මදුරු කරදරය අවසන් කිරීමේ ක්‍රමෝපායය හෙළි වෙමින් පවතී
ලොව පුරා පැතිරී යන ඉතාමත් භයංකර රෝග වන මැලේරියා, ඩෙංගු, චිකුන්ගුන්යා
සහ ශීකා වැනි වසංගත පැතිරවීමේ වාහකයා ලෙස නම් දරා සිටිනුයේ ඉතාමත් කුඩා
කෘමියෙකු වන මදුරුවායි. මෙම වසංගත වලින් වැඩි වශයෙන්ම මිනිසාට මාරාන්තික උපද්‍රව සිදුකරනුයේ මැලේරියා රෝගයයි. මෙහි වාහකයා
වනුයේ Anopheles මදුරුවාය. දැනට ලොව පුරා රටවල් 95 ක දළ වශයෙන් බිලියන 3.2 පමණ වන ජනගහනයක් මැලේරියා වසංගතයට ගොදුරු වීමේ
අවදානමින් සිටිති. මෙහිලා, මෙම ලිපිය මගින්
මැලේරියා රෝගය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට කැමැත්තෙමි.
මැලේරියා රෝගය පැතිරී යාමට මූලික වනුයේ ‘ප්ලැස්මෝඩියම්’ (Plasmodium) නමැති
පියවි ඇසට නොපෙනෙන (අන්වීක්ෂීය) රුධිර පරපෝෂිතයෙක් ය. මෙම රෝගය බෝ කරන වන ප්ලැස්මෝඩියම් පරපෝෂිතයා, රෝගය වැළඳුනු මිනිසෙකුගේ සිට නිරෝගී අයෙකු වෙත
ගෙනයනු ලබන වාහකයා මදුරුවායි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව දැනටද, ලොව පුරා මැලේරියා රෝගීන් මිලියන 212 පමණ ප්‍රතිකාර ලබමින් සිටිති. මෙයින් 75% පමණ සිටිනුයේ අප්‍රිකානු කලාපයේය. තවත් 7% පමණ වාර් තා වනුයේ දකුණු ආසියානු
කලාපයේය.
මැලේරියා පරපෝෂිත Plasmodium ගණයට අයත් තවත් විශේෂ කිහිපයක් රෝග කාරක ලෙස හඳුනා ගෙන තිබේ. මොවුන් නම් Plasmodium vivax, Plasmodium malariae හා Plasmodium falciparum ය. මෙයින් දරුණු මොළයේ මැලේරියාව ඇති කරන්නේ P. falciparum ය. මේ පරපෝෂිතයින් ව්‍යාප්ත වන්නේ, පරපෝෂිත වාහකයා ලෙස ක්‍රියාකරන Anopheles ගණයේ මදුරුවන්ගේ ගැහැණු සතුන් මගිනි.(Plasmodium පරපෝෂිත වාහකයින් ලෙස ක්‍රියාකරන, Anopheles ගණයේ මදුරුවන් මගින් මැලේරියා රෝගය බෝවීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා දශක හත අටකට පෙර සිට විවිධ ප්‍රචාරක මාධ්‍ය ප්‍රයෝජනයට ගෙන තිබේ.
(ශ්‍රී ලංකාවේ සහ තවත් දකුණු ආසියාතික රටවල් රාශියක, උසස් අධ්‍යාපනයට යොමුවන සත්ත්ව විද්‍යාව හෝ ජීව විද්‍යාව හදාරන සිසුන් හට, Anopheles ගණයේ මදුරුවන්ගේ ව්‍යාප්තිය සහ Plasmodium පරපෝෂිතයාගේ ජීවන චක්‍රය මගින්, මිනිසාට රෝගය වැළඳීම පිලිබඳ පුළුල් අවබෝධයක් ලබාදීමට හැකිවන ආකාරයට මෙම විෂයය කොටස අපොස උසස් පෙළ පාසල් විෂයය මාලාවටද ඇතුළත් කර තිබේ.)
