මෙසේ වුවද ‘මයික්‍රෝවේව්’ උදුන්වල රත්කළ ආහාර අනුභවය, ‘සෞඛ්‍යයට අහිතකරද’ යන්න තරමක් මතභේදයටද තුඩු දී ඇති කරුණක් බැවින්, එය පිලිබඳව විද්‍යාත්මකව සොයා බැලීම මේ ලිපියේ අරමුණ වේ. මේ මතභේදයට තුඩු දී තිබෙන්නේ ‘මයික්‍රෝවේව්’ වශයෙන් හැඳින්වෙන විද්‍යුත් චුම්බක තරංග ‘විකිරණය වන’ තරංග විශේෂයක් ලෙස අර් ථ දැක්වෙන නිසා විය හැකිය. විකිරණශීලි ද්‍රව්‍ය සහ ඒවායින් හටගන්නා විකිරණය මගින් සිදුවියහැකි ආපදා පිළිබඳව 1986 දී යුක්රේනයේ සිදුවූ චෙනොර් බිල් ව්‍යසනය නිසා හටගත් භීතියද මයික්‍රෝවේව් උදුන් භාවිතය ගැන මතභේදයක් ඇතිවීමට හේතු විය හැකිය. මයික්‍රෝවේව් පිළිබඳව අධ්‍යයනයක් මගින් මේ ගැන තිබෙන දුර් මත නිෂ්ප්‍රභා කළ හැකිය.
විද්‍යුත් චුම්බක තරංග පිලිබඳ සරල හැඳින්වීමක්.
මෙයට හේතුව කුමක් විය හැකිදැයි තවදුරටත් සොයා බැලීමේදී, ඔහු ගුවන් විදුලි තරංග නිරීක්ෂණය කරමින් සිටි Radar උපකරණයේ ඇති, මැග්නෙට්‍රෝනය (Magnetron) මගින් නිපදවන සාමාන්‍ය ගුවන් විදුලි තරංග වලට වඩා අඩු ආයාමයකින් යුක්ත වෙනත් තරංග විශේෂයක් නිසා මෙසේ සිදුවූ බවට සැක කළේය. ඊට පසු ඔහු තුනී කඩදාසි පැකට්ටුවකට ඉරිඟු ඇට කිහිපයක් දමා මැග්නෙට්‍රෝනය ඉදිරියේ තැබූ විට, ස්වල්ප වේලාවකින් ඒවා පුපුරා ‘ඉරිඟු පොරි’ (popcorn) හටගත්තේය. ඉරිඟු ඇට ‘ඉරිඟු පොරි’ වීම සඳහා තාපය අවශ්‍ය බැවින්, මේ අවස්ථාවේදී ගුවන් විදුලි තරංග වලට අමතරව, තාපයද නිකුත් කරන තවත් තරංග විශේෂයක් තිබිය හැකි බව ඔහුට පැහැදිලි විය. මෙම තරංගද විද්‍යුත් චුම්බක තරංග මාලාවේම එක් ස්වරූපයක් වශයෙන් හඳුනා ගත හැකි විය. මේ අවදිය වන විට හඳුනාගෙන තිබුණු ‘ගුවන් විදුලි තරංග’ වලට වඩා අඩු තරංග ආයාමයකින් යුක්ත නිසා මේවා ‘ක්ෂුද්‍ර තරංග’ (microwaves) ලෙස නම්කර තිබේ.
