tag:blogger.com,1999:blog-3462453469905521005.post6029208544480980002..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : දැනුම් සම්භාරයක් ලබාගැනීම සඳහා මග පෑදූ මාසික ප්රකාශනය - Reader's Digest- 1 කොටස Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3462453469905521005.post-43664289119817781462020-04-03T06:44:32.401-07:002020-04-03T06:44:32.401-07:00රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ තිබූ එක් වෙනසක් වන්නේ සඟරා...රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ තිබූ එක් වෙනසක් වන්නේ සඟරාවේ අන්තර්ගතයට කෙරෙන පාඨක සම්මාදමයි. පාඨකයින් විසින් ලියා එවන කුඩා විහිළු-තහළු යනාදිය සඟරාවේ තැනින් තැන ලිපිවල අග ඉතුරු වී ඇති ඉඩ පුරවන්නට ද, ඊට අමතරව "ලාෆ්ටර් ද බෙස්ට් මෙඩිසින්", "ඕල් ඉන් එ ඩේස් වර්ක්" යනාදී නමින් යුතු නිත්‍ය විශේෂාංගවල ද දකින්නට ලැබුණි.

https://rasikalogy.blogspot.com/2016/05/once-again-down-memory-lane.html

රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-64113196152523513182017-11-27T21:26:21.786-08:002017-11-27T21:26:21.786-08:008 වසර පන්තිබාර හිට්යේ "සුනිල්"සර් විද්...8 වසර පන්තිබාර හිට්යේ "සුනිල්"සර් විද්‍යාව ඉගැනුවේ ,ඒ වගේම ජිවන නිපුනතා කියල අලුත් විෂයක් තිබ්බ අපිට ,හැම සිකුරාදාම සර් අපිට රීඩර්ස් ඩයිජෙස්ට් එකෙන් කතාවක් අරගෙන කියලා දෙනවා පන්තියේ දී .දරුවෙක්ට පාසලෙන් විෂය නිර්දේශයම විතරක් නෙමෙයි උගන්නනේ කියන එක තේරුම් කරපු ,මගේ ජීවිතේ මුණ ගැසුණු වටිනාම ගුරුවරයෙක්.දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-64081810178570627182017-02-26T19:20:39.564-08:002017-02-26T19:20:39.564-08:00මුතුහර සහ මනහර සඟරා දෙක නම් සෑහෙන කල් තිබුණා. අපි ...මුතුහර සහ මනහර සඟරා දෙක නම් සෑහෙන කල් තිබුණා. අපි රීඩර්ස් ඩයිජෙස්ට් ගැන දැනගත්තේ, මුතුහර, මනහර, සිව්දෙස සඟරා වල සහ සමුදුර වගේ පත්තර වල රීඩර්ස් ඩයිජෙස්ට් ඇසුරින් කියලා සඳහන් කිරීම් නිසා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-12680372898543584852017-02-24T23:46:27.859-08:002017-02-24T23:46:27.859-08:00කල්‍යාණ මිත්‍රය,
මම ඉස්සරහට මතක් කරන්නයි සිටියේ. ...කල්‍යාණ මිත්‍රය,
මම ඉස්සරහට මතක් කරන්නයි සිටියේ. අපේ රටේ නොයෙකුත් සංවිධාන 'සිව්දෙස' වගේ රීඩර්ස් ඩයිජෙස්ට් එකට අනුරූප මාසික පටන් ගත්තා. ඒවා සියල්ල වසර දෙක තුනකින් අවසන් උනා.ඔබටත් මතක ඇති 'Penguin' 'Pelican' වලට අනුරූප 'ලිහිණි' පොත් පෙළක් M.D ගුණසේන ඒකෙන් පළ කළා. ඒකත් අතරමග නතර උනා වගෙයි මට මතක. කණගාටුදායක සිද්ධි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-33390321063549223342017-02-24T23:05:13.612-08:002017-02-24T23:05:13.612-08:00අපිට නම් කියවන්න උනේ රිඩර්ස් ඩයිජස්ට් වර්ගයේ මාසික...අපිට නම් කියවන්න උනේ රිඩර්ස් ඩයිජස්ට් වර්ගයේ මාසික සඟරාව කියල ගිය සිව්දෙස වගේ ඒවා තමයි.. ඉංගිරිස් ඒවා කියවන කල්ට් එකක් තිබ්බේ නෑ ඒ කාලේ.. පස්සේ නේවි ගියාම ට්‍රින්කෝ ඇකඩමියේ පුස්තකාලේදී පොත් සෙට් එකක් තිබුන.. වෙලාව මදි කම නිසා උඩින් පල්ලෙන් බැලුව මිසක් එක දිගට කියවන්න උනේ නෑ.. ඒත් වතාවක් මම රිඩර්ස් දයිජස්ට් එකක් රිෆර් කරලා ප්‍රසන්ටේෂන් එකක් ගොඩ දාගත්ත ඉන්ටර්නෙට් සුලබ වෙන්න කලින්..

