ගොවිපළ වල ඇතිකරන, සතුන් මරණයට පත් කර ලබාගන්නා මස් මෙන්ම, වනාන්තර වල සිටින සතුන් දඩයම් කර ලබාගන්නා මස්ද ආහාරය සඳහා ගැනීම, අනාදිමත් කාලයක සිට මිනිසාගේ පෝෂණ රටාවේ සම්ප්‍රදායික ක්‍රම වේදයක් වී තිබේ. මෙම දෙආකාරයටම සතුන් මැරීම, පරිසර හිතකාමී නොවන එමෙන්ම සත්ත්ව හිංසනයද සිදුවන ක්‍රියාවන් බව වර් තමානයේ උග්‍ර ලෙස සමාජගත වෙමින් පවතී. මෙයට සමගාමිව සත්ත්ව මාංශ වලින් ලැබෙන පෝෂණයම ලබාගත හැකිවන ආකාරයේ “මාංශ විශේෂයක්” සත්ත්ව හිංසනය හෝ සත්ත්ව ඝාතනය නොකර ලබාගත හැකි, නව තාක්ෂණයක් එළි දැක්වීමටද, මෑතදී විද්යා ඥයෝ සමත් වී සිටිති. මෙසේ ලබාගන්නා, සත්ත්ව මාංශ වලට සෑම අතින්ම අනුරූප, ප්‍රෝටීන අඩංගු මාංශ, “වගාකළ මාංශ” (cultivated meat) හෝ “රෝපණය කළ මාංශ” (cultured meat) ලෙස හැඳින්වේ.
මිනිසාගේ ශාරීරික වර් ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීන සැලකියයුතු ප්‍රතිශතයක් ලැබෙනුයේ ආහාර වශයෙන් ගන්නා සත්ත්ව මාශ වලිනි. ප්‍රෝටීන සහ වෙනත් පෝෂක පදාර් ථ සහිත කිරි, බිත්තර වැනි ආහාර ලබාගැනීම සඳහාද මිනිසා විසින් සම්ප්‍රදායිකව සත්ත්ව පාලන කටයුතු වල නිරත වේ.
ගතවූ දශක කිහිපය තුළදී ලෝක ජනගහනයේ ශීඝ්‍ර වර් ධනයක් වාර් තා විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන අනුව, 1999 දී බිලියන 6 ක් වූ ලෝක ජනගහනය, 2023 නොවැම්බර් වන විට, බිලියන 8 ක සීමාවද පසුකර තිබේ. මෙතෙක් ලෝකයේ වැඩිම ජනගහනයක් සිටි රට වූ චීනය අබිබවා ගොස් ඉන්දියාව, 2023 වර් ෂයේදී ලෝකයේ ජනගහනය වැඩිම රට ලෙස වාර් තාවක්ද පිහිටුවා ඇත. මේ ආකාරයට ශිඝ්‍රයෙන් වැඩිවන ජනගහනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ඉමහත් ගැටලුවකි. විශේෂයන්ම වැඩිවන ජනගහනය සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම මහත් උග්‍ර තත්ත්වයකට පත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හැඟවීමක්ද කර තිබේ.
සමස්තයක් වශයෙන් ගත් කළ මිනිසාගේ ආහාරවල ප්‍රධානතම සංඝටක වනුයේ, කාබෝහයිඩ්රේට, ප්‍රෝටීන සහ මේදය වේ. මෙයින් කාබෝහයිඩ්රේට වලින් ශක්තිය ලබාදෙන අතර, මේදය ශක්තිය ලබාදිය හැකි සංචිත ආහාර ලෙස ක්‍රියා කෙරේ. ශරීර වර් ධනය සඳහා සහ ගෙවී යන කොටස් අලුත්වැඩියාව සඳහාත් බහුලවම ප්‍රයෝජනයට ගැනෙනුයේ ප්‍රෝටීන්ය. මේ නිසා ශරීරයට අවශ්ය ප්‍රෝටීන ලබාගැනීම සඳහා සත්ත්ව මාංශ අවශ්‍ය වේ. එහෙත් මස් නිෂ්පාදනය සඳහා මහා පරිමාණයේ ගොවිබිම් පවත්වා ගැනීම නිසා, පාරිසරික ගැටළු රාශියක් ඇතිවන බව අනාවරණය වී තිබේ. ගෝලීය උණුසුම් වීමට තුඩුදෙන කාබන්ඩයොක්සයිඩ්, මීතේන් වැනි හරිතාගාර වායු මුක්ත වීම මෙයින් ප්‍රධාන ගැටලුවකි.
