එකළ අධ්‍යාපන නිලධාරින් වශයෙන් අපට, සෑම පාසල් නිවාඩුකදීම, විද්‍යා සහ ගණිත
ආධුනික ගුරුවරු සඳහා, සේවාස්ථ පුහුණු නේවාසික කාර්ය සැසි පැවැත්වීමට
සිදුවිය. අප සමග සිටි පළපුරුදු ජේෂ්ඨ නිලධාරියෙක් පැරණි රසවත් කතා කීමට සමතෙක්
විය. මෙය ඔහුගේ කථාවකි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත පිටිසර ගමක, බන්ඩියා
සහ උක්කුවා නම් හේන් ගොවිතැන් කරන ගොවියෝ
දෙදෙනෙක් සිටියහ. යාබද හේන් දෙකක වගා කරන මේ දෙදෙනා ගජ මිතුරන් විය.
බන්ඩියාගේ හේනේ වැලක අති විශාල ලබු
ගෙඩියක් හට ගත්තේය. මෙම ලබු ගෙඩිය හොඳට වැඩී මෝරා තිබෙන විට, එතැනට පැමිණි උක්කුවා
හොඳ අදහසක් ඉදිරිපත් කළේය.
‘බන්ඩියෝ.... මේ ලබු ගෙඩිය හොඳට මෝරන්නට ඇරලා
මේකෙන් අපි ලබු කැටයක් හදමු.’
‘කිව්වත් වගේ, මේකේ වතුර කලගෙඩියක් විතර පුරවන්න
ඇහැකිනේ.’ කී බන්ඩියා යෝජනාවට එකඟ
විය.
ලබු කැටයක් සෑදීම වගේ සුකුරුතම් වැඩක් කිරීමට
හැකියාවක් නොතිබුණු බන්ඩියා එය සකස් කිරීම තම මිතුරා වන උක්කුවාටම භාර කළේය.
‘ඔන්න ගොය්යෝ.....! ලබ්බ මගේ. ලැබූ කැටේ වැඩ විතරක්...
ඔහේගේ ....! ’ කියා බන්ඩියා උක්කුවාට
විහිලුවක්ද කළේය.
උක්කුවා ලබුගෙඩිය හොඳින් වේලෙන්නට හැර, මදය
ඉවත් කර, විශාල ලැබූ කැටයක් සෑදුවේය. තරමක කලගෙඩියක අල්ලන තරම් වතුර දැමිය
හැකි ලැබූ කැටය හේනට වතුර ගෙන යාමට ඉතා හොඳ භාජනයක් විය. එහෙත් එය එල්ලා ගෙන යාමට
ක්‍රමයක් නොවිය. මේ සඳහාද කළහැකි දෙයක් උක්කුවාට කල්පනාවිය.
‘මේකට මම එළු හම් පටි වලින් උගයක් ගොතන්නම්.
සිදාදියෙන් එළු හම් පටි මුඩියක්, කාසිවලට
අරගෙන උගයකුයි, ඒකෙන්ම ලබූ කැටය එල්ලා ගෙන යන්න අත්තමකුයි හදන්නම්.’
බන්ඩියා මෙයට කැමති විය.
ටික දිනකින් උක්කුවා ලබුකැටයේ වැඩ නිම කළේය.
එවැනි විශාල ලබු කැටයක් හේන් යායේ කිසිවෙකු සතු නොවිය.
දැන් උක්කුවා තම හේනට වතුර ගෙන යන්නේ අලුත් ලබු
කැටයේය. මේ බව කිහිප වරක්ම දුටු බන්ඩියාට, එය අයිති තමන්ට නිසා, හිතේ තරහක්ද
ඇතිවිය. එසේ වුවත් මිතුරු කම නිසාම ඔහු නිහඬව සිටියේය.
ඉවසීමේ සීමාව ඉක්ම ගිය පසු දිනක් බන්ඩියා උක්කුවාගේ හේනට වතුර බීම සඳහා ගියේය. උක්කුවා කිසිවක් නොදන්නා සේ ලබුකැටයෙන් පොල්
කටුවකට වතුර ගෙන බන්ඩියාට බොන්නට දුන්නේය.
