Tuesday, 12 October 2021

අමතක වීමක් නිසා සිදුවූ අකර තැබ්බයක්..........

 මා දකුණු පළාතේ විදුහලක සේවය කරද්දී විදුහල් ශිෂ්‍ය නිවාසයේම කාමරයක නතරවී සිටියෙමි. ශිෂ්‍ය නිවාසය භාරව සිටි මගේ මිත්‍ර ආරියරත්න, විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ  අතර විදුහලේ ජේෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම භාර ලුතිනන් වරයාද විය.

 

ඒ කාලයේ ඉතාම ජනප්‍රිය BSA මෝටර් සයිකලයක්ද ඔහුට තිබිණ. සති අන්ත වලදී අප දෙදෙනා මෝටර් සයිකලයෙන් ගමන් යාමට පුරුදුවී සිටියෙමු. ශිෂ්‍ය නිවාසයට යාමට පඩි කිහිපයක් නැගීමට තිබෙන නිසා රාත්‍රියට ප්‍රවේශම සඳහා මෝටර් සයිකලය පඩි උඩින් තල්ලු කර ආලින්දයට දැමීම අමාරුවෙන් වුවත් කළයුතු කාර්යයක් විය.

 

එක් සෙනසුරාදා දිනයක අප දෙදෙනාටම අවශ්‍යතාවක් සඳහා ගාල්ලේ බැංකුවකට යාමට සිදු  විය. අප දෙදෙනා මෝටර් සයිකලයෙන් ගාලු ගියෙමු. මට තවත් හිතවතෙකු හමුවීමට මාතර යාමට තිබුණු බැවින් ඒ බව ආරිට පවසා බස් රථයකින් මගේ ගමන ගියෙමි. ශිෂ්‍ය නිවාසයේ ගුරුවරු කවුරු හෝ සිටිය යුතු නිසා ආරි ඉක්මණටම ආපසු යන බව කිවේය.

 

මගේ හිතවතා හමුවී දහවල් ආහාරයත් ම්හුගේ නිවසින්ම ගත් මා සවස හයට පමණ ශිෂ්‍ය නිවාසයට පැමිණ පුරුදු පරිදි සාමාන්‍ය වැඩ වල යෙදී සිට, ආරිත් සමග රාත්‍රී ආහාරයද ගතිමි. තව ටික වෙලාවක් සතුටු සාමිචියේ යෙදී සිටි අපි  නින්දට සුදානම් වීමු.

 

මෝටර් සයිකලය ආලින්දයට දැමීම පිණිස එලියට ගිය ආරි, කලබලයෙන් මගේ කාමරයට පැමිණ

 

‘හරි වැඩේනේ, බයික් එක නැහැනේ. හොරෙක්වත් ගෙනිච්චාද දන්නේ නැහැ.’ හති ලමින්  මට කිවේය.

 

ඔහු විහිලුවක්‌ කරන්නේදැයි සිතු මා

 

‘එහෙනම් වෙන එකක් ගන්න එකනෙ  තියෙන්නේ ‘ කියා මමද විහිළුවක් කලෙමි.

 

‘මේ දයා, විහිළුවක් නෙමෙයි ඇත්තටම බයික් එක නැහැ. එළියට යමු ටිකක් බලන්න’


තරමක් අදිමදි කළ  මම ශිෂ්‍යයින් දෙදෙනෙකුටත් කතාකර, විදුලි පන්දමත් රැගෙන ආරි සමග එළියට ගියෙමි. නේවාසික සිසුන්ද මේ තොරතුර අසා කලබල වුහ. කෝකියෝ දෙදෙනාද සිද්ධිය සැලවී දුවගෙන ආහ.

 

ඇත්තටම වෙනදා තබන සථානයේ මෝටර් සයිකලය නැත. ටික වේලාවක් වටපිට සොයා බැලු අපි, සොරකමක් සිදුවී ඇති බව අනුමාන කර මේ බව පොලිසියට දැන්වීමට තීරණය කළෙමු.