2015 වර් ෂයේදී ලෝක නායකයින් විසින් අත්සන් කර ගිවිස ගන්නා ලද, ‘පැරිස් සම්මුතිය’ අනුව 2050 වනවිට ගෝලීය ‘කාබන් මධ්‍යස්ථභාවය’ හෝ ‘කාබන් ශුන්‍ය භාවය’ (carbon neutrality or zero carbon emission) ලඟාකර ගැනීම, ඉතාමත් වැඩදායී ඉලක්කයක් විය. එම ඉලක්කය සපුරා ගැනීමත්, මිනිස් ජනගහනයට යැපීම සඳහා ආහාර නිෂ්පාදනය කර ගැනීම සදහාත්, ඉතාම දුෂ්කර අභියෝග තුනක් ජය ගැනීමට සිදුවන බව විද්‍යාඥයින් විසින් හෙළිකර තිබෙන බව, ජගත් සම්පත් ආයතනය (World Resources Institute) මගින් නිකුත් කළ ප්‍රකාශනයක සඳහන්ය.
එම අභියෝග මෙසේය:
2050 වනවිට කෘෂිකාර් මික නිෂ්පාදන වලින් ලැබෙන ආහාර ප්‍රමාණය 2010 දී
තිබුණු මට්ටමේ සිට 56% කින් වැඩිකර ගත යුතුය.
ගෝලීය කෘෂිකාර් මික බිම් වපසරිය 2010 දී තිබුණු මට්ටමේ සිට හෙක්ටයාර් මිලියන 593 කින් පමණ වැඩිකර ගත යුතුය.
උපරිම ප්‍රශස්ත ගෝලීය උණුසුම්වීම, 2050 වනවිටද 2°C මට්ටමේවත් තබා ගැනීම සඳහා, කෘෂිකාර් මික අංශයේ හරිතාගාර වායු මුක්තවීම, ඒ වන විට මෙට්‍රික් ටොන් බිලියන 11 කින් පමණ අඩුකර ගත යුතුය.
අද පවත්නා සමාජ, ආර් ථික සහ දේශපාලන ව්‍යුහ සහ රටා මේ තත්ත්වයටම පැවතුනහොත්, දැනට බිලියන අටක් පමණ වන ලෝක ජනගහනය, 2050 වනවිට බිලියන 10 ඉක්මවනු ඇත. කෘෂිකාර් මික බිම් ප්‍රමාණය වැඩිකිරීමට වනාන්තර හෙළි පෙහෙළි කිරීමට සිදුවේ. මෙය කිසිසේත් කළ නොහැකි දෙයකි. කෘෂිකාර් මික සහ ප්‍රවාහන කටයුතු වලදී හරිතාගාර වායු මුක්තවීම, වසරක් පාසා වැඩිවෙමින් පවතී. මේ නිසා ඉහත දැක්වෙන අභියෝග කිසිසේත් ජයගත නොහැකි වනු ඇත.
මෙම ගැටළු තරමක් දුරටවත් නිරාකරණය කර ගැනීම සඳහා එක්තරා පිළියමක් වශයෙන්, මිනිසාගේ ආහාරයේ ප්‍රෝටීන සඳහා “වගාකළ මාංශ” මහා පරිමාණයෙන් නිෂ්පාදනය පිළිබඳව උනන්දුවක් ඇතිවී තිබේ.
“වගාකළ මාංශ” යනු මොනවාද?
