ඒ කාලයේ මා ඉගෙනීම කළේ ප්‍රදේශයේ තිබුණු උසස්ම
විදුහල වන මතුගම මධ්‍ය විද්‍යාලයේය. ඒ 1952 වසරේදීය. පසු කාලයේදී, නිදහස් අධ්‍යාපනයේ
පියාගේ නමින් එම විදුහල ආචාර්ය. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය ලෙස
නම් කරන ලදී. මේ විස්තර කරන සිද්ධිය සිදුවන කාලයේ මා සිටියේ හත්වන ශ්‍රේණියේය. එවකට එම ශ්‍රේණිය නම් කරන
ලද්දේ ‘ෆෝම් 2’ (Form 2) ලෙසටය. හයවන ශ්‍රේණිය ‘ෆෝම් 1’ (Form 1) විය. සාමාන්‍ය පෙළ ‘සීනියර් ස්කූල් සර්ටිෆිකට් ‘
(SSC) පන්තිය වූ අතර උසස් පෙළ හැඳින්වුයේ ‘හයර් ස්කූල්
සර්ටිෆිකට්’ සහ ‘යු ඊ’ (HSC
and UE)
පන්තිය යන නමිනි.
අප ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ලීවීම,
කියවීම, කතාබහ ආදී සියල්ලම ඉංග්‍රීසියෙනි. අපට සිටි ගුරුවරුද ඉංග්‍රීසි ව්‍යක්තව
දන්නා අය වුහ. මේ කිසිවෙක් දැනට ජීවතුන් අතර නැත. අපගේ ගුරුවරු බොහෝ දෙනෙක් දෙමළ
ජාතිකයින් වූ අතර පන්තියේද දෙමළ සිසුන් කිහිප දෙනෙක් සිටියහ එම සිසුන් සියලු දෙනාම
විදුහල කිට්ටුව තිබුණු සෙන්ට් ජෝජ් වත්තේ වැඩකළ සේවකයින්ගේ දරුවන්ය. අප කිසි
කෙනෙකු අතර ජාති භේදයක් හෝ පන්ති භේදයක් නොවීය.
අපට ‘ෆෝම්
2’ පන්තියේ ගණිතය ඉගැන්වූයේ තංගවේලු නම් දෙමළ ගුරුවරයෙකි. ඔහුගේ ගම් පළාත අපි නොදත්තෙමු. ඔහු ඉතාමත් දක්ෂ
ගුරුවරයෙකු වූ අතර තරමක් කම්මැලි කෙනෙක් ලෙසද ප්‍රසිද්ධය. විනාඩි 40 ක පමණ ගණිත
පාඩමෙන් විනාඩි 20 ක් පමණ ඉතාමත් හොඳින් උගන්වන ඔහු පන්තියට, පොතෙන් ගණන් 10 ක අභ්‍යාසයක්
දී ඉතිරි කාලය මේසයට හිස තබාගෙන ගොරව ගොරවා නිදාගනියි. විනාඩි 15 කට පමණ පසු අවදි
වන ඔහු පන්තියට මෙසේ ආමන්ත්‍රණය කරයි.
(මේ කතාබහ සියල්ල ඉංග්‍රීසියෙන් වුවත් සිංහලෙන්
ලිවීමට කල්පනා කළා.)
“ළමයි දැන් වැඩ නවත්වන්.....න.....”
“අභ්‍යාසයේ ගණන් වලට හරි උත්තර මම කියනවා. රතු
පැන්සලෙන් හරි වැරදි ලකුණු කර ගන්න.”
අප එම කාර්යය අවසන් කළ පසු ඔහු තවත් අමතක නොවන දෙයක් කරයි.
“ දැන් අභ්‍යාසයේ සියල්ලම හරි අය අත් උස්සන්න.”
අපේ පන්තියේ සිටි සියලු දෙනාම වාගේ පහේ ශිෂ්‍යත්ව
ධාරීන්ය. පන්තියේ බොහෝ අය හරි උත්තර ලබාගනිති.