එය ප්‍රතික්ෂේප කළ බන්ඩියා ලැබූ කැටය බලෙන්ම
උදුරාගෙන යන්නට සුදානම් විය.
කලබලවූ , උක්කුවා බන්ඩියාට එල්ල කළ පහරකින් ඔහු කටින්
ලේ වගුරුවමින් සිහිසුන්ව බිම වැටිණ.
හේන් යායේ මුලාදෑනියාට විසඳීමට නොහැකිවූ නඩුව
අනුරාධපුර උසාවියට තබන ලදී.
ඒ කාලයේ ‘නඩුකාර හාමුදුරුවෝ’ සිංහලෙන් කතා නොකළහ.
පැමිණිලිකරුවන්ගේ සහ විත්ති කරුවන්ගේ ප්‍රකාශ
තෝල්ක මුදලි විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම සිරිත විය.
නඩුව අනුරාධපුර උසාවියේ කැඳවන ලදී.
එහිදී තෝල්ක මුදලි ‘My lord.... these rustic fools are from a
far off jungle village. It is an....... attempted murder.’ යයි හඬ නගා කීවේය.
කරුණු විමසීමෙන් පසුව ‘නඩුකාර හාමුදුරුවෝ’
විත්තිකාර උක්කුවා ඇමතීය.
‘What have you got to say about this incident?’
උක්කුවා දෙසට හැරුණු තෝල්ක මුදලි මහා හඬින් එය
වහා පරිවර්තනය කළේය.
‘යුෂ්මතා...., මේ ඇබැද්දිය ගැන කියන්නේ මොනවද?’
උක්කුවා යමක් කියන්නට උත්සාහ කළත් ඔහුගේ වචන පිට
නොවිය.
‘කතා කරනවා..... !. නැත්නම් කුඩුවට දානවා.’ තෝල්ක
මුදලි ඔහුට තරවටු කළේය.
මහත් අසරණ බවට පත්වූ විත්තිකරු කට වෙව්ලමින්
හෙමින් මෙසේ කිවේය
‘හාන්...ඳු....න්නනේ.........., ලබ්බ.... උගේ.' ..... 'උගේ...... මගේ’
හිස නමාගෙන සිටි ඔහු බෙහෙවින්
බැගෑපත් විය.
කිසිවක් නොතේරුණු බව පෙන්වූ විනිශ්චයකරු, තෝල්ක
මුදලිගේ මුහුණ දෙස බලාගෙන සිටියේය.
තෝල්ක මුදලිට සිංහල ඉංග්‍රීසි දෙකම සහ ස්ථානය
උසාවිය බවද අමතක විය.
‘මොකක්ද? තක්කඩියෝ කිව්වේ’ කියමින් ඔහු විත්තිකරු වෙත කඩා පැන්නේය.
මහත් බියට පත්වූ උක්කුවා ‘අනේ ..... පිං කරන..... ‘හාන්ඳු....න්නනේ.......,
ලබ්බ උගේ. උගේ මගේ’ යයි නැවත කීවේය.
‘What did he say?’ කියමින්, විනිශ්චයකරු තෝල්ක මුදලි දෙස රෞද්‍ර බැල්මක්
හෙලා බලා සිටියේය.
ඔහුට එම ප්‍රකාශය ඉංග්‍රීසියට පරිවර්තනය කළ නොහැකි බව නොහඟවමින්
‘My Lord the accused says that the “gourd is
his...... and his, is mine” that’s all’
‘What is t...h....a....t ? I can’t understand the English that you speak
and what you say............I can’t waste my time....... The case is dismissed.’!!
සැරෙන් කී විනිශ්චයකාර තුමා විත්තිකරු නිදහස් කළේය.
තෝල්ක මුදලි, තම තට්ට හිස කසමින් පසුබා සිටියේය.
ලබු කැටය වටා ලණුවලින් හෝ එළුහම් පටි තීරු වලින් සාදා ගන්නා බැම්ම සඳහා එකළ ගැමියා හාවිත කර ඇති වචනය "උගේ' යන්නයි.