නෙදර්ලන්තයේ, මාස්ට්රියච්ට් විශ්ව විද්‍යාලයේ (Maastricht University), මාර්ක් පොස්ට් නමැති විද්‍යාඥයා ප්රමුඛ කණ්ඩායමක් විසින් 2013 වර් ෂයේදී මෙම ක්‍රමවේදය ආරම්භ කර තිබේ. දැනටමත් විවිධ ආයතන 60 ක් පමණ මෙම ‘මස් ’ නිෂ්පාදනය කිරීම සඳහා කැමැත්ත පළ කර ඇත. මේ ආකාරයට ගව මස් පමණක් නොව කුකුල් මස්, තාරා මස්, මුහුදු මාංශ සහ අධික මේදය සහිත තාරා පීකුදු (Foie gras or 'fat liver') ආදී මාංශමය ආහාර නිපදවීමටද සැලසුම් කර තිබේ. “වගාකළ මාංශ” නිෂ්පාදනය කිරීමේ තැනුම් ඒකක ලෙස භාවිත කරනුයේ ‘ප්‍රාථමික සෛල’ යන නමින් හැඳින්වෙන සතුන්ගේ සුවිශේෂ පාදක සෛල වේ.
මිනිසා ඇතුළු සත්වයින්ගේ ශරීරයේ පටකවල සිදුවන නොයෙකුත් කෘති ඉටු කිරීමට සමත්, විවිධ සෛල රාශියක් ප්‍රති නිර් මාණය කිරීමේ හැකියාවක් ‘ප්‍රාථමික සෛල’ ලෙස නම්කර තිබෙන බහු බලැති (pluripotent) පාදක සෛල වලට තිබේ. කළලයක් වර් ධනය වීමේදී විවිධ පටක නිර් මාණය කරනු ලබන්නේ ‘කළල ප්‍රාථමික සෛල’ (embryonic stem cells) වලින්ය. රුධිරයේ අඩංගු රක්තාණු, ස්වේතාණු ආදී සියලුම රුධිර සෛල වර් ග වලට විභේදනය වී නව සෛල නිපදවීමේ හැකියාව ඇත්තේ ‘පරිණත ප්‍රා ථමික සෛල’ (matured primary cells) යනුවෙන් හැඳින්වෙන ප්‍රාථමික සෛල ප්‍රභේද වලටය.
මේ නිසා ප්‍රාථමික සෛල, ශරීරයේ තිබෙන මහත් ආශ්චර් යමත් ‘තැනුම් ඒකක’ (building blocks) ලෙස සැලකිය හැකිය.
“වගාකළ මාංශ” (cultivated meat) නැතහොත් “රෝපණය කළ මාංශ” (cultured meat) සකස් කිරීමේ ක්‍රමවේදය පහත රූප සටහනෙහි දැක්වෙන පරිදි පියවර හතරකින් දැක්විය හැකිය.
.මේ සඳහා මුලින්ම ගවයෙකු වැනි ජීවී සතෙකුගේ ප්‍රාථමික සෛල සාම්පලයක් ලබා ගනු ලැබේ. මෙහිදී එම සාම්පලය ලබාගනුයේ සත්ත්වයාගේ ගර් භාෂයේ ඇති කළලයක් ආශ්‍රීත රුධිර තරලයෙන් කෘතීම ක්‍රමයකටය.මෙහිදී දායක සත්ත්වයාට ජීවිත හානියක් සිදු නොවේ. (එය රුධිර සාම්පලයක් ලබාගැනීම වැනි සරල ක්‍රියාවකි.)
.අදාළ පෝෂක පදාර්ථ සහිත, පහත ආකෘතියේ දැක්වෙන ආකාරයේ ජෛව ප්‍රතික්‍රියාකාරකයක් (Bioreactor) තුළට, මෙම ප්‍රාථමික සෛල යොමුකර,ඒ සඳහා
අවශ්‍ය උෂ්ණත්වය, පීඩනය වැනි සාධක පවත්වා ගනිමින්, වර් ධනය වීමට සැලැස්වේ. මෙහි ඇති පෝෂක සියල්ලම ප්‍රාථමික සෛල ලබාගන්නා ලද සත්ත්වයාගේ ශරීර පෝෂකවලට සෑම අතින්ම අනුරූප විය යුතුය.