 

වේලාව රාත්‍රී දහය පමණ වී ඇත. අපි පයින්ම පොලිසියට ගියෙමු. පැමිණිලි ලියා ගන්නා පොලිස් නිලධාරියා මුලික විස්තර සටහන් කරගත් පසු මෝටර් සයිකලය පිලිබඳ තොරතුරු දීම සඳහා ආරි ඔහුගේ කමිස සාක්කුවේ තිබුණු කඩදාසි කිහිපයක් පිටතට ගත්තේය. එසේ ගනිද්දී කුඩා කඩදාසි කැබෙල්ලක් බිමට වැටිණ. එය බස් ටිකට් පතකි. එය අහුලාගත් මම  ගුලිකර විසිකරන්නට තැත් කරන විටම, ආරි එය ඉල්ලා ගෙන නලළට අත තබාගෙන

 

‘හරි වැඩේනෙ, අද උදේ ගාල්ලේ ඉඳලා මම ආපසු ආවේ බස් එකේනෙ. ඔය ඒ බස් ටිකට් එකනේ. මෝටර් සයිකලය තවම බැංකුව ළඟනෙ’ කිවේය.

 

ඔහුගේ කියමනට  මට සිනහව මැඩ පවත්වා ගන්නට නොහැකි විය.

 

සිදුවන්නේ කුමක්දැයි වටහා නොගත් පොලිස් නිලධාරියා

 

‘ඉක්මන් කරන්න ඔය විස්තර ටික මට දෙන්න.’ යයි තරමක් උස් හඬින් කිවේය.

 

මහත් අසීරුවට පත්වූ ආරි ගොත ගසමින්

 

‘.....රාලහාමි.  ම් ...ම් ...ම්   පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා’ යයි තතනමින් කිවේය.

 

‘මොනවා ...... දැන් බයික්  එක නැතිවූ බවක් නේද කිව්වේ. මොකක්ද මේක බොරු පැමිණිල්ලක්ද ?’

 

 ‘නැහැ රාලහාමි අමතක වීමක්’

 

‘මොකක්ද මට තේරෙන්නේ නැහැ මේ දෙබිඩි බාසාව. පැමිණිල්ල දානවද නැද්ද කියන එක විතරක් මට කියන්න.’

 

ආරි බිරාන්තව සිටින විට මම විස්තරය කීවෙමි.  උපහාසාත්මක සිනහවක් පැ පොලිස් නිලධාරියා, විහිලුවට මෙන් පරුෂ වචන කිහිපයක්ද කියා .........

 

‘දැන් මේ පැමිණිල්ලේ කොටසක් ලියලා. මේක කැන්සල් කරන්න බැහැ. එහෙනම් මේක ‘ඉල්ලා අස් කර ගන්නවා’ කියා යටින් ලියා අත්සන් කරන්න’ කියමින් 

 

පැමිණිලි පොත අප දෙසට තල්ලු කළේය. මටද, පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීම පිලිබඳ සාක්කියකට අත්සන් කරන්නට සිදුවිය.

 

මහත් ලැජ්ජාවට පත්වූ අපි පොලිස් නිලධාරියාට ස්තුති කර එන්නට සැරසෙන විටම  ඔහු යළි  අප ඇමතීය. 

 

‘එහෙම යන්නට බැහැ. මෝඩ වැඩ කළාට නීතියට අනුව පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීම ඕ අයි සි අනුමත කරන්නට ඕනෑ. යමු ඕ අයි සී  ගේ කාමරයට’

 

යයි කියා අප සමග පොලිස් ස්ථානාධිපතිගේ කාමරය ඇතුළට ගියේය.

 

ස්ථානාධිපතිපති වරයා විස්තරය අසා, සාවඥ  සිනාවක් පා,

 

‘මෝටර් සයිකලයේ පාරේ යන කොටවත් සිහි බුද්ධියෙන් යන එක හොඳයි.’

 

කියමින් පොලිස් පොතේ අවලංගු කළ පැමිණිල්ලට අනු අත්සනක් තැබිය.

 

කිසිවක් කතා නොකර පොලිසියෙන් පිටතට පැමිණි පසු

 

‘දැන් ඉතින් මොකද කරන්නේ.’  කියා මම ඇසීමි.

 

‘බයික් එක බැංකුව ඉදිරිපිට දැම්මේ. රෑ උනාට කරන්නට දෙයක් නැහැ. මේ දැන් වාහනයක් කුලියට අරගෙන යමු.’ ආරි කිවේය.

