මෙය මුලින්ම සකස් කර ඇති අයගේ තොරතුරු කිසිවක් ලැබුනේ නැහැ. කෙසේ වෙතත් එය සටහන් කර තබා ඇති ඔහුට හෝ ඇයට මාගේ ප්‍රණාමය. සම්පූර්ණ විස්තරයම, කිසිම වෙනසක් නොකර මුලින් තිබුණු ආකාරයටම මෙහි දැක්වෙනවා.
බිල්ඩිමේ උස
මේ කතාව කියන්නේ කාලෙකට කලින් විශ්ව විද්යාලයක හිටපු
මහාචාර්ය වරයෙක්
මෙන්න එයාගේ කතාව ,
අපේ කැම්පස් එකේ හිටපු එක භෞතික විද්‍යා මහාචාර්ය වරයෙක්
මගේ හොඳ මිතුරෙක් වෙලා හිටියා. දවසක් එයාගේ පන්තියක ගෝලයෙක් එක්ක වූ ප්‍රශ්නයක් සමාදාන කරන්න මට පැවරුණා.ඉතින්නියමිත වෙලාවට මම ඒ පන්තියට ගොස් දෙන්නම මුණගැසුන. ප්රශ්නය වුනේ අවසාන PHYSICS විබාගයේදීඑක ප්රශ්නයකට ශිෂ්යයාටබින්දුවක් ලැබිල..
මිනිහ LECTURER එක්ක රණ්ඩු වෙනවලු දීපු උත්තරය හරි, මුළු ලකුණු ගණනම ඕනා කියල...
මේකයි මට බේරන්න වෙලා තියෙන්නේ....මම විබාගේ ප්රශ්නය කියෙව්වා...
ප්රශ්නය මෙහෙමයි .
මගේ හොඳ මිතුරෙක් වෙලා හිටියා. දවසක් එයාගේ පන්තියක ගෝලයෙක් එක්ක වූ ප්‍රශ්නයක් සමාදාන කරන්න මට පැවරුණා.ඉතින්නියමිත වෙලාවට මම ඒ පන්තියට ගොස් දෙන්නම මුණගැසුන. ප්රශ්නය වුනේ අවසාන PHYSICS විබාගයේදීඑක ප්රශ්නයකට ශිෂ්යයාටබින්දුවක් ලැබිල..
මිනිහ LECTURER එක්ක රණ්ඩු වෙනවලු දීපු උත්තරය හරි, මුළු ලකුණු ගණනම ඕනා කියල...
මේකයි මට බේරන්න වෙලා තියෙන්නේ....මම විබාගේ ප්රශ්නය කියෙව්වා...
ප්රශ්නය මෙහෙමයි .
”බැරෝමීටරයක් භාවිතා කර තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලක උස මනින්නේ කෙසේද ?”
කොල්ල දීල තියෙන උත්තරය,”බැරෝමීටරය අරගෙන බිල්ඩිමේ වහල උඩට ගිහින් බැරෝමීටෙරය ලනුවක අගටබැඳලා බිමට පහත් කරලා ,ලනුව සලකුණු කරලා, ආපහු අරගෙන ලනුව මැනලා බිල්ඩිමේ උස දැනගන්න.”
ඉතින් LECTURER කියනවලු මේ උත්තරේට ලකුණු දෙන්නේ නෑ කියල.ඉතින් මේ කොල්ල පොඩි හර්තාල්එකක්....
මම ශිෂ්යයාට කිව්වා පිළිතුරේ සම්පුර්ණයි, පැහැදිලියි . නමුත් PHYSICS වලට අදාළ නෑ , පුලුවන්නම් PHYSICS වලින් උත්තරයක් දෙන්න, ලකුණු ඕනෙනම්. විනාඩි හයක් ඇතුලත . ඉතින් කොල්ලත් කැමති වෙලා, කොලයක් එහෙම අරගෙන ආපහු වැඩේට බැස්සා...
කොල්ල දීල තියෙන උත්තරය,”බැරෝමීටරය අරගෙන බිල්ඩිමේ වහල උඩට ගිහින් බැරෝමීටෙරය ලනුවක අගටබැඳලා බිමට පහත් කරලා ,ලනුව සලකුණු කරලා, ආපහු අරගෙන ලනුව මැනලා බිල්ඩිමේ උස දැනගන්න.”
ඉතින් LECTURER කියනවලු මේ උත්තරේට ලකුණු දෙන්නේ නෑ කියල.ඉතින් මේ කොල්ල පොඩි හර්තාල්එකක්....