ශ්‍රී ලංකාවේ පරිසරයෙන් මැලේරියා පරපෝෂිතයා තුරන් කර ඇතත්, තවමත් වාහක මදුරුවා රටෙන් තුරන් කර නොමැත. මේ නිසා විශේෂයෙන්ම මැලේරියා රෝගය පවතින ලෝකයේ වෙනත් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අය ආශ්‍රීතව රෝගය යළි හිස එසවීම වැලක්වීම සඳහා නිසි නිරෝධායන කටයුතු සම්පාදනය කර තිබේ.
මැලේරියා මර්දනය සඳහා පියවර ගැනීම
පසුගිය 1930 සහ 40 දශකවලදී මැලේරියාව ඉතාමත් දරුණු වසංගතයක් ලෙස අප්‍රිකානු මහාද්වීපයේ, දකුණු ආසියාවේ සහ දකුණු ඇමෙරිකාවේත් ශීඝ්‍රයෙන් පැතිරෙන්නට විය. ලෝකයේ වැඩිම ජීවිත ගණනක් බිල්ලට ගත් දරුණුම වසංගතය තරමට මැලේරියාව ව්‍යාප්ත වන්නට විය. මේ වන විටත් මැලේරියා පරපෝෂිතයාගේ ජීවන චක්‍රයේ මුල් අවස්ථාව, Anopheles මදුරුවාගේ ශරීරය තුළත්, දෙවන අවස්ථාව මිනිසාගේ රුධිර පද්ධතිය ආශ්‍රිතවත් සිදුවන බව සොයාගෙන තිබුණි.
මේ සම්බන්ධයෙන් පර්
යේෂණ කළ රොනල්ඩ් රොස් (Ronald Ross) නම් බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයාට 1902 වර් ෂයේදී, පරපෝෂිතයාගේ ජීවන
චක්‍රය සොයාගැනීම වෙනුවෙන් වෛද්‍ය / කායික
විද්‍යාව පිලිබඳ නොබේල් ත්‍යාගයද හිමිවිය. මෙම සොයා ගැනීම
මැලේරියා මර් දනයේ වැදගත් මූලික පියවරක් විය.
මැලේරියා වසංගතය
බහුලව පැතිරී ගිය මුල් වකවානු වලදී, රෝගය වැලඳුණු අයට රෝග නිවාරණය සඳහා Quinine හෝ Primaquine වැනි ඖෂධ දිගු කාලයක් තිස්සේ පෙති වශයෙන් භාවිතයට දෙන ලදී. එහෙත් රෝග පාලනය සඳහා මෙම ඖෂධ එතරම් සාර් ථක ප්‍රතිකර් මය නොවීය. මේ සමගම
රෝග ව්‍යාප්තිය වැලැක්වීම සඳහා මදුරු වාහකයින් බෝවීම මැඩ පැවැත්වීමේ ක්‍රමෝපායයන්
කෙරෙහිද විද්‍යාඥයින්ගේ අවධානය යොමු විය
මදුරු වාහකයින්
පාලනය කිරීම සඳහා යෝග්‍ය උපක්‍රම ගැන පර් යේෂණ කිරීම සඳහා දැඩි අවධානයක් යොමු කළ
අය අතර, ඒ සඳහා කැපී පෙනෙන මෙහෙවරක් කළ විද්‍යාඥයෙකු වූයේ, ස්වීඩන් ජාතිකයෙකු
වූ Paul Hermann Müller රසායන විද්‍යාඥයාය.
මදුරුවන්
වැනි කුඩා ආත්‍රෝපෝඩා වංශික කෘමීන් මර් දනය කළ හැකි රසායන සංයෝගයක් නිපදවා ගැනීම සඳහා පර් යේෂණ කිරීමෙහි නිරත වූ ඔහුට, 1939 වර්ෂයේදී අතිශයින් ප්‍රබල ඩී ඩී ටී (DDT) කෘමි
නාශකය නිෂ්පාදනය කළ හැකි විය.
මදුරුවන් වැනි කුඩා
කෘමීන්ගේ ශරීරයේ තැවරුණු විට,
කෘමියා විනාශවන මෙම රසායන
ද්‍රව්‍යය, ද්‍රාවණයක් ලෙස ‘ස්ප්‍රේ’ යන්ත්‍රයකින් ඉසීමට පහසු
බවද අනාවරණය විය. DDT යන කෙටි නමින් හැඳින්වෙන මෙම රසායන ද්‍රව්‍යයේ ,විද්‍යාත්මක නාමය
ඩයික්ලෝරෝ ඩයිෆීනයිල් ට්‍රයික්ලෝරෝඊතේන් (Dichloro diphenyl trichloroethane) ය.
DDT
කෘමි නාශකය
සොයාගැනීම වෙනුවෙන්,
මුලර් විද්‍යාඥයාට 1948 වර් ෂයේදී, වෛද්‍ය / කායික විද්‍යාව
පිලිබඳ නොබේල් ත්‍යාගය හිමිවිය.
මීට
පසු වසර කිහිපයක් ගතවන විට, Quinine හෝ Primaquine වැනි ඖෂධ වල බලගතු භාවයද හීනවී යන බව නිරීක්ෂණය
වන්නට විය. මෙයට හේතුව ප්ලැස්මෝඩියම් පරපෝෂිතයා, අදාළ ඖෂධ වලට
එරෙහිව අනුවර් තනය වීම බව විද්‍යාඥයින්ගේ මතය විය. ඒ සමගම DDT කෘමි නාශකය නිසා
බරපතල පරිසර හානි සිදුවන අතරම,
එම රසායන ද්‍රව්‍යය ආහාර දාම සහ ආහාර ජාල ඔස්සේ ගලා ගොස් ජෛව විවිධත්වයට ද බලපෑම් කරන බවද
නිරීක්ෂණය විය. මේ නිසා මදුරු මර්දනය සඳහා ඉතා සාර් ථක නිෂ්පාදනයක් වූ DDT මගින් පරිසරයට එල්ල කරන ලද බලවත් තර් ජනය නිසා, එම කෘමි නාශකය
භාවිත කිරීම ගැන, කඩිනමින් තීරණයක් ගැනීමේ අවශ්‍යතාව
තදින්ම දැනෙන්නට විය. මේ සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර ඉදිරිපත්වීමෙන් පසු අවසානයේදී, DDT
නිෂ්පාදනය පාලනය කළයුතු බවට
තීරණය විය. නිෂ්පාදනය ක්‍රමක්‍රමයෙන් සීමාකර 1972 දී, නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම වාගේ
අත්හිටවන ලදී. මේ ආකාරයට 1948 වර් ෂයේදී, නොබේල් ත්‍යාගය මගින් සම්මානයට පාත්‍රවූ කෘමි නාශකය, ඊට වසර 24 කට පසු නිෂ්පාදනය තහනම් කරන ලදී.
(අත්‍යාවශ්‍ය කටයුතු සඳහා නිෂ්පාදනය පිණිස වුවද විශේෂ අවසරයක් අවශ්‍ය විය.)
1948 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය - (WHO) ස්ථාපනය කිරීමත් සමග, එමගින් මැලේරියා මර් දනය පිලිබඳ, ලෝක ව්‍යාප්ත වැඩ සටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කරන ලදී. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලද්දේ, “සුව කිරීමට වඩා වැලැක්වීම යහපත්ය” (Prevention is better than cure) යන ආදර් ශ පාඨයට අනුකූලවය. මෙහිදී ‘රෝග නිවාරණ’ කටයුතු වලට මෙන්ම ‘රෝග වැළක්වීමේ’ කටයුතු සඳහාද විශාල සැලකිල්ලක් දක්වන ලදී. මේ අනුව, මදුරුවන් බෝවෙන දිය කඩිති වල ජලය බැස යාමට සැලැස්වීම, කුණු කසල කලට වෙලාවට ඉවත් කිරීම, ජනතාව මදුරු දැල් භාවිතය සඳහා හුරු කරවීම යනාදී, මදුරු වාහකයින් පලවා හැරීම සහ මදුරුවන් දෂ්ඨ කිරීම වැළක්වීමේ කාර් යයන් සඳහා නැඹුරුවක් ඇතිකිරීම පිණිස ජාත්‍යන්තර අරමුදලක්ද ආරම්භ කරන ලදී.
