නගරයෙන් තරමක් ඈතින් පිහිටි එම
විදුහල සම්පත් අතින් තරමක් අඩු තත්වයකින් පැවතින. එදින මා විදුහලට යන විට එහි සිටි
එකම විද්යා ගුරුවරයා 10 ශ්රේණියේ විද්යාව පාඩම උගන්වමින් සිටියේය. එදින
ඔහු උගන්වමින් සිටියේ කලින් ආරම්භ කරන ලද ආහාර සහ පෝෂණය පාඩමේ අවසාන කොටසයි. ඔහු
සමග මොහොතක් කතා කළ මම, පන්තිය පිටුපස
ආසනයක හිඳගෙන ඉගැන්වීම නිරීක්ෂණය කලෙමි. ඔහු ආහාර වර් ග කිහිපයක්ද පන්තියට පෙන්වා
ආහාර වල ඇති සංඝටක සඳහා සරල පරීක්ෂණ කිහිපයක්ද ඉදිරිපත් කර සාර් ථක පාඩමක් අවසන් කළේය. කිරිපිටි
වැනි සැකසූ ආහාර දවටන (පැකට්ටු) කිහිපයක්ද ගුරු මේසය මත තිබිණ.
පන්තියේ සිසුවෙකුද සමග මා වෙත
පැමිණි ගුරු මහතා,
"සර්, පසුගිය විද්යා පාඩමේදී මේ ළමයා ඉදිරිපත් කළ අපේ ආහාර වලට අදාල ප්රශ්නයකට මට පිළිතුරක් දෙන්නට බැරි උනා. ඒ ගැන දන්නවාද කියා බලන්න"
කියා ප්රශ්නය කියන ලෙස සිසුවාට කීවේය.
එවිට ඔහු අතේ තිබුණු ‘Nestle'
සමාගමේ කිරිපිටි හිස් පැකට්ටුවක් මා
වෙත දිගු කර
"මේ පැකට්ටුවේ තිබෙන Nestle කියන වචනයත් කුරුළු කුඩුවත් එකට සම්බන්ධ කර තිබීමේ තේරුමක් තිබෙනවා ද?"
කියා මගෙන් ඇසීය. එය අතට ගෙන බැලු
මට එහි වැඩි අමුත්තක් ඇති බව පෙනුණේ නැත.
'මේක ප්රචාරක වෙළඳ ලකුණක්. මව් කිරිල්ලිය
පැටවුන්ට කවන එකෙන් පෙනෙන්නේ ආහාරයක් සඳහා හොඳ එකක් බව නේද?'
කියා මම ඔහුට කීවෙමි. මගේ පිළිතුරෙන්
ඔහු සෑහීමකට පත් නොවූ බව මට තේරුණි.
මේ අවස්ථාවේදී ගුරුවරයාද,
"ඔය Nestle කියන වචනය සම්බන්ධ කර ගැනීමයි සර්
ගැටලුව" කියා නැවතත් මා
හට පැවසීය.
"Nestlings කියා ඉංග්රීසියෙන් කුරුළු පැටවුන්ට කියනවා. ඒ උනත් ඔය තැනට ගැලපීම ගැන නම් මටත් එතරම් තේරුමක් නැහැ"
කියා මම අවංකවම කීවෙමි.
"කොහොම වෙතත් මේ ගැන තව තොරතුරු ටිකක් සොයා මම විදුහල්පති තුමාට දන්වන්නම්"
කියා මම පොරොන්දු වූවෙමි.
ඒ කාලයේ මෙවැනි කරුණු ගැන තොරතුරු
සොයා ගැනීමට අන්තර් ජාලය වැනි පහසු මාධ්යයන් තිබුණේ නැත. පුස්තකාලයක වුවත්
විමර් ශනය කිරීමේ පහසුකම් ප්රධාන නගරවලට පමණක් සීමාවී තිබුණි. ටෙලිෆෝන් පහසුකම්ද හරිම අඩු
තත්ත්වයක පැවතුණි. ටෙලිෆෝන් පණිවුඩයක් ගැනීම සඳහා ප්රාදේශීය හුවමාරු මධ්යස්‌ථානයට කතා කර සම්බන්ධ කරන තුරු
පැය ගණනක් සිටීමට සිදුවිය. ඒ කාළේ මොබයිල් ෆෝන් ගැන හිතලාවත් නැත .
