tag:blogger.com,1999:blog-3462453469905521005.post3970098922872630542..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ගින්නෙන් දැවුණු ප්‍රංශයේ Notre Dame දේවස්ථානය යළි පිළිසකර කිරීම (අපූර්ව කලාත්මක නිර්මාණයට විද්‍යාවෙන් නව පණක් ! )Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3462453469905521005.post-47578779650105186692021-10-01T19:36:03.188-07:002021-10-01T19:36:03.188-07:00ස්තුතියි දයාරත්න මහතාණෙනි. මගේ මතකය විපරීත වෙලා නැ...ස්තුතියි දයාරත්න මහතාණෙනි. මගේ මතකය විපරීත වෙලා නැත්නං- මං කිව්වේ ඔය පොත් දෙකම නෙවෙයි වගේ.
හොයා ගත්තොත් කියන්නම්කො!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-33331593774820961002021-09-30T14:14:49.441-07:002021-09-30T14:14:49.441-07:00ස්තුතියි, තට්ටයා ආමන්ත්‍රණයෙන් ආශ්වාදයක් ලබන බව සැ...ස්තුතියි, තට්ටයා ආමන්ත්‍රණයෙන් ආශ්වාදයක් ලබන බව සැකහැර දැනගත්තා. කෙසේ වෙතත් අප සමකාලීනයින් විය හැකි නිසා කෙසේ ඇමතුවත් වරදක් නැහැ වගෙයි. අප කාගේත් පොදු විෂයය ක්ෂේත්රය වන Blogs වලට අලුත් තල්ලුවක් දැමීම නම් අගය කළ යුතු කරුණක්. මා නම් අදම අලුතින් එකක් ලිවිම ආරම්භ කළා. තව ටික දිනකින් පළ කිරීමට හැකි වේ යයි සිතනවා. ඔබගේ සහ අනිකුත් සහෘදයින්ගේ ඒවාත් කියවීමට ආශාවෙන් බලා සිටිනවා. ඔබට ජයම! Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-69822107942036405482021-09-30T11:46:12.722-07:002021-09-30T11:46:12.722-07:00ඒක අතිශය සුන්දර රසවත් කථාවක්. "දෙනුවර අන්දරය&...ඒක අතිශය සුන්දර රසවත් කථාවක්. "දෙනුවර අන්දරය" නමින් එය ටී. බී. ඉලංගරත්නයන් හෙළට නගා තිබුනා! අනේ "තට්ටයා" කියන්න! කිසිම අවුලක් නෑ! මගේ හිතවතුන් මට අමතන්නේ එලෙස! අනෙක මා කිසිවෙකුට දූර කථනයෙන් කථා කොට ඔහුට මාව හඳුන්වා දෙන්නේත් මම මේ "තට්ටයා" බං කියලා! ඔබට කියන්න පාරේ යනකොට කවුරු හරි තට්ටයෙක් මොනවා හරි මඥ්ඥං වැඩක් කලාම මම හරි කැමතියි ඌට "ඒයි තට්ටයෝ!" කියලා කෑගහන්න! එතකොට ඒ මනුස්සයා මා දිහා බලලා " උඹත් තට්ටයෙක්නේ!" කියන එක තරම් අධ්‍යාත්මික සුවයක් තවත් නම් නෑ! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-41764710266187058922021-09-29T00:13:55.670-07:002021-09-29T00:13:55.670-07:00ස්තුතියි ස්නුරුද්ධ,
Blog posts ලිවිම බොහෝ දුරට අත...ස්තුතියි ස්නුරුද්ධ,
