පරිසරය උණුසුම් වීමේ මිනුම වන ‘කාබන් පිය සටහන’
ගැන ඔබ දැනුවත් වී සිටීද?
භාවිත
කරන ලද පාරිභාෂික වචන කිහිපයක් ඉංග්‍රීසි අරුත සමග මෙහි දැක්වේ. (කාබන්
පිය සටහන-carbon
foot-print, සංසිද්ධිය-phenomenon, හරිතාගාරය-green house, විමෝචනය-emission, හරිතාගාර ආචරණය-green house effect, විකිරණය-radiation, ඕසෝන්
වියන-ozone canopy, ආචරණ
ලබ්ධිය-sum of effects, විභව සමක භාර-potential equivalents, ප්රශස්ත-optimum)
‘ඔබ පරිසරය සුරකින්නේනම්, පරිසරය ඔබ සුරකී’
යන පාඨය පරිසරය පිලිබඳ අවධානයක් යොමු කරන කාටත් හොඳින් අවබෝධ වී තිබිය යුතු කාලීන කියමනකි. පොදුවේ, අප කාටත් පරිසරය
සුරැකීමට දායක විය හැකිය. පරිසර සංරක්ෂණය පිලිබඳ පොත් පත් සහ ලිපිලේඛන වල දැක්වෙන ආකාරයට පරිසරය සුරැකීමේ
හොඳම ව්‍යායාමයක් වනුයේ හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට දායක වීමයි. වායු ගෝලයේ
ස්වාභාවිකව පවතින සහ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා වායු ගෝලයට එකතුවන සමහර වායු
වර්ග නිසා පෘථිවි තලය මත මිනිසාට අහිතකර දේශගුණික විපර්යාස ඇතිවිය හැකිය. මෙම
සිදුවීම ‘හරිතාගාර ආචරණය’ ලෙස හැඳින්වේ. මෙයට හේතුවන ප්‍රධානතම සාධකය වායු ගෝලයේ
ඇති කාබන් ඩයොක්සයිඩ් වායුවයි. කාර්මික විප්ලවයත් සමගම, ශීඝ්‍රයෙන් ෆොසිල ඉන්ධන දැවීමේ අතුරු ඵලයක් ලෙස නිපදවෙන,
කාබන් ඩයොක්සයිඩ් වායුව දැනට වැඩි වැඩියෙන් වායු ගෝලයට එකතුවෙමින් පවතී.
කාබන්
ඩයොක්සයිඩ් හැර තවත් හරිතාගාර වායු තිබේද?
විද්‍යාත්මක පර්යේෂණ අනුව තවත් වායු වර්ග
කිහිපයක්ම ‘හරිතාගාර ආචරණය’ සිදුකිරීමට ඉවහල් වන බව සොයාගෙන තිබේ. මීතේන් (Methane), නයිට්‍රස්
ඔක්සයිඩ් (Nitrous oxide), හයිඩ්රෝෆ්ලුරෝකාබන් (Hydrofluorocarbon ) ආදි වායු මෙයින් කිහිපයකි.
‘හරිතාගාර ආචරණය’ සිදුවන්නේ කෙසේද?
පෘථිවිය වටා ඇති වායු ගෝල ස්තරය මගින් අභ්‍යවකාශයේ
සිට පෘථිවිය කරා ගමන් කරන මිනිසාට සහ අනිකුත් ජීවීන්ට අහිතකර විවිධ සුර්ය කිරණ
වර්ග වල යම්කිසි ප්‍රතිශතයක් කපා හරිනු ලබයි. මේ මගින් පෘථිවිය මතුපිට මිනිස්
වාසයට සහ ගහ කොළ වල යහ පැවැත්මට මනාසේ ගැලපෙන වට පිටාවක් නිර්මාණය වේ.