මා අධ්යාපන කාර් යාලයයට පැමිණ, තව කිහිප දෙනෙකුද සමග කථාකර
කිරිපිටි වැනි ළදරු ආහාර බෙදා හරින කොළඹ පිහිටි ආයතනයක ලිපිනය ඩිරෙක්ටරියකින් සොයා
ගත්තෙමි. මගේ ගැටලුව පිළිබඳව ලිපියක් සකස් කර ප්රාදේශීය අධ්යාපන අධ්යක්ෂ වරයාගේද නිර් දේශයක් සහිතව එම
ආයතන ප්රධානියාට තැපැල්
කළෙමි. සියලුම රාජකාරි ලියුම් යැවිය යුතුව තිබු ණේ ඉංග්රීසියෙනි .
සති දෙකකට පමණ පසු ඔවුන්ගෙන් ලැබුණු
ලිපියේ, එම ආයතනය Nestle
නිෂ්පාදන බෙදාහරින ඒජන්සියක් බවත්
අප අසා තිබුණු තොරතුරු කිසිවක් ගැන ස්ථිරව පිලිතුරක් දිය නොහැකි බවත් දන්වා, තොරතුරු ලබාගැනීම සඳහා ස්විට්සර් ලන්තයේ Nestle ප්රධාන කාර් යාලයේ
ලිපිනයද එවා තිබුණි.
මෙයින් පසුබට නොවූ මා, නැවත ලිපියක් සකස් කර අධ්යාපන අධ්යක්ෂක තුමා මගින් ස්විට්සර් ලන්තයේ Nestle ප්රධාන කාර් යාලයට 'sea mail' මගින් විස්තරාත්මක ලිපියක් යැව්වෙමි. රුපියල් හතක් අටක් පමණ වූ තැපෑල් ගාස්තුව අධ්යාපන කාර් යාලයෙන් ගෙවිය නොහැකි බව පරිපාලන නිලධාරි වරයා මට පැවසු නිසා, එය මට දැරීමට සිදු විය. ඒ කාලයේ රුපියල් අට දැන් රුපියල් අට සියයක් පමණ විය හැකිය. මා පිට රටකට යවන ලද පළමු ලිපියත් මෙය වීම විශේෂත්වයකි.
මාස කිහිපයක් යනතුරු ලිපියට කිසිම
පිළිතුරක් ලැබුනේ නැත. විද්යා ගුරු මහතා මට හමුවූ කිහිප වතාවක්ම මගෙන් ඒ ගැන විමසීය. ඒ වන
තුරු කිසිම තොරතුරක් නොලැබුණු බව මට කියන්නට සිදු විය.
තවත් සති කිහිපයකට පසු බදාදා දිනයක
මා කාර් යා ලයේ සිටියදී අධ්යක්ෂක තුමා මට කතා කර,
"මෙන්න ස්විස්ටර් ලන්තයෙන් ලියුමක්"
කියා ලිපි ගොනුවක් මගේ අතට දුන්නේය.
Nestle
ආයතනයේ ලියුමත් සමග තවත් තොරතරු
රාශියක් ගොනුවේ තිබුණි.
අපගේ විමසුම ගැන ස්තුති කර, අධ්යාපන දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව
අදාළ සිසුවා සිටින විදුහලට ගොස් එම සිසුනට සියලු තොරතරු සපයන ලෙස, මෙරට සිටින ඔවුන්ගේ නියෝජිත ආයතනයට
උපදෙස් දුන් බවද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
අධ්යක්ෂක තුමාගේ උපදෙස් පරිදි, විද්යාලයේ විදුහල්පතිද සමග සාකච්ඡා කර ඒ
සඳහා දිනයක් නියම කරගෙන නියෝජිත ආයතනයට ලිපියක් යැව්වෙමු.
