මම කලක් රත්නපුර අධ්‍යාපනයේත් වැඩකළා.
කාර්යාලයේ සිටි ලාබාලම අධ්‍යාපන නිලධාරියා මමයි. එ කාලයේ දිස්ත්‍රික්කයටම තිබුණේ එකම අධ්‍යාපන කාර්යාලයයි. අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා හැඳින්වුයේ ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක කියායි. මේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමට කලින්ය. සෑම මැතිවරණ කොට්ඨාශයකටම මාණ්ඩලික අධ්‍යාපන නිලධාරිවරයෙක් සිටියා. මණ්ඩලයේ අධ්‍යාපන කටයුතු වලින් වැඩි ප්‍රමාණයක් ගැන වගකීම තිබුණේ ඔහුටයි. මුළු දිස්ත්‍රික්කයේම, විද්‍යාව, වාණිජ්‍යය , චිත්‍ර කලා, ගෘහ විද්‍යාව, ක්‍රීඩා කටයුතු ආදී විශේෂ විෂයය භාරව එක් නිලධාරියා බැගින් සිටියා. ඔවුන් විශේෂඥ අධ්‍යාපන නිලධාරීන් ලෙස හැඳින්වුවා. මම විද්‍යා. පළාත් සභා ක්‍රමයෙන් පසු මේ සියල්ල වෙනස් වූවා.
දැන් අපේ සිද්ධියට බසිමු.
ඒ කාලයේ 'කණ්ඩායම් සමීක්ෂණ' (team inspection) නමින් වැදගත් අධ්‍යාපන ඇගයීම් ක්‍රමයක් තිබුණා. බොහෝ විට අධ්‍යාපන අධ්‍යක්ෂක සහ අනිකුත් නිලධාරීන් සියලු දෙනාම එයට සහභාගී වූවා. මෙය 'කඩා පනින හමුදාවක්' නොවෙයි.
එදින නියමිතව තිබුණේ බලන්ගොඩ කිට්ටුව විදුහලකට යාමටයි. නිලධාරීන් සියලු දෙනාම පෙරවරු හත පමණ වනවිට හමුවී කාර්යාල වැන් රථයෙන් ගමන ආරම්භ කළා. අධ්‍යක්ෂක තුමා ඉස්සරහ ආසනයේ. අපි සෙසු නිළධාරීන් පසු පස ආසන වල. අප පිරිසේ සිටි ගෘහ විද්‍යා නිලධාරිනිය තරමක් 'reserved type' කෙනෙක්. 'jokes' එහෙම නොතේරෙන ලෙසටයි සිටින්නේ.
අධ්‍යක්ෂක තුමා කතාබහට කැමති බොහෝ විට කව්රුත් සිනහ ගන්වන විහිලු කතාත් කියන කෙනෙක්. ස්ත්‍රී පක්ෂය කෙරෙහි වැඩි අවධානයකුත් තිබුණා.
අපි දැන්, පැල්මඩුල්ල පසුකර කිලෝමීටර් දෙක තුනක් ගොස්. වටපිට සෞන්දර්යය මන බඳින සුළුයි. මහා මාර්ගයේ වම් පැත්තේ අඩි 50 කට 60 කට පමණ පහලින් කළු ගඟේ අත්තක් වන 'මා දොළ' ගලා බසිනවා. හිමිදිරි උදයේ හිරු රැස් වැටී අවට අමුතුම ආලෝකවත් බවක් පෙන්නුම් කළා. ටික වෙලාවක් නිශ්ශබ්දව සිටි අධ්‍යක්ෂක තුමා වාහනයේ පිටු පස සිටි අප දෙසට හැරී ඉඟි මරා ' අයිසේ මේ හරියෙන් යන කොට මට මගේ මුලු සර්වාංගයම සලිත වෙනවා. ඔය නෝනලා ට මහත්වරුන්ට එහෙම එකක් නැද්ද? ' කියා ඇසුවා.