රහ මතකයක්.. ස්තුතියි බෙදා ගත්තට..:)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-33427321563784879992017-02-23T00:12:23.898-08:002017-02-23T00:12:23.898-08:00මට පෙනෙන හැටියට රවිත් රීඩර්ස් ඩයිජස්ට් කියවන්නට පට...මට පෙනෙන හැටියට රවිත් රීඩර්ස් ඩයිජස්ට් කියවන්නට පටන් අරන් තිබෙන්නේත් මම වගේමයි.ඒ කාලයේ මරදානේ පරණ පොත් කඩ තිබුනේ ස්ටේෂන් එක ළඟ. කොටි බෝම්බ ගැහුවට පස්සේ එතනින් ඩී.ආර්.විජේවර්ධන මාවතේ කඩ වලට් ගෙනගියා. ඒවත් සොඳුරු මතක සටහන් Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-21083153940492723482017-02-23T00:06:47.037-08:002017-02-23T00:06:47.037-08:00මට නම හොඳටම මතක I am Joe's..... series එක. ශරී...මට නම හොඳටම මතක I am Joe's..... series එක. ශරීරයේ එක් එක් කොටස් ගැන (කොටස් 48 ක්) ජීව විද්‍යාත්මක තොරතුරු වලට වඩා සාමාන්‍ය ජීව්තයෙදී අවශ්‍ය දේ සහ සමහර මිත්‍යා මත ගැන J.D.RATCLIFFE ලියා තිබුණු ලිපි පෙළ හරි වටිනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-72211614308668581072017-02-22T14:45:44.661-08:002017-02-22T14:45:44.661-08:00තාත්තාගේ මේ Readers Digest එකතුවෙන් අක්කලාටත් වැඩි...තාත්තාගේ මේ Readers Digest එකතුවෙන් අක්කලාටත් වැඩියෙන් ප්‍රයෝජනයක් ගත්තේ මං වෙන්න ඇති. අවුරුද්ද බැගින් මිටි බැඳපු පොත් තිබුණු අල්මාරිය මට හොඳට මතකයි. මට මතක ඇති කාලෙක ඉඳන් මම Readers Digest කියෙව්වා. මුලදී කියවන්න ටිකක් අමාරු වෙන්න ඇති. ඒත් අවුරුදු හත- අට කාලෙදිත් ඒවායේ තිබුණු පුංචි කතා කියවනවා මට හොඳට මතකයි. තාත්තා කියලා තියෙන විදිහට මගේ නම් නොවිධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුණේ තාත්තාගේ මේ අවුරුදු ගාණක Readers Digest එකතුවෙන්. රවී කිව්වා වගේ "Life is like that"..."Laughter, the best medicine" මමත් ආසාවෙන් කියෙව්වා. අදටත් quotes සොයන්න නිමක් නැති පිපාසයක් ඇතිවුනේ Quotable quotes වගේ ඒවා කියවලා වෙන්න ඇති. ඒකාලේ Digest එකේ නවකතා වල condensed versionsත් තිබුණා. කියවලා බොහොම කාලයක් ගතවුනාට පස්සෙත් ඒවා හොඳටම හිතට කාවැදිලා තිබුණු නිසා පස්සේ කාලෙක ඒ පොත් හොයලා කියවන්න මම පෙළඹුණා. Torey Hayden ගේ "Somebody Else's Kids", James Herriot ගේ All creatures Great and Small එහෙම මම පස්සේ කාලෙක හොයාගෙන කියෙව්වේ Readers Digest එක නිසායි. තාත්තාගේ අවුරුදු 50 ක පොත් එකතුව දැන් නැති එක ගැන නම් දුකයි. ඒත් කවුරු හරි දැනටත් ඒ ටික කියවනවානේ. දැනටත් බෙහෙත් ගන්න ගියහම waiting room එකේදි කියවන්න Readers Digest එකක් අතට ගත්තහම පරණ යාලුවෙක් මුණගැහුණා වගේ දැනෙනවා! මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-72053144139712212032017-02-22T07:22:25.915-08:002017-02-22T07:22:25.915-08:00අප්පච්චි කොළඹ රස්සාව කරද්දි ගත්තු රීඩර්ස් ඩයිජස්ට්...අප්පච්චි කොළඹ රස්සාව කරද්දි ගත්තු රීඩර්ස් ඩයිජස්ට් පොත් තිහ හතළිහක එකතුවක් කෑගල්ලෙ අපේ ගෙදර කබඩ් එකක තිබිල මම හොයාගත්තෙ මට වයස අටේදි විතර. ඒ කාලෙ අපි ඉගෙන ගත්තෙ සිංහලෙන් වුනත් වචනෙන් වචනෙ ගැට ගහගෙන මම අවුරුද්දක් විතර ඇතුළත ඒ පොත් ඔක්කොම කියෙව්ව. එතනින් එහාට ඩයිජස්ට් කියවිල්ල නැවතුනෙ කෑගල්ලෙ පොත් කඩ එකකවත් ඩයිජස්ට් තිබ්බෙ නැති හින්ද. තිබ්බනම් අනිවාර්යයෙන් අප්පච්චි මට අරන් දෙනව.