නියමිත දිනයේදී නියෝජිත ආයතනයේ
පිරිසක් අධ්යාපන කාර් යාලයට
පැමිණියහ. ඒ පිරිසේ ස්විස් ජාතික කළමනාකරුවෙක්, භාෂා පරිවර් තකයෙකු සහ තවත් කිහිප
දෙනෙක් සිටියහ. පැමිණි පිරිස සමග ද මමද විදුහලට ගියෙමි.
විදුහල්පතිගේ පිළිගැනීමකින් පසුව, පිරිස ටික වෙලාවක් ඔහු සමග සාකච්ඡා
කර විදුහලේ සියලුම දෙනාටම කුඩා කිරිපිටි පැකට්ටුව බැගින් බෙදා දෙන බවත්, ඉහල පන්තිවල සිසුන් හමුවී කෙටි
සාකච්ඡාවක් කළ හැකි බවත් කීහ.
පන්ති භාර ගුරුවරු මගින් කිරිපිටි
පැකට්ටු බෙදා දීම සාර් ථකව සිදු කෙරිණ.
අටවන ශ්රේණිය සිට ඉහලට පන්තිවල සිසුන් සඳහා
රැස්වීමක් පන්ති කාමරයක සුදානම් කෙරුණි. ප්රධාන අමුත්තා ඉංග්රීසියෙන් කරන ලද කථාව භාෂා පරිවර්
තකයා විසින් සිංහලට නගන ලදී. රැස්වීම අතරතුරේදී එහි සිටි පිරිසට එම වර් ගයේ කිරි
වීදුරුවකින් සංග්රහයක්ද පවත්වන
ලදී.
දේශනයෙන් අනාවරණය වූ කරුණු කිහිපයක්
මෙසේය.
- මෙම ආයතනය 1886 වර් ෂයේදී ආරම්භ කර ඇත්තේ හෙන්රි නෙස්ලේ (Henri Nestle) නම් ව්යාපාරිකයෙකු විසිනි. 'Nestle' ඔහුගේ නමයි. එය ජර් මන් භාෂාවෙන් 'කුඩා කුරුළු කැදැල්ල ' යන අරුත ගෙන දේ.
- ඔව්හු ඉහත දැක්වෙන එම 'කුඩා කුරුළු කැදැල්ල' සිය පවුලේ ලාංචනය ලෙස තෝරා ගෙන තිබේ. එමගින්
පවුලේ එකමුතුබව,
ලෙන්ගතුකම සහ සුහදතාව පිළිබිඹු කරයි.
- කුරුළු කැදැල්ල සංකේතයට Nestle නම් ඔහුගේ නමද එකතුකර තම ව්යාපාරයේ වෙළඳ නාමය ලෙස යොදාගෙන ඇත්තේ කලකට
පසුවය.
- පසුව එම කුඩා ව්‍යාපාරය කිරි පිටි නිෂ්පාදනයේ ප්‍රමුඛතම ආයතනයක් බවට පත්වී ඇත.
කෙසේ වෙතත්, 'කුඩා කුරුළු කැදැල්ල' මුල් සංකේතය වරින් වර සංශෝධනය කර
දැනට භාවිත කරන වෙළඳ ලකුණ නිර් මාණය කර තිබේ. නව වෙළඳ ලකුණෙහි සුවිශේෂී වෙනස් කම්
දෙකක් ඇත. මුල් ලාංචනයේ කුරුළු පැටවුන් තිදෙනෙක් සිටින අතර නව ලාංචනයේ සිටිනුයේ
දෙදෙනෙකි. මව් කිරිල්ලියගේ හොටෙහි රඳවා ගෙන සිටින පණුවාද දෙවැන්නේ නැත.
