ස්වභාව ධර්මයේ නිරන්තරයෙන් දකින සියලුම දේවල්
හොඳින් නිරීක්ෂණය කළහොත් ඒවායේ යම්කිසි රටාවක් තිබෙන බව අපට හඳුනාගත හැකිය. උදාහරණයක් වශයෙන් අප දකින
දේදුන්නෙහි නිශ්චිත වර්ණාවලියක් තිබේ. VIBGYOR
යන ඉංග්‍රීසි අකුරුවලින් කියැවෙන වර්ණ හතක් (දම්, ලා දම්, නිල්,කොළ, කහ, තැඹිලි, රතු) එහි ඇති බව අපි දනිමු. දේදුන්නට වර්ණ හතක්
ලැබෙනුයේ, පැහැයක් නොමැති හෝ සුදු පැහැයෙන් යුක්ත හිරු රැස් අහසේ වලාකුළු වල ඇති සියුම් ජල බින්දු මත වැටි පරාවර්තනය වීමෙන් සෑදෙන
වර්ණාවලිය නිසා බව අපි විද්‍යා පාඩම් වලදී ඉගෙන ගෙන ඇත.
අපගේ ගෘහාශ්‍රිතව ජීවත්වන
කපුටා තද කළු වර්ණයෙන් යුක්ත පක්ෂියෙකු බව නොදන්නා කෙනෙකු නැත. කපුටාට කළු පැහැ
පියාපත් ලැබෙනුයේ වර්ණදේහ වල සුවිශේෂී ජාන
එකක් හෝ කිහිපයක් තිබෙන නිසා බවද සත්‍යයකි.
මෙම සත්‍ය සංසිද්ධි වල පවා කලාතුරකින් සිදුවන
විකෘති නිසා අසාමාන්‍ය දේවල් සිදුවන බව නොයෙක් විට නිරික්ෂණය කර තිබේ. මිනිස්
වර්ගයා ඇතුළු සියලුම ජීවීන්ගේ පුං භාවය (පිරිමි) හෝ ජායා භාවය (ස්ත්‍රී) තීරණය
වනුයේ ඩිම්බ සංසේචන අවස්ථාවේදී එකට සම්බන්ධවන වර්ණදේහ වල සුවිශේෂී ලක්ෂණ සහිත ජාන
(genes) නිසාය. මෙහිදී නියමිත රටාවට පරස්පර ජාන සම්බන්ධයක් සිදුවුවහොත් විකෘති
සහිත මනුෂ්‍යයින් පවා හටගනී. මෙසේ සිදුවන
බොහෝ විකෘති වීම් විද්‍යාත්මකව අවබෝධ කර ගත හැකිවේ.
විකෘති ස්වභාවයක් පෙන්වන සමහර සංසිද්ධි වලට ජානමය
හේතු වලට අමතරව පරිසර හේතුද බලපාන බව පෙනේ. මේ කිසිම හේතුවක් නොමැතිව සිදුවන
ස්වාභාවික සංසිද්ධි වශයෙන් පමණක් සැලකිය හැකි දේද වරින් වර දකින්නට
ලැබේ. මෙම සටහන එවැනි සුවිශේෂී අවස්ථා කිහිපයක් හඳුන්වා දීමටය.
1. ෆ්ලැමින්ගෝ පක්ෂියා සහ ෆ්ලැමින්ගෝ පැටවා
අත්ලාන්තික් සාගරයේ බහමාස් දුපත් සමුහයේ ජාතික
පක්ෂියා වන ෆ්ලැමින්ගෝ එරට රාජ්‍ය ලාංඡනයේද දකින්නට ලැබේ. ලාරතු පැහැයට හෝ
රෝස පැහැයට හුරු පියාපත් සහිත විශාල පක්ෂියෙකු වන ෆ්ලැමින්ගෝ මීටර් එකක් පමණ උසින් යුක්තය. මුහුදු වෙරළ සහ කලපු
ආශ්‍රිතව ජිවත්වන මොවුන්ගේ දීප්තිමත් පිහාටු පැහැය ලැබෙනුයේ ආහාරය සඳහා ගන්නා සමුද්‍ර ජීවින් සහ ඇල්ගී වර්ග නිසා බව
සොයාගෙන තිබේ.
Flamingo යන නම යොදාගෙන ඇත්තේ ඔවුන්ගේ ශරීරය
ගිනිදැල්ලක පැහැය ගන්නා නිසාය. මෙම අලංකාර පක්ෂියාගේ පැටවා මවගේ පැහැයට හාත්පසින්ම
වෙනස්, සුදු හෝ ළා කහ පැහැයකින් යුක්තය. මොවුන් වසර දෙකක් පමණ ඔවුනට ආවේනික ආහාර
ගන්නා විට මවගේ පැහැය ගනිති. මව අසලක
නොසිටියහොත් මෙම කුරුළු පැටවා ෆ්ලැමින්ගෝ පැටවෙකු බව කිසිසේත් කිව නොහැකිය.
2.
තක්කාලි ගෙඩියක් තුළ කුඩා ගෙඩි කිහිපයක්
ඉදුණු තක්කාලි
ගෙඩියක් දෙකට කැපු විට පෙනෙනුයේ එය තුළ යම්කිසි රටාවකට බීජ පිහිටිමය. එසේ තිබීම
ස්වාභාවිකය. එහෙත් ඉහත රුපයේ දැක්වෙන කැපූ තක්කාලි ගෙඩිය තුළ තවත් කුඩා තක්කාලි
ගෙඩි කිහිපයක් දකින්නට ලැබේ. ඒ සියල්ලේමත් බීජද දැකිය හැකිය. මෙය සිදුවිය හැකි
ආකාරය සරල ක්‍රියාවලියක් විය නොහැකිය. එය තක්කාලි ඵලය හටගත් පුෂ්පයේ ඩිම්බ කෝෂය
තුළ සිදුවූ විකෘතියක් විය හැකිය. නැතහොත්, පුෂ්පය පරාගණයේදී හෝ ඩිම්බ සංසේජනයේදී
සිදුවූ විපර්යාසයක් විය හැකිය.