 

කළ හැකි වෙනත් කිසිම දෙයක් නොමැති නිසා මම ඔහුගේ යෝජනාවට කැමති වීමි.

කුලී රථයකින් නැවත ගාල්ලට යන විට  රාත්‍රි දොළහ ට ආසන්නය.

 

එදින උදේ  ආරිට තවත් සගයෙක් මුණ ගැසී ඔහු සමග කතා කරමින් ගොස් මෝටර් සයිකලය ගැන අමතකවී, බස් රථයෙන් ආපසු ගිය බව ඔහු නැවතද මා සමග කියා

 

‘ඔය වගේ අමතකවීම් කාටත් වෙනවා.’ කියාද කිවේය.

 

‘මම නිශ්ශබ්දව නොඇසුනා මෙන් සිටියෙමි.’

                                                   _         _         _          _          _

 

අප දෙදෙනා කුලී රථයකින් ගාල්ලේ බැංකුව අසලට යනවිට, මෝටර් සයිකලය වටා පිරිසක් රැස්වී සිටින බව අපි දුටුවෙමු. ඒ අය පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ බැංකුවේ ආරක්ෂක නිලධාරින්  කිහිප දෙනෙකි.

 

පිරිස අතරින් පොලිස් නිලධාරියා වෙත ගිය ආරි ‘සමාවෙන්න රාළහාමි. මේ බයික් එක මගේ.’ කියා බැගෑපත් විය. 

 

‘හා ..... හා.... ඔයාද අයිතිකාරයා. අද උදේ ඉඳලා මෙච්චර වෙලා මොන .......... ගියාද ? අපට පණිවුඩයක්‌ ලැබුනා මේ  මෝටර් සයිකලය අත් අඩංගුවට ගන්නටය කියළා.’ පොලිස් නිලධාරියා කිවේය.

 

‘රාලහාමි මේ පොඩි අමතකවීමක්   උනේ. මෙන්න මගේ විස්තර’ කියා ආරි ඔහුගේ ලියවිලි පොලිස් නිලධාරියාට පෙන්වා මෝටර් සයිකලය නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටියේය.

 

‘එහෙම කරන්නට බැහැ. මේක ඉහළින් ආපු නියෝගයක්. පොලිසියට යන්නට වෙනවා.’ කි පොලිස් නිලධාරියෙක් මෝටර් සයිකලයේ යතුර ඉල්ලා ගත්තේය.

 

නැවත ගාල්ල පොලිසියේ රස්තියාදු  වීමට සිදුවිය. අප දෙදෙනාගෙන් සහ බැංකු ආරක්ෂක නිලධාරියාගෙන් කට උත්තර ලබාගෙන  මෝටර් සයිකලයේ යතුර අයිතිකරුට භාර දෙන විට අලුයම දෙක පසුවී තිබිණ.

 

මෙය නොසැලකිල්ල නිසාම නොව අවධානයෙන් තොර බව නිසාම සිදුවන අමතකවිමකි. Absent-mindedness යනුවෙන් හඳුන්වනුයේ මෙවැනි අමතක වීම්ය. මිට පෙර සහ පසුවත් අමතක විම් නිසා ඔහුට සිදුවී ඇති බොහෝ සිද්ධි ගැන කල්පනාකාර බලන විට මෙය ඔහුගේ චරිත ලක්ෂණයක් බව පැහැදිලි වේ.

 

මෝටර් සයිකලයේ අයිතිකරු වන ආරි ඔහුගේ දරුණු අමතක වීම  නිසා දැඩි අසහනයකට පත්විය. මධ්‍යම රාත්‍රියේ කුලී වාහනයකින් ගිය ගමන  සඳහාත් ඔහුට ලොකු මුදලක් වැය කිරීමට සිදුවිය.

 

බොහෝවිට මෝටර් සයිකලයේ පිටුපස ආසනයේ ගමන් බිමන් යන මට ද මිත්‍රයා වෙනුවෙන්, නිදි වරමින් හාස්‍යය මුසු  පිඩාවක් විඳීමට සිදුවිය..   


