Thursday 15 February 2018

ලෝකයේ විශාල වන විනාශයක්‌ සිදුවෙමින් පවතිද්දීත් සුවිශේෂී හේතු නිසා නිරුපද්‍රිතව පවතින චිත්තාකර්ෂණිය ශාක කිහිපයක්.......

   න විනාශය හමුවේ කිසිම පිළිසරණක් නොලබන ගසක බැගෑපත් ඉල්ලීම පසුගිය Blog පොස්ටුවකින් හඳුන්වා දුනිමි. යතාර්ථය එසේ වුවත් ලොව කිහිප තැනක යම් යම් වැදගත් හේතු නිසා තවමත් නිරුපද්‍රිතව ඓතිහාසික තත්ත්වයට පා තබා තිබෙන ශාක කිහිපයක් පිළිබඳවයි මේ සටහන,

1.   ජපානයේ ‘බොන්සයි’ (Bonsai) ශාක නිර්මාණ කලාවේ අග්‍රගණයේ නිපැයුමක්.

ඉතාමත් විශාල වෘක්ෂ ලෙස සෑදෙන බොහෝ ශාක කුඩා බඳුනක වැවිය හැකි කුරු මිටි ශාක බවට පරිවර්තනය කර ගැනීමේ කලාව ‘බොන්සයි’ කලාවයි. ජපානයේ ඉතාමත් ජනප්‍රිය මෙම කලාව අද ලෝකයේ බොහෝ රටවලට ව්‍යාප්ත වි තිබේ.



වසර 400 ක් පමණ පැරණි  ‘බොන්සයි’ කරන ලද ජපානයේ පයින් ගසක් (https://www.bonsaiempire.com/images/top10/oldest/Old-Pinus-parviflora-japanese-white-pine-bonsai.jpg අනුග්‍රහයෙනි)

මෙම ‘බොන්සයි’ නිර්මාණය ජපානයේ 'යමාකි' නම් පෙළපතක  සාමාජිකයින් විසින් පරම්පරා  හයක පමණ කාලයක් ඔස්සේ තම පාරම්පරික දැනුම උපයෝගී කර ගනිමින්
මෙම ගස ආරක්ෂා කරගෙන තිබේ. මෙම නිර්මාණය වසර 400 කට වඩා පැරණි ය.

සාමාන්‍ය පයින් ගසක්‌ ලෙසට බඳුනක වවා ඇති මෙම ගස උසින් මීටරයකටත් වඩා අඩුය. මෙම නිර්මාණයේ තවත් සුවිශේෂී වැදගත් කමක් වනුයේ එය 1945 වර්ෂයේදී හීරෝශිමා නගරයට හෙලන ලද බෝම්බ පහරටද හසුවී නිරුපද්‍රිතව පැවතීමයි. පසු කාලයකදී මෙම ‘බොන්සයි’ නිර්මාණය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික බොන්සයි සහ පෙන්ජින්ග් කෞතුකාගාරයට ප්‍රදානය කර තිබේ.

2.   ලෝකයේ විශාලතම  නුග ගස



ඉන්දියාවේ කල්කටා නගරයේ ‘චන්ද්‍ර බෝස්’ උද්භිද උද්‍යානයේ ඇති මහා නුග ගස 

අනුග්‍රහයෙනි.
විශාල ප්‍රදේශයක් තුළ අතුපතර විහිදී ඇති මෙම මහා නුගයෙන් ආවරණය වී ඇති බිම් පෙදෙස වර්ග මීටර් 19,000 ක්‌ පමණ (අක්කර 4.67) වේ. එසේ ආවරණය වන බිම් පෙදෙස වටා මීටර් 330 (අඩි1080 පමණ) දිගින් යුක්ත පාරක් සකස් කර තිබේ. මෙම නුග ගසෙහි උසම අත්ත මීටර් 24 පමණ වන අතර, ගසෙහි විහිදී ඇති අතු වලට බලකණු වශයෙන් සෑදෙන ස්වාභාවික නුග  අරළු (prop roots)  3772 ක් තිබේ. 




3.    ලෝකයේ හඳුනාගත් උසම ගස.