Blog posts ලිවිම බොහෝ දුරට අතහැර දමා මෙන් සිටියේ. මෙම ගිනිගැනීමේ සිද්ධිය ගැන සටහනක්, විශේෂයෙන්ම එම දේවස්ථානයේ පිළිසකර කටයුතු සඳහා නව විද්‍යාත්මක පරීක්ෂණ සහ පිවිසුම් රාශියක් කරන බව Reader's Digest සඟරාවේ පළකර තිබුණු ලිපිය කියවූ පසු කෙසේ හෝ යමක් ලිවිය යුතුයයි සිතුණා. මගේ Blog ලිපිය පළකර දින කිහිපයකින් ඔබ ඇතුළු 'රූපණ' කණ්ඩායම විසින් කරන ලද සාකච්ඡාව මගින් ලැබී ඇති උත්තේජනය නිසාම බොහෝ දෙනෙක් මගේ ලිපියත් කියවා තිබෙනවා. කියවන අය සිටිනවා නම් ප්‍රයෝජනවත් දේ ලියන්නට පුළුවනි. ඉදිරි වැඩ සටහනකදී Blogs රචකයින්ගේ Zoom හමුවක් මගින් ඔවුනොවුන් හඳුනා ගැනීමේ හමුවක් ඉදිරිපත් කළහොත් මෙසේ ලැබුණු හොඳ ප්‍රතිචාරය වැඩිදියුණු කර ගත හැකි වේවියයි මට සිතෙනවා. පහසුකම් ඇතොත් උත්සාහ කර බලන්න. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-9112653805464337782021-09-28T22:26:19.346-07:002021-09-28T22:26:19.346-07:00කදිම සටහනක්. ඇත්තටම එය ගිනිගත් දවසේ හිතට දුකක් දැන...කදිම සටහනක්. ඇත්තටම එය ගිනිගත් දවසේ හිතට දුකක් දැනුණා. හොද ආරංචියක්. අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-91492388647292187512021-09-28T04:44:40.846-07:002021-09-28T04:44:40.846-07:00ඔබ සොයනා පොතෙහි නම මට පැරණි මිතුරෙකුගෙන් ලැබුණා. 1...ඔබ සොයනා පොතෙහි නම මට පැරණි මිතුරෙකුගෙන් ලැබුණා. 1950 දී පමණ H P සිරිවර්ධන නම් කතුවරයෙක් "ආදර එස්මරෙල්ඩා" යන නමින් සහ 1972 දී ලේක් හවුස් ප්රකාශනයක් ලෙස "නෝත්රදාමය" යන නමින්ද The Hunchback of Notre Dame පොත සිංහලට පරිවර්තනය කර තිබෙනවා. ඔබගේ ප්රයත්නයට ස්තුතියි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-8930253565585515732021-09-27T19:07:28.431-07:002021-09-27T19:07:28.431-07:00පිළිතුරට ස්තුතියි, එය ප්රායෝගිකවම පෙන්වීමට මා ළඟ ...පිළිතුරට ස්තුතියි, එය ප්රායෝගිකවම පෙන්වීමට මා ළඟ ඇති 'ගුණසේන එකේ පොත' හෙව්වා, නම ලියන්නට හිතාගෙන. විනාඩි දහයක් විතර හොයලත් හම්බ වුණේ නෑ. නම මතක් වෙන්නෙම නෑ දැන්. පස්සේ හරි මතක් වුණාම කියන්නං.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-69024851080485292992021-09-27T14:53:34.345-07:002021-09-27T14:53:34.345-07:00ස්තුතියි හිතවත,
කෙලින්ම 'තට්ට'වචනයෙන් ආමන්...ස්තුතියි හිතවත,
කෙලින්ම 'තට්ට'වචනයෙන් ආමන්ත්‍රණය කිරීම හිතට මදි වගෙයි. ඒකයි 'හිතවත' කිව්වේ ! ඇත්තටම 'රූපණ' කණ්ඩායම කළේ වටිනා මෙහෙවරක්. ශාස්ත්‍රීය Blog සටහනක් නිවැරදි තොරතුරු සමග කාටත් තේරෙන භාෂාවෙන් ලිවීමට සෑහෙන මහන්සියක් ගන්නට වෙනවා. එසේ ලියන ලද එකක් තව කිහිප දෙනෙක් කියවා ප්‍රතිචාර දැක්වූ විට සතුටක් දැනෙනවා. එසේම, අඩුපාඩු සඳහන් කර ඇතොත් ඒවාත් නිවැරදි කර ගන්නට හැකි වෙනවා. කොහොම වෙතත් ඉඩකඩ ලැබෙන පරිදි තව ලියනවා.
ඔබ සඳහන් කර තිබෙන බටහිර සාහිත්‍යයේ සම්භාව්‍ය කෘති සියල්ලම පාහේ කියවීමට මටද අවස්වථා ලැබී තිබෙනවා. ඒ කාලේ අප අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපට සිටි ගුරුවරු පොත්පත් කියවීම සඳහා අප දිරි ගැන්වුවා. මගේ මෙම ලිපියේ 'නොත්‍රදාමය' යන යෙදුම භාවිත නොකළේ 'Notre Dame' ලෙස නම්කර තිබෙන "අපගේ මරිය තුමිය" යන අදහස එසේ ලිවීමේදී නොලැබෙන නිසයි. අප OL කරද්දී English Text පොත වශයෙන් භාවිත කලේ A Tale of Two Cities . මෙහි ප්‍රංශය සහ එංගලන්තය යන රටවල් දෙක ගැනම ඇති තොරතුරු හරිම රසවත්. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-38676177830915963472021-09-27T09:36:29.635-07:002021-09-27T09:36:29.635-07:00සත්තකින්ම මමත් මේ ගොඩ වැදුනා ඔබගේ බ්ලොගයට ඒ ලින්ක...සත්තකින්ම මමත් මේ ගොඩ වැදුනා ඔබගේ බ්ලොගයට ඒ ලින්කුවෙන්ම! ඉතින් බලන්නකෝ කාට නැතත් ඔබ තුමාට වත් සේවයක් වෙලා තියෙනවා නොවැ! ඇත්තටම අපි ලියන්නෝන අපිට කවදා හරි බලාගෙන සතුටු වන්න! තවත් පිරිසක් බලනවා නම් ඒක විශේෂයි! බලලා කමෙන්ට් එකක් දානවානම් ඒක සුවිශේෂී කාරණයක්! මොකද අපි ලිව්වා කියලා කවුරුවත් අපිට ගෙවන එකක්යැ!? ඒනිසා මොකා ආවා නැතා ඔබ ලියන්න!
කොහොමත් මමත් නොත්‍රදාමය පිළිබඳ ඇහූවේ ටයි මහත්තයා විසින් හඬ කවන ලද නොත්‍ර දාමයේ කුදා චිත්‍ර පටයෙන්. අලිසන්දර දියුමා යනු මා ඉතාමත් රුචියෙන් කියවන ලද පොත් බොහොමයක කතුවරයෙක්! එසේම ඔහුගේ පොත් බොහොමයක් ආශ්‍රිතව නිමැවුනු චිත්‍රපට හඬ කවා එකල රූප වාහිණියේ ප්‍රචාරය වූවා. යවෙස් ලූ මිනිසා හා සිටුවර මොන්ත ක්‍රිස්තෝ ඒ අතරින් ප්‍රධානයි! ඒ සියළු කථා බිහිවී ඇත්තේ ප්‍රංශය මුල් කරගෙන! ඔබ ඒ නවකථා අතර ඇවිද යන්න ඇති නේද!?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-43394573597070242062021-09-27T02:26:54.948-07:002021-09-27T02:26:54.948-07:00Thank you Naween. Thank you Naween. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-25096449163817668562021-09-27T02:26:16.717-07:002021-09-27T02:26:16.717-07:00ස්තුතියි සංදීප කුමාර,
"තට්ටෙ මාමා" ටත් ස...ස්තුතියි සංදීප කුමාර,
"තට්ටෙ මාමා" ටත් ස්තුති කළ යුතුමයි. ඔබගේ අදහස් දන ගැනීමට ආශාවෙන් සිටිනවා.

Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-24307916960583725962021-09-27T02:23:06.689-07:002021-09-27T02:23:06.689-07:00Thank you Pra Jay,
Very glad to meet you through t...Thank you Pra Jay,
Very glad to meet you through the Blog page after a long time. During the last couple of years or so, Blog posts were read only by a handful of people and that response too was almost coming to an end.(May be due to COVID19 sluggishness). It seems a fresh start has been taken after the "ROOPANA" discussion. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-17044359717000048352021-09-27T02:13:26.899-07:002021-09-27T02:13:26.899-07:00මා මේ post එක ලිව්වේ මාස කිහිපයකට පසුවයි. කලකට පෙර...මා මේ post එක ලිව්වේ මාස කිහිපයකට පසුවයි. කලකට පෙර නම් නිතරම ලිව්වා. ඔබ වැනි කියවන අය සිටිනවානම් තව බොහෝ දේ ලියන්නට හැකිවේවි.
'කුදාගේ සංග්‍රාමය' පොත පළවූවේ දැනට වසර පණහකට පමණ පෙර. චිත්‍ර කතාව නම් මා කියවා නැහැ. මගේ Link එක දැමීම ගැන 'තට්ට' සහෝදරයාට ස්තුතිය. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-2034032459831971282021-09-27T02:06:20.295-07:002021-09-27T02:06:20.295-07:00ස්තුතියි මහේෂ්,
මා මේ ලිපිය Blog පිටුවට දැම්මේ දෙග...ස්තුතියි මහේෂ්,
මා මේ ලිපිය Blog පිටුවට දැම්මේ දෙගිඩියාවෙන්. දැන් කියවන අය අඩු නිසා සාධාරණ 'උදාසීන' කමකුත් තිබුණා. ඒ උනත් තට්ට සහෝදරයාගේ කොළමේ comment එක නිසාත් අජිත් සහෘදයා Link එක දමා තිබීම නිසාත් අදම තව කිහිප දෙනක් කියවලා. "රූපණ" සාකච්ඡාවේදී මතුවූ වැදගත් කරුණු නිසා Blogs ගැන යළිත් ප්රබෝධයක් මතු වී ගෙන එනවා වාගෙයි. මෙය යහපත් උත්තේජනයක් Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-52424889033450775312021-09-26T20:07:38.688-07:002021-09-26T20:07:38.688-07:00කියවලා අදහස කියන්නම්කො😁කියවලා අදහස කියන්නම්කො😁නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-54474298489975889642021-09-26T20:07:01.632-07:002021-09-26T20:07:01.632-07:00තට්ටෙ මාමාගේ කොලමේ කොමෙන්ටුවක තිබුන ලින්කුවකින් අව...තට්ටෙ මාමාගේ කොලමේ කොමෙන්ටුවක තිබුන ලින්කුවකින් අවෙ ඔන්න. තමා කියෙව්වෙත් නෑනවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-55559712603765348852021-09-26T19:59:33.857-07:002021-09-26T19:59:33.857-07:00Very well written. Thank you.Very well written. Thank you.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-27925801639296287602021-09-26T19:31:45.692-07:002021-09-26T19:31:45.692-07:00ඉස්සෙල්ලාම මේ කතන්දරේ දැනගත්තේ අනුර විජේවර්ධන චිත්...ඉස්සෙල්ලාම මේ කතන්දරේ දැනගත්තේ අනුර විජේවර්ධන චිත්‍ර ශිල්පියා 'සිළුමිණ' පත්තරයට ඇන්ද 'කුදාගේ ආලය' චිත්‍ර කතාවෙන්.
ඊට පස්සේ ගුණසේන ප්රකාශනයක් විදිහට පරිවර්තනයක් කියෙව්වා. නම මේ මොහොතේ මතකයට එන්නේ නෑ.
කුදාගේ සංග්‍රාමය පළ වෙන්නට ඇත්තේ ඊට පස්සේ වෙන්නැති.

තට්ටයාගේ කොලමෙන් දැකලා ආවේ. ලිපිය හොඳයිනේ! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-18039601687647901172021-09-26T19:19:29.865-07:002021-09-26T19:19:29.865-07:00අපුරුයි සටහන. හොඳ තොරතුරු ඉදිරිපත් කිරීමත්. දිගටම ...අපුරුයි සටහන. හොඳ තොරතුරු ඉදිරිපත් කිරීමත්. දිගටම ලියමු. ජයMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-90732289723893314142021-09-26T15:33:01.571-07:002021-09-26T15:33:01.571-07:00ස්තුතියි අජිත්. 'රූපණ' වැඩ සටහනේදී ඔබ කිහි...ස්තුතියි අජිත්. 'රූපණ' වැඩ සටහනේදී ඔබ කිහිපදෙනා සාකච්ඡා කරන ලද කරුණු හරිම වැදගත්. භාවිතයෙන් දුරස් වෙමින් පවතින අගනා ලේඛක මාධ්‍යයක් වන Blogs සඳහා රචකයින් සහ පාඨකයින් යළි උනන්දු කරවීමට ඒ උත්සාහය ප්‍රයෝජනවත් වෙනවා. ඔබ සාකච්ඡාවේදී සඳහන් කළ පරිදි FB වලදී මෙන් සීමාකාරී සාධක නොමැතිව ස්වාධීනව අදහස් ඉදිරිපත් කිරීමට Blog මාධ්‍යය හොඳම පිවිසුමක් බවයි මගේ අදහස.