වර් තමානයේදී ඉතා නිවැරදිව ලබාගෙන ඇති මිණුම් ආශ්‍රීතව සකස් කර ඇති, විද්‍යුත් චුම්බක තරංග මාලාවේ දළ සටහනක් මේ සමග ඇති රූප සටහනෙහි දක්වා ඇත. මෙම තරංග මාලාවේ මිනිස් ඇසට දැකිය හැකි දෘශ්‍ය ආලෝක තරංග වන ‘වර් ණාවලිය’ වෙනම විශාලනය කර අදාළ වර් ණද දැකගත හැකි ආකාරයටද තරංග ආයාම බොහෝදුරට සමානුපාතික වන ලෙසටද ප්‍රති නිර් මාණය කර තිබේ. මෙහි දක්වා ඇති ආකාරයට තරංග මැණීමේ ඒකකය මීටර
වලින් ගෙන ප්‍රස්තාර ගත කළවිට මෙම සටහනෙහි දැක්වෙන ආකාරයට දිගු තරංග සහ කෙටි තරංග ලෙස ප්‍රභේද දෙකක් වෙන්කර ගත හැකිය. මේ අනුව ගුවන් විදුලි තරංග (රේඩියෝ තරංග) සහ මයික්‍රෝවේව් (ක්ෂුද්‍ර තරංග), මෙම පරාසයේ දිගු තරංග ලෙසටත්, x-කිරණ සහ ගැමා කිරණ කෙටි තරංග ලෙසටත් වෙන්කර තිබේ. පරාසයේ මධ්‍යයේ ඇත්තේ මිනිස් ඇසට පෙනෙන ආලෝකය ලෙස දැක්වෙන ‘වර් ණාවලිය’ (spectrum) වේ. ඇසට පෙනෙන වර් ණාවලියේ ඇති වර් ණ, දිගු ආයාමයේ සිට කෙටි ආයාමය දක්වා,- රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ලානිල් සහ දම් පැහැ ලෙස දක්වා තිබේ. එහෙත් ඇසට පෙනෙනුයේ මේවායේ සම්මිශ්‍රණයක් ලෙසට නියමිත පැහැයක් රහිතවය.මෙය ‘සුදු’ ආලෝකය (whitelight) ලෙසද දැක්විය හැකිය. මෙම සටහනේ වර් ණාවලිය වම් පැත්තේ (මයික්‍රෝවේව් තරංග වලට පසුව) අධෝ රක්ත කිරණ සහ දකුණු පැත්තේ (x -කිරණ වලට කලින්) පාරජාම්බූල කිරණත් දකින්නට ලැබේ.
විද්‍යුත් චුම්බක තරංග වල ස්වභාවය තව දුරටත් පැහැදිලි කළහොත්, විද්‍යුත් චුම්බක ශක්තිය ගමන් කරනුයේ තරංග ආයාමය වෙනස් වෙමින් යන තරංග පරාසයක් ලෙසටය. ගුවන් විදුලි තරංග සහ මයික්‍රෝවේව් තරංග පවතිනුයේ විද්‍යුත් චුම්බකාවලියේ දිග ආයාම සහිත වම් පැත්තේ වන අතර, කෙටි ආයාම සහිත x-කිරණ සහ ගැමා කිරණ දකුණු පැත්තේද සලකුණු කර තිබේ. දිගු තරංග කිලෝමීටර්, මීටර්, සෙන්ටිමීටර්,හෝ මිලිමීටර් වලින් මැණෙන අතර, කෙටි තරංග මීටරයකින් බිලියනයකින් හෝ ට්‍රිලියනයකින් පංගුවකින් මණිනු ලැබේ. මයික්‍රෝවේව් කිරණ වල දිගු තරංග ආයාමය මීටර් 10 -2 ආසන්න අගයක් වන අතර, කෙටි තරංග වන x-ray කිරණ මීටර් 10 -11 ආසන්න අගයක් ගනී.
x-කිරණ සහ ගැමා කිරණ වල තරංග ආයාම ඉතාමත් සියුම් බැවින් ඒවා ගමන්කරන පථයේ තිබෙන වස්තුවක ඇති ඕනෑම පරමාණුවක ඉලෙක්ට්‍රෝන මුක්ත කිරීමේ ප්‍රබල හැකියාවක් තිබේ. පරමාණුවක ඇති ඉලෙක්ට්‍රොන ඉවත් කිරීම ‘අයනීකරණය’ ලෙස රසායන විද්‍යාවේදී අර් ථ දැක්වෙන නිසා, මෙම ක්‍රියාවලියද ‘අයනීකරණ විකිරණය’ (ionisation radiation ) ලෙස හැඳීන්වේ. එහෙත් රේඩියෝ කිරණ සහ මයික්‍රෝවේව් කිරණවලට එවැනි හැකියාවක් නොමැතිය.
මයික්‍රෝවේව් උදුන සුවිශේෂි තාප ජනක උපකරණයකි.
