Thursday, 7 November 2019

කෙසෙල් පිලිබඳ ගැටලුවක්…මෙය කූට අර්ථ නිරූපනයක්ද ?


       Face Book  සටහනක තිබුණු, පහත දැක්වෙන ඡායාරුපය දැක, මට මේ ගැන තවදුරටත් සොයා බැලීමට සිතුනි. මට පෙනෙන ආකාරයට,  එක්කෝ මෙය පරිගණක ප්‍රයෝගයක් මගින් කළ දෙයක් හෝ බාහිරින් සොයා ගත්  අංග කෙසල් කැනකට සුක්ෂම ලෙස අමුණා, ගන්නා ලද ඡායාරූපයකි
                                                                
මේ ගැන තවදුරටත් විමසිලිමත් වීමට පෙර, අප කවුරුත් හොඳට දැක පුරුදු ඇති කෙසෙල් ශාකයක බාහිර ලක්ෂණ සහ භ්‍යන්තර ව්‍යුහය පිලිබඳ සොයා බලමු.  
කෙසෙල් ශාකය, සාමාන්‍ය    ව්‍යවහාරයේදී  ගසක්ලෙස හැඳින්වූවත්,  එයට දැවමය කඳක් නොමැති නිසා එය ගසක් නොවේ. සාමාන්‍ය  ව්‍යවහාරයේ කෙසෙල් 'අලය' ලෙස දැක්වෙනුයේ කෙසෙල්  ශාකයේ  භූගත කඳ (underground stem )වේ. මෙම භූගත කඳ රයිසෝමයකි. (ඉඟුරු ශාකයක මෙනි) සාමාන්‍ය  ශාකයක වායව කඳක මෙන් මෙහිද, ත්‍ර  කක්ෂ (axils), ත්‍ර  (leaves),  කක්ෂීය අංකුර (axillary buds), පර්ව (internodes), ග්‍රස්ථ අංකුරය (terminal bud)  ආදී සියලුම ව්‍යුහ  ඉතාමත් සංයුක්ත (එකට බැඳී ඇති) ආකාරයකට රයිසෝමයේ  පිහිටයි.පොලොව යට තිබෙන නිසා ත්‍ර  පවතිනුයේ දුඹුරු පැහැති  ශල්ක ත්‍ර  (scale leaves) ලෙසටය. කෙසෙල් රයිසෝමයෙන්  සෑදෙන අංකුර නැතහොත් මොටෙය්යෝ කක්ෂීය අංකුර වේකෙසෙල් පැලයක් වැඩෙන විට, රයිසෝමයේ ඇති ග්‍රස්ථ අංකුරය වටා ඇති ශල්ක ත්‍ර  පොළොවෙන් උඩට වැඩී, ඒවායේ පටක වල ජලය රැස්කර මාංශල වී සියල්ල රවුමට එකකට එකක් පිටින් සිටින සේ සකස් වී, කෙසෙල්  කඳ සෑදෙයි. මේවායේ එකිනෙක ග්‍රයේ, ශක්තිමත් වෘන්තයක් (petiole) සහිත විශාල ත්‍ර  හටගනී. ආලෝකයට නිරාවරණය වන ත්‍ර  වල, ප්‍රභාසංස්ලේෂණය සඳහා හරිතප්‍ර තිබෙන නිසා කොළ පැහැයෙන් යුක්තය  මේ නිසා ඉඟුරු පැලයක් සහ කෙසෙල් පැලයක් ව්‍යුහය  අතින් බොහෝ දුරට සමාන වේ. මෙසේ මාංශල ගතියකින් යුක්ත කෙසෙල් ව්‍යා කඳ (pseudo-stem) නිසා ශාකය ඍජුව වැඩේ
කෙසෙල් ශාකය පරිණත වන විට, රයිසෝමයේ ඇති ග්‍රස්ථ අංකුරය, ත්‍ර  නිපදවීමේ ක්‍රියාවලිය වෙන අතකට හරවා, පුෂ්ප මංජරියක් සකස් කිරීමේ කෘතියක් ඉටු කරයි. මේ ආකාරයට කෙසල්කඳභ්‍යන්තරයේ ළදරුකෙසෙල් මුවයහටගනී. සමගම මුවයට පහලින් ඇති කොටස ඉතා ඉක්මණින්  වර්ධනය වීකෙසෙල් බඩය  ලෙස වේගයෙන් විකසනය වෙමින්  කෙසෙල් මුව ඉහලට තල්ලු කිරීමට පටන් ගනී. අවසානයේදී හොඳින් පරිණත වූ කෙසෙල් මුව ශාකයේ මුදුනින් එලියට පැමිණේ. සාමාන්‍ය  ව්‍යවහාරයේ කෙසෙල් ශාකය  ‘පීදීමලෙස හඳුන්වනුයේ මෙම ක්‍රියාවලියයි.    

