙස් පරිදි" තමයි හැම හොඳ වැඩක්ම ගොඩයන්නේ...පුදුම වැඩක් මහත්තයෝ. ඒකනේ අපි මෙච්චර දියුණු.
ReplyDeleteහැබැයි ඉතින් ඇමතිතුමා ලකුණු දා ගත්තා උනත් කෙලින් කතා කරපු නිලධාරීන්ගේ බෙල්ල කඩාගෙන කන්න ගියෙත් නැහැනේ.
ReplyDeleteඇමති තමා සාධාරණ කෙනෙක් බව දන්නා නිසයි අප කෙලින් කථා කළේ. කාරණය තේරුම් ගත්තට පස්සේ සැර වැර ගතිය නැති උනා.
Deleteඅධ්‍යාපන ඇමතිතුමා නිශ්ශංක විජේරත්නද රනිල් වික්‍රමසිංහ ද? මගේ උපදෙස් මත උනත් ඒ ටික අහගෙන හිනාවෙලා ඉන්න හරි පුළුවන්කමක් තිබ්බ එකම වටිනවා අද තත්වේ එක්ක බලද්දී.
ReplyDeleteකළ්‍යාණ,
Delete/දැනට දශක හතරකට පමණ පෙර මා සේවය කළේ විභාග දෙපාර්ත-මේන්තුවේ ඇගයීම් ශාඛාවේ./
දයා මහත්මය කියන විදිහට නම් මේ 1975-76 වගෙ කාලෙක වෙන්න ඕන..ඒ කාලෙ අධ්‍යාපන ඇමති හිටියෙ බදිඋද්දීන් මහමුද් මහත්තය.
මං බැලුවෙ 77න් මෙහාට.. :)
Deleteකල්‍යාණ මිත්‍ර සහෝදරයා හරි. ඇමති තුමා නිශ්ශංක විජේරත්න මහතා.
Deleteමේ කාලේ ගුණපාල වික්‍රමරත්න නේද විභාග කොමසාරිස්?
Deleteමගේ සීයා කෙනෙකුත් හිටියා උප කොමසාරිස් කෙනෙකු පී එල් පෙරේරා කියා, ඔහු හැත්තෑවේ දශකයේ මුල විශ්‍රාම ගත්තා!
ගුණපාල වික්‍රමරත්නට පස්සේ ආතර් වෙදමුල්ල හිටියේ.
Deleteනිශ්ශංක විජේරත්න මහත්තයා හිටපු පරිපාලන නිලධාරියෙක් නේද? ජ්‍යෙෂ්ඨ රජයෙ නිලධාරියෙක් විදියට එයාගෙ ඇත්දැකීම් එක්ක ප්‍රශ්නයකදි මේ විදියට කලබල උනා කිව්වම ටිකක් පුදුමත් හිතුනා.
ReplyDelete