රෝපණ මාධ්‍යයයේ දී මූලික වර් ධන සිදුවී, පටක විභේදනය වන අවස්ථාව වන විට රෝපණ මාධ්‍ය සංයුතිය වෙනස් කරමින් නිපදවා ගැනීමට අවශ්‍ය පේශි පටක, මේද පටක සහ සම්බන්ධක පටක යන වර් ග තුන පමණක් වර්ධනය වීමට උපක්‍රම සැලැස්වේ.
මෙසේ වර්ධනය වන නව මාංශ පටක, ආහාරයට ගතහැකි ද්‍රව්‍ය වලින් නිමවූ ‘සැකිලි’ (scaffoldings) වටා වර්ධනය වීමට සැලැස්වීමෙන්, Corned beef, bacon, salami, mincemeat ආදී විවිධ ආකාරයේ මාංශ නිෂ්පාදන ලබාගත හැකිය. එම සැකිලි වලට රසකාරක හෝ කුළුබඩු නිස්සාර එකතු කිරීමෙන් ආහාරයට ප්‍රියමනාප රස ප්‍රභේදද අවශ්‍ය පරිදි සකස් කර ගත හැකි බවද ප්‍රකාශ කර තිබේ.
මේ ආකාරයට, සාමාන්‍ය සහල් ‘සැකිල්ල’ වශයෙන් ගෙන සකස් කරන ලද “ගවමස් බත්” (beef rice) වර් ගයක් දකුණු කොරියාවේ විද්‍යාඥයින් පිරිසක් විසින් නිෂ්පාදනය කර තිබෙන බව මෑතදී Nature සඟරාවේ පළකර තිබුණි.
‘වගාකළ මාංශ’ ජනප්‍රිය ආහාරයක් විය හැකිද?
මිනිසාට සම්ප්‍රදායික හුරුපුරුදු වලින් ඈත්වීම තරමක් දුෂ්කර කරුණකි. ආහාර පිළිබඳවද මෙහි වෙනසක් නොමැත. සතුන්ගෙන් ලබාගන්නා මස් මාංශ වෙනුවට ‘කෘතීම’ යයි සැකකළ හැකි එහෙත් කෘතීම නොවන, බාහිර ක්‍රමෝපායයකින් නිපදවන මාංශ පිළිගැනීමට ඔහු මැළි කමක් දැක්විය හැකිය. එසේ වුවත් කල්යාමේදී, එමගින් නොයෙකුත් වාසි සැලසෙන බැවින් මෙම ඍණාත්මක ආකල්පය ඉවත් වනු ඇත.
සම්ප්‍රදායික ආකාරයට ඌරුමස්, ගවමස් හෝ බැටළු මස් නිෂ්පාදන ක්‍රියාවලියේදී වැයවන බලශක්ති ප්‍රමාණය මෙන්, 7% සිට 45% වැනි ප්‍රතිශතයක් අඩුවෙන් වැයකර, “වගාකළ මාංශ” එම ප්‍රමාණයම ලබාගත හැකි බව, එක්සත් රාජධානියේ, ‘පරිසර විද්‍යාව සහ තාක්ෂණය’ (Environmental Science & Technology) සඟරාවේ, 2011 වර් ෂයේ පළකළ ලිපියක් මගින් හෙළිකර තිබේ. මේ ආකාරයට ‘නිෂ්පාදන බලශක්ති වැය’ අඩුවීම, වගාකළ මාංශ ජනප්‍රිය වීමට ප්‍රබල හේතුවක් විය හැකිය.
එමෙන්ම, වගාකළ මාංශ සකස් කිරීමේදී, සම්ප්‍රදායික සත්ත්ව මාංශ නිෂ්පාදනයේදී මුක්ත වන හරිතාගාර වායු ප්‍රමාණය 96% කින් පමණ අඩුවන බවත්, අවශ්‍ය වන භුමි පරිහරණය 99% පමණ අඩුවන බවත්, 96% පමණ ජල භාවිතය අඩුවීමක් සිදුවන බවත් එම ලිපියේ තවදුරටත් වාර් තා කර තිබේ.