මම ශිෂ්යයාට කිව්වා පිළිතුරේ සම්පුර්ණයි, පැහැදිලියි . නමුත් PHYSICS වලට අදාළ නෑ , පුලුවන්නම් PHYSICS වලින් උත්තරයක් දෙන්න, ලකුණු ඕනෙනම්. විනාඩි හයක් ඇතුලත . ඉතින් කොල්ලත් කැමති වෙලා, කොලයක් එහෙම අරගෙන ආපහු වැඩේට බැස්සා...
මගේ යාලු lecturer ත් පැත්තකින් ඉඳගෙන ඉන්නවා . විනාඩි පහක් ගියාම මම ඔලුව උස්සල බැලුව කොල්ලලියන පාටක් නෑ .”දැන්වත් පිළිගන්නවද තමුන් වැරදියි කියල ?” මම ඇහුවා .එතකොට ඌ කියපි උත්තරගණනාවක් තියනවා මම කල්පනා කරන්නේ මොකක්ද හොඳම එක කියලයි .එහෙම කියල මිනිහ ආපහු පටන් අරගත්ත පාර ලියාගෙන ලියාගෙන ගිහින් කොහොමහරි විනාඩි හය ඇතුලත මට උත්තර කොලය අරන් ආව.මමකියවල බැලුවම මිනිහ ලියල ” බැරෝමීටරය රැගෙන බිල්ඩිම මුදුනට ගිහින් BAROMETER එක පොළොවට අතහරින්න. මෙහිදී BAROMETER එක පොලවට පතිත වෙන්නට ගතවෙන කාලය STOPWATCH එකකින් මැනගන්න. ඉන් පසු ඒ දත්තයන් X=0.5*at^2, සුත්රය භාවිතා කර බිල්ඩිමේ උස ගණනය කරන්න . මම උත්තරයකියවල මගේ මිත්‍ර lecturer ට දීල ඇහුව මොකද කියන්නේ කියල .මිත්රය කිසි කතාවක් නැතුව සම්පුර්ණලකුණු ගාණම දුන්නා . ප්රශ්නය විසඳුනා .ඔක්කොමල්ල හැපි...
මේ කතාවේ හොඳම හරිය එන්නේ දැන්....
දැන් ඉතින් ප්රශ්නේ විසඳුනා . මම පිටත් වෙලා එන්න හදන කොට මට මතක් වුණා මේ හාදයා කිව්වා නේද තවඋත්තර ගණනාවක් තියෙනවා කියල. ඉතින් මම පොඩ්ඩක් නැවතිලා කොල්ල ගෙන් ඇහුව ඒ ගැන.එතකොටමිනිහ කියනවා. ඔව් ඔව් තව ක්රම ගොඩක් තියනෙවා....
“තව එක විදියක් තමයි අව්ව තියෙන දවසක බිල්ඩිමේ හෙවනැල්ල මැනල ඒ එක්කම barometer එකේහෙවනැල්ලත් මැනල ඒ දත්ත දෙක සංසන්දනය කරලා උත්තරය හොයා ගන්න පුළුවන්.”
මම ඇහැව්වා තව මොනවද කියල.
මිනිහ තව උත්තරයක් දෙනවා.”barometer එක අරගෙන පඩිපෙළ දිගේ බිල්ඩිම උඩට නගින ගමන් අඩිකෝදුවක් වගේ BAROMETER එකෙන් මනින්න . මෙහෙම ගියාම අන්තිමේදී බිල්ඩිමේ උස BAROMETER ඒකක වලින් නිගමනය කරන්න පුළුවන්.ඒක බොහොම සරල විදියක් .
එකට වැඩිය සංකීර්ණ විසඳුමක් ඕනෙනම් barometer එක නුලක අගට ගැට ගහල ඒක pendulm එකක් වගේපද්දන්න පොලොව මට්ටමෙන් සහ බිල්ඩිම මුදුනෙන් .මෙහිදී ගුරුත්වාකර්ෂණ අගයන් දෙකක් ලැබේවි . ඒපොලොව මට්ටමේදී අගයයි බිල්ඩිම මුදුනේදී අගයයි . ඒ අගයන් දෙකේ වෙනස උපයෝගී කරගෙන බිල්ඩිමේඋස ( in principle) හොයා ගන්න පුළුවන් .ඒ ආකාරයටම ආයෙත් BAROMETER එක ලනුවක ගැට ගසබිල්ඩිම මුදුනට ගිහින් ලනුව පොලවට කිට්ටුවට පාත් කර ආපහු පද්දල ඒ පැද්දෙන දුර period of precession අනුව යමින් නිසි උත්තරය හොයාගන්නත් පුළුවන් .