සුර්ය
කිරණ වල ප්‍රධාන වශයෙන් ශක්ති විශේෂ දෙකක් තිබේ. මේවා නම් ආලෝක ශක්තිය සහ තාප
ශක්තිය වේ. මෙම ශක්ති විශේෂ දෙකටම වායු ගෝලය හරහා විකිරණය මගින් පසුවෙන්ම පෘථිවියට
ලඟාවිය හැකිය. මෙම ශක්ති විශේෂ දෙකම පෘථිවි තලයේ වැදී ආපසු පරාවර්තනය වන අතර
පෘථිවිය තලය ප්රශස්ත ප්‍රමාණයට උණුසුම් කිරීමට අවශ්‍ය තාපය සහ ජීවීන්ට අවශ්‍ය ආලෝක ප්‍රමාණය රඳවා තබාගැනීමට
උපකාර වනුයේද වායු ගෝලයයි. ඇත්ත වශයෙන්ම ‘හරිතාගාර
ආචරණය’ යනුවෙන් හැඳින්වෙනුයේ මෙම ස්වාභාවික සංසිද්ධියයි.
හරිතාගාර වායු සමතුලිතතාව වෙනස් වන්නේ කෙසේද
?
මිනිසාගේ අවශ්‍යතා සඳහා වැඩි වැඩියෙන් ගල්
අඟුරු, පෙට්‍රෝලියම් වැනි ෆොසිල ඉන්ධන දහනය කිරීමේ අතුරු ඵලයක් ලෙස කාබන්
ඩයොක්සයිඩ් වායුව හට ගනී. මේ නිසා වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ක්‍රමක්‍රමයෙන්
ඉහල යයි. මෙසේ වැඩි වන කාබන් ඩයොක්සයිඩ් වායුවේ බලපෑම නිසා පෘථිවි තලයෙන් අභ්‍යවකාශයට
පරාවර්තනය වන තාප ප්‍රමාණය අඩුවී එම තාපය පෘථිවිය වටා රැදී පවතී. මේ නිසා පෘථිවි
තලය මත උණුසුම වැඩිවේ.
එසේම හයිඩ්රෝෆ්ලුරෝකාබන් වැනි මිනිසා විසින්
භාවිත කරනු ලබන කෘතීම රසායනික ද්‍රව්‍ය
මගින්ද වෙනත් අයුරකින් වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි කරනු ලබයි.
මෙහිදී සිදුවනුයේ ඉහල අභ්‍යවකාශයේ ඇති ඕසෝන් වායු වියනට හානි පැමිණවීමයි. එසේ
වනුයේ ඕසෝන් වල ඔක්සිජන් සහ හයිඩ්රෝෆ්ලුරෝකාබන් වල කාබන් ප්‍රතික්‍රියා කර කාබන්
ඩයොක්සයිඩ් වායුව හට ගැනීමයි. (ඕසෝන් අනුවේ ඔක්සිජන් පරමාණු තුනක් තිබේ) ඕසෝන් වියනද සුර්ය කිරණ වලක්වාලීමේ ආවරණයක් ලෙස ක්‍රියාකරන වායු ස්තරයකි. හයිඩ්රෝෆ්ලුරෝකාබන
ඕසෝන් වායුව සමග ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් නිපදවන අතරම එසේ වීමේදී ඕසෝන්
වියනේ විශාල හිඩැස් ද ඇති කරනු ලබයි. මෙම හිඩැස් හරහා අභ්‍යවකාශයේ සිට වෙනත් අහිතකර
විකිරණද පහසුවෙන්ම පෘථිවියට පතිත වේ. මේ
සියල්ලේම අවසාන ඵලය වනුයේ මිහිතලය ප්‍රමාණය ඉක්මවා උණුසුම් වීමයි. ‘හරිතාගාර ආචරණය’
මෙය වේ.
කාබන්
පිය සටහන හැඳින්වීම සඳහා ‘හරිතාගාර ආචරණය’
ගැන ඉහත පරිදි දිගු විස්තරයක් කිරීම නොවැලැක්විය හැකිය.
දේශගුණික
විපර්යාස ඇතිකරන සහ මිහිතලය උණුසුම් කරන ‘හරිතාගාර ආචරණය’ නමැති මෙම සංසිද්ධිය
මැනීමේ ඒකකය ‘කාබන් පිය සටහන’යි.
මෙය ‘කාබන් පිය සටහන’ ලෙස නම්කර තිබෙනුයේ ඇයි?
හරිතාගාර
ආචරණයට මුලික වනුයේ කාබන් ඩයොක්සයිඩ් වායුවය. එම වායුවේ කාබන් සහ ඔක්සිජන් යන මූල
ද්‍රව්‍ය දෙකක් තිබේ. එයින්ද ‘ආචරණයට මුල් වනුයේ කාබන් නිසා’ එය ‘කාබන් පිය සටහන’ ලෙස නම් කර තිබේ.