ඊට පස්සෙ හැත්තැ හතේ වගෙ ඉස්කොලෙ යන්ට කොළඹ ආවම මට හම්බ වුනා පොත් නිධානයක්. මරදානෙ ඩී.ආර්.විජේවර්ධන මාවතේ පරණ පොත් කඩ පේළිය. එව්වයෙ පරණ ඩයිජස්ට් පොත් තිබ්බ එකක් රුපියලට.එතනිනුත් මම පොත් සැරින් සැරේ සීයක් විතර ගත්ත.

මටම කියල පොත් ගෙදරට ගෙන්න ගත්තෙ රස්සාවක් කරන්ට අරගෙනත් අවුරුදු පහක් හයක් ගියාට පස්සෙ.ඒත් දැන් අවුරුදු පහළවක් වගෙ ඩයිජස්ට් කියවිල්ල අත ඇරිල තියෙන්නෙ..

"Life is like that"..."Laughter, the best medicine" මට තාම මතකයි.

අවුරුද්දකට සැරයක්ද කොහෙද මට මතකයි කලින් අවුරුද්දෙ ඩයිජස්ට් එකේ පලවෙච්චි හොඳ කතා එකතු කරල විශේෂ අතිරේකයකුත් නිකුත් කලා සයිජස්ට් සමාගමෙන්...

ස්තූතියි දයා මහත්මයා...බොහොම සොඳුරු මතක සටහන් පෙළක්...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com