මනුෂ්‍ය ආහාර සඳහා ලබාගන්නා, සතුන්ගේ මස් මාංශ සහ වෙනත් නිෂ්පාදන වෙනුවට විකල්ප ක්‍රමවේද පිලිබඳ ගවේෂණයේ යෙදෙන ‘යුරෝපීය යහපත් ආහාර ආයතනය’ (The Good Food Institute Europe) පෙන්වා දෙන ආකාරයට, 2022 වර් ෂය වනවිට, වගාකළ මස් මාංශ නිෂ්පාදනය ආරම්භකර තිබෙන සමාගම්, 156 පමණ ලියාපදිංචි වී තිබේ. මෙම සමාගම් විසින් යථෝක්ත වගාකළ මාංශ පර් යේෂණ කටයුතු, නිෂ්පාදනය සහ අලෙවිය සඳහා දැනටමත් ඩොලර් බිලියන 2.8 පමණ ආයෝජනය කර ඇති බවද ප්‍රකාශයට පත්කර තිබේ.
දැනට තිබෙන සංඛ්‍යාලේඛන වලට අනුව වර් ෂයකට මස් සඳහා සතුන් බිලියන අසූවක් පමණ ඝාතනය කෙරේ. මේ අනුව දළ වාර්ෂික මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 340 පමණ වන බව 2018 වර්ෂයේදී ගණනය කර තිබෙන අතර, මෙය ඒක පුද්ගල වාර්ෂික මාංශ අනුභවය කිලෝග්රෑම් 43 ක් පමණ වන බව පෙනේ. මේ ආකාරයට ලෝකයේ වැඩි ජනගහනයක් ප්‍රෝටීන බහුල සත්ත්ව මාංශ ආහාරයට ගැනීම යහපත් ප්‍රවණතාවක් බව දකින්නට ලැබුනත්, ඒ නිසා සිදුවන පරිසර හානිය කිසිසේත් පිරිමැසිය නොහැකි ව්‍යසනයකි. මේ නිසා ආහාරයේ ප්‍රෝටීන අවශ්‍යතාවය සඳහා වගාකළ මාංශ අනුභවයට මාරුවීම තිරසාර භාවයට සහ ධරණීය සංවර්ධනට හිතකර ආකල්පයක් වනු ඇත.
මෙහිදී සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් වනුයේ, ගව බැටළු ආදී ශාක භක්ෂක සතුන් විසින් තම ආහාර ජීර්ණයේ අතුරු ඵලයක් ලෙස ප්‍රබල හරිතාගාර වායුවක් වන මීතේන් පිට කිරීමයි. ඕස්ට්රේලියාවේ ‘දේශගුණ කවුන්සිලය’ (climate council) නමැති පරිසර තොරතුරු සෙවීමේ ආයතනය මගින් කර තිබෙන ගවේෂණයකට අනුව, සත්ත්ව පාලනය ඇතුළු කෘෂිකාර්මික ප්‍රභව මගින් මුක්ත වන හරිතාගාර වායු ප්‍රමාණය 42% බව ගණනය කර තිබේ. මෙයින්ද වැඩි කොටසක් ගෝලීය උණුසුම් වීම වැඩිකරන මීතේන් වායුව වීම තවත් ගැටලුවකි. මේ නිසාම “ගුද මාර් ගයෙන් මීතේන් වාතය පිටකරන ගව බැටළු ආදී සතුන් පෘථිවියට හානිකරය” යන උපහාසාත්මක මතයක්ද ගොඩ නැගෙමින් පවතී.
“වගාකළ මාංශ” පිලිබඳ පක්ෂ ප්‍රතිපක්ෂ අදහස්
සත්ත්ව සුබ සාධනය. -
මිනිසාට මෙන්ම අනිකුත් සතුන්ටද ජීවත්වීමේ අයිතියක් තිබේ. මෙසේ යෝජිත නව ක්‍රම වේදය මගින්, මස් සඳහා සතුන් ඇතිකිරීම සහ ඝාතනය කිරීම වැළක්විය හැකිය. කෙසේ වෙතත් මෙහිදීද ප්‍රාථමික සෛල ලබාගනුයේ ගව බැටළු වැනි සතුන්ගේ කළල ආශ්‍රිත රුධිර ද්‍රවයෙන් (foetal blood serum-FBS) වුවද, එහිදී සත්ත්ව ඝාතනයක් සිදුනොවේ. කෙසේ වෙතත් මෙහිදී සත්ත්ව හිංසනයක් සිදු විය හැකි බව කෙනෙකුට තර්ක කළ හැකිය.