46 comments:

  1. කෝමද කවුරු හරි බැංකුව ළඟිනුත් උස්සල තිබුණ නං. වහ කාල ආයෙත් කන්න වෙනව 😂😂😂😃😃😃
    මරු සිහිය තමා ඒක. 😃😃

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් , කාලෙකට පස්සේ හමුවුයේ.
      ඒ සිද්ධියේදී ස්ථාන කිහිපයකම ඉවසන්නට බැරි තරම් සම්ච්ච්ච්ලයට පත්වූවා. ඒ උනත් එය යම්කිසි මානසික අඩුපාඩුවක් බව කිසි කෙනෙක් සිතුවේවත් නැති එකයි පුදුමය.

      Delete
  2. හොඳ කතාවක්. මතු පිටින් පෙනෙන හිනා කතාව රසවිඳින්න බාදාවක් වුනේ නෑ.

    ඒත් අමතක වීම, වලක්වා ගැනීමට අමතර ක්‍රමවේද පාවිච්චියට පුරුදු වෙච්ච සතෙක් විදිහට බැලුවාම, මට හිතෙන්නෙ වෙනස් දෙයක්. මිනිස් මොලය තාමත් හරියටම නොදන්නා,හරිම සංකීර්ණ යන්තරයක්. කෙටි මතකයෙන්, දිගු කාලීන මතකයට ගිහින් දානව, හයි-ස්පීඩ් කෙටි මතකයෙ එකේ කුපෑසිටිය අඩු නිසා. දිගු කාලීන මතකයෙ තියෙන්නෙ, මතක කෑලි. එව්වා එකතු කරලා ආයාසයකින් තමයි, සිද්ධිය ප්‍රති නිර්මාණය කරගන්න වෙන්නෙ.

    කිසිම දෙයක් අමතක නොවෙන, අසාමාන්‍ය මිනිසුන් ඉන්නවා. නිකන් දුන්නත් මට නං ඒ "වරම" එපා. ජීවිතේ අමතක කලයුතු අඳුරු, අමිහිරි මතක මටත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ සඳහන් කර තිබෙන මානසික තත්ත්වය මෙවන් සිද්ධි වලදී බලපාන බව එකහෙළා පිළිගත හැකියි. එහෙත් මා සඳහන් කළ පුද්ගලයා මේ දුෂ්කරතාවයට මුහුණ පෑවේ කාර්යය කිහිපයක් අනුපිලිවෙලට කිරීම සඳහා සූදානම් වූ අවස්වථාවලදී බව මට නිරීක්ෂණය කරන්නට ලැබුණා.

      Delete
    2. https://www.youtube.com/watch?v=5J9QcYDs5Jg

      Delete
  3. Mahesh තමයි පාර පෙන්නුවෙ.
    තංගවේලු සර්ගෙ කතාවත් බැලුව. නියමයි. ස්තූතියි. ආයෙ එන්නම්.🙏👌😊

    ReplyDelete
    Replies
    1. මුලින්ම පාර පෙන්නුවාට මහේෂ්ට ස්තුතිය,
      ඊළඟට පාර වරද්දා නොගෙන පැමිණියාට ඔබට ස්තුතියි.
      අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ භූමිකා වල වසර පණහක් පමණ කරක්ගැසිම නිසා මතකයට එකතුවූ රසබර සිද්ධි, කකුල් මාට්ටු දැමීම්, කැපිලි කෙටිලි ආදියත් ඉඳහිට හෝ ශාස්ත්‍රීය සටහනක් දෙකක්ද ලියා තැබීමටයි මගේ පිටුව වෙන් වන්නේ. ඔබද එයට සාදරයෙන් පිළි ගන්නවා. ඉදිරියේදී නැවත හමුවෙමු.

      Delete
    2. බසු මගේ බ්ලොග් රෝලේ එල්ලලා තියෙන්නේ

      Delete
    3. හැබෑට බස්සා මේ පැත්තේ ඇවිත් තිබ්බේ නැද්ද කලින්? මම හිතුවා පරණ කස්ටමර් කෙනෙක් කියලා. මේ මගේ තාත්තා :)

      Delete
    4. උන්දෑ ගල් ආඳා, ඇවිත් ලිස්සලා යන්න ඇති. ඔය දැන් කියන්නෙ, ඒ පරණ වැරදි හදාගත්තා කියලා. ප්‍රාජේ ඉගැන්නුවලු, ආවොත් වැටක්වත් ගහල යන්න කියලා.🤔

      Delete
  4. https://en.m.wikipedia.org/wiki/Finding_Dory

    ReplyDelete
  5. අප්පොච්චියේ මටත් ඔහොම ලඟින් ගිය සිදුවීම් උං හැටි මතකයි මට හොඳ හැටි මතකයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. විවිධ ය නිසා මා අත්විඳි මෙවැනි සිද්ධි එමටයි. ඉඩකඩ ලැබෙන පරිදි තව ලියනවා.