ඉහත විස්තර කරනලද මූල ධර් ම ආශ්‍රීතව ඉංජිනේරු පර්සි ස්පෙන්සර් විසින් 1945 වර් ෂයේදී අනාවරණය කරගත්, මැග්නෙට්‍රෝන මගින් විද්‍යුත් චුම්බක දිගු තරංග නිකුත් කිරීමේ ක්‍රියාවලිය භාවිත කර, 1946 වර් ෂයේදී සුවිශේෂී උදුනක් නිෂ්පාදනය කරන ලදී. මෙම උදුන ‘මයික්‍රෝවේව් උදුන’ (microwave oven) ලෙස නම් කර තිබේ.
නවීන microwave උදුන
මෙම උදුනෙහි එක පැත්තක සවිකර ඇති මැග්නෙට්‍රෝනය මගින් නිකුත් කරන ක්ෂුද්‍ර තරංග උදුනෙහි අභ්‍යන්තර විශේෂ තහඩු වල වැදී පරාවර් තනය වේ. පරාවර් තනය වන තරංග, සුදුසු භාජනයක දමා ඇති සිසිල් කළ ආහාරවල පතිත වූ විට, ඒවායේ උෂ්ණත්වය වැඩිවී රත් කිරීම හෝ ආහාර පිසීම සිදුවේ.
මයික්‍රෝවේව් තරංග වල විශේෂ ලක්ෂණය වනුයේ එමගින් ආහාර ද්‍රව්‍යයේ ඇති සංඝටක වලට කිසිම හානියක් සිදුනොවීමයි.
මෙහිදී විශේෂයෙන්ම ක්ෂුද්‍ර තරංග වල බලපෑම නිසා ආහාර ද්‍රව්‍ය වල පවතින ජල අණුවල, කම්පනයක් සිදුවේ. ස්වාභාවිකව මෙසේ සිදුවන්නේ ජල අණුවේ H පරමාණු යුගලය O
පරමාණුවට සම්බන්ධ වී තිබෙන දුර් වල ධ‍්‍රැවීය බන්ධන (polar bonds) නිසාය. මෙසේ ජල අණුවේ ‘අණුක ධ‍්‍රැවීයතාව’ (molecular polarity) නිසා අණුවේ ඇති H පරමාණු දෙකෙහි එකිනෙකට විරුද්ධ ආරෝපණ (ධන + සහ සෘණ -) හටගනී. මෙම එකීනෙකට විරුද්ධ ආරෝපණ නිසා ඒවා අධික ස්ඵන්දනයකට හා කම්පනයකට භාජන වේ. ක්ෂුද්‍ර තරංග වල බලපෑම නිසා ස්වාභාවිකව ජල අණුවල සිදුවන අධික කම්පන නිසා හටගන්නා ඝර් ෂණය නිසා ඇතිවන තාපය මගින් ආහාර ද්‍රව්‍ය රත්වීම සහ පිසීම සිදුවේ.(ජලයේ සෙල්සියස් අංශක 100 ක් වැනි අධික තාපාංකයක් ඇත්තේද අණුවල ඇති මෙම ලක්ෂණය නිසාය.)
මයික්‍රෝවේව් වල බලපෑම නිසා ජල අණුවේ ක්‍රියාකාරිත්වය පාදක කර ගනිමින් නිර් මාණය කර තිබෙන උදුන, විශේෂයෙන්ම ශීතකරණය කරන ලද ආහාර ඉතා සුළු වේලාවකින් ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීමට ඉතා යෝග්‍යය. මේ නිසා එය එදිනෙදා ජීවිතයේදී භාවිත වන මහත් ඵලදායී නව ආහාර රත්කර ගැනීමේ උපකරණයක් වී තිබේ.
මයික්‍රෝවේව් උදුන කෙතරම් දුරට ආරක්ෂාකාරී උපකරණයක්ද ?
මයික්‍රෝවේව් උදුනේ භාවිත වන විද්‍යුත් චුම්බක තරංග මගින්, ඉහත දැක්වූ ආකාරයට ‘අයනීකරණ විකිරණයක්’ සිදු නොවන නිසා, ඒවා මගින් පිසූ ආහාරවල හෝ රත්කළ ආහාරයක අන්තර් ගත කිසිම ද්‍රව්‍යයක සංයුතියේ වෙනසක් සිදු නොවේ. මෙසේ වන්නේ එහි තාපය නිපදවනුයේ ජල අණුවල සුවිශේෂ කම්පන රටාව මගින් පමණක් බැවිනි. මේ නිසා මෙම උදුනක රත්කළ හෝ පිසු ආහාර කිසිම ආකාරයකින් සෞඛ්‍යයට අහිතකර නොවේ. දැල්වෙන ඉටිපන්දමකින් පවා තාපය නිකුත්වනුයේ විද්‍යුත් චුම්බක තරංග ලෙසටය.මයික්‍රෝවේව් උදුනෙහි ක්‍රියාත්මක වන තරංග වල ආයාමය, දැල්වෙන ඉටිපන්දමකින් නිකුත් වන තාප තරංග වල ආයාමයටත් වඩා අඩු අගයක පවතී..
මයික්‍රෝවේව් උදුනක ආහාර රත්කිරිම සඳහා භාවිත කරන භාජන ගැන තරමක විමසිලි මත් වීමක් අවශ්‍යය. මෙම උදුන් සඳහා භාවිත කළ යුත්තේ, ඒ සඳහා නිපදවා ඇති තාපය අඩුවෙන් උරාගන්නා විශේෂ බඳුන්ය. ගෘහ මයික්‍රෝවේව් උදුනක භාවිත සම්මත බල ශක්ති අගය watt 700 ක් පමණ වේ. කඩදාසි හෝ ප්ලාස්ටික් වලින් ආවරණය කර ඇති ද්‍රව්‍ය, මයික්‍රෝවේව් උදුනක රත් කළහොත් ඒවායේ ඇති අහිතකර රසායනද්‍රව්‍ය ආහාර වලට මිශ්‍ර විය හැකිය.ලෝහ භාජන සහ ඇලුමිනියම් ආහාර දවටන, මයික්‍රෝවේව් උදුනක භාවිත නොකළ යුතුය. මෙසේ කළහොත් අධි වෝල්ටීයතාවක් නිර් මාණය වී ගිනිපුපුරු (sparks) පිටවිය හැකිය. එසේම කිසිවිටෙකත් බිත්තරයක් තැම්බිම සඳහා මයික්‍රෝවේව් උදුනක් භාවිත නොකළ යුතුය. මෙසේ කළහොත්, බිත්තරයේ අන්තර් ගත ද්‍රව්‍ය වල ඇති ජලය තත්පර කිහිපයකදී ජල වාෂ්ප බවට හැරී බිත්තරය තුළ අධික පීඩනයක් නිර් මාණය වී එය ක්ෂණයකින් පුපුරා යා හැකිය.
මයික්‍රෝවේව් උදුන එදිනෙදා භාවිතයට පහසු භාණ්ඩයකි.
දින කිහිපයක් සඳහා ආහාර එකවර සකස් කර, වැඩිපුර ඇති දේවල් ශීතකරණයක ගබඩා කර තබා වරින් වර භෝජනයට ගැනීම අද බොහෝ අයගේ ජීවන රටාවේ එක්තරා අංගයක් බවට පත්වී තිබේ. ශීතකරණයක තැබූ පිසින ලද ආහාර, 4° C හෝ ඊට තරමක් අඩු උෂ්ණත්වයක පවතින නිසා, ඒවා ඒ ආකාරයෙන්ම අනුභව කළ නොහැකිය. මේ නිසා ඒවා තරමක් දුරට හෝ උණුසුම් කර, සාමාන්‍ය ශරීර උෂ්ණත්වයට ගැලපෙන ආකාරයට සකස් කර ගැනීම අවශ්‍ය වේ. මෙම වැඩ පිළිවෙල නිසා අහාර අපතේ යාම තරමක් දුරට හෝ මග හරවාගත හැකිය.
එක්සත්ජාතීන්ගේ පාරිසරික වැඩ සටහන - UNEP මගින් 2024 වසරේ නිකුත් කර ඇති ප්‍රකාශනයකට අනුව, ලෝකයේ මිනිස් පරිභෝජනය සඳහා නිෂ්පාදනය කරනු ලබන ආහාර වලින් 20 % පමණ නිවෙස්වලදීම අපතේ යන බව නිරීක්ෂණය කර තිබේ. මේ පිළිබඳව කරන ලද විමර් ශනයකට අනුව, නිරතුරුවම වැඩි උෂ්ණත්වයක් පවතින ඝර් ම කලාපීය රටවල, පිසූ ආහාර මෙන්ම ආහාර සඳහා ගන්නා, එළවලු, මස් මාංශ වැනි අමු ද්‍රව්‍යද සැලකියයුතු ප්‍රතිශතයක් අපතේ යන බව හෙළිදරව් වී තිබේ. විශේෂයෙන්ම ඝර් ම කලාපීය රටවල ආහාර අපතේ යාම අඩු මට්ටමක පවත්වා ගැනීම පිණිස, ශීතකරණ භාවිතයද මහත් රුකුලක් වී තිබේ. 1920 ගණන් වලදී නිපදවා ශීඝ්‍රයෙන් වැඩිදියුණු කරනලද ශීතකරණ අද, ඔස්ට්‍රේලියාව වැනි සංවර් ධිත රටක මිනිස් වාසස්ථාන වලින් 84% පමණ තිබෙන අතර, ආසියානු කලාපයේ අර් ධ සංවර් ධිත රටවල එම සංඛ්‍යාව 50% පමණ වන බවද දැක්වේ.
මේ ආකාරයට ශීතකරණය අත්‍යාවශ්‍ය මුළුතැන්ගෙයි ගෘහ උපකරණයක් වීමත් සමගම, එමගින් සිසිලනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය පරිභෝජනය සඳහා නැවතත් ප්‍රකෘති උෂ්ණත්වයට ගෙන ම සඳහා ටික වේලාවක් ගතවේ. මේ නිසා එම ආහාර යළිත් කඩිනමින් කාමර උෂ්ණත්වයට ගෙන ඒම පිණිස යම්කිසි රත්කිරීමේ ක්‍රමවේදයක් භාවිත කිරීම අවශ්‍යය. ආහාර ශීතකරණය කිරීම ආරම්භ කර දශක පහක් පමණ ගතවනතුරු, ඒවා රත්කර ගැනීම සඳහා විවිධ ක්‍රමවේද භාවිත විය. දෙවන ලෝක සංග්‍රාම සමයේදී සොයාගන්නා ලද විද්‍යුත්- චුම්බක තරංග ක්‍රමවේදය ආභාෂයෙන් වැඩිදියුණු කරගන්නා ලද “මයික්‍රෝවේව්” උදුන, නුතන කාර් ය බහුල සමාජයට අත්‍යවශ්‍ය මුළුතැන්ගේ උපකරණයක් ලෙස සඳහන් කිරීම නිවැරදිය.
මයික්‍රෝවේව් උදුන් වල පිසීමේ වාසි වශයෙන්, Food Science and nutrition
සඟරාවේ 2020 වසරේ පළකර ඇති ලිපියක මෙසේ සඳහන් කර තිබේ.
ආහාර පිස ගැනීමට ගතවන කාලය බෙහෙවින් අඩුවීම,
රත්කිරිම සඳහා භාවිත වන අඩු උෂ්ණත්වය,
අඩු බල ශක්තියක් වැය වීම,
තාපය අපතේ නොයාම
මේ සියලුම වාසි මගින් ආහාරවල පෝෂණ කොටස් අඩුවීම, බෙහෙවින් පාලනය වන බවද පැහැදිලි කර ඇත.
විශේෂයෙන්ම එළවලු වර් ග ආහාරය සඳහා සකස් කර ගැනීමේදී පීඩන උදුන් (pressure cooker) මගින් හෝ වාෂ්පයෙන් තම්බන විට, ඒවායේ ඇති A සහ C විටමින් සමගම ‘ප්‍රති ඔක්සිකාරක’ (antioxidants) අඩුවන බවත්, මයික්‍රෝවේව් උදුන් භාවිත කළ විට ඒවා බොහෝදුරට සංරක්ෂණය වන බවත් හෙළිවේ තිබේ. එමෙන්ම trout වැනි සමහර මිරිදිය මත්ස්‍යයින්ගේ ඇති විටමින් K ප්‍රමාණය එම මත්ස්‍යයින් මයික්‍රෝවේව් කළ විට තරමක් වැඩිවන බවද නිරීක්ෂණය කර තිබේ.