ඒ කාලයේ කිසිම ශිෂ්‍යයෙකු බොරු කීමට හෝ කිරීමට යොමු වූයේ ද නැත.
“ඒ සියලු දෙනාම අභ්‍යාසයට යටින් වම පැත්තට වෙන්නට
රතු පැන්සලෙන් ‘වෙරි ගුඩ්’ කියා ලියාගන්න”.
ඒ සමගම ඔහු එම වචන අකුරෙන් අකුර කියවයි . “වී ඊ
ආර් ව්‍යි - වෙරි, ජී ඩබල් ඕ ඩී - ගුඩ්”. “වී කැපිටල්, ජී කැපිටල්”. “දැන් එයට යටින් කෙටි
ඉරක් අඳින්න”
“ඊළඟට උත්තර පහ සිට නවයක් දක්වා හරි අය “ගුඩ්” කියා ලියාගන්න. අමතක කරන්න
එපා, ජී කැපිටල්”.
“අනිත් අය කී දෙනෙක් ඉන්නවාද?. ඒ අය කිසි දෙයක්
ලියන්න එපා”.
ඊට පසු ඔහු තවත් හාස්‍ය ජනක දෙයක් කරයි.
“දැන් කවුරුත් අභ්‍යාසයට යටින් මගේ අත්සන
දමාගන්න”
මෙසේ කියන ඔහු පුටුවේ වාඩිවී සිටිමින්ම දිගාවී
කළු ලෑල්ලේ කොනක ලොකුවට ඔහුගේ අත්සන ලියයි. ලියන ගමන්ම ශබ්ද නගා කියවයි.
“ කැපිටල් සී ඩොට් කැපිටල් ටී, (C.T) සීටී, ......... “සී. තංගවේලු”
“ඊට යටින් අද දිනය දමාගන්න”
පන්තියේ කව්රුත් රතු පැන්සලෙන් තංගවේලු සර්ගේ
අත්සන ඔහු කී ආකාරයට යොදා, දිනය දමා ගනිති.
මෙම සත්‍ය සිද්ධිය අදට නම් නොගැලපෙනු ඇත. එසේ
වුවත් මා දකින ආකාරයට ඔහු ඉගැන්වීම, අභ්‍යාසයක් කරවීම, ලකුණු කිරීම, ඇගයීම යන සියල්ලම පාඩමේදී කර තිබේ.
මේ වකවානුවේදී පන්තියක සිසුන් විසිපහකට වඩා සිටියේ නැත. එසේම ගුරු ගෝල
සම්බන්ධයද දැනට වඩා වැඩිය. සිසුන්ද පෞද්ගලික ඉගැන්වීම් ගැන දන්නේවත් නැත. උත්තර
හරි වැරදි බැලීමේදී රතු පැන්සලයක් යොදා ගත්තේ ඒ කාලයේ ‘බෝල් පොයින්ට්’ පෑන්
නොතිබුණු නිසාය.
/උත්තර හරි වැරදි බැලීමේදී රතු පැන්සලයක් යොදා ගත්තේ../
ReplyDeleteමේ රතු පැන්සලේ කෙළවර රන් පාටින් මුළුපහේ ඔටුන්නක් තිබුණාද? මම කුඩා කාලයේ මගේ පියා සමඟ ඔහුගේ කාර්යාලයට ගිය විට ඔහුගේ මේසය මත මෙවන් පැන්සල් තිබුනා මතකයි. මගේ පියා එකල කච්චේරියේ ලිපිකරුවෙක්. මම මේ කියන්නෙ හැටේ දශකයේ අග භාගයෙ.. තංගවේලු ගුරුතුමාගේ කතාව නම් හරිම අපූරුයි...තවත් ලියන්න..බොහොම ආශාවෙන් කියවන්න බලාගෙන ඉන්නවා...
ඒක නම මතක නැහැ රවී.
Deleteමා ඔබගේ සටහන් කියවන හෙල්මලීගේ තාත්තා බව, ඔබට කී බව, ඇය කිව්වා.