      Delete
  6. දයානන්ද ගුණවර්ධන මහතාත් ඔය වගේ අමතකවීම් වලට නම් දරා සිටියා. කාරෙකෙන් ගුවන් විදුලියේ වැඩට යන ඔහු බස් එකේ ගෙදර ඒම සාමාන්‍ය සිදුවීමක් වී තිබුණා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප මල්ලි, කාලෙකින්නේ හමු වූවේ. නැවතත් රසබර තොරතුරු වලින් හමුවෙමු.

      Delete
    2. සමහර බ්ලොගර්ලා, බ්ලොග් බ්ලොග් කීපයක් ලියනවා. උදාහරණයක් විදිහට, හැලපෙගෙ ප්‍රොෆයිල් එක බැලුවාම("හැලපයා"උඩ ක්ලික් කරාම)
      මෙතනට ගෙනියනවා.
      https://www.blogger.com/profile/14910441607831391629
      මේ ලින්ක් එක හයිලයිට් කරලා, රයිට් ක්ලික් කලාම, Go to...කියන ඔප්ෂන් එක එනවා. ඒකෙනුත් ගියෑකි.

      ඔතන තියනවා හැලපෙගෙ දෙවන බ්ලොග් එක - සිත්ගත් සාහිත්‍ය කලාකෘති. අපූරු, ඒත් අප්‍රකට බ්ලොග් එකක්. මම සිංඩිවල දැකලා නෑ. දැක්කත් ලියන්නෙ හැලපෙ කියලා දන්නෙ නෑ.

      මේ ටික සමහරු දන්නවත් ඇති. ඒත් ඔන්නොහෙ ලියලම දානවා.😂

      Delete
  7. Replies
    1. / මේ එවැනි තව සිදුවීමක් /
      ඒ කියන්නේ මෙවැනි සිදුවීම් නිතර අසන්නට ලැබෙන වගෙයි මට දැනුනේ. මටත් ඒ ආකාරයට බොහෝ දේ මතකයට නැගෙනවා. ඔබගේ සිද්ධිත් අසන්නට කැමතියි.

      Delete
    2. ඔව් දයා මහත්තයා. මගෙ උඩ කමෙන්ටුවට උඩ ක්ලික් කරන්න... එතනිං දැක බලාගන්න ම පුලුවන්

      Delete
    3. ක්ලික් කළා. බැලුවා.හරියට හරි. හොඳට ගැලපෙනවා.

      Delete
  8. අවසානය තෙක් ආසාවෙන් කියෙව්වා. නින්දෙන් ඇවිදින යාළුවෙක් එහෙම හිටියෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. එහෙම අය ගැනත් අසා තිබෙනවා අනුරුද්ධ. මටනම් එවැනි අය හිටියේ නැහැ. ඇඳෙන් බිමට වැටෙයි කියා නිතර හිතන යාලුවෙක් නම් සිටියා. එයා ගැනත් පස්සේ ලියන්නම්. මතක් කළාට ස්තුතියි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. https://www.youtube.com/watch?v=EPswZybAwd8

      Delete
    4. ඒ කථාවත් කියවන්න බලාගෙන ඉන්නවා.

      Delete
  9. පේරාදෙණියේ හිටියා මෙවැනි අමතක වීම් ගැන සුප්‍රසිද්ධ බොගහවත්ත කියා මහාචාර්යවරයෙක්, පොලීසියත් කාරනේ දන්න නිසා ගෙදරට කෝල් එකක් දාලා අහනවලු ඊයේ මහාචාර්යතුමා පොලේ ගියාද කියා.