මෙම වෙනස් කම් කිරීමට සුවිශේෂී හේතු
තිබෙන බවද එදින සාකච්ඡාවේදී හෙළි කරන ලදී. එකල ස්විට්සර් ලන්තයේ පවුලක දරුවන් සංඛ්යාව දෙදෙනෙකු වීම ප්රශස්ත සංඛ්යාව බවත්, ළදරු ආහාරයක ලාංචනයේ
පණුවෙකු පෙන්නුම් කිරීම අයෝග්යයයි සැලකු නිසාත් වෙනස් කම් සිදුකර ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
එම වෙළඳ ලකුණෙහි දැක්වෙන්නේ ශීත
රටවල බහුල 'thrush' නම් කුරුල්ලායි. ශ්රී ලංකාවේත් මධ්ය කඳුකරයේ, හෝර්ටන් තැන්න ප්රදේශයේ දකින්නට ලැබෙන දේශීයව 'අරන්ගයා' යන නමින් හැඳින්වෙන්නේ මෙම ගණයේ
කුරුල්ලෙකි. මිහිරි හඬින් ගී ගයන අරන්ගයාගේ විද්යාත්මක නාමය Myophonus
blighti වන අතර රතු දත්ත පොතට අනුව අරන්ගයා
ශ්රී ලංකාවේ වඳවී
යාමේ තර්ජනයට ලක්වී ඇති පක්ෂියෙකි.
සිසුන්තුළ සහජයෙන්ම පවතින කුතුහලය
හොඳින් අවබෝධ කර ගෙන ඒ ඔස්සේ ඔවුනට දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කර ගැනීමට
සැලැස්වීමෙන් මහඟු ප්රතිඵල ලබාගත හැකි
බව පෙන්වීමට මෙම ක්රියාකාරකම හොඳ
නිදසුනක් බව මගේ හැඟීමයි.
එම සිසුවාගේ කුතුහලය ඔස්සේ තවදුරටත්
කරුණු විමසීමට සිදුවූ නිසා, විද්යා අධ්යාපන නිලධාරියෙකු වූ මටද, එම විදුහලේ ගුරුවරු සහ සිසුන් ඇතුළු
තවත් විශාල පිරිසකට කුරුළු කැදැල්ලේ එම සංකේතය භාවිතයේ පදනම සහ එහි වැදගත්කම ගැන
බොහෝ දේ ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබිණ.
අදාල ප්‍රශ්නය ඇසූ සිසුවා හැම දෙයක් ගැනම සෝදිසියෙන් සිටින අයෙකු බව මගේ හැඟීමයි.
ReplyDeleteඇත්තටම විදෙස් රටක ආයතනයකින් කුඩා දරුවෙකු උනත් යම් විමසීමක් කළ විට ඔවුන් ඒ සඳහා උපරිම කැපවීමකින් කටයුතු කරන බව මම කීප වරෙක අසා තියෙනව.
ස්තුතියි ප්‍රසන්න,
Deleteපහසුකම් අඩු ගම්බද පාසැලක අධ්‍යාපනය ලැබූ එම සිසුවාගේ සුවිශේෂී කරුණු පිලිබඳ කුතුහලය නිසාම මට මේ පිළිබඳව තව දුරටත් සොයා බැලීමට අවශ්‍ය වූවා. මා මේ බව එවකට සිටි ප්‍රාදේශීය අධ්‍යාපන තුමාට පැවසූ විට, ඔහු මේ පිලිබඳව දැක්වූ උනන්දුවද මා මේගැන තව දුරටත් කරුණු සෙවීමට පෙළඹ වූවා .
++++++++++++++++👌💐
ReplyDeleteස්තුතියි DGM .
Deleteඔබතුමන්ගේ කැපවීම මෙන්ම අදාල සමාගම පාරිභෝගිකයන් සමග සබඳතා තරකර ගැනීමට ගත් පියවර ආදර්ශයට ගැනීමට වටී.
ReplyDeleteස්තුතියි, Litseeker
Deleteඇත්තටම මා එය සැලකුවේ රාජකාරියට සම්බන්ධ කර ගත යුතු කරුණක් ලෙසටයි. ශ්‍රී ලංකාවේ ඒජන්ත සමාගම ඉක්මණින්ම ලබාදුන් තොරතුරු ඔස්සේ මට තව දුරටත් යාමට උත්සාහ කරන්නට සිතුණා
ඔබතුමාගේ ගෞරවනීය උත්සාහයට මගේ හදපිරි ප්‍රණාමය පුදකරමි. ඇත්තටම ඒ ගැන හරියටම දැනගත්තේ අදයි.