‘කාබන්
පිය සටහන’ විවිධ ආකාරයට අර්ථ දක්වා ඇත. එයින් සරලතම අර්ථ දැක්වීමක් පහත දැක්වේ.
කාබන්
ඩයොක්සයිඩ් වායුව මෙට්‍රික්
ටොන් එකක් මගින් සිදුවිය හැකි ‘හරිතාගාර ආචරණය’ ඒකකය ලෙස සලකා, කිසියම් හඳුනාගත්
ක්‍රියාකාරකමක් නිසා හටගන්නා සියලුම
හරිතාගාර වායු වල ආචරණ ලබ්ධිය එම ක්‍රියාකාරකමෙහි ‘හරිතාගාර ආචරණය’ ලෙස හැඳින්වන
අතර, එම ආචරණය සිදු කරන්නාගේ පාලනය හෝ අයිතිය යටතේ එම ක්‍රියාවලියේ සිදුවන සියලුම
ආචරණ සහ වැය වන විදුලි බලයට අදාල ආචරණද මෙම ගණනයට අයත් වේ.
මේ අනුව
කාබන් ඩයොක්සයිඩ් වායුව මෙට්‍රික්
ටොන් එකක් මගින් සිදුවිය හැකි ‘හරිතාගාර ආචරණය’ හෝ මිහිතලය උණුසුම් වීම, ඒකකය (1) ලෙස
පිළිගැනේ.
පරිසර
සහ කාලගුණ විද්‍යාඥයින් විසින් සකස් කරන ලද පරිසරය උණුසුම් කිරීමේ හරිතාගාර වායු වලට
අදාළ විභව සමක භාරයන් කිහිපයක් පහත වගුවේ දක්වා ඇත.
හරිතාගාර
වායුව
|
රසායන
සුත්‍රය
|
උණුසුම්
කිරීමේ සමකභාරය
|
ආචරණය
සිදුවන ආකාරය
|
කාබන්
ඩයොක්සයිඩ්
|
CO2
|
1
|
ෆොසිල
ඉන්ධන දැවීම මගින්
|
මීතේන්
|
CH4
|
21
|
ඓන්ද්‍රිය
ද්‍රව්‍ය වියෝජනය සහ ගව ආදී සතුන්ගෙන්
|
නයිට්‍රස්
ඔක්සයිඩ්
|
N2O
|
310
|
කෘෂි
කාර්මික කටයුතු මගින්
|
හයිඩ්රෝෆ්ලුරෝකාබන්
|
HFC
|
140 –
11,700
|
ශීතකරණවල
භාවිත ද්‍රව මගින්
|
සල්ෆර්හෙක්සාෆ්ලුරයිඩ්
|
SF6
|
23,900
|
විදුලිබල
නිෂ්පාදනය මගින්
|
(අමෙරිකා එක්සත් ජනපදයේ දේශ ගුණික
විපර්යාස දෙපාර්තමේන්තුවේ ප්රකාශණයකිනි.)
ඉහත
වගුවේ දත්ත ගැන සලකා බැලීමේදී අප සෑම කෙනෙක්ම ‘හරිතාගාර ආචරණය’ කෙරෙහි
කෙලින්ම හෝ අනියමින් බලපෑමක් කරන බව පෙනේ. එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් වලදී සෑම
විටම, අපි පරිසරය උණුසුම් කිරීමේ කොටස් කරුවෝ වී සිටිමු.
වත්මන්
ජීවන රටාව අනුව මෙය නොවැලක්විය හැකිය. අපට කළ හැකි එකම දෙය වනුයේ අප විසින් සිදු
කරනු ලබන පරිසර හානි කොටස අවම කර ගැනීමේ ක්රමෝපායයන් අනුගමනය කිරීම පමණකි. මේ
නිසා ආහාර පාන, ජලය, විදුලි බලය ආදී සම්පත් පරිහරණය කිරීමේදී අවබෝධයකින් යුතුව
කටයුතු කිරීම මගින් සහ නාස්තිය වලක්වා
ගැනීමෙන්, අප සියලු දෙනාටම මිහිකත සුරැකීමේ මහා කාර්ය භාරයේ හවුල් කරුවන් වීමට හැකි
වනු ඇත.