    මීට ටිකක් සමාන ඉතාම කණගාටුදායක සිද්ධියකුත් මතක් වෙනවා, නිතරම වාහනයෙන්ම යන්න පුරුදුවෙලා හිටි අයෙක් රෝගීව රෝගලේ නැවතී සිටියදී උණ විකාරයට හරි හමන් සිහියක් නැතිව රෝහලෙන් පිටවෙලා ගෙදර යන්න ගිහින්, වාහන ගාලට ගිහින් තමුන්ගේ වාහනය වගේ පෙනුමැති එම මොඩලයේම වාහනයක නැගලා තමන් සුපුරුදු පරිදි යතුර තබා තියන තැනම තිබී එහි යතුරත් හොයාගෙන වාහනය ස්ටාට් කරලා, ළඟපාතක සිටි වාහනයේ අයිතිකරු කෑගසීමේදී මිනිසුන් වටවෙලා පහරදිලා, පොලීසියට ගෙනිහින් එතැනදීත් පහරදීම නිසා මියගියා.

    ReplyDelete
    Replies
    1. අපොයි, හොයල බලන්නේ නැතිව ගහනවද එහමත්

      Delete
    2. අපටත් සිටි Zoology මහාචාර්ය වරයාත් කළුලෑල්ලේ එක එක පාට රටහුණු වලින් හරිම පිළිවෙලට රූප සටහන් අඳින ගමන් සමහර විට අතින්ම මකනවා. එයාගේ කෙස් රොදක් තිබුණා නිතරම මුහුණට වැටෙන. ඒ වෙලාවට කරන්නේ මුහුණ අතින් පිස දමන එකයි. සමහර දිනවල පැයක දේශනය අවසාන වන විට මහාචාර්ය වරයාගේ මුහුණ 'වඩිග පටුණේ' වෙස් මුහුණක් වාගේ එක එක පාට රටහුණු කුඩු වලින් වර්ණවත් වෙලා.

      Delete
    3. වීරසේකර සර්, ඒ කතාවත් තංගවේලු සර්ගෙ කතාව වගේ ඇති නෙව? ලියමුද?🙏🤔😉

      Delete
    4. ඇණයා,

      මම ගිහින් වීඩියෝව බලල ආවා. පට්ට, දීපු නිසා නෙව දැක්කෙ, නැතනම් ජීවිතේට හොයා ගන්න බෑ? අද වෙලා තියෙන්නෙ, තියෙන දැණුම හොයා ගන්න අමාරු කමයි. ඒකම තමයි, අපි අදාල තැන, අදාල දේ ලින්ක් කරන්න ඕනෙ.

      ඇණයටත් කියන්න කතා ඇති, ලියමුද? දැන් මේක ඉන්න බල්ලොත් බ්ලොග් ලියනව, සෑර්. පිලිවෙලකටම ලියන්න ඕනෙත් නෑ, කැමති වෙලාවට, කැමති දෙයක් ලියන්න. මටත් ඇණ ඉතිහාසයක් තියනවා. මම ඒව ලියන්නෙ නෑ.😂

      අනික හිතාගෙන ඇති, මාත් පිලිවෙලකට ලියයි කියලා? මොන? බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑනෙ, සර්?🤣

      Delete
    5. හිතවත් ටොමියා,
      මට ඔබ කලින් හමුවී නැතුවා වගෙයි. මගේ හෑලි කියවීමට පැමිණීම ගැන ස්තුතියි.

      ඔබ ඉල්ලා ඇති පරිදි අපේ Professor ගේ කතාවත් ලියන්නම් (එහි හාස්‍යය නිසා පමණයි. අපහාසයක් කිරීම සඳහා නම් නොවෙයි)

      ඔබගේ 'ටොමි' Blogger සංකේතයනම් හරි අගෙයි. මට මතක් වෙනවා, ඔය හැඩයේම, ඔය ආකාරයේම හරිම හිතවත් 'ටොමියෙක්' කලකට පෙර අපටත් හිටියා. එයාගේ නම "Misha"
      ඒ උනාට එයා ටිකක් ආඩම්බර කාරයෙක්. එයා නාඹර වයසට පැමිණි පසු ගෙදර තාප්පයෙන් පිටට පැන පොඩි රස්තියාදුවක යනවා. ආපසු ඇවිත් තාප්පයෙන් ගෙදරට එනවා වෙනුවට ගේට්ටුව ලඟ එළියෙන් සිටගෙන විවිධ ශබ්ද නගා ගේට්ටුව ඇරීමට අපට අණ දෙනවා. අපටත් එයාට කීකරු වී ගේට්ටුව අරින්නට සිදු වෙනවා. මෙන්න මෙහෙමයි අපට සිටී හිතවත් 'ටොමියා' /බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑනෙ,/