  

                                              
කෙසෙල් මුවය,  විද්‍යාත්මකව, කෙසෙල් ශාකයේ පුෂ්ප මංජරියයි. කෙසල් මුවයේද සාමාන්‍ය කඳක  මෙන් ත්‍ර  කක්ෂ තිබේ. මෙම කක්ෂ වල හටගන්නා දුඹුරු පැහැයට හුරු විශාල ව්‍යුහ, නිපත්‍ර  (bracts) ලෙස හැඳින්වේකෙසෙල් මුවයේ නිපත්‍ර  අක්ෂ වල, පුෂ්ප තිරස් පොකුරු ලෙස හට ගනී. බොහෝවිට මෙසේ මුලින් හටගන්නා පුෂ්ප ද්විලිංගික වේ. පුෂ්ප පරාගණයෙන් පසු කෙසෙල් ඵල (ගෙඩි) සෑදී කෙසෙල් ඇවරි බවට පරිවර්තනය වේ.   

            
සාමාන්‍යයෙන් එක කෙසෙල් කැනක  ඇවරි  දහයක් දොළහක් පමණ හටගනී. මීට පසු පුෂ්ප මංජරී අක්ෂය බොහෝවිට මුවයත් සමග තවත් දිගට වැඩේ. පසුව හටගන්නා   පුෂ්ප පොකුරු වල ඇත්තේ   පුං (male) පුෂ්ප පමණකි. මේවායින් ගෙඩි හට නොගනී.  මෙම නටුවේ කිසිම අක්ෂයක, අක්ෂීය අංකුර නොමැති නිසා  අලුතෙන් මුවයක් හටගැනීම සිදුවිය නොහැකිය
දැන් ඉහත ඡායාරුපය දෙස බලමු. මෙහි පෙනෙන ආකාරයට, මුල් කෙසෙල් කැනෙහි කෙසෙල් ඇවරි  සකස් වූවාට  පසු තවත් අංකුර  නිපදවිය නොහැකි පුෂ්ප මංජරී අක්ෂයට, මුව සහිත මංජරී අක්ෂ රාශියක් කෘතීම ලෙස බද්ධ කර ඇති බව පැහැදිලිව පෙනේ.
මේ  නිසා මෙය  තාක්ෂණය   භාවිත කර, කියවන්නන් නොමග  යැවීමේ බොළඳ අදහසක් බව සඳහන් කළ  හැකියඑසේ නොමැතිනම්  පිටින් සොයාගත් කෙසෙල් මුව එයට අමුණා ලබාගත්  ඡායාරුපයක් විය හැකිය. කෙසේ වෙතත් තම දක්ෂතා සහ කාළය  නිරපරාදේ, වැඩකට නැති මෙවැනි දේ  සඳහා යොමු කිරීම කෙතරම් අපරාධයක්ද?    


13 comments:

  1. //කෙසේ වෙතත් තම දක්ෂතා සහ කාළය නිරපරාදේ වැඩකට නැති මෙවැනි දේ සඳහා යොමු කිරීම කෙතරම් අපරාධයක්ද. //
    කොහොම නමුත් මේකෙන් නොදන්නා දෙයක් දැන ගන්න ලැබුනා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසංග,
      මා හිතන ආකාරයට කෙසෙල් ශාකය පිලිබඳ මෙම තොරතුරු වැඩිපුර සමාජගත වෙලා නැහැ. අපට ඉතාමත් සමීප ශාකයක් වන කෙසෙල් පිලිබඳ සත්‍ය තොරතුරු බිඳක් මෙසේ ඉදිරිපත් කිරීමට අවස්තාව ලැබීම ගැන සතුටු වෙනවා.

      Delete
  2. හොඳ පැහැදිලි කිරීමක් ඔබ කර තිබෙන්නේ.මෙවැනි බොහෝ දේ edit කරමින් ජනතාව නොමග යැවීම විනෝදාංශය කරගත් පිරිසක් ද ඇත. ස්ත්‍රී හැඩය ගත් මලක් ද දිගින් දිගටම share වෙනවා දැක්ක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාලිනි,
      හරි දේ හරි ආකාරයට ඉදිරිපත් කිරීමට සහ පැහැදිලි කිරීමට අප ඉතා හොඳ පුහුණුවක් ලබා තිබෙනවානේ. ඔය බොහෝ දේ විකෘති කර වැරදි අදහස් සමාජයට බෙදා හරින කුහකයන් ඒ මගින් බොළඳ ආශ්වාදයක් ලබනවා ඇති. ඒ උනත් ඒ මගින් ඔවුන් බොහෝ පාඨකයින් නොමග යවන එක ගැන මොහොතක් වත් කල්පනාකරනවා නම් හොඳයි. මේවාත් තාක්ෂණය නිසරු දේ සඳහා භාවිත කිරීමේ හොඳම උදාහරණ.