මෙම ක්‍රම වේද මගින් වසර කිහිපයක් තුළ සාර් ථක ප්‍රතිඵල ලැබුණ නමුත්, කල් යාමේදී ආර් ථික ගැටළු, මහජන සහයෝගය හීන වීම වැනි විවිධ හේතු නිසා, ඒවා පිරිවැය ඵලදායී නොවන අසාර් ථක ක්‍රියා මාර් ග බව ඔප්පු විය. එමෙන්ම 1948 වර් ෂයේදී, DDT මාහැඟි කෘමි නාශකයක් ලෙස ලොව පිළිගෙන, එය සොයාගත් විද්‍යාඥයා, නොබේල් සම්මානයෙන් පවා පිදුම් ලැබුවත්, ඊට වසර 24 කට පසුව එම කෘමි නාශකය පරිසර හිතකාමී නොවන රසායන ද්‍රව්‍යයක් බව ඔප්පු වීමෙන් පසු, නිෂ්පාදනය පවා නීති මගින් තහනම් කිරීම දෛවයේ සරදමක් බඳු නොවේද?
මැලේරියා වසංගතය මැඩ පැවැත්වීම සඳහා එන්නතක් නිපදවීම.
මැලේරියා පරපෝෂිතයාගේ ජීවන චක්‍රයේ පළමු අදියර, වාහක මදුරුවාගේ ශරීරය තුළ සහ දෙවන අදියර, මිනිසාගේ ශරීරය තුළද සිදුවීම නිසා, රෝගය මැඩ පැවැත්වීම සඳහා සම්ප්‍රදායික පිවිසුම් අනුගමනය කිරීම දුෂ්කර කාර් යයක් බව ඒත්තු වී ගොස් තිබේ. දශක හයක් පමණ කාලයක් තිස්සේ කරන ලද පර් යේෂණ මගින් මේ බව ඔප්පු වී ඇත. මේ නිසා රෝග නිවාරණය සඳහා ඊළඟ පියවර වශයෙන් එන්නතක් භාවිතය පිළිබඳව, 80 දශකයේදී සිටම විද්‍යාඥයින්ගේ අවධානය යොමු වන්නට විය. මේ අනුව මහා බ්‍රිතාන්‍යයේ GlaxoSmithKline Biologicals (GSK) සමගම විසින්, Malaria Vaccine Initiative නමැති පර් යේෂණ ආයතනයකද සහාය ඇතිව නිපදවන ලද, මුල්ම මැලේරියා එන්නත, RTS,S එන්නත ලෙස නම්කර තිබේ. 2019 වර් ෂයේ සිට රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතයට යොමු කරන ලද මෙම එන්නතෙහි වෙළඳ නාමය “Mosquirix” ලෙස යොදා ගැනීමටද අනුමැතිය ලැබී ඇත. මෙම එන්නතෙහි වැදගත්ම ලක්ෂණය වනුයේ, එය Plasmodium falciparum පරපෝෂිතයා නිසා හටගන්නා මැලේරියාව මර් දනය කිරීම සඳහා සුවිශේෂී වීමයි. අප්‍රිකානු රටවල වැඩිපුරම පැතිරී යන එමෙන්ම වැඩි වශයෙන් කුඩා දරුවන් මරුමුවට පත්වන මැලේරියා රෝගය හටගන්නේ Plasmodium falciparum පරපෝෂිතයා නිසා, මෙම එන්නත, ඒ ආකාරයට වැළඳෙන මැලේරියාව පිටු දැකීමට නිෂ්පාදනය කරන්නට ඇති බව විශ්වාස කළ හැකිය. ලොව පළමු මැලේරියා නාශක එන්නත වන “Mosquirix” රෝගීන් සඳහා මුදාහැරීමෙන් පසු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර් ය, ටෙඩ්රෝස් ගෙබ්‍රියේසස් (Dr. Tedros Ghebreyesus) මෙසේ ප්‍රකාශ කර තිබේ.
“විශේෂයෙන්ම අප්‍රිකානු ප්‍රදේශයේ, දරුණු මැලේරියා රෝගය නිසා අකාලයේ මිය යන ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා, ලෝකයේ පළමු වරට නිපදවන ලද මෙම එන්නත ලොවටම ලැබුණු මහඟු දායාදයකි. මෙය මගින් නුදුරු අනාගතයේදීම ලොව පුරා මැලේරියා මර් දනය පිළිබඳව මහත් පෙරළියක් ඇතිවනු නොඅනුමානය.”
මෙම එන්නත සොයා ගැනීම වෛද්‍ය විද්‍යාවේ ඓතිහාසික ජයග්රහණයකි. මිනිසාට වින කරන ඒක සෛලීය පරපෝෂිතයෙක් සඳහා නිෂ්පාදනය වූ, පළමු හා එකම එන්නතද මෙය වේ. කුඩා දරුවෙකුට වයස මාස 5 වනවිට ආරම්භ කර මාත්රා 4ක් වශයෙන් එන්නත දිය යුතු බව නිර්දේශ කර තිබේ. මේ සඳහා සියලුම සායනික පර් යේෂණ කර ඇත්තේ 2019 වර් ෂයේදී කෙන්යාව, ඝානාව හා මලාවි යන අප්‍රිකානු රටවල දරුවන් 800,000 ට වඩා සංඛ්‍යාවක් යොදා ගනිමින්ය.
ජාන තාක්ෂණය මගින් මදුරු මර්දනය සඳහා
නව පිවිසුමක්
පසුගිය දශක දෙක තුළදී, ජාන ඉංජිනේරු විද්‍යාව ඉතාමත් පුළුල් වී, විවිධ ආකාරයට ජෛව තාක්ෂණ කටයුතු කරගෙන යාම සඳහා භාවිත කළහැකි මෙවලම් රාශියක් නිර් මාණය කර තිබේ. ජීවියෙකුගේ සමස්ත ජාන පද්ධතියේම අන්තර් ගත, ගති ලක්ෂණ පාරම්පරික වීමට තුඩු දෙන, ප්‍රවේණි ද්‍රව්‍ය ගොණුව (genetic material bundle), පොදුවේ ‘ජිනෝමය’ (Genome) ලෙස හැඳින්වේ. ‘ජිනෝම සංස්කරණය’ (Genome editing) නමැති, ජෛව තාක්ෂණයේ නවතම ශිල්පක්‍රමය මගින් ජීවියෙකුගේ යම්කිසි ගති ලක්ෂණයක් සඳහා බලපාන සුවිශේෂී ජානය හඳුනාගෙන එය අවශ්‍ය පරිදි ඉවත් කර, ඒ වෙනුවට තෝරාගන්නා ලද වඩාත් වැදගත් ලක්ෂණ නිරූපණය කරන වෙනත් ජානයක් බද්ධ කළ හැකිය. මෙය ජෛව තාක්ෂණයේ ඉතාමත් ඵලදායි නව නැඹුරුවක් වේ.
මදුරු මර් දනය සඳහා ජෛව තාක්ෂණය උපයෝගී කර ගත හැකි බව, සැලකිල්ලට භාජන කළ ඇමෙරිකාවේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්, 2021 වර් ෂයේදී එරට ඝර් ම කලාපීය ප්‍රාන්තයක් වන ෆ්ලොරිඩාවේ මිරිදිය කඩිති ආශ්‍රීතව බහුලව දකින්නට ලැබෙන මදුරු විශේෂයක් තම පර් යේෂණ සඳහා තෝරා ගන්නා ලදී. මොවුන්ගේ පර් යේෂණ සඳහා පාදක කර ගනු ලැබුවේ මදුරුවන්ට අදාළ ඉතාමත් සරල නිර් ණායක කිහිපයකි. ඒවා මෙසේය:
- මිනිසාට දෂ්ඨ කර,
ඔහුගේ රුධිරය උරා බොන්නේ ගැහැණු මදුරුවන්
පමණකි.
- මේ නිසා මැලේරියා පරපෝෂිතයින් වැනි රෝග කාරක
සම්ප්රේෂණය වනුයේ ගැහැණු මදුරුවන්
මගින් පමණකි.
- ජාන තාක්ෂණය මගින් ගැහැණු මදුරු ගහණය පාලනය
කළහොත් රෝග බෝවීම පාලනය කළ හැකිය.
මෙම විද්‍යාඥයින්ගේ පර් යේෂණ සඳහා භාවිත කරන ලද්දේ ජාන තාක්ෂණයේ නවීනතම මෙවලමක් වන CRISPR-Cas9 යන නමින් හැඳින්වෙන, ජීවියෙකුගේ ‘ජිනොමයෙහි’ ඇති ජානයක් හෝ ජාන කිහිපයක් තෝරාගෙන, ඒවා කපා ඉවත් කිරීම හෝ ඒ වෙනුවට වෙනත් ජාන සමුහයක් බද්ධ කිරීම මගින් සිදු කරන ජාන සංස්කරණය (Genetic editing) නමැති ක්‍රමවේදයයි. CRISPR යන කෙටි යෙදුමෙන් හැඳින්වෙනුයේ Clustered Regularly Interspaced Short Palindromic Repeats යන ඉංග්‍රීසි භාෂාවෙන් දැක්වෙන වගන්තියයි. මෙම මෙවලමෙහි, Cas9 යනු ජිනොමයක තෝරාගත් යම්කිසි කොටසක් කපා වෙන්කිරීම සඳහා භාවිත කෙරෙන සුවිශේෂී එන්සයිමයකි. මේ නිසා මෙවලමෙහි මෙම කොටසට “ජාන සංස්කරණයේ කතුර” (gene editing scissors) යන අන්වර් ථ නාමයක්ද ලැබී තිබේ.
‘ජිනෝම සංස්කරණය’ පිලිබඳ පර් යේෂණ මෙහෙය වූ විද්‍යාඥයින් විසින් මුලින්ම කරන ලද්දේ, විද්‍යාගාරයක් තුළ පවතින ආරක්ෂාකාරී තත්ත්ව යටතේ, ජාන සංස්කරණය කරන ලද මදුරුවන් දස දහස් සංඛ්‍යාත සමූහයක් සකස් කර ගැනීමයි. මොවුන් ‘ජාන වෙනස් කළ මදුරුවන්’ - GM (genetically modified mosquitoes) ලෙස නම් කරන ලදී. මෙම තොගයේ මදුරුවන්ගේ විශේෂත්වයක් වූයේ ඔවුන්ගෙන් හටගන්නා ඊළඟ පරම්පරාවේ ගැහැණු මදුරු ජනිතයින්ට, පරිණත තත්ත්වයට එළඹෙන තුරු ජීවත් වීමට නොහැකි වන ආකාරයේ ‘ස්වයං- සීමාකාරි’ (self-limiting) ජාන සංස්කරණයක් කර තිබීමයි. මෙය “මාරක ජානයකි”. එමෙන්ම ඔවුන් පරිසරයට මුදාහළ විට පහසුවෙන් හඳුනා ගැනීම සඳහා එක්තරා ආලෝක කිරණයකට යොමු කළ විට ප්‍රතිදීප්ත වන (fluorescent) ජානයක්ද ජිනෝමයට එකතු කරන ලදී. පර් යේෂණයේ මීළඟ අවස්ථා පියවර කිහිපයක් ලෙස මෙසේ දැක්විය හැකිය.