3.
වර්ණ දෙකක මිරිස් කරලක්
මෙහි රූපයේ ඇති
මිරිස් කරල දෙස බලන්න. එය සත්‍ය ඡායාරූපයකී. මේ මිරිස් කරලේ සහ එහි නටුවේ හරි අඩක්
සුදු පැහැ වන අතර අනික් කොටස කොළ පැහැයෙන් යුක්තය. මෙය ජාන විපර්යාසයක් නිසා
සිදුවී ඇති දෙයක් බව විශ්වාස කළ හැකිය. එහෙත් ඒ ගැන ස්ථිර නිගමනයක් ලැබී නොමැත.
4.
දම් පැහැති අර්තාපල්
දකුණු ඇමෙරිකාවේ පීරු
සහ බොලිවියාව වැනි රටවල වවනු ලබන විවිධ අර්තාපල් අතර, දම් පැහැති අර්තාපල්,
සුවිශේෂී එකකි . මෙම අර්තාපල් අලයේ පොත්ත සහ ඇතුළත තද දම් පැහැයකින් යුක්තය. දම් පැහැය හට ගනු
ලබන්නේ ඇන්තොසයනින් (anthocyanin) නමැති වර්ණකයක් නිසාය. මීට අමතරව දම් පැහැති අර්තාපල් වල ඇති
තවත් ඖෂධීය ගුණ සහිත
රසායන ද්‍රව්‍ය කිහිපයක්, පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට යෝග්‍ය බව සොයාගෙන තිබේ.
විශේෂයෙන්ම ගුද මාර්ගයේ පිළිකා සඳහා එය ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බව හෙළිවී ඇත.
5.
සුදු කපුටා
අප නිරතුරුවම දකින කපුටා තද කළු පැහැයෙන් යුක්තය. ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන සුදු කපුටෙකු
පිලිබඳ විස්තරයකි මෙය. කපුටන්ගේ පිහාටුවල කළු පැහැය ඇතිවීමට මෙලනින් (melanin) නම්
වර්ණකය අවශ්‍යය. කලින් සඳහන් කළ
ෆ්ලැමින්ගෝ පක්ෂියාගේ මෙන් නොව කපුටාගේ වර්ණය සහ
ඌ ගන්නා ආහාර අතර සම්බන්ධයක් නොමැත. සුදු වර්ණය උගේ ජාන වල සිදුවී අති විකෘතියක්
නිසා සිදුවූ දෙයකි. Albinism යනුවෙන් හඳුන්වනු ලබන මෙම ස්වභාවය ‘ඇළිබව’ ලෙස හැඳින්වේ.
කපුටාගේ ඇළි බව හටගන්නේ ජානවල විකෘති වීමක් මගින් මෙලනින් නිෂ්පාදනය අඩාළ වීම නිසා
බව පක්ෂි විද්‍යාඥන්ගේ මතයයි. ඇළි කපුටාගේ ඇස් ද රෝස පැහැය ගනී. මිනිසුන් අතරද ලක්ෂයකට
පස් දෙනෙකු පමණ ‘ඇළියෝ’ සිටින බව හෙළිවී තිබේ.
6.
කාම්බෝජයේ ‘අන්ග්කෝර්
වැට්’ ආශ්‍රමයේ
ආක්‍රමණික නුග ගසක්
Credit: David DavisShutterstock.com
කාම්බෝජයේ අන්ග්කෝර් වැට් (Angkor Wat)
නමැති ආශ්‍රමය වසර නවසියයක් පමණ පැරණි බෞද්ධ සහ හින්දු
සිද්ධස්ථානයකි. හෙක්ටයාර් දෙසියයක් පමණ පැතිරී ඇති මෙම පුජා භුමිය ලෝකයේ ඇති
විශාලතම ආගමික සිහිවටනය වේ. අන්ග්කෝර් වැට් යන නමෙහි අර්ථය ‘සිද්ධස්ථාන නගරය’ ලෙස
දැක්විය හැකිය. 1992 වර්ෂයේදී මෙය යුනෙස්කෝව මගින් ජගත් උරුමයක් ලෙස නම්කර,
සංරක්ෂණය කිරීම ආරම්භ කර තිබේ. මෙහි සමහර ගොඩනැගිලි ජරාවාස වී දිරා පත් වෙමින්
පවතී. දැනට යුනෙස්කෝව මගින් මෙම ගොඩනැගිලි යථා තත්ත්වයට ගෙන එම සඳහා මහත් පරිශ්‍රමයක්
ගනු ලැබේ. ඡායාරුපයෙන් දැක්වෙන්නේ එවැනි
ගොඩනැගිල්ලක් විශාල නුග ගසක මුල්වලින් වෙලාගෙන ඇති ආකාරයයි. නොසලකා හරින ලද
ඉදිකිරීමකට මෙවන් ස්වාභාවික ආපදා වලට භාජන වීමට බොහෝ ඉඩකඩ තිබේ. මෙය Ficus strangulosa නම් විශේෂයේ නුග ගසකි.
strangulosa යන වචනයෙන් හැඳින්වෙන්නේද තදින් වෙලා ගැනීම
වැනි අර්ථයකි.