මයික්‍රෝවේව් උදුන්වල විකිරණශීලී භාවය තිබේයයි සැක කළ නිසා, රුසියාව සහ ජපානය තම රටවල එම උදුන් භාවිතය තහනම් කර ඇති බවට වැරදි මතයක් දැනට වසර කිහිපයකට පෙර, සමාජ මාධ්‍ය වල සංසරණය වී තිබේ. එහෙත් මෙය පදනම් විරහිත සාවද්‍ය ප්‍රචාරයක් බව ‘ජාත්‍යන්තර මයික්‍රෝවේව් බල ශක්ති ආයතනය’ (International Microwave Power Institute) මගින් ප්‍රකාශයට පත්කර තිබේ. කෙසේ වෙතත් දැනට ලොව පුරා රටවල් බහුතරයක නිවාසවල මුළුතැන්ගෙයි එදිනෙදා භාවිත කරන උපකරණයක් බවට මයික්‍රෝවේව් උදුන ඉතා ජනප්‍රිය වී ඇත.
Your Microwave's Most Underrated Button
ReplyDeleteස්තුතියි DGM,
ReplyDeleteමට අවශ්‍ය වුයේ 'මයික්‍රෝවේව්' උදුන් භාවිතය ගැන තිබෙන දුර් මතය තරමක් දුරට හෝ ඉවත් කිරීමටයි. මෙම උදුනේ ක්රියාකාරිත්වය පිලිබඳ මූලධර් මය ගැන අවබෝධයක් ලැබුණු විට ඒ දුර් මත සියල්ල මග හැරී යනු ඇත.
https://www.youtube.com/watch?v=dJrdXRZ3PUE යොමුව ඔස්සේ ඒ Microwave's Most Underrated Button වීඩියෝ පටයට සවන් දෙන්නේ නම් කාටත් ප්‍රයෝජනවත් විය හැකිය.
Thank you Pra Jay.
Deleteමම මයික්‍රෝවේව් උදුනෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න කෙනෙක්
ReplyDeleteඔබතුමාගේ පැහැදිලි කිරීම හරිම වැදගත්
ස්තූතියි
This comment has been removed by the author.
Deleteස්තුතියි kumudu,
ReplyDeleteඔබ මෙන්ම තවත් සිය ගණන් අය මයික්‍රෝවේව් උදුන නිරතුරුව භාවිත කරනවා. ඒ බොහෝ අය භාවිත කරන්නේ සිතේ සැකයක් සහිතවයි. එක් පැත්තකින් කලකට පෙර යුක්රේනයේ සිදුවූ Chernobyl න්‍යෂ්ඨික බලාගාරය පුපුරා යාමේ ව්‍යසනය. තව අතකින් මයික්‍රෝවේව් උදුනෙහි ගිනි දැල්ලක් හෝ ගිනියම් වූ දඟරයක් වැනි දෙයක් දකින්නට නොලැබීම. මේ නිසාම, මෙහි තිබෙන්නේ ඇසට නොපෙනෙන තරංගයක් බව පැහැදිලියි. මෙම තරංග මගින් උදුනෙහි තබන ආහාර වර් ගයේ ජල අණුවල උද්දීපනයක් ඇතිකිරීම මගින් පමණයි රත්කිරිම සිදුවන්නේ.
Delete
ගොඩක් වටිනා ලියක් මෙය. ස්තූතිය ඔබ තුමාට.
ReplyDeleteජයවේවා
ඔබට තුති දුමි,
Deleteවෙනදා ලියන ඔබ හොඳ රසබර කවියක්
ඇයි අද මෙසේ සැඟවුනෙ තුතියක පමණක් ?
Very useful Daya. Thank you
ReplyDeleteThank you very much Ian.
Delete