ඉහත ඦායාරුපයේ වම්පසින් දැක්වෙනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැසිෆික් මුහුදු තීරය ට මායිම්ව පිහිටා ඇති  ‘රෙඩ් වුඩ් ජාතික වනෝද්‍යානයේ’ තිබෙන ලෝකයේ  වාර්තාගත  උසම රෙඩ්වුඩ් ශාකයයි. මෙය මීටර් 115.7 ක්‌ උස වන අතර එය වසර 600 ත් 700 ත් අතර වයස් ගත බවත් ගණනය කර තිබේ. (වම් පස ගස අසලම සිටින මිනිසාගේ උස සමග සංසන්දනය කරන විට ගසෙහි උස අවබෝධ කරගත හැකි වනු ඇත.)
    (http://blogs.ngm.com/.a/6a00e009822691883301347fc2feb8970c-pi  අනුග්‍රහයෙනි.)

4.   ලෝකයේ වාර්තාගත පැරණිතම  රෝපණය කරන ලද ලේඛනගත වෘක්ෂය (ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටි ජය ශ්‍රී මහා බෝධිය)



සමස්ත ලෝක වාසි බෞද්ධ ජනතාවගේ සහ බොහෝ අන්‍ය ලබ්ධිකයින්ගේද වැඳුම් පිදුම් සහ පුද සත්කාර ලබන පුජනිය වස්තුවක් වන අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධි වෘක්ෂය ලොව වාර්තාගත රෝපණය කරන ලද පැරණිම වෘක්ෂය ලෙස සැලකේ. සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද මෙම බෝධි අංකුරය, ක්‍රිස්තු පූර්ව 288 වන වර්ෂයේදී එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍යය කළ දේවානම් පියතිස්ස රජතුමා විසින් මහමෙවුනා උයනේ රෝපණය කරන ලද බව කියවේ. මේ නිසා දැනට වසර 2300 කට වඩා පැරණි ජය ශ්‍රී මහා බෝධිය  ලෝකයේ පැරණිතම වෘක්ෂය ලෙස පිළිගැනේ.

 5.  ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනාවේ යෝධ ඕක්‌ ගස (Giant Angel oak)

මෙම ඕක්ගසට වයස  වසර 500 ක් පමණ වේ. මීටර් 20 ක් පමණ උස මෙම ගසෙහි කඳේ වට ප්‍රමාණය මීටර් 9 ක් වේ. දිගම අත්ත කඳෙහි සිට මිටර් 63 ක් දුරට විහිදී ඇත. මෙම ගසෙන් වර්ග මිටර් 1,600 පමණ පෙදෙසකට සෙවන ලැබේ. එයට Angel යන නම ලැබී තිබෙනුයේ එම භුමියේ අයිති කරුවකු වූ Justus Angel  නම අයෙකු සිහිවීම පිණිසය.

යෝධ ඕක් ගස 2010 වසරේදී.

5        
6.     මැඩගස්කරයේ බැඔබාබ් (Baobab) ගස්
‘උඩ යටිකුරු ශාකය’ (upside down tree) නම් විරුදාවලියකින් හඳුන්වනු ලබන බැඔබාබ් ශාක මැඩගස්කරයේ බහුලය තවත් අප්‍රිකානු රටවල් කිහිපයක සහ ඕස්ට්‍රේලියාවේ ශුෂ්ක ප්‍රදේශයේද තිබෙන මෙය අමුතුම ශාකයකි. ශ්‍රී ලංකාවේද තලේමන්නාරම ප්‍රදේශයේ ආගන්තුක (අරාබි වෙළඳුන් විසින් රෝපණය කරන ලද) බැඔබාබ් ගස් කිහිපයක් තිබේ.  එම ප්‍රදේශයේ වැසියෝ මේවා ‘අලි ගස්’ යනුවෙන් හඳුන්වති.
මැඩගස්කරයේ ජාතික වෘක්ෂය බැඔබාබ් ශාකයයි. මීටර් 30 ක් පමණ උසට වැඩෙන බැඔබාබ් ගසක කඳ ඉතාමත් ස්ථුල වන අතර ගසෙහි කඳ අග්‍රයේ විශාල වශයෙන් බෙදී ගිය අතු කිහිපයක් තිබේ. කොළ හැලි ගිය විට එම අතු ගසක ඉහලට නෙරා ඇති මුල් වැනි ආකාරයට පෙනෙන නිසා ‘උඩ යටිකුරු ශාකය’යන නම ලැබී ඇත. සාමාන්‍ය ගසක කඳෙහි විෂ්කම්භය මීටර් 10 ක් පමණ වේ.



බොහෝ බැඔබාබ් ශාකවල කඳෙහි ජලය ලීටර 120,000 පමණ ගබඩා වේ.
සමහර බැඔබාබ් ශාක වසර දෙදහසකටත් වඩා පැරණි විය හැකි බව අනුමාන කර තිබේ.