මේ ඔක්කොම වලින් ලේසිම මමත් කැමතිම විදිය තමයි BAROMETER එක අරගෙන බිල්ඩිම නඩත්තු කරනසුපිරින්ටෙන්ඩන්ට් ගේ office ට ගිහින් දොරට තට්ටු කරන්න .මිනිහ දොර ඇරියම බොහොම ගරු සරු ඇතුවමිනිහට කතා කරල කියන්න “සුපිරින්ටෙන්ඩන්ට් මහත්තයෝ.මෙන්න ඔහෙට බොහොම වටිනා හොඳ BAROMETER එකක් ගෙනාවා . මේක අරගෙන . තරහ නොගෙන මේ බිල්ඩිමේ උස හරියටම කීයදැ කියල මටකියන්නකෝ.” මිනිහ උත්තරේ දෙයි පටස් ගාල...
ඔය වගේ ක්රම සහ විදි රාශියක් තියෙනවා BAROMETER එකක් උපයෝගී කරගෙන බිල්ඩිම්වල උස මනින්න,කියල කොල්ල දෙසා බැවා...
ඉතින් මේ විදියට මේ උත්තර ටික දීගෙන යනකොට මට වුනත් තේරෙනවා මූ මෝඩයෙක් නෙවෙයි කියල .මම ඒපාර ඇහැව්වා තමුසේ ඇත්තටම හරි උත්තරේ දන්නේ නැතිද කියල...එතකොට ඌ කියපි අර lecturerබලාපොරොත්තු වෙන “නිවැරදි” උත්තරෙත් ඌ දන්නවා. හැබැයි ඌට එදා ඉඳන් අරහන් ඔය පොතේ හැටියටම,සම්මතෙන් පිට නොගිහින්, උන් හිතන යල් පැන ගිය විදියටම අපිවත් යවන්න හදන ගුරුවරුන්ව . ඒකයිමෙහෙම කලේ කියලා....
"සම්මතයෙන් පිට නොගිය" මහාචාර්ය වරයෙක් වෙච්ච මට ඒ වෙලාවේ මූ මහා ඇට්ටර කොල්ලෙක් කියලහිතුනත් යටි හිතට යන්තමට වගේ දැනුණා මේකගේ අනාගතේ නම් නරක වෙන එකක් නෑ කියල.
මේ ගෝලයා ඇත්තටම පස්සේ කාලෙක ලොකු scientist කෙනෙක් වෙලා 1922 නොබෙල් තෑග්ගත් දින්නා....
මේ ගෝලයා ඇත්තටම පස්සේ කාලෙක ලොකු scientist කෙනෙක් වෙලා 1922 නොබෙල් තෑග්ගත් දින්නා....
The Nobel Prize in
Physics 1922 was awarded to Niels Bohr "for
his services in the investigation of the structure of atoms and of the
radiation emanating from them".
මිනිහගේ නම Niels Bohr . කස්ටිය නම් දන්නවත් ඇති....
කොහොම හරි වැඩේ කෙරෙනවනං තියරිය අදාලම නෑනෙ.
ReplyDeleteමටනං හිතෙන්නෙ හොඳම දේ සුපිරින්ටෙන්ඩන්ගෙන් අහන එක තමයි.
ස්තුතියි ප්‍රසන්න,
Deleteමෙතනදී තියරිය අදාළ නැති උනත් සමහර වෙලාවට මූලධර්මය හෝ සංකල්පය හොඳින් තේරුම් ගැනීම සඳහා තියරිය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. එවැනි අවස්තාවලදී මූල ධර්මය සරල ක්‍රියාකාරකමක් මගින් අත්හදා බැලිය හැකියි. M / V = D වගේ දේවල් ඉගෙන ගන්නා ලාබාල අවදියේදී නම් තියරිය අවශ්‍ය වන බවයි මගේ හැඟීම.
මෙතන සුපිරින්ටෙන්ඩන්ගෙන් අහලා තියෙන්නෙත් නිකම්ම නොවෙයි එයාට ඉස්සර තිබුණු ආකාරයේ රසදිය පුරවපු, මීටර් එකහමාරක් පමණ දිග Barometer එකකුත් දීලනේ.