Notre Dame පිලිබඳ මාහට ලිවීමට සිත් යොමු වුයේ, වික්ටර් හියුගෝගේ Hunchback පොත කියවීමෙන් ලද ආභාෂයත්, එය ගින්නෙන් ආපදාවට පත්වූ පසු, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා නවීන විද්‍යාත්මක ශිල්ප ක්‍රම භාවිතය පිළිබඳව Reader's Digest හි තිබුණු ලිපිය කියවීමෙන් පසුවයි. ඔබ සඳහන් කර තිබෙන පරිදි Gargoyles සහ Chimera අද්භූත සත්ත්ව රූප පිළිබඳවත් මා බොහෝ කරුණු රැස්කර ගත්තා. ඒ උනත් ලිපිය දීර්ඝ වන නිසා ඒවා ඇතුළත් කළේ නැහැ. මා ඔබගේ 'කොළඹ ගමයා' Blog සටහන් බොහෝ විට කියවනවා. ඔබට ජයම. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-89843582992107482222021-09-26T11:27:08.792-07:002021-09-26T11:27:08.792-07:00හොඳ විස්තරයක්. මම තට්ටයගේ කොළමේ ලින්ක් එක දැකල ආවේ...හොඳ විස්තරයක්. මම තට්ටයගේ කොළමේ ලින්ක් එක දැකල ආවේ. මම අසාවෙන් කියවපු පොතක් අපිත් 1016 ළමයි දෙන්න එක්ක ගියා. මම ඊට කලින් මගේ බිරිඳ එක්ක ගියාට මේකට ගියේ නැහැ. දෙවන සැරේ අවහම තමයි ගියේ. අර නහය උල් ගාර්ගොයිල් ගැන එහම ලිව්වනම් තවත් හොඳයි. ඒවා විශේෂයි කියල හිතෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-45344736043362470382021-09-25T18:49:14.676-07:002021-09-25T18:49:14.676-07:00Thank you Lotus.
මාගේ Blog සටහන කියවා, ඔබ වැනි එක්...Thank you Lotus.
මාගේ Blog සටහන කියවා, ඔබ වැනි එක් අයෙකු හෝ, මේ ජගත් උරුම පරිශ්‍රය කවදා හෝ නැරඹීම සඳහා සිත් යොමු කරගැනීම සතුටට කරුණක්. පිළිසකර කිරීම් අවසන් කළ පසු, සමහරවිට තව වසර දහයකට දොළහකට පසුව, මෙම ස්ථානය සහ එහි දකින්නට ලැබෙන දේ, අතීත කළා කරුවන්ගේ දක්ෂතා, නවීන විද්‍යාවේ හාස්කම් මගින් ප්‍රති නිරූපණය කරනු ලබන ආකාරය පහසුවෙන් දැකගන්නට ලැබේවි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-62079979659025788772021-09-25T18:38:05.930-07:002021-09-25T18:38:05.930-07:00ස්තුතියි.
මා හිතන්නේ ප්‍රංශයේ සංචාරයකට යන ඕනෑම කෙ...ස්තුතියි.
මා හිතන්නේ ප්‍රංශයේ සංචාරයකට යන ඕනෑම කෙනෙකු විසින් බැලිය යුතුම ස්ථානයක් ලෙස Notre Dame හැඳින්විය හැකියි. සමහරවිට නව පිළිසකර කිරීම් අවසන් කළ පසු එහි ආකර්ෂණය තවත් වැඩි වේවි. අපටත් මෙම දේවස්ථානය ගැන අවබෝධයක් තිබෙන්නේ වික්ටර් හියුගෝ විසින් ලියන ලද ඒ රසවත් නවකතාව නිසානේ.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-45146212561195625372021-09-25T17:01:00.225-07:002021-09-25T17:01:00.225-07:00Well researched. Well done.
බලන්න ඉන්න තැන්වල ලිස...Well researched. Well done.
බලන්න ඉන්න තැන්වල ලිස්ට් එකට දාගත්තා. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-33254586335933483212021-09-25T05:14:05.202-07:002021-09-25T05:14:05.202-07:00ඔබ හොඳ විස්තරයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ වටිනා ස්ථ...ඔබ හොඳ විස්තරයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ වටිනා ස්ථානයට මගේ දුව ආශාත් ගිහින් තිබුණ නිසා එයත් එදා අපිට වඩා දුක් වුණා. එය පිළිසකර වනු දැකීම ලෝක වාසී සැමගේ බලාපොරොත්තුවක්. Malini Ganewattahttps://www.blogger.com/profile/11092957217981461024noreply@blogger.com