      Delete
    6. තාත්තයි, දුවගෙයි කතාබහේදි " එයා ගැන නම් කියන්නම ඕනෙ" කිව්වාම. මට හිතුනෙ, ඒ කිව්වෙ "ටුටූ" ගැන කියලයි. දැන් හිතෙනවා ඒ "Misha" වෙන්න ඇතියි කියලත්.🤔

      Delete
    7. ආව සර්, මාත් ඔය කරක් නොගහපු තැනක් නෑ. ඒත් ඉස්සර ඇවිත් කතාව බලලා, හෙමීට ලිස්සලා ගියා. දැන් තමා, ආවොත් අඩුම ගානෙ වැටක් වත් ගහල යන්නෙ.

      වැට ගහන්නෙ මෙහෙමයි:
      +++++++++++++😊

      වැට කියන්නෙ, දිග ධනාත්මක කතාවක් කෙටියෙන් කියන එක කියලා, ප්‍රාජේ සෑර්ගෙ බොක්සරයා තමයි කිව්වෙ. එයා හොඳට පොත් කියවන දැණුම් තේරුම් තියන සතා.

      දේශපාලනේ වගේ "දැලි පිහියෙන් කිරි කන" ලිපියක් නං "හ්ම්.." කියල ලිස්සන හැටිත් කියල දුන්නා

      ඔබතුමා ඇවිත්, මේ ගැන අදහස් දැක්කුවොත් අපට වටිනවා:
      https://balunakuta.blogspot.com/2021/10/blog-post_14.html🙏😊

      Delete
    8. ටොමියා හරියට හරි ඒ ටුටූ තමයි. තාත්තාට බල්ලොන්ගේ නම් පැටලිලා!ටුටූ තමයි අපිට හිටිය ආඩම්බරම බල්ලා. ඌ හිතාගෙන හිටියේ ඌ පවුලේ බාලයා වුණු මටත් වඩා ඉහළින් හිටියා කියලා. හැබෑට ටුටූගේ මූණුවර ටොමියාගේ වගේ තමයි. :D

      Delete
    9. මදැයි මටත් අමතක වීම් ගැන ලියන්න ගිහිල්ලා ගෙදර හිටපු බල්ලන්ගේත් නම් මාරු උනා. මෙය අමතක වීමකට වඩා මාරු වීමක්. මලී කියන නම තමයි නිවැරදි බලු නම 'Tutoo'.
      ඔය Misha ත් අමුතුම character එකක්. එයාට කන් ඇහෙනවා අඩුයි. බොහෝ ප්‍රතිකාර කළා. උපතේ සිටම දෝෂයක්. ඒ නිසා එයා නිදා සිටින විට කූද්දා ගැනීම සඳහා පොඩි ගල් කැටයකින් ගහන්නට වෙනවා. එය ඇඟේ වැදුණු විට උඩ ගිහින් ඇහැරෙනවා.

      Delete
  10. මරු කතාව. මට ඔය වගේ අමතක වෙන දෙයක් තියනව. ගෙදර යතුර තියෙන තැන. බිරින්දෑ එනිසාම දැක්ක තැනකින් අරන් ගිහින් එල්ලනවා බෝඩ් එකේ.

    ReplyDelete
    Replies
    1. මේ යතුරු තියපු තැන අමතක වීම නම් ඉතාමත් සුලභ වගෙයි. දැනට වසර විස්සකට පමණ ඉහතදී මගේ යහළුවෙකුගේ Brief case එකේ යතුර නැතිවෙලා. Duplicate යතුර ඊට කලින්ම අස්ථානගත වෙලා. ඒකේ තිබුණු ලිපි ලේඛන කිහිපයක් පසුවදා අත්‍යාවශ්‍ය රාජකාරි වැඩකට අවශ්‍ය වෙලා, Brief case එකේ locks කඩන්නට වුනා. ඊට ටික වේලාවකට පස්සේ ඔහුගේ බිරිඳගෙන් call එකක් ලැබුණා, Laundry එකෙන් දැන්වූ බව කලින් දින dry clean කිරීම සඳහා දුන් කලිසම් සාක්කුවක යතුර තිබුන බව.
      මේ පලහිලව් නිසා වෙන්නට ඇති දැන් විශේෂයෙන්ම මෝටර් රථ වාහන වල යතුරු වලට, බොහෝ විට ඉලෙක්ට්‍රොනික මෙවලමක් සවි කර තිබෙන්නේ.