ස්තූතියි ඔබේ රසවත් ලිපියට. මමත් හිතනවා සම්මතයෙන් ඔබ්බට හිතන අය වඩාත් නිර්මාණශීලී විය හැකි බව, අවාසනාවකට ඔවුන්ට අනිත් අය මෙන් ගතානුගතික වීමට සමාජයෙන් පීඩනයක් එල්ල වෙනවනෙ.
ReplyDeleteස්තුතියි Angel,
Deleteඅප විද්‍යාව ඉගෙනීමේදී පමණක් නොවෙයි වෙනත් බොහෝ අවස්තාවලදී සම්මතයෙන් ඔබ්බට ගොස් වැඩ කරන විට පහසු වෙනවා. විශේෂයෙන්ම බොහෝ අය තවමත් මගුල් තුලා වලදී සිරිත් විරිත් මුවාවෙන් බොහෝ අනවශ්‍ය දේවල් කරනවා. අධ්‍යාපනයේදී නම් නව තාක්ෂණික මෙවලම් සහ ක්‍රම වේද භාවිතයට හුරුවිය යුතු නිසා සම්මතයෙන් ඈත් වීම නොකරම බැහැ.
මගෙනුත් ඇහුවනේ ඉන්ෆෝමල් ඉන්ටරවීව් එකකදී, හැබැයි ඇහුවේ ක්‍රම කීයක් දන්නවද කියලයි. මමත් බොහෝ වාරයක් මේ අභ්‍යාසය භාවිතාකර තිබුනත් එයට පරමානුවේ පියා සම්බන්දයි කියා ඇසුවේ පළමුවතාවටයි.
ReplyDeleteස්තුතියි ඇණ,
ReplyDeleteමේ ආකාරයේ ගතානුගතික ප්‍රශ්න ඉන්ටරවීව් වලදී අසන බව මාත් අසා තිබෙනවා. ඔය වගේම අසන ප්‍රශ්නයක් තමයි තට්ටු කිහිපයක් උස බිල්ඩිමක සිට බිත්තරයක් නොබිඳෙන ලෙස බිමට දැමිය හැකි ආකාරය අසන එක. මේකටත් නොයෙකුත් මාදිලියේ උත්තර තිබෙනවා.
මේ කියන සිද්ධියත් කවුරැ හරි Niels Bohr ට සම්බන්ධ කර ලිව්වාද දන්නෙත් නැහැ.
https://en.wikipedia.org/wiki/Barometer_question
DeleteThank you Pra Jay,
DeleteI went through the entire 'legend' through the link provided by you. The powerful story about good and bad ways of teaching and learning has been used in many disciplines concerned with education. I think the first writer of the story I have sited would have got the idea from the incident given in the link.
කලින් අහල නැති කතාවක්. ඔබ කියනවා වගේ හරි තියරිය දැනගෙන සම්මතයෙන් පිට හිතන්න පුළුවන් වීම තමා වැදගත්. එතකොට තමා හරිම විදියට නිර්මානශීලි දේවල් කරන්න පුළුවන්.
ReplyDeleteස්තුතියි පැතුම්,
ReplyDeleteමෙය පැරණි කතාවක් උනත් අදටත් හොඳට ගැලපෙනවා.අපේ අධ්‍යාපන ක්‍රමයේත් තවම මෙම අඩුපාඩුව තිබෙනවා. පාසල් පද්ධතියේ පමණක් නොවෙයි උසස් අධ්‍යාපන මට්ටම් වලත් මෙය දැකිය හැකියි. දැනුම, කුසලතා සහ ආකල්ප පමණක් මදි නිර්මානශීලිත්වයත් අධ්‍යාපනයට ඇතුලත් විය යුතුමයි. ඔබ හරි.
කලින් අහල නැති කතාවක්.
ReplyDeleteස්තුතියි නන්නත්තාර්,
Deleteමෙය හුඟක් පැරණි කතාවක් උනත් අදටත් ගැලපෙන නිසා මෙසේ ලිව්වා. අධ්‍යාපනයේ පමණක් නොවෙයි අනිකුත් සෑම අංශයකම පුරුදු පුහුණු කල යුතු දෙයක් ලෙසටයි මෙය මා දකින්නේ. සෑම මිනිසෙකු තුලම කුතුහලය සහ නිර්මාණශීලී බවක් තිබෙනවා.එය මල්පල ගැන්වීම බලධාරීන්ගේ යුතුකමක්.