- ස්වාභාවික
පරිසරයට මුදා හරිනු ලබන GM මදුරුවෝ
මිරිදියෙහි බිත්තර දමති.
- මෙම බිත්තර වලින් නව මදුරු පරම්පරාවක් හටගනී.
- මෙසේ හටගන්නා
“මාරක ජානය”
සහිත
ගැහැණු මදුරුවෝ පරිණත වීමට පෙර මියයති.
- පරිණත වන GM
පිරිමි මදුරුවෝ පරිසරයේ ස්වාභාවිකව සිටින වෙනත්
ගැහැණු මදුරුවන් සමග එක්වී ඔවුන්ගේ ඩිම්බ සංසේචනය කරති.
- මේ මගින් ස්වාභාවික පරිසරයේ ගැහැණු මදුරුවන්
සමමූහයකටද “මාරක ජානය”
සම්ප්රේෂණය වේ.
- එසේ හටගන්නා මදුරු බිත්තර වලින් ආරම්භ වන ඊළඟ
පරම්පරාවේ ගැහැණු මදුරුවෝද “මාරක ජානය”
දරණ නිසා පරිණත නොවී අකාලයේ මියයති.
- මේ
ආකාරයට සෑම නව පරම්පරාවකම හටගන්නා ගැහැණු
මදුරුවෝ ශීඝ්‍රයෙන් අඩුවීමට පටන් ගනිති.
සාමාන්‍යයෙන් මදුරුවාගේ ජීවන චක්‍රය දින 8 සිට 10 ක පමණ කාලයක් නිසා, මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවන විට, ටික කලකදීම මදුරු ගහණය ක්‍රමක්‍රමයෙන් තුනී වී යාමටත් අවසානයේදී නව ජනිතයින් හට නොගැනීම නිසා අදාළ මදුරු විශේෂය සහමුලින්ම වඳවී යාමටද බොහෝ සෙයින් ඉඩකඩ තිබේ. මදුරුවා භයානක රෝග වාහක කුඩා කෘමියෙකු වුවද, මෙම කුඩා කෘමීන් සහ ඔවුන්ගේ කීටයින් ආහාරයට ගෙන යැපෙන වෙනත් ජීවීන් දහස් ගණනක් පරිසර පද්ධතියක සිටිය හැකිය. මෙම අවස්ථාවලදී බොහෝ විට, මදුරුවෝ සහ මදුරු කීටයෝ ආහාර දාම වල පළමු හෝ දෙවන මට්ටමේ යැපෙන්නෝ විය හැකිය.
ජාන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මේ ආකාරයට යම්කිසි සත්ත්ව විශේෂයක් මුලිනුපුටා දැමීම මතභේදයට තුඩු දිය හැකි කරුණකි. ඒ නිසා මෙම තාක්ෂණය ප්‍රායෝගිකව භාවිත කිරීම සඳහා මෙතෙක් කිසිම රටක, අදාළ බලධාරීන්ගේ අනුමැතිය ලැබී නොමැත. මෙම තාක්ෂණය භාවිතය සඳහා එරෙහි වන පරිසර විද්‍යාඥයින්ගේ මතය වනුයේ, ජෛව විවිධත්වය සඳහා මහෝපකාරී වන ආහාර දාම සහ ආහාර ජාල වල, එක් පුරුකක් හෝ මේ ආකාරයට කෘතීම ක්‍රම මගින් ඉවත් කළ විට සමස්ත පද්ධතියේම අසමතුලිතතාවක් හටගන්නා බවයි. මෙසේ වූ විට එම පද්ධතියම අකර්මන්‍ය වීමට සහ ජෛව විවිධත්වය සහමුලින්ම බිඳ වැටීමට බොහෝ ඉඩකඩ තිබෙන බවද ඔවුන්ගේ තර් කයයි.