විද්‍යාගාර වල වගා කරනු ලබන මාංශ සම්පූර් ණයෙන්ම ජීවානුහරණය කරනලද පරිසරයක සකස් කරන බැවින්, සතුන් ඝාතනය කර ලබා ගන්නා මස් වලට වඩා ආහාර සුරක්ෂිත භාවයෙන් යුක්ත වනු ඇත. සත්ත්ව ඝාතකාගාර වලදී ලබාගන්නා මස් විවිධ ආකාරයට අපවිත්‍ර විය හැකිය.
නුදුරු අනාගතයේදී අධික ලෙස වැඩිවන ජනගහනයට අවශ්‍යවන පෝෂණය ලබාදීම සඳහා වැඩිවැඩියෙන් සතුන් ඇතිකළහොත් පාරිසරික සමතුලිත භාවය ගිලිහී යාමට බොහෝ ඉඩකඩ ඇති බැවින්, ධරණිය භාවය සුරැකෙන මෙම ක්‍රමය ජනතා ප්‍රසාදයට ලක් විය හැකිය.
දැනට යෝජනා කර ඇති පරිදි මෙම කර් මාන්තය සඳහා පූර් ණ වශයෙන් පුනර් ජනණීය බල ශක්තිය යෙදවීමට සැලසුම් කරන බැවින් එයද පරිසර හිතකාමී ප්‍රයත්නයක් වනු ඇත.
මෙම ක්‍රමවේදය නිසා සත්ත්ව පාලන කටයුතු අඩුවීම බලාපොරොත්තු විය හැකිය. එහෙත් දිගු කාලීනව, වගාකළ මාංශ නිෂ්පාදන කටයුතු වලදී, CO2 අධිකතර ප්‍රමාණයක් මුක්ත වීම නිසා ගෝලීය උණුසුම් වීමට තුඩු දෙන කර් මාන්තයක් විය හැකි බවට සැකයක්ද තිබේ.
වගාකළ මාංශ, නිර් මාංශ ආහාර පමණක් ගන්නා අයට ගැලපේද යන්න මහත් ගැටලුවකි. එහෙත් 2022 වර් ෂයේදී කර තිබෙන පර් යේෂණ කිහිපයක් අනුව, කළල රුධිර ද්‍රාවය භාවිත නොකර වගා කළ හැකි ක්‍රමවේදයක් පර් යේෂණ මට්ටමේ පවතී. මෙම ක්‍රමය යටතේ නිපදවෙන ‘මස්’ විවිධ හේතු නිසා නිර් මාංශී අයටද පහසුවෙන් ආහාරයට ගත හැකි වනු ඇත.
වගාකළ මාංශ “හලාල් මාංශ” ලෙස සැලකිය හැකිද යන්න තවමත් නොවිසඳුණු ගැටලුවකි. හලාල් වශයෙන් සලකනුයේ එයට අදාළ ආගමික නීති රීති වලට අනුකුලව ඝාතනය කරන ලද සතුන්ගෙන් ලබාගත් මස් ප්‍රභේද වේ. එහෙත් මෙහිදී සත්ත්ව ඝාතනයක් සිදු නොවන නිසා, ඒ ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැත.
ගෝලීය උණුසුම් වීමට, වනාන්තර විනාශයට හෝ සත්ත්ව ඝාතනයට මග නොපැදෙන, සහ තිරසාර සංවර්ධනයට පිවිසිය හැකි නව ක්‍රවේදයක් ලෙස “වගාකළ මාශ” නැතහොත් “රෝපණය කළ මාංශ” නිෂ්පාදනය, සැලකිය හැකිය. මෙම නව තාක්ෂණයෙන් අනාගතයේදී මිනිස් සංහතියේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගතහැකි වුවහොත්, එමගින් පාරිසරික ගැටළු රාශියක් නිරාකරණය වනු ඇත.