තෝල්ක මුදලි ලබුකැටයේ “උගේ”
හැඳින්වීම සඳහා ඉංග්‍රීසි වචනයක් නොදත්තේය. මේ සඳහා ඔහු යෙදුවේ උගේ (ඔහුගේ) යන ඔහු දන්නා තේරුම
ඇති ‘his’ යන ඉංග්‍රීසි වචනයයි. අවසානයේදී
විතිකරුගේ සත්‍ය ප්‍රකාශය ගරුතර අධිකරණයට තේරුම් ගත නොහැකි විය.
කථාව උගේ. (සමාවන්න! ඔහුගේ.) ඉදිරිපත්කිරීම මගේ.
//කථාව උගේ. (සමාවන්න! ඔහුගේ.) ඉදිරිපත්කිරීම මගේ.//
ReplyDeleteThis is the best part
Good! that you have noted it !!
Deleteකියවිය යුතුම පෝස්ට් එකක්
ReplyDeleteස්තුතියි ඉයන්,
Deleteඔබගේ කොමෙන්ටුව ඉතාමත් සතුටින් පිළිගන්නවා
/ටික දිනකින් බන්ඩියා ලබුකැටයේ වැඩ නිම කළේය. එවැනි විශාල ලබු කැටයක් හේන් යායේ කිසිවෙකු සතු නොවිය./
ReplyDeleteදයා මහත්මයා....උක්කුවා නේද ලබු කැටේ වැඩ නිම කලේ? එතන ඊට කලින් වාක්‍ය දෙක තුනකත් නම මාරුවෙලා තියනව...:)
ස්තුතියි රවී,
Deleteනම් පටලැවිල්ල බේරුවා. තරමක් Dementia තිබෙන මගෙන් සිදුවෙන ඔහොම වැරදි පෙන්වනවාට නැවත වරක් ස්තුතියි. අපි රාජකාරි කරන කාළෙත් වැදගත් තීරණ ගන්නා විට හැමතිස්සෙම second opinion එකක් ගත්තා.දැන්නම් එහෙම ගන්න කෙනෙක් නැහැනේ.
ඒක නිසා මෙවැනි අතපසුවීම් පෙන්වා දීම සතුටින් භාරගන්නවා. තවත් තිබෙතොත් දන්වන්න.
නම් දෙක මගදී පැටලිලා.. ඒක හැදුවනම් හොඳයි.. උගේ= Harness?
ReplyDeleteමට හිතුනේ තෝල්ක මුදලි 'උගේ' ට කියන ඉංග්‍රීසි නම නෙවෙයි 'උගේ' කියන්නේ මොකක්ද කියාවත් නොදැන හිටි හැඩයි..
ස්තුතියි කල්‍යාණ,
Deleteඔන්න පටලැවිල්ල බේරුවා. මේ ගැන රවිත් කියා තිබුනා. කල්‍යාණ මිත්‍රයින් අවශ්‍ය වන්නේ මේ වගේ වෙලාවල් වලට නේ. ඔබටත් ඒ ගැන ස්තුතියි.
මේ වැඩේ හැටියට harness කියන වචනය යොදන්නටත් පුළුවන් වගෙයි. ඒ උනාට ඒ වචනය හරියටම යොදන්නේ අශ්වයින්ගේ පිට යනවිට සකස් කරගන්නා ආසනය, කටකලියාව, පා රැඳවුම වගේ සියල්ල ඇතුලත් කට්ටලය වාගෙයි මට මතක.
කථාව උගේ. (සමාවන්න! ඔහුගේ.)කෙමෙන්ට් මගේ.
ReplyDeleteස්තුතියි මෙන්ඩා
Deleteකෝ කොමෙන්ට්ස් නැහැනේ ?
මොකාගෙ උනත් කතාව මරු. ඒ කාලෙ දිසාපති තැනම නේද මහේස්ත්‍රාත් කමත් කරලා තිබෙන්නේ? මට මතක විදිහට නම් එහෙම තමයි ලෙනාඩ් වුල්ෆ් ලියා ඇත්තේ.