ReplyDeleteස්තුතියි කුමුදු,
Deleteඋත්සාහයේ නිසි ප්‍රතිඵල ලැබීමත් බොහෝ දෙනෙක්ය් නොදත් කරුණු රැසක් සොයාගැනීමට ලැබීමත් ගැන මටද විශාල සතුටක් ලැබුණා.
+++++++++++++++++++++++++
ReplyDeleteThank you, Pra Jay
Deleteතාත්තා- මේ වගේ මතක කතන්දර තව තවත් ලියන්න! මේ විදිහට දැනුම වෙනුවෙන් මහන්සි වෙන ගුරුවරුත් නිලධාරීනුත්, අලුත් ඇසකින් ලෝකය දකින දරුවනුත් දැන් නම් බොහොම හිඟයි.
ReplyDeleteමෙවැනි දේ ගැන උනන්දු වන ගුරුවරු සහ නිලධාරීන් අද මෙන්ම එදත් හිඟ බවක් දකින්නට ලැබුණා . පහසුකම් ඉතා අඩු පාසල්වලට ගොස් ගුරුවරු සහ සිසුන් සමග කතාබස් කරන විට මෙවැනි අවස්වථාවක් එළඹුණු සෑම විටකදීම මා ඔවුන්ට හැකි පමණින් උදව් කර තිබෙනවා.
Deleteමෙවන් කැපවීම් කරන ලද මිනිසුන්ගේ වචන තරු එළි වගෙයි!
ReplyDeleteස්තුතියි වැසි දැරිය,
Deleteඔබගේ අලුත්ම පන්නයේ උපමාව ගැන තව වරක් ස්තුති කරනවා.
ඇත්තටම ඒ කාලෙ තොරතුරක් හොයා ගන්න කොච්චර අමාරුද,දෙපාර්තමේන්තු අවසර අරගෙන් ඒජන්ට්ට ලියුමක් යවලා, ඊට පස්සෙ ඒජන්ට්ගෙන් තොරතුරු අරගෙන ස්විට්සර්ලන්තෙට යවලා, ඊට පස්සෙ මාස ගාණක් ඉන්න ඕනෙ උතතරයක් එනකම්. දැන්නම් නෙස්ලේ කියලා විකි එකේ ගැහුවත් චැට් GPT එකේ ගැහුවත් තත්පර 10 කින් විස්තර එනවා. දැන් ළමයි ඔය වගේ ප්‍රශ්න අහන්නෙත් නෑ, කාලෙ කොච්චර වෙනස් වෙලාද...
ReplyDeleteස්තුතියි Robert,
Deleteඒ කාලේ වැදගත් කරුණක් සඳහා වුවත් තොරතුරු සොයා ගැනීමට අපහසු කම් තිබුණු නිසාම, මෙවැනි අවස්ථා වලදී, කෙසේ හෝ ඒවා ඔස්සේ යාමට අපට විද්‍යා අධ්‍යාපන නිලධාරීන් වශයෙන් උනන්දු කරවීමක් තිබුණා.
මමත් විශ්‍රාමික ගුරුවරයෙක්.ඒ නිසා වෙන්න ඇති ,ඔබ තුමාගේ ලිපිය කියෙව්වහම අදහන්න බැරි තරම්,සතුටකුත් ඒ වගේම බලවත් කනගාටුවකුත් ඇතිවුනේ.ඒ මගේ මුලු ගුරු ජීවිතයෙම සැබෑ පරාර්ථකාමී නිලධාරීන් හමුවෙලා තිබෙන්නෙ එක් අයෙක් පමනයි.ඉතින් මගේ සතුට තවත් එවන් නිලධාරියෙක් සේවාවෙ සිටි බව දැනගනීමයි කනගාටුව සේවයේ සිටියදී ඔබතුමාහදුනා ගැනීමට නොලැබීම.ඔබතුමා කර ඇති සේවාව විශිෂ්ටයි.ඒ පිලිබඳ මගේ ප්‍රනාමය!