      Delete
    2. මගේ පර්ස් එකේ,අමතර වාහන යතුරක් තියනවා. පිලිවෙලක් නැති සතෙක් වුනත්, මම හැමදෙයක්ම තියෙන නිශ්චිත තැනක් තියනවා. එතකොට ගේ පෙරගෙන හොයන්න ඕනෙ නෑ. අද රෑ ක්‍රෙඩිට් කාඩ් ගෙවන්න ඕනෙ නං, පර්ස් එක ගෙනැල්ලා, කම්පූටර් මේසෙ උඩ තියනවා.

      ඔය වගේ ක්‍රමවේද අනුගමන නොකල නං, මගේ බයිසිකලෙත් තාම බැංකුව ගාව.😂🤣

      Delete
    3. ඒක නොවෙන්නම්. එක එක්කෙනාට ආවේනික ක්‍රමවේද වලින් කවුරුත් අමතකවීම් වලින් බේරී යන්තම් ජාම බේරා ගන්නවා. මගේ මිත්‍රයාටත් ඔය වගේ උපක්‍රම තිබුණ බව පසුව දැනගත්තා. ඒ උනත් එයාට මේ අවස්ථාවේදී ඒ උපක්‍රමත් අමතක වෙලා. ඒකයි ප්‍රශ්නය වී තිබෙන්නේ.

      Delete
  11. මේක නම් පුදුම අමතක විමක්‌. කූඩේ අමතක වීම, කආර් බූට් එකේ යතුර අමතක වීම නම් ම‍ටත්‍ පුරුදුය්

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ඔය අමතක වීම් වලත් විවිධ මට්ටම තිබෙනවා. ඔබ කියන වර්ගයේ ඒවා කාටත් පොදු හිරිහැරදායක තත්ත්වයෙන් අඩු ඒවා. මෝටර් සයිකලය හෝ මෝටර් රථයේ ගිය බව අමතකවී බස් එකේ ගෙදර එන එකනම් අර කියපු ශ්‍රේණියේ ඉහලම ඒවා ලෙස සැලකිය හැකිය. ඔය අතර තවත් මට්ටම් කිහිපයක අමතක වීම් තිබිය හැකියි.

      Delete
  12. ඇති දක්ෂ අයට (genius) මේ වගේ අමතක වීම් බහුල බව මම අහලා තියෙනවා. මම දන්නා ඒ වගේ අමතක වෙන අය කීප දෙනෙක් ඉන්නවා. වැඩ ඇරිලා ගෙදර යන්න අමතක වෙන, බස් එකෙන් බහින්න අමතක වෙන, ළමයාව ඉස්කෝලෙන් ගන්න අමතක වෙන වගේ අය. ඒ දෙතුන් දෙනාම ඉංජිනේරුවෝ :)

    ReplyDelete
    Replies
    1. මෙන්න Life experience එකක්. අපේ ඉංජිනේරු සගයෝ මෙය කියවා කලබල වෙන්නට එපා.
      ඒ කියන්නේ, 'අමතකවීමේ ප්‍රවණතාව මොළයේ ධාරණය කරගැනීමේ ධාරිතාවට සමානුපාතික බවයි'

      Delete
    2. 'අති දක්ෂ අයට (genius) මේ වගේ අමතක වීම් බහුල බව' පොඩ්ඩක් හිත හදාගන්න පුලුවන්වුනා ඒ ටික කියවලා.

      'මෙය නොසැලකිල්ල නිසාම නොව අවධානයෙන් තොර බව නිසාම සිදුවන අමතකවිමකි'.තවත්/වෙනත් දෙයකට වැඩියෙන් අවධානය දීම (hyper focus) නිසා වෙන්නත් පුලුවන්.

      Delete