ReplyDeleteස්තුතියි සුරංග,
Deleteඔබ හරි. ලෙනාර්ඩ් වුල්ෆ් ලංකාවේ ඈත පිටිසර ගම්මාන වල විස්තර ලියන කාලේ සියළුම අධිකරණ, පොලිස්, පරිපාලන ආදී බලතල සියල්ලම තිබිලා තිබෙන්නේ Government Agent නමින් හැඳින්වූ දිසාපතිට තමයි.
තැබූ නිසා පැටලුනාලු වචනෙ තමයි උගේ
ReplyDeleteඑබූ එබූ බැලුවත් මේ සිද්දිය මරු රඟේ
ලබූ ගෙඩියෙ පටලැවිල්ල කොටි වලිගය වගේ
තැබූ නිසා මේ සටහන සිනා මැවෙන අගේ.....
ජයවේවා!!!
ස්තුතියි දුමි.
Deleteමිතුරන් දෙදෙන තම අයිතිය ගැනම කියා
ලබ්බක හබය ගැන නීතියෙ පිහිට සොයා
සිංහල නොදත් නිලදරුවන් හමුවෙ තියා
විත්තිය නිදහස්ය. නඩුවත් අහක ගියා
ඔබට ජයම !!
මේ කතාව කලින් අසා තිබුණා. නැවත මතක් කලාට ස්තුතියි!
ReplyDeleteස්තුතියි උදය,
Deleteපැරණි අමතකවූ රසවත් සිද්ධි නැවත මතක් වන විට හරිම සතුටක් ලැබෙන එක ස්වාභාවිකයි.
කතාවනං කලින් අහල තිබුණත් නැවත මතක්කළා කියල අවුලක් වෙන්නෙ නෑ.
ReplyDeleteස්තුතියි ප්‍රසන්න,
Deleteඅසා තිබුණු කතාවක් උනත් වෙන කෙනෙක් ආපසු කියන කොට, නම්ගම්, ස්ථාන ආදිය වෙනස් වෙන්නට පුළුවනි. ඒ වගේම ඉදිරිපත් කරන ආකාරයත් වැදගත් වෙනවා.
++++++++++++
ReplyDeleteස්තුතියි Pra Jay,
Delete" ..සැරෙන් කී විනිශ්චයකාර තුමා විත්තිකරු නිදහස් කළේය."
ReplyDeleteමේ නඩුව ගැන මා අසා ඇත්තේ තරමක් වෙනස් ලෙස යි.
පැමිණිලිකරු: ලබ්බ මගේ. උගේ උගේ. (ලබු කැටය මගේ ය. උගය ඔහුගේ ය.)
විත්තිකරු: ලබ්බ උගේ. උගේ මගේ. (ලබු කැටය ඔහුගේ ය. උගය මගේ ය.)
තෝල්ක මුදලිගේ පරිවර්තනය ගැන විනිසුරු තුමා අසන්තෝෂයට පත් වූව ද, ආරාවුලට බලවත් හේතුවක් තිබිය හැකි යයි විශ්වාස කළා.
ඒ අනුව නඩුව කල් තැබූ විනිසුරු තුමා සිංහල ගැමි බස හදාරා නඩුව විසඳූ බව යි මා අසා ඇත්තේ.
ස්තුතියි ලීල,
ReplyDeleteකලකට පස්සෙයි ඔබගේ comment එක දැක්කේ.
මේවා කටින් කට එන කතා නිසා ටික ටික වෙනස් වෙනවා. ඔබ කියන ආකාරය වඩාත් හොඳ වගෙයි පෙනෙන්නේ. ඔය කියන විනිසුරු තුමා නඩුව කල්දමා ගැමි සිංහල බස හොඳින් හදාරා පසුව විභාග කර නඩුව විසඳිම ගැලපෙනවා. එයින් ඒ විනිසුරු වරයාට සිංහල මිනිසෙකු වීම ගැන ආඩම්බරයක්ද තිබෙන බව හැඟෙනවා.