ReplyDeleteස්තුතියි සරත්,
Deleteඔබගේ සතුට ගැන මාගේ ප්‍රණාමය. ඔය මා කියන කාලයේ ඔබ විද්‍යා ගුරුවරයෙක්ව සිටියා නම්, මතක ඇති 'සැමටම විද්‍යාව' යන සංකල්පය යටතේ 6 සිට 10 ශ්‍රේණි දක්වා සිසුන් සියලු දෙනාට සමෝධානික විද්‍යාව ඉගෙනීමට සලස්වා තිබුණා. අප 25 දෙනෙකු විද්‍යා අධ්‍යාපන නිලධාරීන් ලෙස බඳවා ගත්තේ මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට. ඒ සඳහා අපට විශේෂ පුහුණුවක් ලබාදුන්නා. මේ සම්බන්ධයෙන් එවකට සිටි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් ජිනපාල අලස් මහතා විශේෂයෙන් සඳහන් කළ හැකියි.
ඇත්තටම මටත් හිතුනේ කුරුළු පවුලක් වෙසෙන කැදැල්ලක් වගේ අදහසකින් නෙස්ලේ හැදුනා කියලා. ඒත් ඇත්තටම ඒක වාසගමක කෑල්ලක් කියලා දැන ගත්තේ මේ අගනා ලිපියෙන්.
ReplyDeleteමේ වගේ සියුම් දේවල් ගැන ඇති වෙන කුතුහලය හින්දා දිග ගමනක් ආරම්භ වැනි සිද්ධි කොච්චර තියෙනවද. ඔබ තුමාම මීට කලින් ලියපු ඔබ විද්‍යාගාරයේ ගෙම්බෙක් විච්චේදනය කරමින් සිටින් විට අධ්‍යක්ශක කෙනෙක් අවේලාවේ පාසලට පැමිනීම , මේ වගේ දේකට තවත් උදාහරණයක් කියලා මට හිතෙනවා. ඇත්තටම මටත් හිතුනේ කුරුළු පවුලක් වෙසෙන කැදැල්ලක් වගේ අදහසකින් නෙස්ලේ හැදුනා කියලා. ඒත් ඇත්තටම ඒක වාසගමක කෑල්ලක් කියලා දැන ගත්තේ මේ අගනා ලිපියෙන්.
මේ වගේ සියුම් දේවල් ගැන ඇති වෙන කුතුහලය හින්දා දිග ගමනක් ආරම්භ වැනි සිද්ධි කොච්චර තියෙනවද. ඔබ තුමාම මීට කලින් ලියපු ඔබ විද්‍යාගාරයේ ගෙම්බෙක් විච්චේදනය කරමින් සිටින් විට අධ්‍යක්ශක කෙනෙක් අවේලාවේ පාසලට පැමිනීම , මේ වගේ දේකට තවත් උදාහරණයක් කියලා මට හිතෙනවා.
ස්තුතියි මයියා සොහොයුර,
Deleteඇත්තටම අප මෙවැනි සරල ගවේෂණ කෙරෙහි යොමු කළේ අපට ඒ කාලයේ ලැබුණු අගනා පුහුණුවයි. ඔබ මාගේ කලින් සිද්ධියක් වන විද්‍යාගාරය තුළ සිසුන් සමග මැඩියෙකුගේ කංකාල පද්ධතියේ කොටස් එකලස් කිරීමේ අවස්ථාවේදී පැමිණි මේ අධ්‍යක්ෂක තුමාම තමයි මා ඉහත කොමෙන්ටුවේ සඳහන් කර තිබෙන්නේ. අප විද්‍යා අධ්‍යාපන නිලධාරීන් ලෙස බඳවා ගැනීමෙන් පසුවත්, අප මෙවැනි කාර් යයන් සඳහා මෙහෙය වීමට මූලික වූයේත් එතුමාමයි.
🤓👌
ReplyDeleteThis comment has been removed by the author.
DeleteThank you for visiting my Blog page
Deleteසර්ගේ උනන්දුව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි එක්ක වැඩ කරද්දී ඒක අපිටත් කාන්දු වුණේ නිරායාසයෙන්.
ReplyDeleteඉතාමත් ස්තූතියි මාලිනී, ඔබගේ හෘදයංගම ප්‍රතිචාරයට.
Delete