අපගේ 'reserved type' නිලධාරිනිය, තරහෙන් මෙන්
'ඔන්න පටන් ගන්න හදනවා. පහළ ගඟේ ගැහැණු නානවා දැකලා වෙන්න ඇති '
කියා මුහුණ ඇඹුල් කරගත්තා.
'අපටත් ටිකක් දැනෙනවා වට පිට බලන කොට. සර්ටත් එහෙමද?'
අපේ සගයෙක් ඇසුවා.
'ඔයාලා මොනවා ගැනද මේ කියන්නේ. අඩමාන නැහැ. ගඟ පැත්තේ බලාගෙන වෙන්න ඇති.' 'ඔය මිසිස් ...........ගෙන් අහලා බැලුවොත් ඇත්තම කියාවි.'
අධ්‍යක්ෂක තුමා කෝමල ස්වරයකින් 'reserved type' ට විහිලුව එල්ල කළා.
'අනේ සර් මට ඔය කුණුහරුප ත්රෙන්නේ නැහැ.'
ඇය බොරු කේන්තියක් මවා ගත්තා.
'ඔන්න බලමු 'every thing is vulgar to the vulgar minded' මම කිසිම නරක දෙයක් කිව්වේ නැහැ.' කී අධ්‍යක්ෂක තුමා
'කාටත් අමතක උනානේ අප දැන් මේ පසු කරමින් යන්නේ 'කාමරංගපිටිය'. ඉතින් කාමරංග පිටියේදී වත් ඇඟ සලිත නොවෙනවා නම් එහෙම අයට මොකක් හරි අඩු පාඩුවක් තිබෙනවා.'
සියලු දෙනාම මහ හඬින් සිනහසුනා ගෘහවිද්‍යා නිලධාරිනිය මුහුණ පුම්බාගෙන බොහෝ වෙලාවක් කේන්තියෙන් මිරිකෙමින් සිටියා.
අධ්‍යක්ෂක තුමා ඇඟට නොදැනී 'reserved type' ට එල්ල කළ පහර ගැන කවුරුත් සිත යටින් සතුටු වන්නට ඇති. කිසිවෙක් ඒ බව ප්‍රකාශ කලේ නම් නැහැ..
ඒ කාලයේ රත්නපුර දිස්ත්‍රික්කයයේ සිටි අධ්‍යාපන නිලධාරි අතලොස්ස වෙනුවට දැන් දිස්ත්‍රික්කය කලාප හතරකට බෙදා එක් එක් කලාපයකට අධ්‍යක්ෂක වරයා බැගින් දමා තව නිලධාරි පිරිසකුත් බැගින් පත් කරන්නට යෙදුනා. මේ අනුව පසු කාලයකදී රත්නපුර දිස්ත්‍රික්කය කලාප හතර සහ කොට්ඨාස පහළොවේ නිලධාරි සංඛ්‍යාව 100 ක් පමණ වී තිබෙනවා. එසේ වුවත් මේ විශාල වෙනස් වීමේ තරමට අධ්‍යාපන ගුණාත්මක බවත් වැඩිවී තිබේද යන්න සැක සහිතයි.
අධ්‍යාපනය විතරක් නෙමේ රාජ්‍ය සේවයත් ඒ වගේ.ප්‍රමාණත්මක වැඩි වීම් විතරයි,ගුණාත්මක වැඩිවීම් නැහැ.
ReplyDeleteඒ මදිවාට පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂණත් කරනවා. බලධාරිනුත් සාවධානව ඇහුම් කන් දෙනවා. ඒ අය නම් ඉදිරියට. රට නම් පස්සට
ReplyDeleteඅධ්‍යාපනයේ කිසිම ගුණාත්මක බවක් නැතුවා විත්‍රක් නෙවෙයි රත්නපුර කලාපයෙන් වැඩක් කර ගන්න ගියත් බලු දුක් විඳින්න ඕනි
ReplyDelete