7.   එතරම් පැරණි නොවුවත් තවත් වෙනත් පන්නයක ගසක්.
මේ පුදුම සහගත ගසෙහි සටහන මට ලැබුණේ මිතුරෙකුගෙනි. එය ලබාගත්  ආකාරය පිළිබඳව කිසිම හෝඩුවාවක් නොලැබුණි. එහි කලාත්මක භාවය නිසාම මේ සමග ඇතුලත් කිරීමට සිතා ගතිමි. මෙය ගසක් වුවත් එය දුටු විගසම ඔබගේ මනස තුළ වෙනත් සිත්තමක් මැවෙනු ඇත. සමහර අයට එය එකවර නොපෙනෙන්නටත් හැකිය. ඡායරූපය දෙස බලන විට එය ශ්‍රී ලංකාව වැනි රටවල වැඩෙන ‘මැයි මාර’ (Flamboyant) ගසක්‌ විය හැකිය.

එම ගසෙහි කඳ සහ අතු විසිරි ඇති ආකාරය එකට කැටි කල විට  ඔබට වෙනත් ආකාරයක සිත්තමක් මැවි පෙනේ නම් එය සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. මනසේ මෙම ලක්ෂණයට ඉංග්‍රීසියෙන් Pareidolia යන වචනය භාවිත වේ. අප නිතරම දකින වලාකුළු, සෙවනැලි, ගස්‌, ගල් ආදියේ මෙවැනි රූප මැවි පෙනෙනු ඇත. හඳෙහි සාවෙකුගේ හැඩරුව දැකීමද මෙවැන්නක් විය හැකිය.   

මෙම ගසෙහි කඳ සහ අතුපතර විහිදී ඇති ආකාරය ඔබ දකින්නේ කෙසේද?
මෙවැනි සුවිශේෂී ලක්ෂණ සහිත ස්වාභාවික දේ තවත් බොහෝ තිබෙන්නට හැකිය. ඒවා ගැනත් සිතා බලමුද?



38 comments:

  1. බැලේ නාටිකංගනවකගේ අපූරු නර්තන විලාශයක් වගේ තමයි මට නම් ඒ ගහේ කඳ පේන්නේ.. අනුරාධපුරේ යන හැම වෙලාවකම මම ශ්‍රී මහා බෝධිය 'බලලා එන්න' යන්නේ එහි ඇති මේ ඓතිහාසික වටිනාකම නිසා.. වැදගත් තොරතුරු ඇතුලත් අගනා පෝස්ට් එකට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ,
      ඒ ගසෙන් අපූරු නර්තන විලාසයක් පෙනෙනවා. යම්කිසි කෙනෙකු ඒ ගස එසේ වැඩීමට සකස් කළා නම් එය සුවිශේෂී දක්ෂ කමක්!

      Delete
  2. ලංකාවෙත් තියෙනවා තවත් වටිනා ගස් දෙකක් ගැන මම අහලා තියෙනවා. ඉන් එකක් ගිරිතලේ ඔරුබැඳි සියඹලාව. අනෙක හිදැල්ලන පරකඩුවේ දේවාලයක ඇති කොස් ගසක්! මතකයක් විතරයි!

    අනර්ඝ ලිපියක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි,
      මරු බැඳී සියඹලාව ගැන නම් අසා තිබෙනවා. පරකඩුවේ කොස් ගස ගැන නම් දන්නේ නැහැ. දැනට වසර 50 කට පමණ ඉහතදී චේ ගුවේරා ලංකාවට පැමිණි අවස්ථාවේ හොරණ මොරගහහේනේ සිටුවා තිබෙන මහෝගනී ගසක් ගැනත් අසා තිබෙනවා.මේ පිළිබඳව තැපැල් මුද්දරයක්ද නිකුත් කළා. අප කුඩා කාලයේ කළුතර කටුකුරුන්දේ ගාලු පාර හරහා ආරුක්කුවක් වාගේ මහා නුග ගසක් තිබුණා. මෙය පසුව කඩා වැටුනා. එයත් බොහෝ පැරණි බවට විශ්වාසයක් තිබුණා.

      Delete
    2. Mr T, බෝ ඔය කියන්නේ හඟුරන්කෙත විෂ්ණු දේවාලයේ තියන පැණි වරකා ගහ නෙමේ නේද

      Delete
    3. ගිරිතලේ ඔරුබැඳි සියඹලාවත්, හඟුරන්කෙත පැණි වරකා ගසත් දෙකම ඓතිහාසික වෘක්ෂ වෙන්නට පුළුවන්. මේවා පිලිබඳව තවත් තොරතුරු සෙව්වොත් පොතක් ලියන්නට තරම් කරුණු සොයා ගන්නට හැකි වේවි.

      Delete
  3. අගනා ලිපියක් !

    ReplyDelete
  4. නටන ගෑල්ලමයෙක්ව.....

    ReplyDelete
    Replies
    1. ඔව් ! ඔව් ! නටන ගෑල්ලමයෙක් වගේ තමයි. ඒ උනාට ඒක ස්වභාව ධර්මයේ අපූරු නිපැවුමක්.

      Delete
  5. පහත link එකෙන් අවුරුදු 500 කට වඩා පරණ "කොම්පොර්ට් මේපල්" නැමති ඓතිහාසික මේපල් ගස පිලිබදව කියවිය හැක.

    කැනඩාවේ දැනට සොයාගෙන ඇති පැරණිම (සජීවී) මෙම ගස තිබෙන්නේ ඔන්ටාරියෝ පළාතේ.

    https://www.thestar.com/news/insight/2017/03/19/oldest-sugar-maple-is-entwined-in-canadas-history.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Unknow,
      Link එකෙන් බැලුවා. ඒ මේපල් ගසත් මගේ එකතුවට දාගත්තා.

      Delete
  6. පසුගිය දිනක මෙම පුවතත් කියවන්න ලැබුණ. :(

    https://www.rivira.lk/online/2018/02/14/142522

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      Link එක කියවූවා.
      කොයි තරම් නීති රීති තිබුණත් නිලධාරීන්ගේ හරි තීරණ ගැනීමේ දුර්වලතාව නිසා මෙවැනි දේ සිදු වෙනවා. බලධාරීන්ට කුට්ටියක් ලැබෙනවානම් ඕනෑම අයුතු වැඩක් කරනවා.

      Delete
  7. පැරණි බැඕබැබ් ගසක් මන්නාරමේත් තියෙනවා කියල දැනගන්නට ලැබුණා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප මල්ලි,
      ඔබ හරි. මන්නාරම තලෙයිමන්නාර් දුපතේ පැරණි බැඕබැබ් ගසක් තිබෙනවා. මෙය අරාබි වෙළඳුන් විසින් සිටුවන ලද ඓතිහාසික ගසක් නිසා දැන් ආරක්ෂා කර තිබෙනවා. මේ ගැන සඳහන් කර මා කලින් Blog සටහනක් ලියා ඇති. එය පහත දැක්වෙන Link ඒකෙන් කියවිය හැකියි.
      http://dayawee2.blogspot.com.au/2017/07/blog-post_30.html

      Delete
  8. දැනට වයස් නීර්ණය කොට ඇති ලොව පැරණි ගස් අතුරින්, අපගේ ශ්‍රීමහා බෝධීන් වහන්සේ 11 වන ස්ථානයේ පසුවන බව පහත ලැයිස්තුවෙන් දැක්වේ.

    https://www.wikiwand.com/en/List_of_oldest_trees

    ReplyDelete
    Replies
    1. ඔබ දී ඇති Link එකේ දැක්වෙන පැරණි ශාක වල වයස නිර්ණය කර තිබෙන්නේ Carbon dating වැනි උපක්‍රම මගින් විය හැකියි. ඒවා එලෙසම පිළිගත හැකියි. අපගේ ශ්‍රීමහා බෝධීන් වහන්සේ රෝපණය කිරීම පිළිබඳව ලේඛනගත වාර්තා තිබෙනවා. මේ නිසා ලේඛනගත වී තිබෙන පැරණිම ගස මෙය බව සනාථ වෙනවා. එම Link එකේම අවසාන තීරුවේ තිබෙන මෙම සටහන බලන්න.
      "A sapling from the historical Bodhi tree under which the Buddha became enlightened. It was planted in 288 BC and is the oldest living human-planted tree in the world with a known planting date.[6] මෙහි human-planted යන්න පැහැදිලිව දක්වා තිබෙනවා.

      Delete
  9. දැන හෝ නොදැන මිනිසුන් ගස් වනසනවා
    බන ඇසු නමුත් හොරටම ගස් බිමලනවා
    පින ඇත රැකුවොතින් ගස්වැල් හරියනවා
    දෙන මේ දැණුම් ලිපියට මම තුති දෙනවා

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      වනසන නිසා රුක්‌ ගොමු ටික අද මිනිසා
      අසරණ වන ලොවකි. ගතයුතු මය විමසා
      පවසන නමුත් නෙක පිළියම් මේ උදෙසා
      අවසන අපේ මළගම ඇත. අප සකසා

      ඔබට ජයම!

      Delete
  10. අගනා තොරතුරු ටිකක්.
    ස්වාභාවිකව විනාශ වෙනතෙක් මේ ගස් ආරක්ෂා කර ගැනීම මිනිසාගේ යුතුකමක්.

    ReplyDelete
  11. ස්තුතියි ප්‍රසන්න,
    කවුරුත් තම තමන්ගේ යුතුකම ඉටු කරනවානම්, ගස් හෝ වනාන්තර ආරක්ෂා වෙනවා වගේම කාට කාටත් ජීවත් වීමට දැනට වඩා යහපත්, ප්‍රසන්න වටපිටාවක් නිරායාසයෙන්ම ලැබෙනවා.

    ReplyDelete
  12. අර යාපනේ පැත්තෙ තියනෙව නේද අලිගහ කියල එකක්

    ReplyDelete
  13. ස්තුතියි මද්දා.
    ඔව්, යාපනේ පැත්තේ කිව්වට ඔය ගස තිබෙන්නේ තලෙයිමන්නාරම දුපතේ. එහි විශාලම ගස වසර 150 ක් පමණ පැරණියි. මෙය අරාබි වෙළඳුන් විසින් සිටුවන ලද ඓතිහාසික ගසක් නිසා දැන් ආරක්ෂා කර තිබෙනවා. මේ ගැන සඳහන් කර මා කලින් Blog සටහනක් ලියා ඇති. එය පහත දැක්වෙන Link ඒකෙන් කියවිය හැකියි.
    http://dayawee2.blogspot.com.au/2017/07/blog-post_30.html
    මේ ගස් වලට අලි ගස් කියන්නේ ගසේ පොත්ත අලියෙකුගේ හම වගේ නිසයි. එ පැත්තේ චාරිකාවක් ගිය විට අමතක නොකර මෙම ගස බලාගන්න.

    ReplyDelete
  14. රත්නපුර කොළඹ මාර්ගය අය්නෙ parakaduwa නාමල් දෙනිය අසල snrakshanaya kala vishala naa gasak thiyayenawa.visthara hoyala balanna (sinhala type karanna behe blog ekathula)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි dpr,
      මේ ගස ගැන තොරතුරු සොයා ගන්නට උත්සාහ කළා. ලැබුනේ නැහැ. ඔබ දන්නා තොරතුරු ලියන්න. තවත් එ ගැන දන්නා අයගෙන් වැඩි විස්තර ලැබෙන්නට පුළුවන්. පරකඩුව අයිති ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නේද? එහෙන් අසා බැලුවොත් ?

      Delete
    2. දයා මෙහි විස්තර ටිකක් තියේ
      https://sites.google.com/site/gnmeneripitiya127c/5

      Delete
    3. සිරිබිරිස් උන්නැහැ,
      Link එක බැලුවා. හොඳ විස්තරයක්. සෑම ප්‍රාදේශීය සභාවක්ම මෙවැනි දේ අන්තර් ජාලයට දමනවානම් කොයි තරම් අගේද? රජයට යෝජනා කර බලමු.

      Delete
  15. Replies
    1. ස්තිතුයි රන්,
      එහෙම ගසක ගැන අහලා නම නැහැ. තව ටිකක් විස්තර ලියන්න.

      Delete
    2. බණ්ඩක්කා ගසක්ද?

      Delete
    3. එහෙම ගස් නම් දැන් නැහැ නේද?

      Delete
  16. බොන්සායි විදිහට සාමාන්‍ය ගසකට වඩා කාලයක් පවතින්න පුලුවන්ද? මං අහන්නෙ සාමාන්‍ය ගස්වලට සුලඟ කෘමීන් ආදියෙන් වෙන හානි ගැන නෙමෙයි. අයිඩියල් කන්ඩිෂන් වල සාමාන්‍ය ගසක් හා බොන්සායි සංසන්දනයක්

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි Pra Jay,
      මම නම් දන්නේ නැහැ. දන්නා කෙනෙකුගෙන් පිළිතුරක් ලැබුනොත් හොඳයි.

      Delete
  17. අපූරුයි.. ඒ ගහ දුටුවම නම් සෝන් ලේක් මතක් වුණා..!

    ReplyDelete
    Replies
    1. Thank you, RG,
      The shape of the tree has given much resemblance
      to the character produced more than a century ago !

      Swan Lake, Op. 20, is a ballet composed by Pyotr Ilyich Tchaikovsky in 1875–76. Despite its initial failure, it is now one of the most popular of all ballets.

      Delete