      Delete
  3. I also do fact checks before posting things in Facebook. Some photoes, stories, posts are utterly wrong and mislead the readership. Thank you for reminding people the importance of fact checking. May be I should also write a post about false information in media.

    ReplyDelete
  4. Thank you Angel,
    I cannot understand how people can go to such a mean level to distort facts that are very important for knowledge. It is a shame that such people do not realise the value of a powerful and universal medium like Face Book.

    ReplyDelete
  5. ගොඩක් ස්තූතියි දයා මහත්තයා. මට මතකයි අපි පුංචිකාලෙ දැක්කා, අපිටත් වඩා කලින් පරම්පරාවක අය ඉගෙනගනත්තු "පරිසරය ආශ්‍රිත ස්වාභාව විද්‍යාව" වගේ නමක් තියෙන පෙළ පොත්. ඒවයෙ මේවගේ දේවල් අඩංගු වුණා. ඒ පරම්පරාව අපට වඩා දෙයක් ඉගෙනගත්තා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්රැකී,
      අපි හයේ පන්තියේ ඉගෙන ගන්නා කාලෙත් තිබුනා සතියකට එක පාඩමක් 'Nature Talks' කියලා. ඒ කාලයේ පරිසරය කියා වචනයක් භාවිතා කලෙත් නැහැ. එලිමහනට ගොස් සත්තු, ගස් වැල් ආදිය ගැන ඉගෙනීම හරිම විනෝදයක් උනා. පසු කාලයේ ප්‍රාථමික පන්ති වලට 'පරිසරය ආශ්‍රීත ක්‍රියාකාරකම්' නමින්, නිපුණතා දිරි ගන්වන විධිමත් වැඩ සටහනක් අආරම්භ කළා. ඒ උනත් දැන් දරුවෝ පරිසරයේ දේවල් ගැන දක්වන උනන්දුව නම් හරිම අඩු වගෙයි මට පෙනෙන්නේ.

      Delete
  6. https://gizmodo.com/adobe-shows-off-first-research-for-tools-to-detect-mani-1835516127

    ReplyDelete
    Replies
    1. Thank you Pra Jay,
      I tried your link. It will be very good for people to recognise the distorted areas of a photograph. May be very useful in legal references.

      Delete
  7. ස්තුතියි රසික,
    /ඕනෑ කෙහෙල්මලක්/
    ඇත්තටම මේ වගේ පාඨ ඔනතරම් සිංහල භාෂාවේ තිබෙනවානේ. 'ඕන කුදයක්, ඕන ලබ්බක්, අම්මටසිරි, ආච්චිගේ රෙද්ද, පලහිලව්ව, අබ්බගාත වගේ කිහිපයක් පමණයි. විශේෂයෙන්ම ගැමි වහරේ තිබෙන මෙවැනි යෙදීම් ගැන පර්යේෂණයක් කලොත් එය බොහෝ ප්‍රයෝජනවත් වේයයි සිතනවා.

    ReplyDelete
  8. මේ තොරතුරු බෙදා ගැනීම වෙනුවෙන් දයා මහතාට බොහෝ තුති. අසංග කිව්ව වගේ බොහෝ ඩෙනෙක් නොදන්න දෙයක් දැන ගැනීමට ලැබීම මේකෙ ධනාත්මක දෙයක්. ඒ වගේම facebook (fakebook ??) වැනි අව-තොරතුරු වලින් පිරීගිය අතත්‍ය ලෝකයක සැරිසරන නූතන ප්‍රජාවට, මෙවැනි දෙය දුටු සැනින් කුලප්පු නොවී 'ඉගෙනගැනීමට ඉගෙනීම' ගැනත් වැදගත් පාඩමක් දයා මහතා කියා දී තිබෙනවා.

    මම කොහෙ හෝ කියෙව්වා වගේ මතක් තිබෙන තවත් දෙයක්, කෙසෙල් කියන්නේ ඉතා සීමිත ජාන කට්ටලයක් ඇති ගස් වර්ගයක් කියා. මේ නිසා එය ඉතා ඉක්මනින් වඳවී යෑමේ තර්ජනයක් තිබෙන බවකුත් තිබුනා මතකයි. මෙය සමහර විට ලංකාව වැනි නිවර්තන කලාපයේ වැවෙන කෙසෙල් නොව ඔස්ට්‍රේලියාව වැනි රටවල පමනක් දැකිය දෙයක් විය හැකියි. ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete