දැනට දශක හයකට පමණ පෙර අප අපොස සාමාන්‍ය පෙළ (ඒ කාලයේ s.s.c) පන්තියේ ඉගෙන ගනිද්දී සිංහල උගන්වන්නට ඉතා දක්ෂ ගුරු මහතෙකු සිටියේය. කතෝලික භක්තිකයෙකු වූ ඔහු නමින් වර්ණකුලසුරිය සන්තියාගෝ තිසේරා විය. ඔහු නම ලිව්වේ වසන් තිසේරා කියාය. ගම හලාවත, කාක්කපල්ලිය විය. අප බොහෝ දෙනෙකුට, ඔහු නිසාම සිංහල ප්‍රියතම විෂයය විය. මේ නිසාම අප කිහිප දෙනෙකු සිංහල සාහිත්‍යයද විභාග විෂයයක් ලෙස තෝරා ගතිමු.
ඒ කාලයේ සිංහල විභාග ප්‍රශ්න පත්‍රයේ ඉංග්‍රීසි පාඨයක් සිංහලට පරිවර්තනය කිරීමටත් සිංහල පාඨයක් ඉංග්‍රීසියට පරිවර් තනය කිරීමටත් තිබුණි. මෙම පරිවර් තන සඳහා මට විශේෂ දක්ෂ කමක්ද තිබූ බවද සඳහන් කළ හැකිය. පන්තියේ සිටි මගේ හිතවතෙක්, ඒ කාළේ අපට පරිවර් තනය කරන්නට දුන් පාඨයක් ලිපි ගොණුවක තිබී හමුවී කෞතුක ලියවිල්ලක් ලෙස මෑතදී මට එවා තිබුණි. එය නම්කර තිබුණේ “Welcome cup of Tea... a touching true story…” ලෙසටය.
එම ලිපිය මට ලැබුණු විගසම පාසැල් කාලයේදී කරනලද එම කටයුත්ත නැවත කරන්නට සිතුවිල්ලක් පහල විය. එහෙත් කලින් කරනලද පරිවර් තනය ළඟ නොතිබුණු නිසා එය ලහි ලහියේ නැවත සිංහලට නැගුවෙමි. එය ළඟ තිබුණානම් එදා සහ අද භාෂාව හැසිරවීමේ වෙනසක් තිබේද යන්න සංසන්දනයක් මගින් දැක ගන්නට තිබුණි.
ඉංග්‍රීසි ලිපිය සිංහලට පරිවර් තනය කළේ එයට අලුතින් මාතෘකාවක්ද එකතු කිරීමෙණි.
ඉංග්‍රීසියෙන් ලැබුණු කතන්දරය මෙසේය
Welcome cup of Tea... a touching true story...
A group of 15 soldiers led by a Major were on their way to the post in the Himalayas where they would be deployed for the next 3 months.
The batch who would be relieved waited anxiously.
It was a cold winter and intermittent snowfall made the treacherous limb more difficult.
If someone could offer a cup of tea. .
the Major thought, knowing it was a futile wish..
They continued for an hour before they came across a dilapidated structure, which looked like a tea shop but locked. It was late in the night.
"No tea boys, bad luck", said the Major. But he suggested all take some rest there as they have been walking for 3 hours.
"Sir, this is a tea shop and we can make tea... We will have to break the lock", suggested one soldier.
The officer was in great dilemma over the unethical suggestion but the thought of a steaming cup of tea for the tired soldiers made him give the permission.
They were in luck, the place had everything needed to make tea and also packets of biscuits.
The soldiers had tea biscuits and were ready for the remaining journey.
The Major thought they had broken open the lock and had tea biscuits without the permission of the owner. They're not a band of thieves but disciplined soldiers.
He took out a Rs1000/- note from his wallet, placed it on the counter, pressed it under sugar container, so that the owner could see.
The officer was now relieved of his guilt.
He ordered the shutter down and to proceed.
Three months passed, they continued to do gallantly in their works and were lucky not to loose anyone from the group in the intense insurgency situation.
It was time for another team to replace them.
Soon they were on their way back and stopped at the same tea shop which was open and owner was present in the shop.
The owner, an old man with meager resources, was very happy to greet 15 customers.
All of them had tea and biscuits.
They talked to the old man about his life and experience, especially selling tea at such a remote place.
The old man had many stories to tell, replete with his faith in God.
"Oh, Baba, if God is there, why should He keep you in such poverty ?", commented one of them.
"Do not say that Sahib ! God actually is there, I got proof.
3 months ago."
"I was going through very tough times because my only son had been severely beaten by terrorist who wanted some information from him which he did not have.
I had closed my shop to take my son to hospital. Some medicines were to be purchased and I had no money.
No one would give me loan for fear of the terrorists.
There was no hope, Sahib".
"And that day Sahib, I prayed to God for help. And Sahib, God walked into my shop that day."
"When I returned to my shop, I found lock broken,
I felt I was finished,
I lost whatever little I had.
But
then I saw that God had left Rs 1000/= under the sugar pot.
I can't tell you Sahib what that money was worth that day.
God exists Sahib. He does."
The faith in his eyes was unflinching.
Fifteen pairs of eyes met the eyes of the officer and read the order in his eyes clear and unambiguous, "Keep quiet".
The officer got up and paid the bill.
He hugged the old man and said, "Yes Baba, I know God does exist.And yes, the tea was wonderful."
The 15 pairs of eyes did not miss to notice the moisture building up in the eyes of their officer, a rare sight.
The truth is
"YOU" can be God to anyone.
ත්‍රස්තවාදී යුද බිමක් ව පැවතුනු, හිමාල පර් වතය ආසන්නයේ පිහිටි අති දුෂ්කර යුද කඳවුරක තුන් මසක සේවය සඳහා යාමට මේජර් වරයෙකු ඈතුලු පසළොස් දෙනෙකුගෙන් යුක්ත හමුදා ඛණ්ඩයකට අණ ලැබිණ.
කලින් තුන් මස සේවය අවසන් කළ හමුදා ඛණ්ඩය, නව කණ්ඩායම එනතුරු පුලපුලා බලා සිටියහ.
එය ශීත ඍතුව වූ අතර, හිම පතනය, අධික වර් ෂාව, ඇඟ කිළිපොලා යන දැඩි සීතල සහ චණ්ඩ මාරුතය නිසා කඳු ශිඛර තරණය කිරීම මහත් අපහසුවක් විය.
‘කවුරුන් හෝ අපට උණු තේ කෝප්පයක් දෙතොත් කෙතරම් අගේද?’ මේජර් වරයාට සිතිණ. එහෙත් එය නිෂ්ඵල සිතිවිල්ලක් බව වැටහුණු ඔහු එම අදහස අත්හැර දැමීය.
තවත් පැයක් පමණ කඳු බැවුම් ඔස්සේ ගමන් කළ ඔවුනට අඩි පාර ආසන්නයේ තිබුණු ගරා වැටී ගිය කඩයක් වැනි කුඩා මඩුවක් දකින්නට ලැබිණ. එහි කිසිවෙක් නොසිටි අතර අබලන් දොර ඉබ්බෙක් දමා වසා තිබිණ.
ඒ වන විට මැදියම් රැයට ආසන්න බව ඔවුනට දැනුණි.
‘කොල්ලනි, කඩය වසා තිබේ. තේ කෝප්පයක් බීමට වාසනාව නැහැ’යි කී මේජර් වරයා, ඒ වන විට හෝරා තුනක් පමණ පා ගමනේ යෙදී සිටි සෙබලුන්ට එම ස්ථානයේ ටික වෙලාවක් නතර වී විවේක ගන්නා ලෙස අණ කළේය.
‘සර් මේක තේ කඩයක් නේ. අපට තේ සාදා ගන්නට පුළුවනි. ඉබ්බා කඩා ඇතුල් වෙමුද?’ එක් සෙබළෙක් යෝජනා කළා
මෙම, හමුදා විනයට විරෝධී යෝජනාව පිළිබඳව මේජර් වරයා මහත් වික්ෂිප්ත භාවයට පත්වුවත් තද මහන්සිය දුරු කරන, දුම් දමමින් රස නහර පිනායන, ඉමිහිරි තේ කෝප්පයක ආස්වාදය ක්ෂණයකින් මෙනෙහි කළ ඔහු සෙබලාගේ යෝජනාවට අකමැත්තෙන් එකඟ වී, එයට අවසර දුනි.
දොර විවෘත කරගත් පසු ඔවුන් තරමක් වාසනාවන්ත බව පෙනුනි. තේ සාදා ගැනීමට අවශ්‍ය සියලු දේ සහ බිස්කට් ද එහි තිබිණ.
ඔව්හු බිස්කට් කා තේ බී, ආපසු ගමනෙහි ඉතිරි කොටසට සුදානම් වුහ.
මඳක් නතරවූ මේජර් වරයා ‘දොර කඩා විවෘත කර ඇතුල් වී, බිස්කට්ද කා තේ බිව් අප සියලු දෙනා. සොරු නොවෙති. මනා හික්මීමක් සහිත නීති ගරුක සොල්දාදුවෝය’ යනුවෙන් මොහොතක් කල්පනා කළේය. වහාම තම පසුම්බිය විවෘත කර රුපියල් දහසක නෝට්ටුවක් පිටතට ගෙන මේසය මත තබා, අයිති කරුට පෙනෙන ලෙස, හිස් සීනි බඳුන අඩයක් ලෙස ඒ මත තැබීය.
මේ මගින් නායකයා තම හිසෙහි තිබුණු ‘වැරැද්දක් කළේ’ යයි හැගීමේ ‘බර’ සැහැල්ලු කර ගත්තේය.
ඔහු, තේ කඩයෙහි දොර වසා ආපසු ගමන් අරඹන ලෙස පිරිසට අණ දුන්නේය.
ඔව්හු ඉදිරි තුන් මස කැරලි කරුවන්ගේ දහසක් කරදර මධ්‍යයේ තම සේවය හෘදයංගමව අවසන් කර කිසිවෙකුට අන්තරාවක් නොමැතිව ආපසු ඒමට පටන් ගත්හ.
ඔවුන් වෙනුවට තවත් කණ්ඩායමක් ඒමට නියමිතය.
ටික වෙලාවකින් ඔව්හු සුපුරුදු තේ කඩය අසලට පැමිණ නතර වූහ. එය විවෘත කර තිබිණ. එහි අයිතිකරු වූ අහිංසක පෙනුමකින් යුත් වයෝවෘධ මිනිසා, තේ බීමට පැමිණි, පසළොස් දෙනෙකුගෙන් යුක්ත එම පිරිස සාදරයෙන් පිළිගත්තේය.
ඔවුන් සියලු දෙනාම බිස්කට් කා තේ පානය කළහ.
ඔව්හු මහලු මිනිසා සමග බොහෝ දේ කතා කළහ. විශේෂයෙන්ම, එම දූෂ්කර ඈත පරිසරයේ, යුද ගිනි සහ ත්‍රස්තවාදී කරදර මැද තේ සැපයීම පිළිබඳවද කතා කිරීමට අමතක නොකළහ.
මහල්ලාටද කතා කිරීමට බොහෝ දේ තිබුණු අතර, ‘දෙවියන්’ ගැන ඔහුගේ භක්තියද නොවළහා ප්‍රකාශ කළේය.
‘දෙවියන්’ සිටී නම් ඔහු විසින්, ඔබ ඔතරම් දුක්ඛිත තත්වයක තබා සිටින්නේ ඇයි’ දැයි එක් සෙබළෙක් ප්‍රශ්න කළේය.
‘දැන උගත් මහත්මයාණෙනි, එහෙම කියන්නට එපා. හරියටම මාස තුනකට ඉහතදී දෙවියන් මා සමග සිටින බව ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වූවා.’
‘ඒ දිනවල මගේ එකම පුතා, කැරලි කරුවන්ගේ ප්‍රහාරයකට ලක් උනා. ඔහු නොදන්නා තොරතුරක් අසා, එය නොලැබුණු බැවින්, ඔහුට තදබල ලෙස තලා පෙළා පහර දුන්නා. ම්හු රෝහලට ගෙන යාම සඳහා, මට කඩය වසා දැමීමටත් සිදු උනා. ඔහු සඳහා බෙහෙත් මිලදී ගැනීමට මා ළඟ කිසිම මුදලක් තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ට බියෙන් කිසිවෙකු මට මුදල් ණයට දුන්නෙත් නැහැ.
‘මම එදා හරිම අසරණ උනා, මහත්වරුනි’.
‘මා දෙවියන් යැද මට උපකාර කරන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියා.’
‘විශ්වාස කරන්න මහත්වරුනි. එදින දෙවියන් මගේ කඩයට වැඩම කර තිබෙනවා’
‘පසුදින මා ආපසු කඩයට එනවිට දොරෙහි ඉබ්බා කඩා තිබෙනු දුටුවා.’
‘මගේ සේසතම අවසානයයි මට සිතුනා.’
එසේ වූවත්.......
‘එවලේම මා දුටුවා. සීනි බඳුන යට ‘දෙවියන්’ විසින් රුපියල් දහසක නෝට්ටුවක් තබා තිබෙන බව!.’
‘එදින ලැබුණු එම මුදල් නෝට්ටුවේ වටිනාකම මට මෙතෙකැයි කියා නිම කරන්නට බැහැ. දෙවියන් ජීවමානව සිටිනවා මහත්වරුනි.’
වයෝවෘද්ධයා, දෙවියන් කෙරෙහි පවතින භක්තිය ඔහුගේ දෑසින් මනාව පිළිබිඹු විය.
සෙබළුන්ගේ ඇස් යුගල පසළොසක් එක්වරටම මේජර් වරයාගේ දෙනෙත් දෙසට යොමු විය. ඒ දෙනෙත් වලින් ඔවුනට දෙනලද ’නිහඬ වනු!’ යන නියෝගය ඔවුන් සියලු දෙනාම වහාම තේරුම ගත්හ.
නායකයා නැගිට තේ සහ බිස්කට් වල ගාස්තුව ගෙවා දැම්මෙය.
ඔහු ඒ සමගම මහලු මිනිසා වැළඳගෙන ‘“ත්තකයි. ‘දෙවියන්’ සිටිනවා. ඔබගේ තේ වල පුදුමාකාර රසයක් තිබෙනවා” යයි කීවේය.
තුෂ්නිම්භූතව, අයා ගත් ඇස් යුගල පසළොසට, තම නායකයාගේ නෙත් අග කඳුළු බිඳු හටගනු දකින්නට ලැබිණ.
‘මෙය ඔවුන් දුටු ඉතාමත් විරල දසුනකි.’
‘ඔබට’ ඕනෑම තැනකදී ‘දෙවියෙකු’ විය හැකිය
මේ සමගම මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර් විසින් 'දෙවියන්' සිටින තැන් ගැන ලියන ලද කවි පෙළක කොටසක්ද මතක් විය. එයද මෙහි සටහන් කරමි.
He is there, where the tiller is tilling the hard
Ground and where the path maker is breaking stones.
He is with them, in sun and in shower and his
Garment is covered with dust.